එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, July 19, 2014

windows live writer වලින් බ්ලොග් පෝස්ට් එකක් ලියමු.

            ඉතින්  පසුගිය  පෝස්ට්  එකෙන්  වින්ඩෝස්  live writer  ගැන  විස්තරයක් කලා ඔබට මතක ඇති ,,,, අද මම කියන්ඩ යන්නෙ  ඒක යොදාගෙන  බ්ලොගර්  වලින් හදපු වෙබ් අඩවියකට   පෝස්ට් එකක් ලියන්නේ කොහොමද කියලා…….
මුලින්ම අපගේ වෙබ් අඩවිය වින්ඩෝස්  live writer  තුලට ඇතුළු කරන්න වෙනවා .  ඒ සදහා නෙට් සම්බන්දතාවය  තියෙන්නත් ඕන.කවුරු  හරි කියන්න පුළුවන්  මේක  OFFLINE  වෙබ්  පෝස්ට් ලියන  එකක් නේද කියලා .  ඔව් ඒක ඇත්ත . නමුත් වෙබ් අඩවිය LIVE WRITER  තුලට ඇතුලත් කරන්න නම්   ඉන්ටර්නෙට් තිබිය යුතුමයි.
   අපි  දැන් කොහොමද මේක කර ගන්නේ කියලා( පළමු වතාවේ පමණයි අවශ්‍ය වෙන්නේ)
              මුලින්ම වින්ඩෝස්  live writer  ඕපන් කරගන්න  (දැන් අපි යන්නෙ අපගේ වෙබ් අඩවිය වින්ඩෝස්  live writer  තුලට ඇතුළු කරන්නයි.    එවිට මෙන්න  මෙහෙම රුපසටහනක්  එනවාParty smile
  ScreenHunter_02 Jun. 28 19.23



                 මේකෙන්  Other services  තෝරාගෙන   Next  මත ක්ලික් කරන්න.   ඊට‍ පසු පහත පරිදිවේ.
                      ScreenHunter_03 Jun. 28 19.26
                 මෙහිදී ඔබගේ වෙබ් අඩවියේ වෙබ් ලිපිනයත් ,, බ්ලොගර් වල ලියාපදිංචි වීමට  දුන්  gmail ,  ලිපිනයත්   එහි පාස්වර්ඩ් එකත් ලබාදී  Next  මත ක්ලික් කරන්න.
                           ScreenHunter_07 Jun. 28 19.40
                               මෙහිදී  ඉහත  රූපයේ  පරිදි setting up your  blog  account   වෙත පිවිසේ.  ඊට පසුව download  Blog  Theme
          උප මෙනුවක් ලැබේ   එහි yes   ක්ලික් කරන්න .  දැන් වැඩේ හරි ඔබගේ වෙබ් අඩවිය වින්ඩෝස්  live writer  තුලට  ඇතුලුවී
         ඉවරයි.(  මේ ඇතුල් කිරීම කරන්න  ඕනෑ මුල් වතාවට  පමණයි)
                                       ScreenHunter_08 Jun. 28 19.44
                 අවසානයේ ඉහත රුපයේ පරිදි  Finish  මත ක්ලික් කරන්න.
               එවිට පහත පරිදි බ්ලොග් පෝස්ට් එඩිට් කිරීමේ මෙනුව වෙත    පැමිණේ.
    ScreenHunter_09 Jun. 28 19.47
            මෙහිදී බ්ලොගර්  වලදී මෙන්  වෙබ් පෝස්ට් එක නිර්මාණය   කිරීමට  අවශ්‍ය  උපාංග ලබාදේ. දැන්  අවශ්‍ය පරිදි  වෙබ් පෝස්ට් එක   සකස් කරගෙන පහත පරිදි  draft   එකේ  save   කරගන්න.
මෙය  බ්ලොගර් වෙතට  publish   කිරීමට අන්තර්ජාල සම්බන්දතාව ලබාගෙන  publish  මත ක්ලික් කරන්න.දැන් වැඩේ හරි .
ඔයාගේ ගුණදොස් මට කිව්වොත් හොදයි.
 

No comments:

Post a Comment

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....