එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, August 28, 2011

blog එකේ ලින්ක් ටික ටෙස්ට් කරලා බලන්න - SEO

             මුලින්ම කියන්න ඕනෙ , බ්ලොග් එකට   ලින්ක් ටික  මොනවගේද   කියලා බලන්න මට මුලින්ම  හිතුනේ ,  මගේ   බ්ලොග් එක   ඇතුලත්  කරන්න ගිය බ්ලොග් ඩිරෙක්ටරියකින්  මට ආපසු  ආපු ඊමේල්  පණිවිඩයක්    නිසා . ඒ ගොල්ලන්  කියනවිදිහට  විදිහට මගේ බ්ලොග් එකේ  වැඩිහිටියන්ට සුදුසු  අසැබ් පින්තුර සහිත  ලින්ක්  තියෙනවා   කියලා තමයි  ඒගොල්ල   කියන්නේ... මට මේක ඇහුවට පස්සේ තරු විසිවුණා .. මේ   මොකක්ද මේ   කියලා .... මම එහෙම දෙයක් ගැන  ලියන්න   හිතලවත් නැතිව .. මේ ගොල්ල මෙහෙම    කියන්නේ   මොකද  කියලා .

Tuesday, August 23, 2011

blogger web අඩවියට contact form එකක් හදමු ....

  සුබ දවසක්  හැමෝටම  ,,    මාතෘකාවෙන්ම පැහැදිලි  ඇතිනේ  කරන්න හදන්නේ මොකක්ද කියලා ..වැඩිපුර ඒගැන කියනවනම්  වෙබ් අඩවියට  පිවිසෙන පාඨකයෙකුට , එහි   කතෘව  පුද්ගලිකව පණිවිඩයකින්  සම්බන්ධ  කර  ගැනීමට  , මෙන්න  මේ   contact  form එකක් වෙබ් අඩවියට එක්කර ගැනීම  මගින්   කරගන්න පුළුවන් ... ඒසදහා නොයෙකුත්   වෙබ් අඩවි අන්තර්ජාලය තුල  තියෙනව  contact  form එකක්  නොමිලයේ   හදාගන්න ....

Saturday, August 20, 2011

පේස්බුක් ෆොටෝ ටික ගූගල් ප්ලස්‌ වලට ගෙනියමු.

  සුබ දවසක් හැමෝටම ,, ඉතින්  අද  අපි මේ කරන්න යන්නේ  ඔයාලගේ  පේස්බුක්  ගිණුමේ  ඇති  ෆොටෝ  ටික  ගූගල්  ප්ලස්‌   වලට    ගෙනියන්නේ  කොහොමද  කියලා .  මොකද  දැන් අපේ   යහළුවන්  පේස්බුක් එකේ වගේම   ගූගල්  ප්ලස්‌  වලත් ඉන්නවනේ.  මුලින්ම   කියන්න ඕනෑ මේක  කරගන්න   ගූගල් ක්‍රෝම්  වෙබ් බ්‍රවුසරය තියෙන්න ඕනෑ.  හරි   දැන් අපි බලමු   කොහමද  කරන්නේ   කියලා
මුලින්ම මේසදහා  ගූගල් ක්‍රෝම්  එක්ස්ටෙන්ෂන්   එකක්   ඩවුන්ලෝඩ්  කරගන්න   වෙනවා .  ඒ   සදහා   මෙන්න මෙතනින්   යන්න.


Tuesday, August 16, 2011

මෙන්න තවත් බ්ලොග් වැඩ කෑල්ලක්‌.......


  මාතෘකාව  කිව්වට මොකක්ද මේ කරන්න යන වැඩේ   කිව්වේ   නැහැ නේ.  බලමු   මොකක්ද   මේ   කියලා ..  හරි   අපි මෙහෙම පටන් ගමු .. අපි  බ්ලොග් ලියනකොට  විවිධ මාතෘකා   යටතේ  බ්ලොග්  ලියනවනේ ... ඉතින්  ඒ   මාතෘකා  වෙන්වෙන්ව   හදුනාගන්න , වෙනවෙනම   ලේබල් කරනවනේ  ,, මෙන්න මේ ලේබල්   ටික  වෙබ් අඩවියේ   හෙධර්  එකේ  මෙනුවක් ආකරයට  සකසා ගතහොත්  කියවන කෙනාටත් පහසුයි , වෙබ්  එකටත්  ලස්සනයි ..,,, HTML  ගැන හොදට   දන්න කෙනෙකුට  නම්  හිතෙන්න පුළුවන් ,,  අයියෝ මේකත් ලියන්න ඕනෑද කියලා .. මම මේක  කීපදෙනෙකුගේ   බ්ලොග් වල දැක තිබුනත්  .... හරියටම කරගන්නේ   කොහොමද    කියලා  ඇහුවට  හරියට   උත්තරයක්  හබවුනේ  නැහැ.  කොහොම නමුත්  අන්තිමේදී
ඔන්න වැඩේ හරිගියා  ....  වැඩේ නම් හරිම   සරලයි ,.. බලමු  කොහොමද කරන්නේ   කියලා...