එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, July 9, 2011

VLC Player එකෙන් YouTube video එකක් ඔන්ලයින් බලමු



                   සුබ දවසක් හැමෝටම .,,, අද මම ඔයාලට කියන්න යන්නෙ VLC  Player එකෙන් ඔයාලට කරගන්න පුළුවන් තවත් අපුරු වැඩක් ගැන.
ඉතින් මේක ගොඩක් දෙනෙක් දන්නවත් ඇති .....VLC  Player  එක ගැන කියනවනම්  ,, ඔයාලගේ තියෙන Media
 player එක වගේ  විවිධ  audio හා video file වර්ග  Play  කරගත හැකි  ප්ලේයර්  එකක් .                                          
             හරි දැන් අපි  දැන් වැඩේට බහිමු ..........
 මුලින්ම .VLC  Player  එක ඕපන්   කරගන්න.



Friday, July 8, 2011

facebook fan page එකක් හදමු

ඉතින් අද ඔය ගොල්ලන්ට කියලා දෙන්න යන්නෙ fan page එකක් මුහුණු පොතේ හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම කියන්න ඕනෑ fan page එකක් හදන්නට නම් facebook ගිණුමක් තිබිය යුතුමයි.දැන් කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් " මොකක්ද මේ fan page එකක් කියන්නේ කියලා "
මුලින්ම ඒ ගැන කියලම හිටියහම හරිනෙ....
මේකට සරලම අර්ථය යම්කිසි දෙයකට ( උදා: වාහන , පුද්ගලයන්, ව්‍යාපාරික,විනෝදාත්මක)
කැමති පිරිසක් එකතුකර ගැනීමට facebook හි සාදාගන්නා පිටුවක්.. .. මම කිව්වේ සරලම අර්ථය ...
තවත් හොද අර්ථයකතන තියෙනවා නම් මටත් කියන්න හොදේ..
මම උදාහරණයට ගත්තේ වාහන , පුද්ගලයන්, ව්‍යාපාරික ,විනෝදාත්මක වැනි දේවල් ටිකක් විතරයි.
තව ගොඩක් උදහරණ තියෙනවා fan page වලට යොදා ගන්නා. මෙහිදී තමන් සාදා ගන්නා fan page එකට
කැමති පුද්ගලයන්ට එහි ඇති like බට්න් එක මත ක්ලික් කර එයට කැමත්ත ලබාදේ. ඒක සරල පැහැදිලි
කිරීමක් විතරයි.
.....හරි දැන් අපි fan page එක හදමු............................

  1. මුලිම තමන්ගේ facebook ගිණුමට ලොග් වෙන්න
  2. දැන් පිටුවේ පහලට ගොස් " Create a Page " මත ක්ලික් කරන්න .. එවිට එය පහත පරිදි වේ.

Thursday, July 7, 2011

හැමදේම සගවා තබමුද ?

  ඔව් එකනම් ඉතින් හොද මාතෘකාවක්  තමයි ..  මොකද  අද හැමතැනම සොර සතුරෝ ඉන්නවනෙ...තමන්ගේ දේවල් තමන්ම රැක ගත්තොත් හොදයි .. අද මම ඔයාලට කියන්න යන්නෙ ඔයාලගේ තියෙන password   හා Pin
අංක එහෙම සගවා තබා ගන්නා  විදිහක් ..  ගොඩක් දෙනා නම් මේවා ගැන දන්නවත් ඇති , කොහොම නමුත් නොදන්න  කෙනෙකුට වැදගත් වෙයි කියල පොඩි පෝස්ට් එකක්  ලියන්න හිතුනා...
            මේවගේ  මාතෘකාවක්  ගැන ලියන්න වුනේ මට වුනු  එක්තරා සිදුවීම්ක් නිසා ..  මගෙ ලග තියෙන  ටෙලර්
කාඩ් එකකකින්  හදිසියේ සල්ලි ගන්න ගිහින් වුනු   දෙයක් .... කෙටියෙන් කිව්වොත්  වැරදි  පිං අංකය තුන් පාරක්  ඔබලා ,,සල්ලිත්  නැහැ  කාඩ් එක මැෂින් එක ඇතුලේ.. මේ වුණ වැඩේට විසදුමක් කල්පනා කරනකොට තමයි මට මේ  ක්‍රමය  ගැන හිතුනේ..
       මුලින්ම හිතුනා පාස්වර්ඩ්  හා පිං අංක  පොතක  ලියන්න .. ඒකත් කවුරු  හරි බැලුවොත් වැඩේ සුන් ..
නමුත්  කොහෙහරි  අංක ටික ලියලා තිබ්බේ නැත්නම් ...... අන්තිමට ඒවාට වුණා දෙයක් නැතිවෙනවා..
මේක  පොඩි  කෝඩ් එකකින්  පිං අංක ටික පොතක ලියලා තියන්න ... එතකොට කාටවත් අංකය කියවන්න 
බැහැ .. තමන්ට අමතක වෙන්නෙත් නැහැ.. තමන්ගේ   කෝර්ඩ්  ඒක කාටවත්  කියන්න එපා .  කෝර්ඩ් එකක්  
හදාගන්නෙ  මෙන්න  මෙහෙමයි..

Saturday, July 2, 2011

Jolicloud වලින් ජොලි කරමුද?

 
       ඉතින්  අද මේ කියන්ඩ යන්නෙ මොකක්ද ?  හැමටම  ප්‍රශ්නයක්  වෙලා ඇති  හෙඩ් ලයින් ඒක දැක්කහම....
සරල සිංහලෙන් කිව්වොත්  " වළාකුළු මෙහෙයුම්  පද්ධතියක්  "   මෙහෙම  කිව්වහම  තවත්  ප්‍රශ්නයක් එනවා නේද?   ඇත්ත  "  වළාකුළු මෙහෙයුම්  පද්ධතියක්  "   කියන්නෙ   වෙබ් බ්‍රව්සර්  එක   හා  අන්තර්ජාල සම්බන්ධතාවය මගින්  ඇති  කරගන්නා  මෙහෙයුම්  පද්ධතියක්   සරල සිංහලෙන්  ඔන්න..
 ඉතින්  මේකෙන් වැඩ කරන්න නම්  අන්තර්ජාල සම්බන්ධතාවය  නම්  අනිවාර්යයි .  " Jolicloud "  වින්ඩෝස් වල වගේම  ලිනක්ස් , Mac   මෙහෙයුම් පද්ධති වලට සහයෝගය දක්වනවා.   මෙයා  "Google Chorme " , firefox 4  , safari 5   වගේ බ්‍රව්සර්  වලට හොදටම වැඩ කරනවා .