ඊමේල් එකකට ෆයිල් එකක් අමුණලා යවන්න ගියහම තියෙන කරදරය ඔයාල දැනටම අත්විදලා ඇති . 25 mb වගේ ඉතාම පොඩි ප්‍රමාණයක යුතු ෆයිල් තමයි සාමාන්‍යයෙන් ඊමේල් එකකට නිදහසේ අමුණලා යවන්න පුළුවන්.. මේ වැඩේට හොද පිලියමක් තමයි cloud storage එකක් හරහා ෆයිල් එක ඊමේල් එකට attach කරන එක ..මේකටත් මුලින්ම එකවුන්ට් එකක් හදල Signup වෙන්නත් ඕනා. අද ඔයාලට හදුන්වලා දෙන්න යන මේ වෙබ් හරහා කිසිම Signup වීමකින් තොරව ෆයිල් හුවමාරු කරගන්න පුළුවනි ..මේවයේ එකිනෙකට වෙනස් දේවල වලින් තමන්ට වඩාත් සුදුසු එක ඔයාලම තීරණය කරන්න...
1. files2u
මෙය පාවිච්චි කිරීම නම් රුපයේ පරිදි හරිම පහසුයි . ඉහත රූපය මෙම ෆෝම් එක පුරවා අවශ්‍ය ෆයිල් එක upload Files තැනින් අප්ලෝඩ් කරන්න ..එවිට ෆයිල් එක ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය කෙනාට pin අංකයක් සහිත ඩවුන්ලෝඩ් ලින්ක් එක යැවෙනවා..
මෙමගින් යැවිය හැකි විශාලම ෆයිල් එක 3 GB වන අතර එය පැය 48 කාලසිමවකට ඩවුන්ලෝඩ් කරගැනීමේ අවස්ථාව ලබා දෙනවා . ඒ වගේම මෙහි එක් වරකට මේ ඩවුන්ලෝඩ්ය කරගැනීම 5 දෙනෙකු දක්වා ඊමේල් යවන්න පුළුවනි ..
files2u වලට මෙතනින් යන්න.
--------------------------------------------------------------------------------------------------------------
2. StreamFile
රූපයේ පරිදි 1-2-3 යන අවස්ථා තුන සම්පුර්ණ කිරීම මගින් මෙමගින් 150 MB දක්වා වූ ෆයිල එකක් ඩවුන්ලෝඩ් කරගැනීමට පැය 24 කාලයක් සදහා වලංගු වෙනවා .. නමුත් අපට අවශ්‍ය නම ගිණුමක් සාදා ගැනීම මගින් 30 GB දක්වා විශාල ෆයිල් එකක් වුවද යවන්න පුළුවනි .ඒ සදහා දින 14 ක ඩවුන්ලෝඩ් කරගැනීමේ කාලයක් ලාබදෙනවා .
මෙතැනින් streamfile වලට යන්න.
---------------------------------------------------------------------------------------------------------------
3. wikisend
මෙමගින් 100 MB දක්වා වූ ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගැනීමට දවස් 7 කාලයක් සදහා වලංගු වෙනවා .. ඊට අමතරව මෙමගින් පාස්වඩ් සහිත ෆයිල් එකක් වුවත් මේ හරහා යැවීමට පුළුවනි ,,
මෙතනින් wikisend වලට යන්න...
--------------------------------------------------------------------------------------------------------------
4. LargeFilesASAP
මෙහිදී 2 GB ෆයිල් එකක් පැය 72 ඩවුන්ලෝඩ් කරගැනීමට කාලය සපයන වෙබ් අඩවියක හැබැයි මෙහි SIGNUP නොවී ෆයිල් යැවීමට ඉඩදෙන්න එක් වරක් පමණි .
මෙතැනින් largefilesasap.com වෙත යන්න...
-------------------------------------------------------------------------------------------------------------
5. GE.TT
මෙහිදී 250 MB ෆයිල් එකක් දින 30 ක ඩවුන්ලෝඩ් කරගැනීමේ කාලසීමාවකට යටත්ව යැවිය හැක ..
එහෙනම් මෙතන වෙබ් අඩවි පහක්ම තියෙනවා ...ඔයාලට ගැලපෙන එක තෝරාගන්න පුළුවනි ... මිට අමතරව ඔයාල පාවිච්චි කරන තව වැදගත් ඒවා තියෙනවා නම් පහල කොමෙන්ට් වලින් දන්වන්න.,, සුබ දවසක් ..................
ඔබේ mobile phone එකටත් free reloads...
6 years ago
හැමදාමත් වගේ හොඳ දැනුවත් කිරීමක්
ReplyDeleteස්තුතියි ගයනි ,,,
Deleteමේවානම් ගොඩක් වෙලාවට වටිනවා. බුක්මාර්ක් එකක් ම දාලා තියාගන්න ඕන. ගොඩක් ස්තූතියි සංජය.
ReplyDeleteඔව් ඔව් බුක්මාර්ක් දාල තියාගත්තට පාඩු නැහැ...
Deleteසමහර ෆයිල් අප්ලෝඩ් වෙද්දි ඩේටා ඉවරවෙනවා මගදිම,, මේක හොදයි වගේ ඒකට...
ReplyDeleteඔව් පාවිච්චි කරලා බලන්න ශම්මි .
Deletehttp://host03.pipebytes.com/
ReplyDeleteමේකෙන් ඕනෙම සයිස් එකක ෆයිල් එකක් Direct share karannath පුළුවන් :)
මේකත් නියමයි ....මමත් බැලුවා ....
Deleteඔය තියන්නේ ලොට් එකක්ම. ස්තුතියි සංජය.
ReplyDeleteඔව චන්දන තවත් මේවගේ ගොඩක් දේවල් තියෙනවා....හෙව්වොත් හම්බවෙනවා...
Delete