එකතු වුන කට්ටිය ........

යාළුවා

Showing posts with label බ්ලොග්. Show all posts
Showing posts with label බ්ලොග්. Show all posts

Saturday, February 4, 2012

බ්ලොග් එකට Follow by Email Widget එක එකතු කරන්න..


සුබ දවසක් .. ඔන්න ආයෙත් බ්ලොග්   එක පැත්තේ එන්න ලැබුන ......බ්ලොග්   එක බලන පාඨකයෙකුට  අපගේ ලිපි  ඊමේල්  මගින් ලබා ගැනීමට අවස්ථාවක් දෙන්න ,  අපට google feed burner  වලට   අපගේ බ්ලොග්  අඩවිය ඇතුලත්   කරන්න වෙනවා. එවිට  google feed burner  මගින්  අපගේ  අපගේ ලිපිවල feeds   Email  මගින්  පාඨකයින්ට  ලැබෙන්න සලස්වනවා ..මේ සදහා අපට blogger  වලින් ලෙහෙසියෙන්ම  google feed burner  වලට  බ්ලොග්  අඩවිය   එකතු  පහසුකම  සලසා දීල තියෙනවා ...මේ  widget  එක බ්ලොග්   කියවන කෙනෙකුට  බොහොම  වැදගත් වුවත් ,,, කෙරෙන කාර්ය පිළිබද පිළිබද අනවබෝධයෙන්  දෝ  මෙය සමහර   බ්ලොග්   වලට   එකතු කරගෙන නැහැ,,

Saturday, January 7, 2012

බ්ලොග් එකේ Author comment වලට නව පෙනුමක් දෙන්නේ මෙහෙමයි

සුබ   දවසක් ..  ටික   දවසකින්  තමයි  බ්ලොග්   එක පැත්තේ  එන්න ලැබුනේ .... අද   අපි   කරන්න   හදන්නේ  බ්ලොග්  එකේ  Author comment  වලට   නව පෙනුමක්  දීල  ,  එය   බ්ලොග්   එකට   ඇතුළු   වන  අමුත්තෙකුගේ  කොමෙන්ට්  එකකට   වඩා   කැපී පෙනෙන  විදිහට  පෙනෙන  අන්දමට   හදා ගන්නේ   කොහොමද  යන්නයි .... මුලින්ම   කියන්න ඕනෑ මේක  කරන්න   යන්නේ  බ්ලොගර්  වලින්  ලියපු  බ්ලොග්   අඩවියකට   කියල..  මුලින්ම   මෙහිදී  බ්ලොග්   එකේ  ටෙම්ප්ලේට්  එකේ  වෙනස් කම් සිදුකරන   නිසා .. මුලින්ම   එය බැකප්  එකක්  වශයෙන්  ඩවුන්ලෝඩ්  කරගන්න ....  ඊට   පසු   බ්ලොග්  එකේ  CSS  වලට  කෝඩ්   එකක්   එකතු   කලයුතු නිසා ..

Saturday, November 5, 2011

ලේසියෙන්ම share button බ්ලොග් එකට එකතු කරමු .

සුබ  දවසක් .. ඔන්න අදත් බ්ලොග් එක පැත්තේ අවේ බ්ලොග්  ලියන , කියන   සහෝදරයන්ට , සහෝදරියන්ට ....පොඩි   දෙයකුත් අරගෙන ..  ගොඩක්   දෙනා   මේ  share button  බ්ලොග්   එකට  එකතු කරගෙනත්   ඇති .. නමුත්    දාගත්තේ  නැති   අයට   වැදගත්   වෙන්නත්   එක්ක  ලියන්නම් ..   ඉතින්  පහත  තියෙන  වෙබ්  අඩවියට   ගිහිල්ලා බොහොම   ලේසියෙන් ( කොඩින්  දැන ගන්න අවශ්‍ය නැහැ )  share button බ්ලොග්   එකට  එකතු කරගන්න  පුළුවන් .    මුලින්ම   පහත   ලින්ක්  එකෙන්   යන්න.
http://www.addthis.com/     ගිහින්  Join Now මත ක්ලික් කර   ,  ඊමේල්  හා  පාස්වර්ඩ්  දී  රෙජිස්ටර්  වන්න  .

Monday, October 24, 2011

ScribeFire වලින් බ්ලොග් ලියමු ...

සුබ දවසක්  බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ට  වැදගත් වන දෙයක්  අරගෙන  තමයි    අදත් බ්ලොග්   එක පැත්තට   ගොඩවුනේ ..ScribeFire   ඔන්ලයින්  බ්ලොග්  ලියන්න පුළුවන්  tool   එකක් ..   මෙයා මුලින්ම ආවේ   Firefox  වෙබ් බ්‍රවුසර්  එකට Add on   එකක්   විදිහට   නමුත්  පසුව  ගූගල් ක්‍රෝම් , සෆාරි  , ඔපෙරා   වැනි වෙබ්  බ්‍රවුසර්  වලට  Extension  විදිහට  නිර්මාණය වුනා ... .. ඒවගේම  මේ  ScribeFire  බ්ලොගින් ටුල්  එක  වර්ඩ්ප්‍රෙස් ,Windows Live Spaces ,Tumblr, Movable Type, Drupal and Blogger  වැනි  ප්‍රධාන  බ්ලොග්  ලියන මාධ්‍ය  වලට වලට  සහයක් දක්වනවා ....  විවිධ  බ්ලොග්  මාධ්‍ය  වලින්  බ්ලොග්  ලියන  අයට   තමන්ගේ  සියලු   බ්ලොග්   එක්  තැනක  සිට   ලිවීමට  මෙම   ScribeFire  යොදාගන්න  පුළුවන් .

මුලින්ම  www.scribefire.com   වලට   ලොග්  වෙලා  ,  ScribeFire  Extension  එක වෙබ්  බ්‍රවුසරයට  ඉන්ස්ටෝල් කරගන්න  ( ගූගල් ක්‍රෝම් , සෆාරි  , ඔපෙරා  සදහා )  එවිට   වෙබ් බ්‍රවුසරයේ   Extension දිස්වන කොටසට   මෙන්න මෙහෙම  සලකුණක්  එකතු වේවි.

                                                         

ඊට පසුව  ඉහත රූපය පරිදි   ScribeFire  Extension  එක මත ක්ලික් කරන්න.  එවිට  ScribeFire  බ්ලොග් editor   වෙතට   ගමන් කරයි . එහි ඇති  Add a New Blog   මත ක්ලික් කර  ඔබගේ බ්ලොග් එකෙහි දත්ත  ඇතුලත්  කරන්න.  ඊට පස්සේ  බ්ලොගර් වලදී මෙන්  බ්ලොග්   පොස්ට්  එකක්  නිර්මාණය කරගන්න  පුළුවනි .. 

 

Friday, October 21, 2011

බ්ලොග් වැඩ- post header එකට වෙනස්කම් එක් කරමු.

සුබදවසක් ඔන්න අදත් ඔයාලත් එක්ක එකතු වෙන්නේ බ්ලොගර් බ්ලොග් එකේ header එකට පොඩි වෙනස් කමක් එකතු කරන්න පුළුවන් පොඩි කෝඩ් කෑලි ටිකකුත් එක්ක. මුලින්ම අපි බලමු බ්ලොග් පෝස්ට් එකක ප්‍රදාන සැකිල්ල කොහොමද තියෙන්නේ කියල . මුලින්ම පෝස්ට් එකේ header එක  , දෙවනුව පොස්ට් එකේ අන්තර්ගතය ( content) , තෙවනුව පෝස්ට් footer එක , පහල රුපසටහන මගින් පැහැදිලි වෙයි.

Wednesday, October 19, 2011

බ්ලොග් comment වලට reply button එකක් එකතු කරමු

සුබ දවසක් ..... බ්ලොග් පොස්ට් එකකට ලැබෙන කොමෙන්ට්ස් වලට , නැවත ප්‍රතිචාර දැක්වීමේදී අපට පහසුවන Reply button එකක් බ්ලොගර් බ්ලොග් එකට එකතු කරගන්න තමයි අද අපි යන්නෙ.. මුලින්ම මෙතනදී බ්ලොග් ටෙම්ප්ලේට් එකට වෙනස්කම් කරන නිසා මුලින්ම ටෙම්ප්ලේට් එක බැකප් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න . ඒ සදහා ඒ සදහා පිළිවෙලට , Blogger Dashboard>>>Design>>>Edit Html>>>Download Full Template මතට යන්න.
ඊට පසු Ctrl+F මගින් පහත ඇති කෝඩ් එක හොයාගන්න .




එයට පහතින් පහත ඇති කෝඩ් එකේ, Your blog ID කියන තැනට ඔයාලගේ බ්ලොග් එකේ ID එක එකතු කර අවසානයේ ටෙම්ප්ලේට් එක SAVE කරන්න...

<span><a expr:href='&quot;https://www.blogger.com/comment.g?blogID= Your blog ID&amp;postID=&quot; + data:post.id + &quot;&amp;isPopup=true&amp;postBody=%40%3C%61%20%68%72%65%66%3D%22%23&quot; + data:comment.anchorName + &quot;%22%3E&quot; + data:comment.author + &quot;%3C%2F%61%3E#form&quot;' onclick='javascript:window.open(this.href, &quot;bloggerPopup&quot;, &quot;toolbar=0,location=0,statusbar=1,menubar=0,scrollbars=yes,width=450,height=450&quot;); return false;'><button type='button'>Reply</button></a></span>


::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මෙතන button එකේ ඇති Reply වලට තමන් කැමති වචනයක් දෙන්න පුළුවන් ..

Saturday, October 15, 2011

බ්ලොග් වැඩ- සරල බ්ලොග් පෝස්ට් ලිස්ට් එකක්(TOC) . එකක් හදමු ...

සුබ දවසක් ,, අද කරන්න යන්නේ , ඔයාලගේ බ්ලොගර් බ්ලොග් එකට කලින් ලියපු පෝස්ට් වල ලිස්ට් එකක් හෙවත් table of content එකතු කරන්නේ කොහොමද කියල ..... මේ සදහා බ්ලොගර් ටෙම්ප්ලේට් එක වෙනස් කිරීමට සිදුවන නිසා .. මුලින්ම සියල්ල කිරීමට කලින් , ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගන්න බැකප් එකක් විදිහට ..ඒ සදහා පිළිවෙලට , Blogger Dashboard>>>Design>>>Edit Html>>>Download Full Template මතට යන්න.... ඊලගට එහි ඇති Expand Widget Template මත ටික් කර ctrl + F මගින් පහත ඇති කෝඩ් එක හොයාගන්න.

Wednesday, October 12, 2011

බ්ලොග් එක අප්ඩේට් කරන්න ලෙහෙසි වන්න... .. Admin control Panel එකක් හදමු ....

සාමාන්‍යයෙන්  බ්ලොගර්  බ්ලොග්  එකක  නැවිගේෂන් බාර්  ( nav bar)  එකෙන්   තමයි .... බ්ලොග්  එකක්   එඩිට්   කරගන්න පහසුකම්   ලෙහෙසියෙන්ම   දෙන්නේ ,,,  නමුත්   බොහෝවිට  අපේ   බ්ලොග්   වල  මෙම   nav  bar  එක   හංගලා  තියෙන්නේ .. මේ   නිසා   බ්ලොගර්  ටෙම්ප්ලේට්  එක  එහෙම   වෙනස්   කරන්න   යනකොට    පොඩි   වටයක්  යන්න වෙනවා..  ඉතින්  බ්ලොග්  එක  ඉක්මනින්  එඩිට්  කරගන්න    යොදා ගන්න   පුළුවන් ,   control  panel  එකක්   හදාගන්නයි  .. අද  අපි   හදන්නේ .. මේ  සදහා  ගොඩක් දෙනා  නොයෙක්  විදි භාවිතා කරනවා  වෙන්න පුළුවන් .. මේ   සදහා   මුලින්ම  අපට   අපගේ   බ්ලොග්   එකේ  blogID   එක   හොයාගන්න   වෙනවා ...

Friday, September 30, 2011

බ්ලොග් පොස්ට් එකෙන් කොටසක් high light කරගන්නේ මෙහෙමයි ...

 සුබ දවසක් ,,, අදත් ඉතින්  බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ට වැදගත් වන දෙයක් තමයි අද   අරගෙන  අවේ ..අද   අපි   කරන්න යන්නේ   බ්ලොග් එකෙන් කොටසක් හෝ කොටස් කීපයක්  ,,  බලන අයට  පැහැදිලිව  පැහැදිලිව  සහ   ලස්සනට  පෙනෙන්නට  හයිලයිට්   කරගන්නේ කොහොම යන්නයි ...  මේ   දේ  කරගන්න  තවත් ක්‍රම තියෙනවා ..,,  බ්ලොග් එකේ   CSS  කොටසට  පොඩි  කෝඩ් එකක්  එකතු කරලා   .. නමුත්   මේ විදිහට කරනකොට   CSS  කොටසට මොකුත් කරන්නේ නැතිව ලෙහෙසියෙන් හා පසුවෙන් කරගන්න පුළුවන් ..
තවත්  මේකේ තියන දෙයක් වන්නේ  බ්ලොග් එක  ලියන කෙනාට අවශ්‍ය පරිදි  පාට  එකතු කරගන්න ,,   පාට මාරු කරගන්න   ලෙහෙසියෙන්ම   පුළුවන්   වෙනවා ....අපි දැන් මේක බලමු   මේක අපි   එකතු කරන්නේ කොහොමද කියල

Sunday, September 25, 2011

බ්ලොග් එකට menu Bar එකක් එකතු කරන්න ...... මෙන්න බඩු.

   සුබදවසක්   ඔන්න අදත් බ්ලොග්  එක   පැත්තට අවේ ඔයාලගේ  බ්ලොග්     එකට   ලස්සන මෙන්ම  පිළිවෙලක්   එකතු කරගන්න ..පුළුවන්  පොඩි සොෆ්ට්වෙයා  කෑල්ලක් එක්කයි..... ඉතින් මේ  සොෆ්ට්වෙයා  එක යොදගෙන  ඔයලගේ බ්ලොග් එකට අවශ්‍ය පරිදි   මෙනු බාර් එකක් නිර්මාණය කරගන්න පුළුවන් බොහොම ඉක්මනින්,,,,  Css  හා html  ගැන   වැඩි   දැනුමක්   නැති   කෙනෙකුට වුනත්   බොහොම ලේසියෙන්  මෙම    සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා  මෙනු බාර් එකක් හදාගන්න පුළුවන්  ....

Saturday, September 24, 2011

පේස්බුක් like box එක බ්ලොග් එකට එකතු කලාද?

  ඉතින්   ඔන්න ටික දවසකින් බ්ලොග් එක පැත්තට අවා ......අද මේ ලියන්න යනදේ ගැන නම ගොඩ දෙනෙක්   දන්නවත් ඇති , දාගෙනත් ඇති ..නොදන්න  කෙනෙක් ඉන්නව නම්  ඒ  කාට හරි වැදගත් වෙයි කියල හිතනවා ..මුලින්ම  Like box  එක  දාගන්න කලින්  අපට  පේස්බුක්  fanpage එකක්  තිබිය  යුතු  වෙනවා ..   ඒ මගින්  ඔයාලගේ බ්ලොග් එකට පේස්බුක් හරහා   එන අමුත්තන්    එකතු කරගන්න   පුළුවන් ..  ඒ සදහා ඔයාලගේ   බ්ලොග්   එකේ නමින් හෝ ( වෙනත් නමක් දෙන්නත් පුළුවන්)  පේස්බුක්  fanpage එකක්  හදාගන්න .. ඒ සදහා නොදන්න කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතන බලන්න ..
ඉතින් ඔය Like box එකකින් කරන්නේ , බ්ලොග්  එකට එන  අමුත්තෙකුට  , ඔයාගේ පේස්බුක්  fanpage  එකට කැමැත්ත  එකතු කිරීමේ  අවස්ථාව   සලසා දීමයි .

Tuesday, September 20, 2011

බ්ලොග් එකට event calculator එකක් එකතු කරමු.

සුබ දවසක් .. ටික දවසකින්   තමයි මේ  පැත්තට එන්න ලැබුනේ .... ඔන්න අදත් අවේ බ්ලොග් එකට එකතු කරන්න පුළුවන් පොඩි   ගැජට් කෑල්ලකුත්  එක්කයි .  මොකක්ද මේ " event  calculator " එක කියල  සමහරුන්ට ප්‍රශ්නයක් ඇති වෙන්නත් පුළුවන් .....  ඉතින්  මේක ගැන සරල වශයෙන්  කිව්වොත්  ඉදිරියේ   ඇති  දිනයකට  වර්තමානයේ(ඒ කියන්නේ අද දවස)  සිට  ඇති  දින   ගණන මෙයින් අපට  ගණනය කරගන්න   පුළුවන්.  මෙහි   event  එකට  තමන්ට  කැමති  අනාගත දිනයක් තෝරාගන්න පුළුවන් .. ඒවගේම  තමන්ට අවශ්‍ය පරිදි    event   Name  තෝරාගන්න . මේකේ හැබැයි  පසුගිය දිනයන්නම්  ගණනය කරන්න  බැහැ.

Wednesday, September 14, 2011

බ්ලොග් වැඩ - කොමෙන්ට් ෆෝම් එකට වෙනස්කම් එක් කරමු .

      සුබ දවසක්   ...ඔන්න අදත්   ඔයාලගේ  බ්ලොගර්  බ්ලොග් එකට එකතු කරගන්න   පුළුවන්  පොඩි  වැඩ  කෑල්ලක්   එක්ක  තමයි අවේ ... පොඩ්ඩක් වම් පැත්තේ තියෙන  රූපය  බලපුහම  අද   කරන්න   යන වැඩේ   පැහැදිලි  වෙයි .  මේ   මොනදේ   කරන්නත්   කලින්  මුලින්ම  ඔයාලගේ  බ්ලොගර්  ටෙම්ප්ලේට්  එක  ඩවුන්ලෝඩ්  කරගන්න .. ඒක හැම  html  එඩිට්   කිරීමකට  කලින්ම  කරන එක හොදයි .. ඒ  සදහා    මුලින්ම  බ්ලොගර්වල   ඩෑෂ්බෝඩ්  එකට  ලොග්   වෙන්න.

Thursday, September 8, 2011

බ්ලොග් වැඩ - Photo එක උඩු යටිකුරු කරමු -


    
 සුබ දවසක්  හැමෝටම ,,,  අද කරන්න  හදන්නේ   අපි බ්ලොග් පොස්ට් වලට දාල  තියෙන  photo   එක මතට  cursor  එක ගෙනියන කොට එය  යටිකුරු වෙලා  පේනවනම්  කොහොමද ?   මේක කරගන්න හරිම  ලේසියි ..  පොඩි කෝර්ඩ් එකක්  ඔයාලගේ  CSS  වලට   එකතු කරගන්න   තියෙන්නේ ..  .....

Tuesday, August 23, 2011

blogger web අඩවියට contact form එකක් හදමු ....

  සුබ දවසක්  හැමෝටම  ,,    මාතෘකාවෙන්ම පැහැදිලි  ඇතිනේ  කරන්න හදන්නේ මොකක්ද කියලා ..වැඩිපුර ඒගැන කියනවනම්  වෙබ් අඩවියට  පිවිසෙන පාඨකයෙකුට , එහි   කතෘව  පුද්ගලිකව පණිවිඩයකින්  සම්බන්ධ  කර  ගැනීමට  , මෙන්න  මේ   contact  form එකක් වෙබ් අඩවියට එක්කර ගැනීම  මගින්   කරගන්න පුළුවන් ... ඒසදහා නොයෙකුත්   වෙබ් අඩවි අන්තර්ජාලය තුල  තියෙනව  contact  form එකක්  නොමිලයේ   හදාගන්න ....

Tuesday, August 16, 2011

මෙන්න තවත් බ්ලොග් වැඩ කෑල්ලක්‌.......


  මාතෘකාව  කිව්වට මොකක්ද මේ කරන්න යන වැඩේ   කිව්වේ   නැහැ නේ.  බලමු   මොකක්ද   මේ   කියලා ..  හරි   අපි මෙහෙම පටන් ගමු .. අපි  බ්ලොග් ලියනකොට  විවිධ මාතෘකා   යටතේ  බ්ලොග්  ලියනවනේ ... ඉතින්  ඒ   මාතෘකා  වෙන්වෙන්ව   හදුනාගන්න , වෙනවෙනම   ලේබල් කරනවනේ  ,, මෙන්න මේ ලේබල්   ටික  වෙබ් අඩවියේ   හෙධර්  එකේ  මෙනුවක් ආකරයට  සකසා ගතහොත්  කියවන කෙනාටත් පහසුයි , වෙබ්  එකටත්  ලස්සනයි ..,,, HTML  ගැන හොදට   දන්න කෙනෙකුට  නම්  හිතෙන්න පුළුවන් ,,  අයියෝ මේකත් ලියන්න ඕනෑද කියලා .. මම මේක  කීපදෙනෙකුගේ   බ්ලොග් වල දැක තිබුනත්  .... හරියටම කරගන්නේ   කොහොමද    කියලා  ඇහුවට  හරියට   උත්තරයක්  හබවුනේ  නැහැ.  කොහොම නමුත්  අන්තිමේදී
ඔන්න වැඩේ හරිගියා  ....  වැඩේ නම් හරිම   සරලයි ,.. බලමු  කොහොමද කරන්නේ   කියලා...

Monday, August 15, 2011

බ්ලොගර් ටෙම්ප්ලේට් එකක් නොමිලේ හදමු.


  සුබ දවසක් ,,  ටික දවසකින්  වැදගත්  දෙයක්   ලියන්න   බැරිවුණා ..   නමුත්  අද මේ   කරන්න යනදේ නම් බ්ලොගර්  වලින් බ්ලොග් ලියන කට්ටියට   ගොඩක් වැදගත් වෙයි.   අද කරන්න හදන්නේ  බ්ලොගර්  වලින් හදන වෙබ් එකකට  ටෙම්ප්ලේට්   එකක් අලුතෙන්   නිර්මාණය කරන්න ...  ගොඩක් විට   බොහෝ දෙනා  කරන්නේ  මේ  ටෙම්ප්ලේට්   එකක්   කොහෙන්හරි   හොයාගෙන  ඒක ෆ්‍රී  ඩවුන්ලෝඩ්  කරගන්න එකනේ.... මෙතන තියෙන ප්‍රධාන වාසිය ,, අපට අවශ්‍ය  පරිදි   , වර්ණ   සංයෝජනය  හා  ලේඅවුට්  එක  සකස්  කරගන්න  පුළුවන්   වීම ..... ඒවගේම  බ්ලොගර්  ටෙම්ප්ලේට්  එක හදාගන්න   html / ජාවා  ගැන වැඩි  දැනුමක්  නැති අයට වුනත් පහසුවෙන්ම   කරන්න   පුළුවන් .  හරි එහෙනම් වැඩි   කතා නැතිව ,, අපිත්  ටෙම්ප්ලේට්  එක හදන්න   පටන්   ගමු....    මේ සදහා  පාවිච්චි කරන්න   යන්නේ TrixTG   Blogger template Generator . ..  මුලින්ම   මේ ලින්ක් එකෙන් යන්න....

Sunday, July 17, 2011

වෙබ් පිටුව රයිට් ක්ලික් කිරීම වලකමු







 ඉතින්   අද කියන්න යන්න බ්ලොග් ලියන අයට වැදගත්   දෙයක් ......කොහොමද  රයිට් ක්ලික් කිරීම නවත් වන්නේ කියලා .. ඉතින් කොහොමද බලමු මේක කරගන්නේ .... ලොකු දෙයක් නෙවේ පොඩි ජාවා කෝඩ් එකක් තියෙනවා එක  ඔයාලගේ  බ්ලොග් එකට ඇතුලත්   කරගන්න ... මේක මම එකතු කරන්න   යන්නේ  බ්ලොගර්   වලින් ලියපු වෙබ්  අඩවියකට ..
   මුලින්ම  Setting  ,  layout  , වල ඇති  Add a Gadget     මත   ක්ලික්  කරලා  පහත ඇති   ජාවා කෝඩ් එක  කොපි  කරලා සේව් කරගන්න.