සාමාන්‍යයෙන් ගොඩක් කොමෙන්ට් තියෙන බ්ලොග් පොස්ට් එකකට කොමෙන්ට් කරන්න ගියහම ඔයගොල්ල මේ සිද්දිය ඔයාල අත්විදලා ඇති ...මොකද අර තියෙන ඔක්කොම කොමෙන්ට් ටික පහුකරගෙන ගිහින් තමයි කොමෙන්ට් බොක්ස් එක හොයාගන්න වෙන්නේ,,,, මේකට පිලියමක් වශයෙන් කොමෙන්ට් බොක්ස් එක ,, කොමෙන්ට් වලට උඩින් පෙනෙන්න බ්ලොග් ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න. තමයි මේ පොස්ට් එකෙන් පෙන්නන්න හදන්නේ....
මුලින්ම මෙහි ටෙම්ප්ලේට් එක වෙනස් කිරීමක් කරන නිසා ටෙම්ප්ලේට් එකේ බැකප් එකක් අරගන්න...
ඊට පසු Blogger Dashbord වලට ලොග් වී Template >>>>Edit html >>> වලට ගොස්
Expand widget templates මත ටික් ලකුණ දමා CTRL + F මගින් පහත කෝඩ් එක හොයාගන්න...
<div class='comments-content'>
<b:if cond='data:post.embedCommentForm'>
<b:include data='post' name='threaded_comment_js'/>
</b:if>
<div id='comment-holder'>
<data:post.commentHtml/>
</div>
</div>
<p class='comment-footer'>
<b:if cond='data:post.allowNewComments'>
<b:include data='post' name='threaded-comment-form'/>
<b:else/>
<data:post.noNewCommentsText/>
</b:if>
</p>
දැන් මෙතන රතු පාටින් තියෙන කෝඩ් සෙට් එක උඩටත් ,,, කළුපාටින් තියෙන එක යටට යන පරිදි උඩ යට මාරු කරගන්න ... මෙන්න මේ වගේ එකක් තමයි අන්තිමට එන්නේ....
<p class='comment-footer'>
<b:if cond='data:post.allowNewComments'>
<b:include data='post' name='threaded-comment-form'/>
<b:else/>
<data:post.noNewCommentsText/>
</b:if>
</p>
<div class='comments-content'>
<b:if cond='data:post.embedCommentForm'>
<b:include data='post' name='threaded_comment_js'/>
</b:if>
<div id='comment-holder'>
<data:post.commentHtml/>
</div>
</div>
ඊට පස්සේ CTRL + F මගින් පහත කෝඩ් එක සොයාගන්න
</body>
එයට ඉහලින් පහත දැක්වෙන කෝඩ් එක එකතු කර අවසානයේ ටෙම්ප්ලේට් එක සේව් කරන්න..<script src='http://code.jquery.com/jquery-latest.js'/>
<script>
var yob = $(".comment-replybox-thread").closest(".comment-thread").parent("div").children(".comment-thread").children(".comment-replybox-thread");
jQuery('.comment-thread ol').before(jQuery(yob));
</script>
ප.ලි -- 2013 බ්ලොග් ගේට්ටුව ජනවාරි 27 වැනි ඉරිදා ගම්පහ හෙනරත්ගොඩ මල්වත්තේ පැවැත් වීමට සියලු කටයුතු සුදානම් කරලා තියෙනවා,,,....එදාට එතනට එන්න තමයි තියෙන්නේ.......
සියලුම දෙනාට සුබ නව වසරක් වේවා(Wish you very happy new year 2013 )
සුභ නව වසරක් වේවා! තවත් ඉදිරියට මේ වගේ දැනුම බෙදා දීමට හැකි වේවා!
ReplyDeleteස්තුතියි෴
Deleteබොහෝම ස්තුතියි.... ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් !!!!
ReplyDeleteමමත් තාම මේ වැඩේට අලුත්. ඒ පැත්තෙත් එන්නකෝ කැරකෙන ලෝකේ..
අනිවා අනිවාර්යෙන් එන්නනම් ....
Deleteමේක වෙනසක් කියලා තේරුනේ පුරුදු විදිහට කෙමෙන්ට් කරන්න පෝස්ටුවේ යටට ගිහින් කෙමෙන්ට් බොක්ස් එක හොයද්දි..
ReplyDeleteඔබටත් සුභම සුභ අළුත් අවුරුද්දක්..
ස්තුතියි෴ රූ සුභ අළුත් අවුරුද්දක් වේවා....
Deleteසුබ නව වසරක් වේවා !!!
ReplyDeleteඔය උඩින් හදන එක නම් මම හිතන්නේ නැහැ හොදා කියල ,
ඒ මොකද ?
Deleteසුභ අළුත් අවුරුද්දක් වේවා....
සුභ නව වසරක්..!!
ReplyDeleteලබන අවුරුද්දෙත් අපේ බ්ලොග් ලස්සන කරගන්න උදවු කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව..
සුබ නව වසරක් යාන්ත්‍රිකයටත් ....
Deleteමේක නම් හිතට ඇල්ලුවා සංජය ..කරලා බලන්න ඕනේ..
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා ...
එසේම වේවා සහන් ...ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් ...........
Deleteමමත් මේක දැක්කම කල්පනා කලේ මොකද මේ බ්ලොග් එකේ කමෙන්ට් බොක්ස් එක උඩින් තියන්නේ කියල. මේ වගේ තාක්ෂණික තොරතුරු බෙදා දෙනවාට ගොඩක් ස්තුතියි සංජය. තව පැය කිහිපයකින් එළඹෙන වසර සුබ නව වසරක් වේවා..!
ReplyDeleteඑසේම වේවා චන්දන ....ඔයාගෙත් සියලු බලාපොරොත්තු මේ නව වසරේ ඉටුවෙන්න කියලා සුබ පතනවා..
Deleteවසන්තයේ පැතුම් මල් පුදින සුබ අලුත් අවුරුද්දක් වේවා..
Deleteස්තුතියි සචිත් සුබ අලුත් අවුරුද්දක් වේවා..
Deleteඔයාගෙ සියලු කටයුතු සාර්ථක වෙන, නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා.
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වර්ෂා ඔබටත් ...
Deleteසුභ නව වසරක් වේවා සංජය!
ReplyDeleteඉෂාන් ඔබටත් සුබ අලුත් අවුරුද්දක් .....ජය
Deleteලැබුවා වූ නව වසර සුභ නව වසරක් වේවා !
ReplyDeleteඔබටත් එසේම වේවා....රෙහානි .....
Deleteකෝඩ් එක හොයා ගන්න බැනේ.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
මොකක්ද හොයාගන්න බැරි ....උදව් කරන්න පුළුවනි ...
Deleteහරි හරි අම්මෝ අමාරුවෙන් හරි.ස්තුති වේවා!
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
එහෙනම් වැඩේ හරිනේ ජය
Deleteතෑනක්ස් සංජය.. මේක මම අද කරලා බැලුවා... ඔයා පියවරෙන් පියවර හරියටම කියලා තියෙන නිසා html මෙලෝ දානයක් දන්නේ නැති මාත් අවුලක් නැතුව වැඩේ කරගත්තා.. හි හි
ReplyDeleteඑකනේ පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න ඕන ...දන්නේ නැහැ කියලා ඉදල හරියන්නේ නැහැ...ජය ..
Delete