සාමාන්‍යයෙන් බොහෝ අය ඩෙස්ක්ටොප් පරිගණකයකට වඩා ලැප්ටොප් පරිගණකයක් පාවිච්චි කිරීමට පෙලබෙන්නේ එය පහසූවෙන් එහා මෙහා ගෙනයාමට හැකිවීම හා විදුලිය නැති තැනක වුවත් බැටරියෙන් පැය කිහිපයක් පාවිච්චි කරගැනීමේ පහසුව ලැප්ටොප් එකක් මගින් ඉටුවන නිසා .. ..ඔබත් ලැප්ටොප් එකක් පාවිච්චි කරන්නෙක් නම් එහි ඇති බැටරියේ තත්වය පිලිබදව ඔබ නිරතුරුවෙන්ම පරික්ෂාවෙන් ඉන්නවා ඇති ...අද ඔයාලට හදුන්වලා දෙන්න යන මේ සොෆ්ට්වෙයාර් එක මගින් ලැප්ටොප් එකේ බැටරියේ හොද නරක ඔබට බලාගන්නත් ,,බැටරියේ ආයුකාලය වැඩිකර ගැනීමට කලයුතු දේවල්ද බලාගන්න පුළුවනි .
Laptop battery optimizer
මේ සදහා යොදාගන්නේ මේ Laptop battery optimizer සොෆ්ට්වෙයාර් එක ..මුලින්ම පහත ඇති ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් Laptop battery optimizer පරිගණකයකයට ඉන්ස්ටෝල් කරගන්න.
ඊට පසුව එහි ඇති AC power එක විසන්දි කොට , බැටරිය ගැන තත්වය සෙවීමට මෙහි ඇති Diagnostic මත ක්ලික් කරන්න ... මෙහිදී පරිගනකයේ wifi වල වෙනසක් , ඉන්ටර්නෙට් walin අයින් වීම , screen Brightness වෙනස්වීම , සහ වෙනත් උපාංග පරිගණකයට සම්බන්දව ඇත්නම් ඒවා disable වීම වගේ දේවල් වෙනවා ... මෙය සාමාන්‍ය තත්වයක් කලබල විය යුතු නැහැ . මේ බැටරි එක Diagnostic කරගැනීමට විනාඩි 10- 15 අතර කාලයක් වැය වෙනවා ..
ඊට පසු Diagnostic එකේ results අපට බලාගන්න පුළුවනි ...
ඊට පස්සේ බැටරියේ ආයුකාලය වැඩිකරගැනීමට එහි ඇති optimize Battery Life මත ක්ලික් කරන්න...
මෙහිදී අපට බැටරියේ ආයුකාලය වැඩිකරගන්න වෙනස් කලහැකි controls ටික ලාබදිල තියෙනවා මෙහිදී තමන්ට අනවශ්‍ය දේවල් off කරමින් බැටරියේ ආයුකාලය වැඩිකර ගත හැක.. ඒවගේම මේ Laptop battery optimizer එක මගින් බැටරියේ විදුලිය පාවිච්චි වන අන්දම හා එහි ඇති charge එක ප්‍රස්ථානුරුපව බලාගන්නත් පුළුවනි .... මෙන්න මේ වගේ ,,
OS : Windows XP, Vista and 7
ඩවුන්ලෝඩ් battery-optimizer
ඔබේ mobile phone එකටත් free reloads...
6 years ago
අඩෝ පට්ට වැදගත්... මම හොය හොය හිටපු සොෆ්ට් එකක්.. බොහොම පින් ඈ....
ReplyDeleteඑහෙනම් පාවිච්චි කරලා බලමුකෝ
Deleteහෙන වටිනවා මට නෙමෙයි බං අපේ මලයෝ දෙන්නට. තව එකක් උඹ දන්නවා නේ කියහං.. එකක බැටරිය චාජර් එක ගහන්නේ නැතිව දුවන්න බැරි තරං අවුල්.. එහෙම දිව්වම ලැපාට අවුලක් වෙනවද???
ReplyDeleteඑහෙම දිව්වම ලැපාට විශේෂ අවුලක් නැහැ...ඒත් බටරිඑක මාරු කරගත්තනම් හොදයි නේ... මොකද ලැප්ටොප් එක ඩෙස්ක්ටොප් එකක් විදිහට පාවිච්චි කරන්න ඕනේ නැහැනේ...
Deleteස්තුතියි සංජය දැනුවත් කිරීමට.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ස්තුතියි෴ ඔබටත් .......
Deleteපින් අයිති වෙයි...!!
ReplyDeleteගොඩක් දෙනෙක් ගෙන් දැනට පින් ලැබුනා...
Deleteතියෙන බැටරිය නම් ටිකක් වීක් මේක ඕනෑම වෙන ගැජට් එකක් ..
ReplyDeleteඑල පාවිච්චි කරලා බලන්න....
Deleteතාම බැටරිය අවුල් නෑ..ඒත් මේ සොෆට්වෙයා එක නම් වටිනවා...
ReplyDeleteඅවුල්ද නැද්ද කියල පාවිච්චි කරලම බලන්න...
Deleteස්තුතියි
ReplyDeleteඔබටත් ......
Deleteමගෙ නං දැං ලැපේ බැට්රිය ගන්නම දෙයක් නෑ..
ReplyDeleteඑහෙනම් ඉතින් මේක වැදගත් වෙයි
Deleteසෑහෙන වටින දැනුවත් කිරීමක්.. තවම හොඳට දුවන බැටරියක් තිබ්බත් කිසියම් වෙලාවක අවශ්‍ය වෙන්න ඉඩ තියෙනවා...
ReplyDeleteඔව ඔව් අරන් තියාගන්න..........
Deleteදෙයියංගේ පීටෙං තාම හොදිං බැටරිය..
ReplyDeleteකෝකටත් බාලා තියා ගන්න එක හොදයි...
තැංකූ ඈ....
ඔව් ඔව් නිතරම අවදානයෙන් ඉන්න එක හොදයිනේ
Deleteමගේ ලැප්ටොප් එකත් දැන් නම් ඩෙස්ක්ටොප් එකක් වෙලා. බැටරිය වැඩිම උනොත් මිනිත්තු දෙක තුනයි තියෙන්නෙ.මේ සොෆ්ට්වෙයා එකේ තියෙන Optimize Battery Life එකෙන්වත් බැටරියේ ආයුකාලය ටිකක් හරි වැඩිකරගන්න පුලුවන් විධි ටිකක් දැනගන්න පුලුවන් වෙයි හිතනව. ස්තූතියි විස්තරයට..
ReplyDeleteස්තුතියි෴ ඔබටත් වැදගත් සොෆ්ට් එකක් තමයි මේක...
Deleteබොහෝම ස්තුතියි මේ විස්තරයට :)
ReplyDeleteස්තුතියි ඔබටත් අදමද මේ පැත්තට ආවේ මන්ද? සාදරයෙන් පිලිගනිමි
Deleteඔව්...මේක තමයි මගේ මුල්ම කොමෙන්ටුව... අනිත් ලිපි ටිකත් හිමින් සැරේ කියවන්නම් :)
Deleteela ela jayawewaa,,,,
Deleteඑල සොෆ්ට් එකක්. හොඳින් තියන බැටරියක් උනත් හරියට පවත්වා ගන්න එක වටිනවා නේ.
ReplyDeleteඔව් ඒකනම් ඇත්ත චන්දන....
Deleteගොඩක් වටිනවා. ස්තූතියි සංජය.
ReplyDeleteස්තුතියි෴ ඔබටත්
Deleteගොඩක් වටිනවා. මටත් ලැපක් තිබුණ නම් :'(
ReplyDeleteලැපක් ගත්ත දවසට ඕන වෙයිනේ....
Deleteසිරාම පෝස්ට් එකක් සහෝ.... bookmark එකකුත් දාලා තියාගන්නවා...
ReplyDeleteනියමයි සහෝ ....අදමයි අවේ නේද සාදරයෙන් පිලිගන්නවා....
Delete