සුබ දවසක් හැමදෙනාටම අද බ්ලොග් එක පැත්තට ආවේ ඔයාලට නිතරම අවශ්‍ය වෙන ෆොටෝ enlarge කිරීමට අපට අන්තර්ජාලයෙන් නොමිලයේම හොයාගන්න පුළුවන් පොඩි සොෆ්ට්වෙයාර් එකකකුත් එක්ක..වෙනද වගේම මෙයා වින්ඩෝස් xp , 7 දෙකෙන්ම වැඩ කරවගන්න පුළුවනි .... ෆොටෝ enlarge කිරීමට මේ වගේ නොයෙකුත් සොෆ්ට්වෙයාර්
ඔබට කොතෙකුත් හමුවන්න පුළුවනි ..නමුත් මේ smillaEnlarger සොෆ්ට්වෙයාර් එක අනෙක් වට වඩා
පහසුවෙන් photo editing පිලිබදව අල්ප දැනුමක් ඇති කෙනෙකුට වුනත් පාවිච්චි කිරීමට පුළුවන් බොහොම සරල සොෆ්ට්වෙයාර් එකක් ..
ඉහත රූපය පරිදි මුලින්ම photo එක enlarge කලයුතු ෆොටෝ එක මෙහි ඇති source කියන තැනට තොරාදෙන්න ..එවිට රුපයේ පරිදි කර්සර් එක එහාමෙහා කරමින් කලුපාට කොටුවකින් දක්වා ඇති enlarge එක තෝරාගන්න . දැන් අංක 2 පරිදි enlarged photo එක සේව් කරගැනීමට අවශ්‍ය directory එක දෙන්න .. දැන් අවශ්‍ය පරිදි ෆොටෝ quality එක ලබාගැනීමට
මෙහි ඇති Sharpness, Flatness, PreSharpen , Dithering , DeNoise යන බටන් පාවිච්චි කිරීමෙන් පුළුවනි.. මෙම අගයන් වෙනස් කරමින් අවශ්‍ය ෆොටෝ එකේ quality එක preview බටන් එක මගින් එය save කිරීමට කලින් බලා ගන්න පුළුවනි .... තමන්ට අවශ්‍ය පරිදි ෆොටෝ එක preview මගින් බලා එය
directory එකට save කරගැනීමට එහි ඇති Calculate මත ක්ලික් කරන්න.
ඩවුන්ලෝඩ් Smillaenlarger.......
මේකට අමතරව මේ විදිහට යොදාගන්න පුළුවන් ඔයාල දන්නා සොෆ්ට්වෙයාර් එහෙම තියෙනවා නම් ඒවත් පහලින් එකතු කරන්න අමතක කරන්න එපා ,,,,
සුබ දවසක්