එකතු වුන කට්ටිය ........

යාළුවා

Showing posts with label තාක්ෂණික. Show all posts
Showing posts with label තාක්ෂණික. Show all posts

Sunday, August 17, 2014

Gmail වල අමුනපු ෆයිල් එක ලොකු වැඩිද ? මෙන්න විසදුමක් ...


සුබ දවසක් ...ජීමේල්  වල අපට  අමුණලා   යවන්න   පුළුවන්  ෆයිල්   එකේ   විශාලත්වය  25mb .මේක  ජීමේල්  පාවිච්චි කරන  හැමදෙනාම   දන්නවා.. ..  ඉතින්  25mb  වඩා විශාල  ෆයිල්  එකක්  යවන්න  බැරිද ?    උත්තරය    පුළුවන්  ...  මෙන්න  මේ   විදිහට කරගත්තහම   100 mb  දක්වා  ෆයිල්  එකක්   යවාගන්න   පුළුවන් ....

Saturday, July 19, 2014

windows live writer වලින් බ්ලොග් පෝස්ට් එකක් ලියමු.

            ඉතින්  පසුගිය  පෝස්ට්  එකෙන්  වින්ඩෝස්  live writer  ගැන  විස්තරයක් කලා ඔබට මතක ඇති ,,,, අද මම කියන්ඩ යන්නෙ  ඒක යොදාගෙන  බ්ලොගර්  වලින් හදපු වෙබ් අඩවියකට   පෝස්ට් එකක් ලියන්නේ කොහොමද කියලා…….
මුලින්ම අපගේ වෙබ් අඩවිය වින්ඩෝස්  live writer  තුලට ඇතුළු කරන්න වෙනවා .  ඒ සදහා නෙට් සම්බන්දතාවය  තියෙන්නත් ඕන.කවුරු  හරි කියන්න පුළුවන්  මේක  OFFLINE  වෙබ්  පෝස්ට් ලියන  එකක් නේද කියලා .  ඔව් ඒක ඇත්ත . නමුත් වෙබ් අඩවිය LIVE WRITER  තුලට ඇතුලත් කරන්න නම්   ඉන්ටර්නෙට් තිබිය යුතුමයි.
   අපි  දැන් කොහොමද මේක කර ගන්නේ කියලා( පළමු වතාවේ පමණයි අවශ්‍ය වෙන්නේ)
              මුලින්ම වින්ඩෝස්  live writer  ඕපන් කරගන්න  (දැන් අපි යන්නෙ අපගේ වෙබ් අඩවිය වින්ඩෝස්  live writer  තුලට ඇතුළු කරන්නයි.    එවිට මෙන්න  මෙහෙම රුපසටහනක්  එනවාParty smile
  ScreenHunter_02 Jun. 28 19.23

Thursday, January 31, 2013

Cloud storage අතර ෆයිල් හුවමාරු කරගන්න ලේසිම ක්‍රමයක්

 අන්තර්ජාලය   තුල   භාවිතා වෙන  විවිධ වර්ගයේ  cloud storage  තියෙනවා ... Dropbox , box , mydrive , skydrive ,Amazon S3, and Sugarsync   මෙයට  උදාහරණ  වශයෙන්   ගන්න  පුළුවනි ,,, අද   අපි  කතා කරන්න යන්නේ මේවා  අතර   අපට   අවශ්‍ය  ෆයිල්   හුවමාරු   කරගන්නේ   කොහොමද    කියල ...

Tuesday, January 8, 2013

අන්තර්ජාලයෙන් විශාල ෆයිල් යවන්න කරදර වෙන්න එපා ...... මෙන්න තවත් ක්‍රමයක්

සුබදවසක් හැමදෙනාටම..... මම මිට කලිනුත්  අන්තර්ජාලය  යොදාගෙන  , තරමින් විශාල ෆයිල්  එකක්       තමාට   අවශ්‍ය  කෙනෙකුට  යවන   ක්‍රමයක්   ගැන ...ලිපියක්   ලියුවා  මතකයි   නේද?  මතක  නැති අයට  ඉතින්  මෙන්න මෙතනින් ගිහිල්ල බලන්න පුළුවන්  මේ   සදහා  ඔයගොලොත්   විවිධ ක්‍රම පාවිචිචි  කරනවා   ඇති.....මේ   සදහා   අද අපි යොදාගන්න   යන්නේ  wetransfer  වෙබ්   අඩවිය ...

Friday, November 16, 2012

ස්පෑම් ඊමේල් එනවද... දෙමු වැඩක් ..

අන්තර්ජාලය  පාවිච්චි  කරන  හැමෝටම   තියෙන   ප්‍රශ්නයක්  තමයි ,,  මේ   ස්පෑම්  ඊමේල්  ,   ඉන්බොක්ස් එකට    නිතර  ලැබීම...   සමහර  වෙලාවට  අපට  වැදගත් ඊමේල්   එකක්  වුනත්    මේ  ස්පෑම්  ඊමේල්   ගොඩ  නිසා  සොයාගැනීමට     අපහසු  වෙනවා...මේ   ස්පෑම්  ඊමේල්  කරදරය   අඩුකරගන්න  අපිට  ලෙහෙසියෙන්ම  කරගන්න  පුළුවන්   පොඩි   උපක්‍රම  කිහිපයක්   තමයි  ..අද  ඔයාලට   කියලා   දෙන්න   හදන්නේ

Saturday, November 3, 2012

Burn note -- ආරක්ෂාව සහිතව පණිවිඩ යවන්න.. ...මෙන්න ,,,,

සුබදවසක්  හැමෝටම  ...ඔන්න   අදත්  එක   පැත්තට  ගොඩවුනේ  ඔයාලට  වැදගත්  වන  දෙයකුත්  අරගෙනයි ... අපි   හැමෝම ඊමේල්  හරහා වැදගත්  තොරතුරු හුවමාරු  කරගන්නවා ... සමහරවිට  පුද්ගලික ... රහසිගත  තොරතුරු  වෙන්නත් පුළුවන් ...ඒ  අතරට ඔයාලගේ ක්‍රෙඩිට් කාඩ් නම්බරය , පින් අංකය ,   බැංකු ගිණුමේ  පින්  අංකය වගේ   දේවල් අයිති වෙන්න  පුළුවන් ...ඉතින් මේ වගේ  පුද්ගලික දෙයක්  තුන්වැන්නෙක්  අතට පත් වුනොත්  විය හැකි   ප්‍රතිපලය බොහොම   භයානකයි...ඉතින්  මේවගේ  වැදගත්   තොරතුරක්  ආරක්ෂිතව   යවා ගන්න පුළුවන් තැනකටයි ..අපි යන්න   හදන්නේ..

Wednesday, September 26, 2012

ක්‍රෝම් වෙබ් බ්‍රවුසර් එකෙන් හැම තැනකදීම වැඩ පසුවෙන් කරගන්නේ මෙහෙමයි ......

සුබදවසක්  හැමදෙනාටම   ..  ඔයගොල්ල ගෙදර  , නෙට් කැෆේ  ,වගේම   කාර්යාලය  තුලදීත්  පරිගණක  පාවිච්චි   කරනවනේ  ඉතින්  මෙහෙම  දෙතුන් තැනකදී    පරිගණක  පාවිච්චි    කරන   අයට   තමන්ගේ   බ්‍රවුසර්  එකේ   තියෙන   බුක්මාක් , එක්ස්ටෙන්ෂන් , සෙට්ටින්ග්ස්  එකතැනකට   එකතු   කරලා    තියාගත්තොත්   ඔයාලට නෙට්  එකට   කොහෙන්   ලොග්  වුනත්  වැඩකටයුතු   කරගන්න   පහසු  වේවි ඒ   සදහා   ගුගල් ක්‍රෝම් බ්‍රවුසර්   ඒක   අපේ   ගුගල් එකවුන්ට්  එකත්   එක්ක  එකතු කර ගන්න  තමයි   අද  සුදානම ...    

Tuesday, September 18, 2012

අලුත් ඊමේල් එකක් ලැබුණු විට ඒ බව SMS එකකින් දැනගන්න

සුබ දවසක්  හැමදෙනාටම... අදත්   බ්ලොග්   එක  පැත්තට අවේ ..ඔයාලට  තවත් වැදගත් වන දෙයක්   අරගෙනයි ... ඉතින් දැන්  නිතරම  ඔයාලගේ ඊමේල් එකවුන්ට්  එක  ගොඩවැදිලා  අලුතෙන් ලැබිල තියෙන  ඊමේල්   මොනවද   කියල බලන්න   අවශ්‍ය නැහැ ...මේ වැඩේ කරගත්තහම ,  අලුත් ඊමේල්  එකක්   ලැබුන විට ...ඒ  බව  SMS  එකක්  මගින් දැනගන්න පුළුවන් ....

Sunday, September 9, 2012

එක කෑල්ලෙන් වැඩ ගොඩයි -- Video, Mp3 පටගාල බාන්න , ස්ක්‍රීන් රෙකෝර්ඩ් , Video Converter , CD/DVD BURN කරන්න .. මෙන්න දාගන්න..

සුබදවසක්  ,,  ඔන්න   අදත්   බ්ලොග්   එක පැත්තට   ගොඩවුනේ  ඔයගොල්ලන්ට  තවත්   අලුත්  වැදගත් දෙයක් අරගෙනයි ... ඔයාල යු ටියුබ් , යාහු , MSN , Megavideo ,MySpace . .... etc   වැනි  වෙබ්  අඩවි වලින්  video ඩවුන්ලෝඩ්  කරනකොට  විවිධ  ක්‍රම පාවිච්චි කරනවා   නේද ?  ඉතින්  එම  ඩවුන්ලෝඩ්   කරන වීඩියෝ තමන්ට අවශ්‍ය file format එකට  හරවන්න ..වෙනම   converter   එකකුත්  ,  ඒවා cd/dvd  වලට  burn  කරන්න.. තවත්  සොෆ්ට්වෙයාර්  එකකුත්  යොදාගන්න   වෙනවා  .. ඉතින්  මම මේ ඔයගොල්ලන්ට හදුන්වල  දෙන්න  යන සොෆ්ට්වෙයාර්  එක මගින් ඔය ඉහත  වැඩ  තුනම  එක සොෆ්ට්වෙයාර්  එකෙන්  කරගන්න පුලුවන්   පහසුවෙන්ම ..

Monday, September 5, 2011

ලැප්ටොප් එකෙන් සරල wi-fi hot spot එකක් හදමු .

  සුබ දවසක් ... ටික දවසකට   පස්සේ තමයි .. ඔන්න මේ පැත්තේ අවේ ..ඔන්න  අද  අපි හදාගන්න යන්නේ සරල   wi-fi  hot spot   එකක් ......මේකට මුලින්ම   අවශ්‍ය වෙනවා  wi-fi  පහසුකම තියෙන ලැප්ටොප් එකක් , මොකද ගොඩක් ඩෙස්ක්ටොප් පරිගණක  වල wi-fi  නැහැ.. ඩෙස්ක්ටොප්  වලටත්  නෙට්වර්ක් කාඩ් එකක්  සවිකරලා මේ  වැඩේ කරගන්න පුළුවන් .....හරි   මුලින්ම  control panel   එකට   යන්න.අමතක වුණා මුලින්   කියන්න .. අපි  wi-fi  hot spot එක හදන්න යන්නේ වින්ඩෝස් සෙවන්  වලදී

Friday, July 29, 2011

පාස්වර්ඩ් අමතක වෙනවද .. මෙන්න නොමිලයේ බේතක් ..

            පාස්වර්ඩ් අමතක වෙනවද  .....ඔව්    ඕක තමයි හැමෝම  දෙන සරල උත්තරය .....  මොකද අපි දැන්  ගොඩක් කොම්පියුටර්  ප්‍රෝග්‍රෑම් වලට  ලොග්විමට යූසර්නේම් හා  පාස්වර්ඩ්  භාවිතා  කරනවා.
ඉතින් මට  ඔය එක පාස්වර්ඩ් එකක් අමතක වෙලා ,, ඊමේල්   ගිණුමට ඇතුළුවෙන්න  බැරිව විදපු කරදරය හේතුවක් වුණා .මේ පෝස්ට් එක ලියන්න.    අමතක වීමට දෙන්න  පුළුවන්  පොඩි බේතක්   මට අන්තර්ජාලයෙන්ම නොමිලයේ   හම්බවුනා...  බලන්න   ඔයලට මේ බේත හරියනවද   කියල ..

Monday, July 25, 2011

pen drive එකේ file සගවා තබමු ...




 ඉතින් වෙනද වගේම  හැමදෙනාටම සුබ දවසක් ... ඉතින් මේ ක්‍රමය  තමන්ගේ වටිනා ෆයිල්
  පෙන් drive  වල දමාගෙන තියෙන අයට වැදගත් වේවි යම්තාක් දුරට ...මොකද අපි මොනවා කරලා හැන්ගුවත් ..ඒවා සොයන්න අලුත් සොෆ්ට්වෙයා ඕන තරම්   තියෙනවා...
ඒවා එහෙම වුනත්  ෆයිල් ටික  නිකන්ම  පෙන්  එකේ   තියෙනවට වඩා මේවගේ ක්‍රමයක්  භාවිතා කලොත් පොඩි  ආරක්ෂාවක්‌  හරි ලැබෙනවා .. මෙහෙමයි    කරන්නේ
 මුලින්ම  තමන්ට  සැගවීමට අවශ්‍ය  ෆයිල් ටික පෙන් drive  එකට කොපි කරගන්න... ඊළගට මේ ෆයිල්  ටික එකතු කරලා  executable   ෆයිල් එකක්  හදාගන්න ඕන ..  ඒක  කරගන්ඩ පොඩි  සොෆ්ට්වෙයා   එකක් තියෙනවා    නොමිලයේ   බාගන්න පුළුවන් .. මේක තමයි  lockngo  ,  තව ඒවත් ඇති ..

Tuesday, July 19, 2011

සොෆ්ට්වෙයා නැතිව ෆෝල්ඩර් අතුරුදහන් කරමු.

      සුබ දවසක් ... ඔයගොල්ලන්ට ,,,  මතෘකාවෙන්ම  තේරෙනවා ඇතිනේ  වැඩේ බරපතල කම .. නැහැ   කලබල වෙන්න එපා ..මේක  එහෙම දෙයක් නොවෙයි . ඉතාම සරල   දෙයක්  තියෙන්නේ  කරන්න .. මේ ක්‍රමය   ගොඩක් ප්‍රයෝජනවත්   වෙනවා  තමන්ගේ   තියෙන  වැදගත්  ලිපිලේඛණ  , පින්තුර   අනුන්ට  නොපෙනෙන්ට    එකේ  සගවා තබා   ගන්න..   මෙය  ගැන ගොඩක් දෙනා දන්නවත් ඇති  ..
  ............       හරි දැන් අපි   වැඩේට බහිමුකො ...........
  මුලින්ම  අපි  ඩෙස්ක්ටොප් එකේ   ෆෝල්ඩර්     එකක් හදා ගමු .. එකේ නම  Newfolder(2)  ලෙස   ගත්ත ..  මේ    ෆෝල්ඩර්    එක තාමා     අතුරුදහන්   කරන්න  යන්නේ ......


Thursday, July 14, 2011

GMAIL වලින් SMS යවමු .......

සුබ දවසක් හැමෝටම  ,,, ඔන්න අදත්  ඔයාලට පොඩි දෙයක් අරගෙන අවා..දැනුමට .. .. දැන් මේදවස්  වල වැඩියෙන්ම අන්තර්ජාලයේ   කතාබහට ලක්වෙන්නේ  අලුතෙන් හදුන්වාදුන් Google Plus සේවාව  ගැන  .  ඉතින්   ඒ  ගැන
හොයා බලනකොට ගූගල් වල බොහෝදෙනෙක්  වැඩිපුර  භාවිතා නොකරන සැගවිලා තියෙන දෙයක්  හම්බවුණා..... මේ ගැන  දන්න කට්ටිය තමන් තියෙන  වෙනත්  අදහස් කිව්වොත් වඩා වැදගත් වේවි.

  හරි එහෙමනම්  අපි  අපේ වැඩේට   බහිමු..........  මුලින්ම  තමන්ගේ  ජීමේල්  ගිණුමට  ඇතුළු වන්න ..යුසර්නේම් එක හා පාස්වර්ඩ් එක දීල. දැන් දකුණු  අත පැත්තේ  උඩ තියෙන  සෙටින්ස් වලට යන්න..  දැති   රෝදයක් තියෙන්නේ  එක මත ක්ලික්   කරන්න ..පහත රුපය පරිදි

                දැන්  සෙටින්ස්   මෙනුවේ ඇති  Lab  තෝරා ගන්න පහත පරිදි...
          

Sunday, July 10, 2011

Office එකේ ඉතුරු වැඩ Dropbox එකේ දාල ගෙදර ගෙනියමුද?

                         සුබ දවසක්  හැමෝටම  අද කියන්න යනදේ නම් ගෙදර  කාන්තා පක්ෂය නම් වැඩි කැමැත්තක් දක්වන එකක් නැහැ. මොකද ඉතින්  උදේ ඉදල ගෙදර  වැඩපොළ කරලා ඉන්නකොට,,, ස්වාමියා   කන්තෝරු වැඩ ගෙදර ගෙනල්ලා කරනකොට  කව්ද ඉතින් කැමති වෙන්නේ..
       කොහොම නමුත් ඉතින් රස්සාවත් ගොඩදාගන්න එපයි ....... නැත්නම් සුනේ සුන් ..  
 කලබල වෙන්න එපා  මේක එහෙම දෙයක් නෙවෙයි ... කන්තොරු යන කට්ටියට  එහෙම   ගොඩක් වටිනවා..එහෙම කිව්වහම අනික්‌ අය තරහවෙයිද   දන්නෙත් නැහැ...ඉතින් මේ  Dropbox  එකක් හදා ගත්තොත්  කන්තෝරු වැඩ ගෙදර ඉදන් නෙවේ වෙන රටක ඉ‍ගෙන වුනත් කරන්න පුළුවන්.....මෙයා ගැන සරල බසින් කිව්වොත්  අපේ පරිගණකයේ  ඇති  පින්තුර,, ලිපිලේකන  එකම  තැනකට එකතු කරලා (Dropbox එකට දාන්න, )  අන්තර්ජලය  යොදාගෙන   වෙන තැනක හෝ වෙන රටක  ඉදන්  එම    ලිපිලේකන  පරිහරණය  කිරීමයි.   

Saturday, July 9, 2011

VLC Player එකෙන් YouTube video එකක් ඔන්ලයින් බලමු



                   සුබ දවසක් හැමෝටම .,,, අද මම ඔයාලට කියන්න යන්නෙ VLC  Player එකෙන් ඔයාලට කරගන්න පුළුවන් තවත් අපුරු වැඩක් ගැන.
ඉතින් මේක ගොඩක් දෙනෙක් දන්නවත් ඇති .....VLC  Player  එක ගැන කියනවනම්  ,, ඔයාලගේ තියෙන Media
 player එක වගේ  විවිධ  audio හා video file වර්ග  Play  කරගත හැකි  ප්ලේයර්  එකක් .                                          
             හරි දැන් අපි  දැන් වැඩේට බහිමු ..........
 මුලින්ම .VLC  Player  එක ඕපන්   කරගන්න.



Saturday, July 2, 2011

Jolicloud වලින් ජොලි කරමුද?

 
       ඉතින්  අද මේ කියන්ඩ යන්නෙ මොකක්ද ?  හැමටම  ප්‍රශ්නයක්  වෙලා ඇති  හෙඩ් ලයින් ඒක දැක්කහම....
සරල සිංහලෙන් කිව්වොත්  " වළාකුළු මෙහෙයුම්  පද්ධතියක්  "   මෙහෙම  කිව්වහම  තවත්  ප්‍රශ්නයක් එනවා නේද?   ඇත්ත  "  වළාකුළු මෙහෙයුම්  පද්ධතියක්  "   කියන්නෙ   වෙබ් බ්‍රව්සර්  එක   හා  අන්තර්ජාල සම්බන්ධතාවය මගින්  ඇති  කරගන්නා  මෙහෙයුම්  පද්ධතියක්   සරල සිංහලෙන්  ඔන්න..
 ඉතින්  මේකෙන් වැඩ කරන්න නම්  අන්තර්ජාල සම්බන්ධතාවය  නම්  අනිවාර්යයි .  " Jolicloud "  වින්ඩෝස් වල වගේම  ලිනක්ස් , Mac   මෙහෙයුම් පද්ධති වලට සහයෝගය දක්වනවා.   මෙයා  "Google Chorme " , firefox 4  , safari 5   වගේ බ්‍රව්සර්  වලට හොදටම වැඩ කරනවා .   

Monday, June 27, 2011

WINDOWS LIVE WRITER ඔබට කොහොමද


                            ඉතින් මේ  මොකක් ගැනද    මේ   කියන්න        හදන්නෙ      මේක  ඉන්ටෙර්නෙට්  නැති  වෙලාවට  ඔයාලගේ වෙබ් පෝස්ට්  එඩිට්  කර ගන්න   නියමයි.
            හැබැයි   ඉතින්  එම පෝස්ට් එක   PUBLISH  කරගන්න නම් ඉන්ටෙර්නෙට් ඕන . එතකොට   හැමවෙලේම  නෙට් එකේ ලොග් වෙලා ඉන්න ඕනෙත් නැහැ. වාසි ගොඩයි … ඕනෑතරම්  පෝස්ට්  හදල   අන්තිමටම    PUBLISH   කරගන්න   පුළුවන්….
ඉතින්  මේක මේක කව්ද අපිට දෙන්නේ   මේක   “බිල්  ගේට්ස්  “         මාමා   නොමිලයේ.  මටත්  මේක හම්බවුනේ  අන්තර්ජාලයේ   සැරිසරන  කොට.  මගෙත් නිතරම අන්තර්ජාල සම්බන්දතාව විසන්දි  වෙනවා.
හරිම  කරදරයි ........  මෙන්න විසදුම ,,,,,,, මේක windows 7   32bit/ 64 bit  , Windows  vista sp 2  වලට 
හොදින්ම වැඩ.  මුලින්ම   

Windows Live Essentials 2011 නැත්  නම් install

 කරගන්න එකේ   තමයි  වින්ඩෝව්ස් Live writer  තියෙන්නේ.

  • මුලින්ම   WINDOWS  LIVE WRITER  තුලට  ඔබගේ වෙබ් අඩවිය ඇතුලත් කරන්න (ලියාපදිංචි  කරගන්න)  .  එවිට  තිරයේ දකුණු අත  උඩින්  ඔබගේ වෙබ් අඩවියේ නම දිවේ..
  • දැන්   FILE  මෙනුවේ   ඇති   NEW POST  යන්න   මතට ගොස්   ඔබගේ  පෝස්ට්  එකේ  සියලු කටයුතු   කරගත හැක.( පෝස්ට්  ලියන එක )
  • ඊට පසුව   නැවතත්    FILE  මෙනුවේ  ඇති   SAVE LOCAL DRAFT   වෙත  ගොස්  ලියපු පෝස්ට් එක  LOCAL DRAFT  එකේ  SAVE කරගන්න,.

Tuesday, June 21, 2011

ලැබෙන Email වල IP එක trace කරන්න නියම බඩුවක්

ඉතින් මොකක්ද මේ අද ඔයාලට කියන්ඩ යන්නෙ ,,,,,, ඔයාට ලැබෙන EMAIL වල IP ADDRESS ටික ආපස්සට හොයන්න පුලුවන්නම් ,,, EMAIL එක මුලින්ම එව්ව කෙනා දක්වා හොයාගෙන යන්න පුළුවන් මේක මටත් හැමබවුනේ අන්තර්ජාලය තුල ඇවිදිනකොට තමයි. ඉතින් වැඩිය කතා නැතුවම ගිහින් බලමු කොහොමද එක කරගන්නේ කියලා ......
එවිට online email tracer වෙත ඔබ පිවිසේ. ඊට ප්‍රථම ඔබට ip එක trace කිරීමට අවශ්‍ය email එක තෝරාගෙන එහි header එක ලබා ගන්න වෙනවා . උදාහරණයක්‌ ලෙස ඔබගේ email එක gmail එකක් නම් පහත රූපයේ පරිදි එහි header ලබා ගන්න වෙනවා





Tuesday, June 14, 2011

tk ඩොමේන් එකක් free ගත්තොත්


ඉතින් මොකක්ද මේ දෙන්න යන්නේ බොහෝ දෙනෙක් දන්නවත් ඇති tk ඩොමේන් එක ගැන . මටත් මේක ගැන කිව්වේ මගේ යාලුවෙක් ...
සමහරු නම් tk ඩොමේන් එක දැනටමත් ලබාගෙන ඇති..
මට හිතුන මමත් මේක ගත්ත නිසා ......නොදන්න කට්ටියට පහසු වෙන්නත් එකක ගත්ත ක්‍රමය පියවරෙන් පියවර පොස්ට් එකක දාන්න.
අපිට ඉතින් com , info , org වගේ ඩොමේන් ගන්න සල්ලි කොහෙන්ද......
මේවා ඉතින් 100 % ෆ්‍රී ''''''
ඊට පස්සේ enter your url here කියන තැනට tk ඩොමේන් එක අවශ්‍ය වෙබ් එකේ නම type කර next එකෙන් ඉදිරියට යන්න.