ඉතින් මේ මොකක් ගැනද මේ කියන්න හදන්නෙ මේක ඉන්ටෙර්නෙට් නැති වෙලාවට ඔයාලගේ වෙබ් පෝස්ට් එඩිට් කර ගන්න නියමයි.
හැබැයි ඉතින් එම පෝස්ට් එක PUBLISH කරගන්න නම් ඉන්ටෙර්නෙට් ඕන . එතකොට හැමවෙලේම නෙට් එකේ ලොග් වෙලා ඉන්න ඕනෙත් නැහැ. වාසි ගොඩයි … ඕනෑතරම් පෝස්ට් හදල අන්තිමටම PUBLISH කරගන්න පුළුවන්….
ඉතින් මේක මේක කව්ද අපිට දෙන්නේ මේක “බිල් ගේට්ස් “ මාමා නොමිලයේ. මටත් මේක හම්බවුනේ අන්තර්ජාලයේ සැරිසරන කොට. මගෙත් නිතරම අන්තර්ජාල සම්බන්දතාව විසන්දි වෙනවා.
හරිම කරදරයි ........ මෙන්න විසදුම ,,,,,,, මේක windows 7 32bit/ 64 bit , Windows vista sp 2 වලට
හොදින්ම වැඩ. මුලින්ම
Windows Live Essentials 2011 නැත් නම් install
කරගන්න එකේ තමයි වින්ඩෝව්ස් Live writer තියෙන්නේ.
- මුලින්ම WINDOWS LIVE WRITER තුලට ඔබගේ වෙබ් අඩවිය ඇතුලත් කරන්න (ලියාපදිංචි කරගන්න) . එවිට තිරයේ දකුණු අත උඩින් ඔබගේ වෙබ් අඩවියේ නම දිවේ..
- දැන් FILE මෙනුවේ ඇති NEW POST යන්න මතට ගොස් ඔබගේ පෝස්ට් එකේ සියලු කටයුතු කරගත හැක.( පෝස්ට් ලියන එක )
- ඊට පසුව නැවතත් FILE මෙනුවේ ඇති SAVE LOCAL DRAFT වෙත ගොස් ලියපු පෝස්ට් එක LOCAL DRAFT එකේ SAVE කරගන්න,.
දැන් ඔන්න වැඩේ හරි ……. පෝස්ට් එක ලියලා එවරයි . අන්තර්ජාල
සම්බන්දතාවය ලබා ගන්න. ඊට පස්සේ තිරයේ වම් පස උඩ කෙලවරේ ඇති PUBLISH මතට ගොස් ලියු පෝස්ට් එක වෙබ්අඩවියට ඇතුළු කරන්න.
ඉතින් මටනම් මේ WINDOWS Live Writer ගොඩක් වැදගත් වුණා. ඒකයි මේවගේ ඒ ගැන පෝස්ට් එකක් ලියන්නත් හිතුවේ…… ඔයාලගේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා. මතක ඇතුව ප්‍රතිචාර දක්වල යන්න.
No comments:
Post a Comment
හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....