එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, October 25, 2011

SEO වලට ගැලපෙන්න බ්ලොගර් පෝස්ට් title එක page title එකට ඉදිරියෙන් දමමු .


සාමන්‍යයෙන් බ්ලොගර් බ්ලොග්   එකක්  search  Engine වලින් search  කිරීමේදී  එහි page title  එක මුලිනුත් ඊට   පසුව පෝස්ට්   title එකත්  පෙන්නනවා ..නමුත්  මෙයට   search  Engine ( සෙවුම්  යන්ත්‍ර )   වැඩි  කැමැත්තක්  දක්වන්නේ නැහැ ...  ඒ   නිසා  අපට  අපගේ බ්ලොග්  එක SEO  වලට   ගැලපෙන  පරිදී   වෙනස් කරගන්න තමයි  අද අපි කරන්න  යන්නේ.

Monday, October 24, 2011

ScribeFire වලින් බ්ලොග් ලියමු ...

සුබ දවසක්  බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ට  වැදගත් වන දෙයක්  අරගෙන  තමයි    අදත් බ්ලොග්   එක පැත්තට   ගොඩවුනේ ..ScribeFire   ඔන්ලයින්  බ්ලොග්  ලියන්න පුළුවන්  tool   එකක් ..   මෙයා මුලින්ම ආවේ   Firefox  වෙබ් බ්‍රවුසර්  එකට Add on   එකක්   විදිහට   නමුත්  පසුව  ගූගල් ක්‍රෝම් , සෆාරි  , ඔපෙරා   වැනි වෙබ්  බ්‍රවුසර්  වලට  Extension  විදිහට  නිර්මාණය වුනා ... .. ඒවගේම  මේ  ScribeFire  බ්ලොගින් ටුල්  එක  වර්ඩ්ප්‍රෙස් ,Windows Live Spaces ,Tumblr, Movable Type, Drupal and Blogger  වැනි  ප්‍රධාන  බ්ලොග්  ලියන මාධ්‍ය  වලට වලට  සහයක් දක්වනවා ....  විවිධ  බ්ලොග්  මාධ්‍ය  වලින්  බ්ලොග්  ලියන  අයට   තමන්ගේ  සියලු   බ්ලොග්   එක්  තැනක  සිට   ලිවීමට  මෙම   ScribeFire  යොදාගන්න  පුළුවන් .

මුලින්ම  www.scribefire.com   වලට   ලොග්  වෙලා  ,  ScribeFire  Extension  එක වෙබ්  බ්‍රවුසරයට  ඉන්ස්ටෝල් කරගන්න  ( ගූගල් ක්‍රෝම් , සෆාරි  , ඔපෙරා  සදහා )  එවිට   වෙබ් බ්‍රවුසරයේ   Extension දිස්වන කොටසට   මෙන්න මෙහෙම  සලකුණක්  එකතු වේවි.

                                                         

ඊට පසුව  ඉහත රූපය පරිදි   ScribeFire  Extension  එක මත ක්ලික් කරන්න.  එවිට  ScribeFire  බ්ලොග් editor   වෙතට   ගමන් කරයි . එහි ඇති  Add a New Blog   මත ක්ලික් කර  ඔබගේ බ්ලොග් එකෙහි දත්ත  ඇතුලත්  කරන්න.  ඊට පස්සේ  බ්ලොගර් වලදී මෙන්  බ්ලොග්   පොස්ට්  එකක්  නිර්මාණය කරගන්න  පුළුවනි .. 

 

Friday, October 21, 2011

බ්ලොග් වැඩ- post header එකට වෙනස්කම් එක් කරමු.

සුබදවසක් ඔන්න අදත් ඔයාලත් එක්ක එකතු වෙන්නේ බ්ලොගර් බ්ලොග් එකේ header එකට පොඩි වෙනස් කමක් එකතු කරන්න පුළුවන් පොඩි කෝඩ් කෑලි ටිකකුත් එක්ක. මුලින්ම අපි බලමු බ්ලොග් පෝස්ට් එකක ප්‍රදාන සැකිල්ල කොහොමද තියෙන්නේ කියල . මුලින්ම පෝස්ට් එකේ header එක  , දෙවනුව පොස්ට් එකේ අන්තර්ගතය ( content) , තෙවනුව පෝස්ට් footer එක , පහල රුපසටහන මගින් පැහැදිලි වෙයි.

Wednesday, October 19, 2011

බ්ලොග් comment වලට reply button එකක් එකතු කරමු

සුබ දවසක් ..... බ්ලොග් පොස්ට් එකකට ලැබෙන කොමෙන්ට්ස් වලට , නැවත ප්‍රතිචාර දැක්වීමේදී අපට පහසුවන Reply button එකක් බ්ලොගර් බ්ලොග් එකට එකතු කරගන්න තමයි අද අපි යන්නෙ.. මුලින්ම මෙතනදී බ්ලොග් ටෙම්ප්ලේට් එකට වෙනස්කම් කරන නිසා මුලින්ම ටෙම්ප්ලේට් එක බැකප් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න . ඒ සදහා ඒ සදහා පිළිවෙලට , Blogger Dashboard>>>Design>>>Edit Html>>>Download Full Template මතට යන්න.
ඊට පසු Ctrl+F මගින් පහත ඇති කෝඩ් එක හොයාගන්න .




එයට පහතින් පහත ඇති කෝඩ් එකේ, Your blog ID කියන තැනට ඔයාලගේ බ්ලොග් එකේ ID එක එකතු කර අවසානයේ ටෙම්ප්ලේට් එක SAVE කරන්න...

<span><a expr:href='&quot;https://www.blogger.com/comment.g?blogID= Your blog ID&amp;postID=&quot; + data:post.id + &quot;&amp;isPopup=true&amp;postBody=%40%3C%61%20%68%72%65%66%3D%22%23&quot; + data:comment.anchorName + &quot;%22%3E&quot; + data:comment.author + &quot;%3C%2F%61%3E#form&quot;' onclick='javascript:window.open(this.href, &quot;bloggerPopup&quot;, &quot;toolbar=0,location=0,statusbar=1,menubar=0,scrollbars=yes,width=450,height=450&quot;); return false;'><button type='button'>Reply</button></a></span>


::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මෙතන button එකේ ඇති Reply වලට තමන් කැමති වචනයක් දෙන්න පුළුවන් ..

Sunday, October 16, 2011

බ්ලොග් Post Title එක SEO වලට ගැලපෙන විදිහට වෙනස් කරමු.

සුබ දවසක් ,, වෙබ් අඩවියක පැවත්මට සහ එහි වර්ධනයට එයට ඇතුළු වන අමුත්තන්(visitor) බලපානවා . ඉතින් මේ අමුත්තන් විවිධ මාර්ග වලින් අපගේ බ්ලොග් තුලට පැමිණෙනවා .. මෙහිදී සෙවුම් යන්ත්‍ර (Search Engine ) මගින් අපගේ බ්ලොග් වලට අමුත්තන් ගෙන්වීමේදී විශාල කාර්යක් කරනවා. ඒ සදහා මුලින්ම සෙවුම් යන්ත්‍ර වලට අසුවන පරිදි අපගේ බ්ලොග් එක සකස් කලයුතු වෙනවා ..වෙබ් අඩවියක් SEO ( Search Engine Optimization ) කරනවා කියන්නේ එකට තමයි . එයින් අද කතා කරන්නේ බ්ලොග් පොස්ට් එකේ title එක SEO වලට ගැලපෙන විදිහට හදාගන්නේ කොහොමද කියලා .

Saturday, October 15, 2011

බ්ලොග් වැඩ- සරල බ්ලොග් පෝස්ට් ලිස්ට් එකක්(TOC) . එකක් හදමු ...

සුබ දවසක් ,, අද කරන්න යන්නේ , ඔයාලගේ බ්ලොගර් බ්ලොග් එකට කලින් ලියපු පෝස්ට් වල ලිස්ට් එකක් හෙවත් table of content එකතු කරන්නේ කොහොමද කියල ..... මේ සදහා බ්ලොගර් ටෙම්ප්ලේට් එක වෙනස් කිරීමට සිදුවන නිසා .. මුලින්ම සියල්ල කිරීමට කලින් , ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගන්න බැකප් එකක් විදිහට ..ඒ සදහා පිළිවෙලට , Blogger Dashboard>>>Design>>>Edit Html>>>Download Full Template මතට යන්න.... ඊලගට එහි ඇති Expand Widget Template මත ටික් කර ctrl + F මගින් පහත ඇති කෝඩ් එක හොයාගන්න.

Wednesday, October 12, 2011

බ්ලොග් එක අප්ඩේට් කරන්න ලෙහෙසි වන්න... .. Admin control Panel එකක් හදමු ....

සාමාන්‍යයෙන්  බ්ලොගර්  බ්ලොග්  එකක  නැවිගේෂන් බාර්  ( nav bar)  එකෙන්   තමයි .... බ්ලොග්  එකක්   එඩිට්   කරගන්න පහසුකම්   ලෙහෙසියෙන්ම   දෙන්නේ ,,,  නමුත්   බොහෝවිට  අපේ   බ්ලොග්   වල  මෙම   nav  bar  එක   හංගලා  තියෙන්නේ .. මේ   නිසා   බ්ලොගර්  ටෙම්ප්ලේට්  එක  එහෙම   වෙනස්   කරන්න   යනකොට    පොඩි   වටයක්  යන්න වෙනවා..  ඉතින්  බ්ලොග්  එක  ඉක්මනින්  එඩිට්  කරගන්න    යොදා ගන්න   පුළුවන් ,   control  panel  එකක්   හදාගන්නයි  .. අද  අපි   හදන්නේ .. මේ  සදහා  ගොඩක් දෙනා  නොයෙක්  විදි භාවිතා කරනවා  වෙන්න පුළුවන් .. මේ   සදහා   මුලින්ම  අපට   අපගේ   බ්ලොග්   එකේ  blogID   එක   හොයාගන්න   වෙනවා ...

Tuesday, October 11, 2011

පේස්බුක් කොමෙන්ට් ගණන බ්ලොග් පොස්ට් එකේ Title එකට එකතු කරගන්න හැටි - Facebook comment box

සුබ   දවසක්  ...ඔන්න  ආයෙත් බ්ලොග්  එක   පැත්තට   එන්න ලැබුන ..මගේ   මිට  කලින්   පේස්බුක්  කොමෙන්ට්  box  එක ගැන  ලියපු ,  පෝස්ට් එක බලන්න  ඇතිනේ .... නොබලපු   කෙනෙක් ඉන්නවනම්   මෙන්න   මෙන්න මෙතනින් බලන්න.  පුළුවන් ...  ඉතින්   අද   කරන්න   හදන්නේ  ,, පෝස්ට්  එකකට  පේස්බුක්  කොමෙන්ට්   box එක  හරහා  ලැබෙන  කොමෙන්ට්  ගන්න  ,  පෝස්ට් එකේ  title  එකේ    පෙනෙන   පරිදි   බ්ලොගර්  ටෙම්ප්ලේට්   එක  වෙනස්   කරගන්නයි ..මුලින්ම  ,,  බ්ලොගර්   ටෙම්ප්ලේට්  එකේ  වෙනසක්   කරන  නිසා  ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ්   කරලා  බැකප්  එකක්   හදාගන්න.

Friday, October 7, 2011

බ්ලොග් එකට පේස්බුක් comment box එක එකතු කරන්නේ මෙහෙමයි


පේස්බුක් භාවිත කරන හා බ්ලොගර් වලින් බ්ලොග් ලියන අපේ සහෝදර සහෝදරියන්ට පොඩි වැදගත් කමක් ඇති දෙයක් ගැන තමයි .. .. අද අපේ මාතෘකාව.... බ්ලොග් එකට පිවිසෙන පාඨකයෙකුට මෙම පේස්බුක් comment box එක හරහා ලේසියෙන්ම , තමන්ගේ පේස්බුක් ගිණුම යොදාගෙන ප්‍රතිචාර දැක්වීමට පුළුවන් .. මෙහි ඇති තවත් වැදගත් දෙයක් වන්නේ .. බ්ලොගර් වලදී වගේම , කොමෙන්ට් moderation කිරීමේ හැකියාවයි .. ඉතින් අපි දැන් බලමු .. කොහොමද මේක බ්ලොග් එකට එකතු කරන්නේ කොහොමද කියල ....

Wednesday, October 5, 2011

Gmail වල ඉදන් Twitter වලට‍ tweet එකතු කරන්නේ මෙහෙමයි

සුබ දවසක් .. මුලින්ම කියන්න ඕන අද කරන්න යන දෙයට ජි මේල් ගිණුමකුත් , Twitter වල ගිණුමකුත් තියෙන්න ඕන .. අද අපි හදන්නේ gmail එකේ මේල් චෙක් කරන ගමන් Twitterට tweet එකතු කරන්නයි . මෙතනදී Twitter වල timeline සිදුවන වෙනස්වීම් අපට gmail වල ඉදන්ම බලන්න පුළුවන් ... හරි බලමු අපි මේක කොහොමද කරන්නේ කියලා .,,,, මුලින්ම ඔයාලගේ ජී මේල් වලට යුසර්නෙම් , පාස්වර්ඩ් දීල ලොග් වෙන්න. ඊට පස්සේ මෙන්න මෙතනට යන්න .





මෙහිදී ඔයාලගේ gmail ගිණුමේ දකුණු පැත්තේ ඇති දැති රෝදය මත ක්ලික් කර එන drop down මෙනුවෙන් රූපය පරිදි Labs මත ක්ලික් කරන්න. ඊට පසු මෙන්න මේ වගේ තැනකට යනවා ..






මෙහිදී Labs වල ඇති Add any gadget by URL එක Enable යන්න සිලෙක්
කරන්න . අවසානයේ පිටුවේ පහළින්ම ඇති save button එක මත ක්ලික්
කරන්න .
ඊලගට gmail වල setting වල ඇති Gadgets මත ක්ලික් කර Add a gadget by its URL: වලට
http://www.twittergadget.com/gadget_gmail.xml යයි ටයිප් කර අවසානයේ Add මත ක්ලික් කරන්න ,






ඊට පසු TwitterGadget එක ඔ‍බගේ gmail ගිණුමේ වම් පසට එකතු වී හමාරයි , දැන් Sign in with Twitter මත ක්ලික් කරන්න ..











ඊට පසුව ගැජට් එක , twitter account එකත් එක්ක Authorize කරන්න අහනවා .. එහිදී Authorize app මත ක්ලික් කරන්න ..











දැන් අපේ පියවර ටික අවසානයි .. දැන් ඔයාලට gmail වල ඉදන් Twitter හා සම්බන්දවන්නට පුළුවන් ... සුබ දවසක් ..............................



















Tuesday, October 4, 2011

බ්ලොග් එකට meta tags එකතු කරන්නේ මෙහෙමයි (SEO) .

සුබ දවසක්  ... අද අපි කරන්න   යන්නේ  අපගේ  බ්ලොග්  අඩවිය  සෙවුම් යන්ත්‍ර   හෙවත්   search Engine  වල  සෙවුම්  වලට  අසුවන  පරිදි සකස් කිරීම.  ඔය SEO ( Search Engine Optimization )  කියන්නෙත්  ඔය  දෙයටම   තමයි .. බ්ලොග්   එකක් SEO කිරීමට  ගොඩක්  දේවල් තියෙනවා කරන්න , නමුත් අද අපි  ඔයගොලන්ට  කියල දෙන්න   යන්නේ  meta tags  එකතු කිරීමෙන්  SEO  කරගන්නේ කොහොමද   කියල ..මේ මගින්  බ්ලොග්   අඩවිය ට  අමුත්තන්ගේ   වැඩිකරගන්න පුළුවන් ... .. හරි  අපි බලමු බ්ලොගර්  බ්ලොග්   එකට meta tag  එකතු 

Saturday, October 1, 2011

බ්ලොග් එකට Alexa ට්‍රැෆික් Rank ලබාගන්නේ මෙහෙමයි

     සුබ දවසක් ...ඔන්න අදත් ඔයාලට   වැදගත්  වෙන දෙයක්  අරගෙන තමයි බ්ලොග් එක පැත්තට අවේ .  මොකක්ද මේ  Alexa  traffic Rank  එක කියන්නේ ?
සරලව කිව්වොත්  Alexa  ආයතනය මගින්  ඔවුන්ගේ Alexa  ටූල් බාර්  එක  ඇති  වෙබ් සයිට් අතරින්  ඔබගේ වෙබ්  සයිට් එකට ඇති  traffic  එක ගණනය කර  , එම   අය  අතරින් ඔබගේ වෙබ් අඩවියේ  ස්ථානය  ඉලක්කම් වලින් ලබා දීමයි . මුලින්ම මෙම   රෑන්ක් එක අගයෙන් වැඩි අගයක් තමයි  දෙන්නේ ... එහි තේරුම  වෙබ් අඩවියට ඇති traffic  ප්‍රමාණය අඩු  බවයි  ,, නමුත් මෙය ..ඔබගේ   බ්ලොග්  එකේ  ට්‍රැෆික්  එක වැඩිවෙන  විට  කෙමෙන්  පහල යනවා...