එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, September 8, 2013

2013 මේ අය බ්ලොග් ලිව්වද " මොකද වුනේ " ?????????? ( මාත් ඇතුළුව )

2013    අවුරුද්දත්   දැන්  ඉවර   වෙන්න    ලගයි  ....    තව   මාස තුනක්   විතරයි    ගෙවිල    යන්න     තියෙන්නේ ...... ආපහු හැරිලා  බලනකොට   කරපු  දෙයකුත්  නැහැ  කාලෙත්  ගිහිල්ලා ...බ්ලොග්    අවකාශයේත්  පොඩි පොඩි  වෙනස්  කම් වෙලා...මට   බ්ලොග්   වලට    ගොඩ   වදින්නට    බැරිවුණු   මාස    පහ හයට . අලුත්   අය   ඇවිල්ලා  .... පරණ  සමහර    අය   ආගිය  අතක්  නෑ .  මාව    දන්න    අය  අහන   ප්‍රශ්නයක්   තමයි   පහුගිය   කාලේ  " මොකද   වුනේ  "  කියන   එක ...සමහරු  බ්ලොග්  එකටත්    ගොඩවදින්න   බැරි   මට්ටමක්  තිබ්බලු ..... මම  දන්නනෙත්   නැහැ ... මොකක්ද  මටත්   බ්ලොග්    එකට     තියා   ඉන්ටෙර්නෙට්  වලට    ලොග්   වෙලා  මේල්  ටික  බලන්නවත්   පහුහිය     දවස්   වල  වල    වුනේ    නැහැ ..ඒ  ඉතින්  රැකියාව  සදහා  විදේශ  ගත  වෙන්න    සිදුවුණු     නිසා..........
              ඒත්   කොහොම    හරි   රැකියාවට    පිටත්   වෙන්න    කලින්   දඩි බිඩියේ   පොස්ට්   පොස්ට්  පහ  හයක්  ලියල   ඒවා  මාසෙකට    එකක්   වගේ   ඔටෝ පබිලිස්   වෙන්න   දාල    තමයි   මම   ලංකාවෙන්   පිටත්   වුනේ ...ඒව     තමයි   ඔය  " අවාරෙට  පොල් වැටෙනවා   වගේ  "  ඉදහිට    බ්ලොග්    එක  පාලුවට    නොගිහින්   තියාගත්තේ...  ඉතින්   මම  නැති  අතරේ   බ්ලොග්    එකට ගොඩවැදිලා  ...ගිය   හැමෝටම    බොහොම   ස්තුතියි  කිව්වා......

ඒ    අතරේ   බ්ලොග්     අවකාශයට    හැමදාම  දකින  පරණ  මුහුණු  අතරට  අලුත්  මුහුණුත්    එකතු   වෙලා.....පරණ  ලිව්ව  සමහර  අය  ලිවිම   නතර    කරලා   දාලා .....සමහරු   පුරුදු    පරිදිම   ලියනවා ......මට   හැගෙන    විදිහට බ්ලොග්   එකක්   පටන්  ගත්තට    ඒක    දිගටම   පවත්වා     ගෙන    යන    එක    තමයි   අමාරු .....බොහොම   අමාරුවෙන්   අටෝ  ගත්ත    බ්ලොග්   එක  ටික    දවසක්     යනකොට   නවත්වල  දානවා....හුගක්  වෙලාවට     බ්ලොග්  ලිවිල්ල   නවත්වල  දාන්න   ගොඩක්   හේතු    බලපානවා....  බලන්න   ඔයාලටත්     මේවා    බලපෑවද     කියල...


  •       රැකියාවේ   ඇති  අවිවේකි    බව..........
  •       කලකිරීම   සමග   මොරාල්   එක   අප්  නොවීම -    ලියන     දෙයට   ප්‍රමාණවත්  ප්‍රතිචාර   නොලැබීම ...
  •      ජිවිත ගමනේ   යම් යම්  වෙනස්කම්  වලට   හාජනය   වීම ....
  •   මෙන්න අන්තිම   එක   " කම්මැලිකම " ....ගොඩ   දෙනෙකුට  නම්   මේක   බලපානවා   හොදටම...

    ඔන්න    මටනම්    බ්ලොග්   එක   පෙර   පරිදි  අප්ඩේට්   කරගන්න  බැරිවුනේ  ඔන්න   ඔය   උඩින්ම    තියෙන   පලවෙනි     හේතුව....  කොහොම    නම්  දිගටම   බ්ලොග්  ලියාගෙන  අපු  මේ  පහත  ඉන්න  අය හිටිහැටියේම  බ්ලොග්  ලිවිල්ල  නතර  කරලා  දල......මේ ගොල්ල්ලන්ට  මොකද   වුනේ?????

මෙන්න   පළවෙනිය .......
ආච්චි මරන්ඩද යකෝ යන්නේ....    මෙහෙම    කියවේ මමනම්   නෙවේයි  අපේ   මදුරංග   මලය ...එයයි  මලයයි    එකතු   වෙලා තමයි  කට්ටිය   කියන  මේ   වැඩේ    කරන්න    ගිහින්    තියෙන්නේ ......එයා   ඒකෙම  ලියල    තියෙනවා   බ්ලොග්   ලිවිල්ල  අත ඇරලම   දාල පුර්ණ  කාලීන  බ්ලොග්    කියවන්නෙක්   වෙලාලු....  හැමෝගෙම    බ්ලොග්  ටිකනම්   බලනවලු ....අනේ   මන්ද?

මෙන්න   දෙක ...
31 රෑ මොකෑ කරන්නේ...
      දෙසැම්බර්  31  කරන්ඩ  කරන   දේවල්  දෙසැම්බර්  13 වෙනිදා   අපෙන්    මෙයා   අහනවා ......ඊට පස්සේ   2013  මොකුත්ම    ලියල   නැහැ .... .... අර  කනිෂ්ක  එක්ක  හිරේ   යන්න   ආසාවක්   තිබ්බ   කියල   පහලින්    ලියල      තිබුන   වගේ   මතකයි...ඒ ආසාව වත් ඉටුවුනාද?.

මෙන්න   තුන්වැන්නා....
අවුරුදු උත්සවයක ආතල් සිද්ධි
  වල වලට තමන්ගේ  නැන්දගේ  දුවත්  එක්ක  පැමිණි   මඩිස්සලේ   නිෂාන්  එදයින්  පස්සේ   අතුරුදහන්   වෙලා    කියල    තමයි තතු   දන්නෝ   කියන්නේ.......  මමනම්  දන්නේ මොකුත්ම   ඕව   ගැන..........

 මෙන්න    හතර .....
ඈ දීගෙක ගියාය.....

   ඇය  මෙහෙම   කිව්වේ   තමන්ගේ  කුඩා කාලයේ   හොදම    මිතුරියක්‌ ...  සරසවියේදී     හොදම     මිතුරියවී ,  ඇය   දීගෙක   යන  දවසේ ......නමුත්    දීගෙක  ගිය  මිතුරිය  තවමත්   බ්ලොග්    ලියන  නමුත්   ඇයව  හදුන්වා  දුන්  "නිසුගේ  කතා   ලියු    නිසුපා "   කාටත්    හොරෙන්ම     දීගෙක    ගිහින්ද??????

මෙන්න   පස්වෙනිය ....
    ලංකාවෙන් යැංකි රටට -අන්තිම ටික 
           මෙයා  ලංකාවේ  ඉදල  යැංකි   රටට  රස්සාවක්  කරන්ඩ  ගියේ   යන  අතරේ    ගුවන්   තොටුපොළේ රසවත්  සිද්දී  ලියුවා  මතකයි   .. ඊට   පස්සේ  මොකදවුනේ  ..යැංකි   රටට කියල වෙන රටකට වත්   ගොඩ  බැහැලද  ?  ,,,,,,  

මෙන්න    හය .....
   නික්ම යෑම ......
      බොහොම   සවේදී   සටහනකුත්  එක්ක  ....ඇය  ඇයගේ  නික්ම යෑම    සටහන්   කරලා   තියෙනවා.......    මෙය   තාවකාලික    සමුගැනීමක්ද???///

මෙන්න    හත .....
බ්ලොග් එකට page- navigation එකක් එකතු කරමුද?
  කිව්ව  මෙයාට  අලුතෙන්ම   රැකියාවක් සදහා   යොමුවෙන්න  සිදුවුනා  ....එදා  ඉදන්    බ්ලොග්   එක    ලියන්න  වෙලාවක්   නැහැ....මොනවා  හරි  කුරුටුගාන්න  ඔන්න   ආයෙත්   කාලය  ඇවිල්ලා   මල්ලි...

මීට  අමතරව   මේ  දවස් වල   බ්ලොග්   වලට   තිත   තියල   ඉන්න    ඇය  ඉන්නවනම්  පහලින්   ඇති  ප්‍රතිචාර  තීරුව    මගින්  තමන්ගේ   හපන්කම්  එලි   කරන්න   පුළුවනි.........

------------------මොරාල්   අප් වේවා...   බ්ලොග්  නැවත  ලියවෙවා.............................................

 

Thursday, September 5, 2013

ෆොටෝ එකකට watermark එකක් එකතු කරන්න හොද වෙබ් අඩවි

ටික   දවසකට   පස්සේ   තමයි  ආයෙත්  ලියන්නේ....අද ඔයාලට  ගෙනවිත්   තියෙන්නේ  ෆොටෝ    එක්ක  අයිතියට   තමන්ගේ  පෙන්වීමට  යොදන  සලකුණ  (Watermark ) එකක්     ඔයාලගේ   ෆොටෝ    එකකට   නොමිලයේ  එකතු    කරගන්න   පුළුවන්   වෙබ්   අඩවි  ටිකක් ..මේ  සදහා  නොයෙක්   විදිහේ  සොෆ්ට්වෙයාර්ද  ඔබට   හමුවෙලා  ඇති...ඒ   අතරට  මේ  ටිකත්  එකතු  කරගෙන   බලන්න..

Wednesday, August 28, 2013

Flow chart, bar chart , pie chart අදින්න නියම සොෆ්ට්වෙයාර් එකක්.....


1
  සුබදවසක්   අද   ඔයාලට   හදුන්වල    දෙන්න    යන  සොෆ්ට්වෙයාර්  එක මගින්    Project   , presentaion   වලදී   අපට   ඉදිරිපත්  කිරීමට  සිදුවන විවිධ    වර්ගයේ  ප්‍රස්තාර  (   Charts - flow,bar,pie )  වැනි   දේවල්  පහසුවෙන්   නිර්මාණය  කරගැනීමට  පුළුවනි.... මේ   සදහා   මෙහි   ඇති  කලින්  කරන  ලද  symbol     වර්ග   45   ද   ,   එය   15   ආකාරයකට   color   වෙනස්   කිරීමට  ,  විවිධ    වර්ගයේ  styles   යොදාගැනීමට    පුළුවනි ....

Saturday, July 6, 2013

Photo Quality වෙනස් නොකර PNG ෆයිල් එකක SIZE එක අඩු කරන්න කැමතිද ?


PNG ෆයිල්  එකක් හෙවත්    ( Portable Network Graphics)  ෆයිල්   එකක  ඉමේජ්  එකේ ප්‍රමාණය (  Image Size එක  අඩු   කරගන්න  (  photo  එකේ quality   වෙනස්  නොවී )  පුළුවන්   නොමිලයේ   ලැබෙන  සොෆ්ට්වෙයාර් එකක් තමයි  අද  ඔයාලට  හදුනවා  දෙන්න සුදානම..අප  බ්ලොග්  පෝස්ට්  ලියන  විටත්  මේ   PNG ෆයිල්  යොදාගන්නා  නිසා බ්ලොග් ලියන  සහෝදර   සහෝදරියන්ටත්  මේ    සොෆ්ට්වෙයාර්   එක නම්   වැදගත්   වේවි ..

Monday, June 3, 2013

ඔන්ලයින් ෆොටෝ share කරන්න ... මෙන්න තවත් විදිහක වෙබ් අඩවියක් ....

අන්තර්ජාලය  පාවිච්චි   කරන    ගොඩදෙනෙක්  ,, තමන්   ගන්න   පින්තුර  අනෙක්   අයටත්  දැක   බලා  ගැනීමට ,   පේස්බුක් වැනි   සමාජ ජාලා  වෙබ්   අඩවිවලට  එකතු  කරන්නේ   ෆොටෝ  එක  share    කරගැනීමේ   ක්‍රමයක්   විදිහට.. නමුත්   මේ   ක්‍රමය මගින්  ෆොටෝ   share  කිරීමේදී  නියමිත   පරිදි   privacy  settings   සාදා තිබුනේ  නැතිනම්  ෆොටෝ  එකක්  තවත්  අයෙකුට   අනිසිලෙස  පාවිච්චි  කරගැනීමේ ඉඩකඩ  බොහෝ  වැඩියි.....  ඊමේල්  එකක්   මගින්   ෆොටෝ share කරගැනීමේදී  ,, ,,, බොහෝ  ඊමේල්  සේවාවන්   ගෙන්  අපට  ඇමිනුමක්  වශයෙන්  එකතු  කරන්න  පුළුවන් 25 mb  විශාල   ෆයිල්   පමණයි ...

Friday, May 3, 2013

ඔන්ලයින් ඉදගෙනම ෆයිල් ZIP / UNZIP කරන්න ... මෙන්න නියම බඩුවක් ..

ෆයිල්  ZIP/ UNZIP    කරගන්න   යනවිට  අපට   නිතැතින්  මතක් වෙන්නේ   ... WINZIP  ,  WINRAR  වැනි සොෆ්ට්වෙයා.. .. නමුත් හදිසියකදී  මේවගේ   සොෆ්ට්වෙයා  නැති  , ඉන්ටෙර්නෙට්   කැෆේ    එකකදී   වගේ  තැනක  අපට   ෆයිල්  එකක්   ZIP/ UNZIP  කරගන්න   වුනොත්  ,,  ඒ   සදහා  ලෙහෙසියෙන්ම   ගොඩවිය   හැකි   වෙබ්අඩවියක්   වෙතට  අද   ඔයගොල්ල     කැන්දාගෙන   යන්නේ ...

Monday, April 8, 2013

ඔන්ලයින් ඉදගෙනම ෆයිල් එකක වයිරස් තියෙනවද බලාගන්න හොද වයිරස් ස්කෑනර් එකක් මෙන්න


සුබදවසක්  ...ටික   දවසකින්    තමයි   බ්ලොග්   එක  ලියන්න   වෙලාවක්  අවේ ..ඉතින්  මේ   වෙබ්   අඩවියෙන්  ඔයාලට   පුලුවන්  ඔයාල ලග තියෙන  ෆයිල්  එක්ක හරි  ෆයිල්   එකක්   තියෙන   ලින්ක්   එකකට  වයිරස්  තියෙනවද  කියල  බලාගන්න.. ... හැබයි  මෙතන  වයිරස්  තියෙනවද   කියල  ස්කෑන්  කරන්න පුළුවන්  පුළුවන්  ෆයිල්  එකේ  උපරිම   විශාලත්වය  32MB ...

Saturday, March 2, 2013

Word document එකක් අහන්න කැමතිද ?????

word    document  එකක්  audio  ෆයිල්    එකක්    බවට    පත්කර    ගැනීමට  උදව්  දෙන   වෙබ්   අඩවි  හා සොෆ්ට්වෙයාර් ඔබට  අන්තර්ජාලය    තුලදී   හමුවී    තිබෙන්න   පුළුවනි.....මේ    සදහා   නොමිලයේ    පාවිච්චි   කරන්න  පුලුවන් සොෆ්ට්වෙයාර්   එකක්  තමයි  මේ   audiodocs ...

Tuesday, February 26, 2013

වෙබ් පිටුවක් pdf එකකට හරවන්න මෙන්න හොද ඔන්ලයින් ටුල් එකක්

සුබ  දවසක්  .... ටික  දවකින්  මේ  පැත්තට   එන්නත්  බැරි   වුනා... ඔයාල   වෙබ්   පිටුවක්   pdf    බවට    පත්කර  ගන්න   විවිධ   දේවල්  පාවිච්චි  කරනවා  ඇති....සමහර සොෆ්ට්වෙයාර්  පාවිච්චි    කරගන්න    ඒවා   ඉන්ස්ටෝල්  කර කර  දගලන්න   වෙනවා ...ඉතින්    එහෙම   කරදර  නැති   ඔන්ලයින්    ටූල්  එකක් තමයි     අද   ඔයාලට   ඉදිරිපත්  කරන්න   හදන්නේ...

Saturday, February 23, 2013

Signup නොවී ඔන්ලයින් විශාල ෆයිල් යවන්න මෙන්න බඩු ...

ඊමේල්  එකකට  ෆයිල්  එකක්  අමුණලා    යවන්න   ගියහම  තියෙන   කරදරය   ඔයාල දැනටම  අත්විදලා  ඇති . 25 mb  වගේ   ඉතාම  පොඩි  ප්‍රමාණයක  යුතු  ෆයිල්   තමයි   සාමාන්‍යයෙන්   ඊමේල්  එකකට  නිදහසේ  අමුණලා   යවන්න   පුළුවන්..  මේ   වැඩේට   හොද  පිලියමක්   තමයි  cloud storage  එකක්   හරහා  ෆයිල්   එක  ඊමේල්   එකට   attach   කරන   එක ..මේකටත්  මුලින්ම  එකවුන්ට්   එකක්  හදල  Signup  වෙන්නත්  ඕනා.   අද  ඔයාලට   හදුන්වලා   දෙන්න   යන  මේ  වෙබ්  හරහා   කිසිම   Signup  වීමකින්   තොරව   ෆයිල්   හුවමාරු   කරගන්න   පුළුවනි ..මේවයේ   එකිනෙකට  වෙනස්  දේවල  වලින්   තමන්ට  වඩාත්   සුදුසු  එක  ඔයාලම   තීරණය   කරන්න...


Tuesday, February 19, 2013

pdf ෆයිල් එකක් word ෆයිල් එකකට හරවගන්න මෙන්න සුපිරි බඩු.....


   pdf   ෆයිල්   එකක්   word     ෆයිල්   එකකට  හරවා  ගන්න   ඔයාල  මේ   වනවිට  නොයෙකුත්  සොෆ්ට්වෙයාර්  ,  ඔන්ලයින්  ටුල්    එහෙම   හාවිතා  කරනවා  ඇති ..නමුත්  ගොඩක්  එහෙම    තියෙන ගොඩක්    සොෆ්ට්වෙයාර්  , ටුල්   වලින්   pdf   ෆයිල්   එක   word    ෆයිල්   එකකට   හරවා    දුන්නට  ,  ආපසු  එම  word   ෆයිල්  එක   එඩිට් කරගැනීමට    අවශ්‍ය  වුනොත්   එය  අපට  පහසුවෙන්   කරගැනීමට  බැහැ .. මෙන්න  මේකට  හොදම    විසදුමක්  තියෙන  සොෆ්ට්වෙයාර්  එකක්   අද   ඔයාලට   හදුන්වලා   දෙන්න  යන්නේ...

Saturday, February 16, 2013

ඊමේල් එකට අමුණන pdf file එක ලොකු වැඩිද ? compress කරමු ..

  සාමාන්‍යයෙන්     pdf ( portable  document  format )   එකක්  ,  ඊමේල්   එක්ක    attachment    එකක්   විදිහට   විදිහට   එකතු  කරන්න    ඔබට   සිදුවී  ඇති  ,  එවැනි  වෙලාවක  යම්  විශ්ලත්වයක්  ඇති  මේ   pdf  file එකක්  විශාලත්වයෙන්    අඩු   කරගන්න   ( compress  කරගන්න   )   පුළුවනි  නම්  එය  ඔබට  මෙන්ම  , ලබන්නාටත්  සහනයක්   වේවි .මේ  විදිහට   pdf   එකක්    compress   කර  ගන්න   පුළුවන්   අපට   නොමිලයේ   හම්බවෙන  සොෆ්ට්වෙයාර්   එකක්  අද    ඔයාලට    අරගෙන    ඇවිල්ලා  තියෙන්නේ ...


Friday, February 15, 2013

නොමිලයේ වීඩියෝ එකකට ලෝගෝ එකක් එකතු කරගන්න ඕනද ? මෙන්න බඩු ..


සුබ දවසක් ..කොහොමද  ?  හොදින්  ජීවිතය  ගෙවීගෙන  යනවා  නේද?    අදත්  බ්ලොග්  එකේ   සහෝදර   සහෝදරියන්ට  ගෙනාවෙත්   පොඩි සොෆ්ට්වෙයාර්  එකක් ...මේකෙන්   නොයෙක්  වැඩ  ( video  conversion )   කරගන්න  පුලුවනි    ,, නමුත්  මටනම්  මේක    ගොඩක්  වැදගත් වුනේ  මෙය   හරහා  වීඩියෝ එකකට ලෝගෝ එකක්  එකතු  කරගන්න   ලේසියෙන්ම  පුළුවන් නිසා .

Sunday, February 10, 2013

නොමිලේ ඔන්ලයින් ගේම් ගහන්න කැමතිද ... මෙන්න තැන් ...

සුබදවසක්  ඔයාගොල්ල   හැමදෙනාටම ... ඔන්‍න‍    ඔන්ලයින්   game   ගහන්න  කැමති   අයට  හිතේ  හැටියට game   ගහන්න  පුළුවන්   තැන්  ටිකක්    අදත්  අරගෙන  ඇවිල්ලා   තියෙන්නේ ...  ඔන්න    තමන්ට   කැමති තැනක්  තෝරාගන්න  පුළුවනි ... ආයේ ඩවුන්ලෝඩ්   කරකර ඉන්න   දෙයක්    කලින්ම  play කරන්න   පුළුවනි ....

Friday, February 8, 2013

ලැප්ටොප් බැටරිය හොදද ? නරකද ? දැන් ඔයාලටම බලන්න පුළුවනි ....

සාමාන්‍යයෙන්   බොහෝ අය  ඩෙස්ක්ටොප්  පරිගණකයකට   වඩා   ලැප්ටොප්   පරිගණකයක්   පාවිච්චි  කිරීමට  පෙලබෙන්නේ  එය  පහසූවෙන්  එහා  මෙහා  ගෙනයාමට හැකිවීම හා   විදුලිය  නැති  තැනක  වුවත්   බැටරියෙන් පැය කිහිපයක් පාවිච්චි  කරගැනීමේ  පහසුව  ලැප්ටොප්  එකක්  මගින්  ඉටුවන නිසා ..  ..ඔබත්  ලැප්ටොප්  එකක්  පාවිච්චි  කරන්නෙක් නම්  එහි  ඇති   බැටරියේ  තත්වය  පිලිබදව   ඔබ   නිරතුරුවෙන්ම   පරික්ෂාවෙන්  ඉන්නවා   ඇති ...අද  ඔයාලට   හදුන්වලා   දෙන්න  යන   මේ  සොෆ්ට්වෙයාර්  එක මගින්  ලැප්ටොප්  එකේ බැටරියේ   හොද  නරක   ඔබට  බලාගන්නත්  ,,බැටරියේ   ආයුකාලය   වැඩිකර   ගැනීමට  කලයුතු  දේවල්ද    බලාගන්න   පුළුවනි .

Wednesday, February 6, 2013

අවුරුද්දේ මුල්ම තෑග්ග .........

   "  පුතේ    මේ  ෆෝම්  එක  ග්‍රාම  නිලධාරි   මහත්තයා   ඉන්න   ගෙදරට    ගිහිල්ලා  අත්සන්  කරන් එන්න  පුලුවන්ද?  "

 කොහොමටත්  සෙනසුරාද  උදේට    වැඩියෙන්   ට්කක්  නිදාගන්න  මට  අම්ම    කතා කරපු   එක  ඇහුනේ  හරියට   හීනෙන්  වගේ   .. සතියේ   දින  පහේම  බස්  ,කෝච්චි  වල  හෙම්බත්   වෙලා   සෙනසුරාද   දවස   එනකන්  අප     ඇගිලි  ගැන ගැන.... බලාගෙන    ඉන්නේ... අවුරුදු  ගානක්ම   කෝච්චියෙන්   පාසැල්  ගිහිල්ලා  ...ඊට‍   පස්සේ  සෙට්  වුන ජොබ් එකත් ..  ඉස්කෝලේ   ගියා   වගේ   කොච්චියෙන්ම    යන   ගමනක්ම  වුණා ..

"කෝ  පුතේ   ඔයා   තාම  නිදිද ?  "

"නෑ  අම්මේ   මම  දැන්  යන්න   ලැහැත්ති  වෙනවා  ...  "

පොඩි  බොරුවකුත්   අම්මට  කියාගෙනම   තමයි  ඇදෙන්  බැස්සේ.  අම්ම  මම  ගැන   දන්නා  නිසාමද    කොහෙද කාමරය  ලගටම  ඇවිල්ලා  දොරටත්  තට්ටුවක්  දැම්මා..


"හරි   අම්මේ  තව  විනාඩි   පහක්‌  මට   දෙන්ඩෝ "

දඩ  බඩ  ගාල  දතකට  මැදගෙන   , අලුත්  ටී  ෂර්ට්   එකකුයි   ,,  ඩෙනිමකුයි   ඇදගෙන   එලියට ආවා ...

"හරි   එහෙනම්  මම   ගිහින්   එන්නනම් "      කියලා   පැත්තක    තිබුන   මෝටර්  පුටාර්  එකට   ගොඩවුනා
යතුර  දාල   තුන්  හතර   පාරක්  කික්   කලත්   ,,ස්ටාර්ට්  වෙන  පාටක්  නම්  අහලක  වත් නැහැ ...කික්  කරලම   එපාවුණා   ,, ඒ   මදිවට  ඇගට  දාඩියත්    දාල ...  මොනවා   කරන්නද   ගමන   යන්නත්  එපායැ ..
 යතුර   අරගෙන   පැට්රල්  ටැංකිය  ටැංකිය  ඇරලා  බැලුවා  ...බඩු  තියෙනවද   කියලා  ....ඇති  යාන්තම්    පැට්රල්   නම්   ඇති   පදමට   තියෙනවා  ..... ඊට  පස්සේ   ප්ලග්   එක  අඩුවක්   අරගෙන  ගලවාගෙන ,, වැලි  කඩදාසියක් අරගෙන  සුද්ද  කරලා  ආපහු  දැම්මා ..  මේ   පාර  ස්ටාර්ට්   වුනේ  නැත්නම්   ගමන     පයින්  යන්න    හිතාගෙන ..... අන්තිමේදී    දෙපාරක්   ,, තුන්පාරක්   කික්  කරනකොට    වැඩේ   හරිගියා  ......බඩු  ස්ටාර්ට් .

" අම්මේ  මම  යනවා     වැඩේ  හරි   "   

"පරිස්සමෙන්   යන්න  පුතේ   අදකාලේ  දන්නවනේ "


විනාඩි  දහයෙන් මට     ග්‍රාම    නිලධාරි   මහත්තයාගේ   ගෙදරට     යන්න   පුළුවන් වුනා.. .. හොද වෙලාවට 

 ග්‍රාම    නිලධාරි   මහත්තයා  එදා  උදේ  ගෙදර  හිටියා ,,,අම්මගේ  ෆෝම්  එකට  අත්සන  ගහන්න  වැඩි  වෙලාවක්   ගියේ   නැහැ ....උන්නැහැ     එක්ක පොඩි   කතාවකුත්     දලා   ගෙදර    එන්න    මෝටර්  පුටාර්  එකට   නැග්ග  විතරයි ,,කොහෙද  ඉදන්  මතුවුණු   වල් කැහැටු  බල්ලෙක්   එකපාරට  මගේ    කකුල   හැපුවා ..කොහෙන්   ආවද  මන්ද      පිටු පස්සෙන්    ඇවිල්ල  වම්  කකුලේ   විලුබ  හරියෙන්     තමයි  මේකා   ඇල්ලුවේ ......!  බුරන   බල්ලා  හාපා  නොකයි ! කියලා   කියමනක්  තියෙනවනේ   ඒවගේ   මේකත්   හිමීටම   ඇවිල්ල    තමයි   වැඩේ  දුන්නේ ... මට    හිතන්නේ   මම    ඇදගෙන    හිටිය
  රතු  පාට    ටී  ෂර්ට් එක  හින්දා   මාව   උගේ     ටාගට්  එක    වුනාද   කියලයි ....කරන්න   දෙයක්     නැහැ    දැන්  වුනදේ   වෙලා   ඉවරයි ...කලිසම්    උස්සලා   බලද්දී   පොඩි  දත්  පාරකුත්   වැදිලා  තිබුන..
ග්‍රාම  නිලධාරි   මහත්තයා   නම්   කිව්වේ   ඒ   බල්ලා    ගෙදර   බල්ලෙකුත්    නොවන   බවයි ....එහාටත්   කොහෙන්ද   ආපු  බල්ලෙක්    කියලා   තමයි   කිව්වේ .. එතනින්    එහාට   බල්ලාගේ    ජාතකේ   හොයන   එක  වැඩක්  නැතිනිසා    එතනින්ම   හොදට    සබන්  දාලා   තුවාලේ    හෝදගෙන ,  යාලුවෙකුත්  එක්ක  ලගම   තියෙන    රජයේ   රෝහලට  ගියේ     ගෙදර   අයගෙන්   තිබුණු   බල  කිරීමත්     එක්කමයි ....  පිස්සු  බල්ලෙක්ගෙ   තියෙන  තියෙන    හැසිරීම නම්  ඒ    බල්ලාගේ   තිබුනේ   නැහැ  ...කෝකටත්    හොදයිනේ     ගිහිල්ල   බලන   එක  තමයි   හැමෝගෙම  මතය ....

ගිය   ගමන්ම  ඉස්පිරිතාලෙන්  කිව්වේ  බල්ලට  පිස්සු බලු  බේත්   විදපු  පොත  අරන්   එන්න   ...නැත්නම්   බේත්  කෝස්  එක    විදින්න   වෙනවා   කියල ......ඒ   බල්ලට  මොන   බේත්  විදපු  පොත්ද  මම  හොයන්නේ ,,  වෙන   කරන්න  දෙයක්    නැහැනේ     බේත්  කෝස්  එක    එක  විදගන්නවා     කියන  එකට   මම හිත   හදාගත්තා ...  මුලින්ම  විද්දේ     පිටගැස්මට   එකනම්    එච්චර   අවුලක්  නැහැ,,,ඊට   පස්සේ බේත   ඇලජික්    වෙනවාද  එහෙම    කියලා   බලලා  ,   හරිම    කරුනවන්ත  නර්ස්  නෝනා    කෙනක්  ,

  "ඔය පිස්සු  බලු  බේත්  විදින්න   ඉන්න  කෙනා  අර  ඇදෙන්  හාන්සි  වෙන්න "


 "ඇයි  මට  ඇදේ  හාන්සි   වෙන්න  කිව්වේ  ඕක  මෙහෙම  ඉදන්  විදින්න  බැයිද ?"


මටත්   කට තියාගෙන  නිකන්  ඉන්න   බැහැනේ    ....කකුලත්  ටික  අදුම්කන්න   අරගෙන    තිබුන

කාරුනාකරලා   ඇදේ  හාන්සි   වෙන්න  , මේක   විදින   විදිහ  තමයි  මේ   "  එතන   හිටිය   වයසක   පහේ   නර්ස්   නෝනා    කෙනෙක්  ... ,,,
වෙන   දෙයක්  වුනාවේ  කියල   මම   බේත්  සුවද  හමන    ඇදේ  හාන්සි  වුනා ,,

මුලින්ම  තුවාලය  වටා  සුද්ද  කරපු    කරපු   නර්ස්  නෝනා    හරි  සර්  දැන්  විදින්න   පුළුවන්   කියලා කිව්වා ..
එතනින්  පස්සේ   තමයි  මට   දවල්  තරු  පෙනෙන්න  ගත්තේ ...
මුලින්ම  බේත  විදිදේ  තුවාලය   වටේට ,, රවුමට  අටපොලකටම   ,,, තුවාලයක්  වෙලා  තියෙන   තැනක  තවත්  කටු  අනින කොට , තියෙන  අමාරුව නම්  කියල වැඩක නැහැ  ...මම   දොස්තර  මහත්තයට  බැන්නේ  නැති  ටික විතරයි ..බොහොම  අම්මරුවෙන්  ඉවසන්  හිටියේ ..ඊලගට   උරහිස්    දෙකට  ඉන්ජෙක්සන්  දෙකක්  විද්ද  ...

"කකුලේ  කලවා  දෙකටත්  දෙකක්  විදින්න   තියෙනවා  කරුණාකරලා   ඔය කලිසම    පල්ලහට  දාන්න "

මේක  ඇහුණාම  මම   තවත්  අසරණ වුනා ....ඇයි  වාට්ටුවෙන්  එකයි  සෙනග  .. මුනට  හීන්  දාඩියත්  දාල ..මමත්  කරගන්න  දෙයක්  හිතාගන්න  බැරිව  හිටියේ ...

"අපි  ඕව ඕන තරම්   දැකල   තියෙනවා මෙන්න මේක   ඇදගෙන  කලිසම   පල්ලහට  දාන්න  අපිට  තවත්  වැඩ   තියෙනවා  "  
  ආයෙත්   එතනට  ආපු  වයසක  නර්ස්  නෝනගේ    හඩට  මට   කීකරු  වෙන්න     සිද්දවුනා .... තට්ටමට  කිව්වට  බල  නහරයකට  මන්ද  හොද  ලොකු   කටුවක්  ඇති   ඉන්ජෙක්සන්  දෙකක්  කකුල්  දෙකටම ...ඊට පස්සේ  බේත්   ඇලජික්  වෙයිද   බලන්න   තව   පැය හාගයක්‌   විතර  එළියේ   බැංකුවකින්  ඉන්නලු ...මුළු  ඇගම  රිදෙනවා  ,,,බේත් විදලම  ..,,මගේ   යාළුවා  මම  වින්ද   දුක   දැකලමද   කොහෙද  කැන්ටින්  ඒකෙන  මට  බොන්න   කිරි  එකකුයි  , ක්‍රීම්  බනිස්   ජෝඩුවකුයි ගෙනත්  දුන්න ...ඒකත්   බැංකුවේ  ඉන්න  ගමන්  වගකියල  දැම්මා..

 ඊට   පැය  හාගයකයට පස්සේ  ගෙදර  එන්න  අවසරේ  ලැබුන ...එක්කන්  ගිය  යාලුවට  මෝට පුටාර්  පදින්න  දන්නෙත්  නැහැ.... මොනවා   කරන්නද   බොහොම  අමාරුවෙන්  යාලුවත් ගෙදරට   බස්සල   ගෙදර ආවේ ඒ  තරමට   ඇගට  ආමාරුයි .. ඔහොම ගෙදර   ආපු  මට  පසුවදා  වෙනකොට  පහුවදා   වෙනකොට   කකුල  වෙනකොට කකුල  බිම  තියල ඇවිදින්නවත්  බැරි  තරමට ආමාරු   වුනා ..ඒ   මදිවට ඇගටත්  උන   ,,,,,දවස්   හතක්  යනකන්  ඇදටම  වෙලා  ඉන්නවුනා...  අවුරුද්ද   මුලින්ම   ජොබ්   එකේ වැඩත්  ගොඩ  ගැහිලා  තිබුනේ ...මොනවා   කරන්නද    කරන්නද   අවුරුද්දදේ     මට   හම්බ වුනු    මුල්ම   තෑග්ග ලැබුනේ   ඔන්න   ඔය  විදිහටයි ,,,, හෙට තවත්  බේත් සෙට්  එකක්  විදින්න   තියෙනවා   ඒකයි  මේ   ටිකත්   මෙහෙම  ලියන්න  හිතුනේ..





Tuesday, February 5, 2013

Gif animation එක ලෝඩ් වෙන්න පරක්කුද ? -- GIF Optimizer පාවිච්චි කරලා බලන්න.

සාමාන්‍යයෙන්   gif  animation   ෆයිල්   එකක්   png , jpeg, bmp  වැනි   file  format   වලට   වඩා  විශාලයි ..   මේ වගේ     gif  animation   එකක්  වෙබ්  පිටුවකට   එකතු කරගත්තම   එය  ලෝඩ්   වීමට  වෙනදාට   වඩා   වැඩි   කාලයක්   යනබව  ඔයගොල්ලෝ   දැන්  අත්දැකීමෙන්   දන්නවා   ඇති .  මේ   gif  animation  එකක්  ලෝඩ්  වීමට  කාලය  ගන්නා  හේතුව   වන   එහි  ඇති   විශාලත්වය   අඩු  කරගැනීමට  උදව්වන   වින්ඩෝස්  වලදී  පාවිච්චි  කරන්න  පුළුවන්  සොෆ්ට්වෙයාර්  එකක්  තමයි  අද ඔයාලට   දෙන්න   යන්නේ.

Sunday, February 3, 2013

Wi-Fi නෙට්වර්ක් එකට හොරෙන් ඇතුළු වෙන අය අල්ලමුද?

සුබ   දවසක්  ...  ටික   දවසකින්  තමයි   බ්ලොග්   එක  පැත්තට   ගොඩවුනේ ..   Wi-Fi  රවුටරයක්   පාවිච්චි  කරලා   ඉන්ටෙර්නෙට්  ලොග්   වන    අයට   තියෙන   ප්‍රශ්නයක්    තමයි   මේ  Wi-Fi   නෙට්වර්ක්  එකට   අනවසරයෙන්  ඇතුළු  වන්නන් ...මෙයට  හොද   නෙට්වර්ක්  පාස්වර්ඩ්  එකක්  දැම්මත්  , සමහර   වෙලාවට  එයද   වැඩක්  නොවන   අවස්ථා   තියෙනවා....අද  හදුන්වල   දෙන්න  යන්නේ  Wi-Fi නෙට්වර්ක් එකට හොරෙන් ඇතුළු  වෙලා   ඉන්න  අය   හොයාගන්න   පුළුවන්   සොෆ්ට්වෙයාර්  එකක් .

Saturday, February 2, 2013

photo එකක් quality එක වෙනස් නොවෙනසේ enlarge කරන්න නියම බඩු..

   සුබ  දවසක්  හැමදෙනාටම     අද  බ්ලොග්   එක  පැත්තට  ආවේ   ඔයාලට  නිතරම   අවශ්‍ය   වෙන   ෆොටෝ   enlarge   කිරීමට    අපට  අන්තර්ජාලයෙන්   නොමිලයේම      හොයාගන්න    පුළුවන්  පොඩි  සොෆ්ට්වෙයාර් එකකකුත්   එක්ක..වෙනද   වගේම   මෙයා  වින්ඩෝස්  xp , 7   දෙකෙන්ම   වැඩ  කරවගන්න  පුළුවනි .... ෆොටෝ   enlarge කිරීමට  මේ   වගේ   නොයෙකුත්     සොෆ්ට්වෙයාර්   ඔබට   කොතෙකුත්  හමුවන්න  පුළුවනි ..නමුත්  මේ  smillaEnlarger     සොෆ්ට්වෙයාර්  එක  අනෙක් වට    වඩා
පහසුවෙන්   photo editing   පිලිබදව  අල්ප  දැනුමක්    ඇති   කෙනෙකුට    වුනත්  පාවිච්චි කිරීමට   පුළුවන්  බොහොම   සරල    සොෆ්ට්වෙයාර්  එකක් ..


ඉහත     රූපය    පරිදි    මුලින්ම  photo  එක   enlarge  කලයුතු  ෆොටෝ  එක   මෙහි  ඇති   source   කියන   තැනට  තොරාදෙන්න ..එවිට   රුපයේ   පරිදි  කර්සර්   එක    එහාමෙහා   කරමින්   කලුපාට  කොටුවකින්   දක්වා   ඇති  enlarge  එක    තෝරාගන්න . දැන්  අංක   2   පරිදි    enlarged   photo  එක  සේව්   කරගැනීමට   අවශ්‍ය   directory  එක   දෙන්න ..   දැන්   අවශ්‍ය    පරිදි  ෆොටෝ  quality   එක   ලබාගැනීමට
මෙහි ඇති   Sharpness, Flatness, PreSharpen  , Dithering  , DeNoise    යන  බටන්  පාවිච්චි   කිරීමෙන්   පුළුවනි..  මෙම  අගයන්  වෙනස්   කරමින්   අවශ්‍ය   ෆොටෝ   එකේ  quality   එක   preview   බටන්   එක   මගින්  එය  save   කිරීමට  කලින්   බලා   ගන්න   පුළුවනි ....  තමන්ට   අවශ්‍ය   පරිදි   ෆොටෝ   එක    preview  මගින්   බලා එය    directory  එකට   save   කරගැනීමට    එහි    ඇති   Calculate   මත   ක්ලික්  ක‍රන්න. 

ඩවුන්ලෝඩ් Smillaenlarger.......


මේකට  අමතරව මේ  විදිහට   යොදාගන්න  පුළුවන්  ඔයාල   දන්නා    සොෆ්ට්වෙයාර්  එහෙම   තියෙනවා   නම්  ඒවත්  පහලින්  එකතු  කරන්න  අමතක  කරන්න   එපා ,,,,
                                                      සුබ   දවසක්

   

Thursday, January 31, 2013

Cloud storage අතර ෆයිල් හුවමාරු කරගන්න ලේසිම ක්‍රමයක්

 අන්තර්ජාලය   තුල   භාවිතා වෙන  විවිධ වර්ගයේ  cloud storage  තියෙනවා ... Dropbox , box , mydrive , skydrive ,Amazon S3, and Sugarsync   මෙයට  උදාහරණ  වශයෙන්   ගන්න  පුළුවනි ,,, අද   අපි  කතා කරන්න යන්නේ මේවා  අතර   අපට   අවශ්‍ය  ෆයිල්   හුවමාරු   කරගන්නේ   කොහොමද    කියල ...

Saturday, January 26, 2013

වෙබ් බවුසරය මගින් පරිගනකයේ memory පාවිච්චිය වැඩිද ? මෙන්න විසදුමක්

මුල්   කාලයේ  වෙබ් බවුසර්  වල   වර්ෂන්   වලට   වඩා  දැන්  තියෙන   වෙබ් බවුසර්   වලින්   පරිගනයේ
රැම්  මෙමරි   එක  පාවිච්චි  කරනවා  වැඩියි .මෙයට  හේතුව     හැම  වෙබ්   බ්‍රවුසරයටම  අලුතෙන්   එකතු   වෙලා  තියෙන  උපාංග.. මේක   දැන්   තියෙන  බොහෝ වෙබ්  බ්‍රවුසර්  වලට    තියෙන  ප්‍රශ්නයක්   ..මෙම වෙබ්   බවුසරය   පරිගනකයේ memory පාවිච්චිය වැඩි කමින්   එය  අනවශ්‍ය  පරිදි   slow  වීම   , stuck  වීම   වැනි   දේවල් අපට   අත්විදින්න  පුළුවනි  ....මෙන්න මේ    memory පාවිච්චිය  අඩු   කරගන්න  විදිහක්   අද ඔයාලට   දෙන්න   හදන්නේ

Friday, January 25, 2013

Skype හරහා යාලුවොත් එක්ක ඔන්ලයින් සජීවීව පින්තූර අදින්න , ගනන් හදන්න ඇතුළු තව වැඩ ගොඩක් ...

Skype   වලින්   කෙරෙන්නේ  මොකක්ද  කියන   එක  අද   ඉන්ටර්නෙට්  පාවිච්චි  කරන   අය   හැමදෙනාම   වගේ   දන්නවා  හා   දැනටමත්  බොහෝ  දෙනෙක්   skype  යොදාගෙන   ඉන්ටර්නෙට්   වල   voice chat   ,  text  chat   එහෙම    යාළුවො    අතර   කරලා   ඇති නමුත්     අද   ඔයාලට    කියල    දෙන්නේ   
skype  හරහා   යාලුවොත්    එක්ක  ඔන්ලයින්  පින්තූර අදින්න ,, එහෙමත්   නැත්නම්  තමන්ගේ   අදහසක්   පින්තුරයකට   නගල  ඒක   අනික  අයටත්  එඩිට්  කිරීමේ  පහසුව   ඇතිව   ඔන්ලයින්   share   කරගන්න ..

Wednesday, January 23, 2013

වීඩියෝ ෆයිල් එකක් MP3 එකකට හරවා ගන්න මෙන්න බඩු .(Video MP3 Extractor)

සුබ   දවසක්  අද   බ්ලොග්   එකට   ආවේ  ඔයාලට   තවත්   වැදගත්   වන  පොඩි  සොෆ්ට්වෙයාර්  එකකුත්  එක්ක ..ඔන්න   අදනම්   වින්ඩෝස්  XP   පාවිච්චි  කරන    අයටත්  මේකෙන්   වැඩක්  ගන්න   පුළුවනි ...මොකද  මම ගොඩක්   ඔයාලට   ගෙනාවේ වින්ඩෝස්   7   වල   වැඩකරන   සොෆ්ට්වෙයාර්  නිසා .  මේ   වගේ   වීඩියෝ     MP3   වලට    හරවගන්න   විවිධ  ඔන්ලයින්  ටූල්    එහෙමත්      තියෙනවා ..
http://www.sanjaya-ranasinghe.com/2012/10/youtube-video-mp3.html  ඒවා   කාට  හරි   අවශ්‍ය   නම්   ඉහත ලින්ක්  එකෙන්  බලාගන්න   පුළුවනි ...

Monday, January 21, 2013

ජීමේල් එකක් ඕපන් නොකර ඇතුල බලාගන්න හැටි දන්නවද ? ...

සුබ දවසක්  ...  ටික දවසකින්  බ්ලොග්   එකට    ගොඩවෙන්න   ලැබුනේ ..... අද   පොස්ට්   එකේ  මාතෘකාව  දැක්කහම නම්   ඔයගොල්ලන්ට   හිතෙන්න  පුළුවනි ... මෙයාට   පිස්සුද ... මොනවද   මේ   කියන්නේ... මෙහෙම  කරන්නේ   කොහොමද     කියලා  ...නමුත්    මේ  පොස්ට්   එක  කියවල  බලපුහම   තේරුම් ගන්න    පුළුවන්   අනේ   මෙහෙමත්  කරන්න  පුළුවන්නේ   කියලා ...

Cloud storage කීපයකටම එක තැනකින් ලොග් වෙමු ...

අන්තර්ජාලයේ  අප  නොයෙකුත්  Cloud  storage  ක්‍රම    හාවිතා  කරනවා.... මේ   වගේ   අපි  අපි  ප්‍රධාන   වශයෙන්  පාවිච්චි  කරන   ඒවාට   එකතැනකින්ම    ඇතුළු   වන්න    පුළුවනි  නම්  ,, කෙතරම් එය  අපට  පහසුවක්ද?  එතින්  පසුකමක්  නොමිලයේ   ලබාදෙන   වෙබ්    අඩවියක්     තමයි   මේ   cloudkafe  ..  මේ   වෙබ්   අඩවිය  දැනට    documents , pictures , videos , notes, contact, යන   මාතෘකා   යටතේ   අපට   Cloud  storage  පසුකම   සපයනවා ...

Thursday, January 17, 2013

ඔන්ලයින් ෆොටෝ එඩිට් කරන්න නියම බඩු - Online image editor

සුබ   දවසක් ......ටික  දවසකින්   තමයි  බ්ලොග් අලුත්   දෙයක්   එකතු    කරන්නේ....ඔන්ලයින්   ෆොටෝ   එඩිට්   කරන්න යන   අයට   වැදගත්   හා   පසුවෙන්   කරගන්න   පුළුවන්  අන්තර්ජාලයේ   නොමිලයේ   අපට  හොයාගන්න  පුළුවන්    ටුල්   එකක්   තමයි   අද   ඔයාලට    දෙන්න    හදන්නේ.. මෙතන   අනෙක්   ඔන්ලයින්   එඩිටිං  ටුල්    වලට  වඩා  වැඩි    යමක්  අපට    ලබාගන්න   පුළුවනි ...ඒ   අතර   ඔන්ලයින්   gif animation  එකක්  සදා   ගැනීම    සහ   එය   ඔන්ලයින්   එඩිට්    කිරීමේ     පහසුකමත්    අපට   ලබාදෙනවා..

Tuesday, January 15, 2013

ඩවුන්ලෝඩ් කල වීඩියෝ එකේ sound volume එක අඩුද? ...මෙන්න එක් විසදුමක් ..

 youtube    වැනි free  video  sharing   වෙබ්  අඩවියකින්  ඔයාල   ඩවුන්ලෝඩ්    කරගන්න  වීඩියෝ   වල     මේ  sound   volume   එක   අඩු   video  ඔයාලට   හමු වෙලා   ඇති ..ඒ  වෙලාවට   අපි   අපේ  කොම්පියුටර් එකේ   sound   volume එක   වැඩි   කරල  නැවත   video   එක  play   කරනවා ...සමහර  video   එහෙම   කලත්   අපට   පැහැදිලිව   අහන්න   බැහැ....මෙන්න   මේවගේ    වෙලාවල්   වලදී   video   එක්ක   sound  volume එක   අඩු   වැඩි   කරගන්න  උදව්වෙන   සොෆ්ට්වෙයාර්  එකක්   තමයි   අද    ඔයාලට   හදුන්වා  දෙන්න   හදන්නේ...

Monday, January 14, 2013

විශාල ෆයිල් ඊමේල් කරන්න මෙන්න තවත් හොද වෙබ් අඩවියක් ...


ඊමේල්  වලදී  විශාල   ෆයිල්  අමුණන්න  ... ගියහම  විදින   කරදර   බොහෝදෙනා   අත්විදලා   ඇති  ...සාමාන්‍යයෙන්  ජීමේල් වලදී 25 mb  විතර වගේ   තමයි   එක   ෆයිල්   එකකකට   අමුණන්න  පුළුවන් 
ඉතින්  මේවගේ   වෙලාවක්  අපට  2 GB  දක්වා  විශාල   ෆයිල්  එකක්  යවන  ඊමේල්   එකට   එකතු   කරගන්න  පුළුවනි මෙම  dropsend  පාවිච්චි   කරලා.....

Saturday, January 12, 2013

වෙබ් පිටුවක තියෙන ෆොටෝ ටික ගෙඩිය පිටින් ඩවුන්ලෝඩ් කරන්න කැමතිද?

සුබ   දවසක්  ටික   දවසකින්     තමයි   බ්ලොග්   එක   ලියන්න   වෙලාවක්   ආවේ ....  වෙබ්   අඩවියක  තියෙන  ෆොටෝ එකක්  ඩවුන්ලෝඩ් කරගන්න  අවශ්‍ය   වුන   වෙලාවට  අප අපි   කරන්නේ  ෆොටෝ  එක   මතට   කර්සරය  තබා  රයිට් ක්ලික්  කර  image  save as    තෝරාගන්න   එක   නමුත්  වෙබ්  අඩවියේ ෆොටෝ  ගොඩක්   අපට   ඩවුන්ලෝඩ්  කරගන්න අවශ්‍ය  වුනොත්  මේ  විදිහට  එකින් එක   කරන්න   ගියොත්  කරදරයි ..ඒ වගේ  වෙලාවක  අපට  වැදගත්  වන   දෙයක්   තමයි  අද   දෙන්න    හදන්නේ'

 
ඉහත  රූප සටහන  දකපුහම   පැහැදිලි   ඇති  මේ   ක්‍රෝම්  එකස්ටෙන්ෂන්   එකෙන්  අපට   පහසුවෙන්ම   වෙබ්   පිටුවක තියෙන  ෆොටෝ  තමන්ට   අවශ්‍ය   පරිදි   ඩවුන්ලෝඩ්    කරගන්න    පුළුවනි ...මෙහිදී    තමන්ට   අවශ්‍ය  ෆොටෝ    ටික    තෝරාගෙන    එහි  ඇති   ඩවුන්ලෝඩ්  මත   ක්ලික්    කරන්න   පමණයි   තියෙන්නේ ,,,,,

Thursday, January 10, 2013

වෙබ් අඩවියක තියෙන ෆොටෝ එකක් එක ක්ලික් එකෙන් FACEBOOK වෝල් එකට SHARE කරන්න ඕනද?

අන්තර්ජාලයේ  සැරිසරන  අපට  නොයෙකුත්  වර්ගවල   වටිනා  කමකින්    හා  ලස්සන ඇති  පින්තුර   නිතරම   දක්නට   ලැබෙනවා ...පේස්බුක්  වලදී  නම්  ෆොටෝ   ටැග්  කීරීම මගින්  අනිත්  මේවා   දැක   බලා ගැනීමට   share  කරන්න    පුළුවනි .....ඉතින්   මේ   විදිහට   වෙනත්  වෙබ්  අඩවියක   ඇති  ෆොටෝ  එකක්
ලෙහෙසියෙන්ම  ඔයාලගේ  .පේස්බුක්  වෝල්   එකට   හරි  පේස්බුක්   ෆෑන්  පේජ්   එකක්  තියෙනවා    නම් එයට  හරි    share  කරගන්න  පුළුවන්  ගූගල්  ක්‍රෝම්  එක්ස්ටෙන්ෂන්   එකක්  තමයි  අද    ඔයාලට   දෙන්න හදන්නේ ...

Tuesday, January 8, 2013

අන්තර්ජාලයෙන් විශාල ෆයිල් යවන්න කරදර වෙන්න එපා ...... මෙන්න තවත් ක්‍රමයක්

සුබදවසක් හැමදෙනාටම..... මම මිට කලිනුත්  අන්තර්ජාලය  යොදාගෙන  , තරමින් විශාල ෆයිල්  එකක්       තමාට   අවශ්‍ය  කෙනෙකුට  යවන   ක්‍රමයක්   ගැන ...ලිපියක්   ලියුවා  මතකයි   නේද?  මතක  නැති අයට  ඉතින්  මෙන්න මෙතනින් ගිහිල්ල බලන්න පුළුවන්  මේ   සදහා  ඔයගොලොත්   විවිධ ක්‍රම පාවිචිචි  කරනවා   ඇති.....මේ   සදහා   අද අපි යොදාගන්න   යන්නේ  wetransfer  වෙබ්   අඩවිය ...

Sunday, January 6, 2013

වින්ඩෝස් වල සිස්ටම් එක restore කරගන්න අලුත් විදිහක් ...



සමහර  වෙලාවට   අප පරිගණකයට   එකතු කරන  යම් යම් සොෆ්ට්වෙයාර්  මගින්  එහි  සිස්ටම්   එකට   යම් බලපෑමක් ඇති   කරන්න පුළුවනි.. එහි  ප්‍රතිපලයක්  වශයෙන්  පරිගණකයේ  ක්‍රියාකාරී වේගය  අඩුවීම (slow)  ,   විවිධ  දෝෂ  පණිවිඩ  ලබාදීම  ,  අවසන්  ප්‍රතිපලයක්   විදිහට  පරිගණකය  stuck වීම   වැනි   දේවල්   වලට  අපට   මුහුණ   පාන්න   වෙනවා....ඒ     වගේ  වෙලාවල්   වලට   තමයි මේ  windows  වල   තියෙන   system restore   එක   පාවිච්චි   කරලා  පරිගණකය  සුපුරුදු  තත්වයට   ගන්න   පුළුවනි ....

Friday, January 4, 2013

බ්ලොගර් බ්ලොග් එකේ Author comments ටික හයිලයිට් කරන්න කැමතිද ...මෙන්න ලෙහෙසි ක්‍රමයක්‌ ..


බ්ලොගර්  බ්ලොග්   ලියන  සහෝදර   සහෝදරියන්ට   වැදගත් වන   දෙයක්  තමා අද  ඔයගොල්ලන්ට  දෙන්න   හදන්නේ..මීට   කලින්  පොස්ට් එකකදී බ්ලොගර්  කොමෙන්ට්  වල ෆොන්ට්  සයිස්  , ෆොන්ට්  කලර්  එහෙම  වෙනස්  කරගන්න  විදිහ   ඉදිරිපත්  කලා මතක   ඇති ..ඒක  නොබලපු  අය   ඉන්නවනම්
මෙන්න මෙතනින් ගිහිල්ලා බලන්න පුළුවනි ...  උඩ   තියෙන  රූපය  බලපුවහම
 අද  මොකක්ද  අපි   කරන්න  යන්නේ   කියන  එක   පැහැදිලි වෙනවා ..

Wednesday, January 2, 2013

ඔන්ලයින් කාටූන් අදින්න .. දැන් .හරිම ලෙසයි ....

සුබ   දවසක් ...  ටික  දවසකට  පස්සේ   තමයි ... බ්ලොග්  එකට   එන්න   ලැබුනේ ... ඉතින්   අද   ඔයගොල්ලන්ට  අරගෙන  ඇවිල්ල   තියෙන්න අපිට  ඔන්ලයින්  ඉදගෙනම  කාටුන්  රූප අපිටම  පහසුවෙන්  හදාගන්න   පුළුවන්  තැනකට   ඔයාලව  අරගෙන  යන්න.  මේකේ   තියෙන  ප්‍රදානම ලක්ෂණය   වන්නේ   අපට අවශ්‍ය  පරිදි  හැඩ වැඩ එකතු  කරමින් කාටුන්  රූප  හදාගන්න   පුළුවන්   වීමයි ....