ඔන්න ආයෙත් ගොඩක් කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තේ අවා.. ...රුපය දැකපු ගමන් පැහැදිලි ඇති ,, LINKWITHIN ගැජෙට් එක මගින් බ්ලොග් පෝස්ට් Thumbnails ආකාරයට බ්ලොග් පෝස්ට් එකට යටින් එකතු කරගන්නා විදිහ තමයි .. අද කරන්න යන්නේ.... ගොඩ දෙනෙක් මේගැන දන්නවත් ඇති ...මේක ලොකු දෙයක් වගේ පෙනුනට හරිම පහසුවෙන් කරගන්න පුළුවන් ... මුලින්ම
මෙන්න මෙතනින් ගිහිල්ලා linkwithin වෙබ් අඩවියට පිවිසෙන්න.
එවිට පහත ආකාරයට ඔබගේ ඊමෙල් ගිණුමේ නමත් , බ්ලොග් අඩවියේ නමත් , platform යන්නට blogger යනුවෙනුත් , width යන්නට ලින්ක් කිරීමට අවශ්‍ය පෝස්ට් ගන්න , ඇතුලත් කර Get widget මත ක්ලික් කරන්න. පහත රූපය බලන්න.
ඊට පස්සේ බ්ලොගර් වලට LINKWITHIN ගැජෙට් එක එකතු කරගන්නා අවස්ථාවට අපව කැදවා ගෙන යයි .... පහත රුපයෙන් වැඩේ පැහැදිලිවෙයි ......
දැන් අවසාන කොටසේ අපි ඉන්නේ , ඉහත රූපය පරිදි බ්ලොගර් පේජ් එලිමන්ට් එක එකතු කලයුතු බ්ලොග් එකේ නම තිරගෙන් add Widget මත ක්ලික් කරන්න. ඔන්න වැඩේ ඉවරයි .....