youtube ගැන අපේ සහෝදර සහෝදරියන්ට අමුතුවෙන් කියන්ඩ ඕන නැහැ ... හැමදෙනාම දන්නවා මොකක්ද මේක ... මොනවද මේකෙන් කෙරෙන්නේ කියල ... අද අපි සුදානම් වෙන්නේ මේ Youtube වීඩියෝ එකකට තමන්ගේම logo එකක් එකතු කරගන්නේ කොහොමද කියල
මේක හරිම ලෙහෙසියෙන්ම කරගන්න පුළුවන් ..Youtube වල ඉන්න ගමන්ම ...
මුලින්ම ඔයලා ඔයාලගේ Youtube ගිණුමට ලොග් වෙලා Settings වලට යන්න .. මෙන්න මේ වගේ ...
එහි ඇති Invideo Programming මත ක්ලික් කරන්න .. පහත රූපය පරිදි ...
මෙතනින් පහත රූපය පරිදි feature your channel තෝරාගන්න..
ඊට එන මෙනුව මෙන්න මේ වගේ .......
අපට පුළුවනි අපගේ ලෝගෝ එක Youtube වීඩියෝ එකට ඇතුළු කරගන්න .. මෙහිදී ලෝගෝ එකේ position එක .., ලෝගෝ Display time එක අවශ්‍ය පරිදි තෝරාගන්න ... මෙහිදී ලෝගෝ එකේ පින්තුරය වෙනස් කරන්න අවශ්‍ය නම් Channel avatar custom මත ක්ලික් කර අවශ්‍ය රූපය අප්ලෝඩ් කරන්න... නැතිනම් ඔයාලගේ Youtube
ගිණුමේ එකතු කරලා තියෙන රූපය තමයි ඔතනට එන්නේ ,, අවසානයේ settings save කරන්න..... මේ විදිහ කරගත්තහම අපි Youtube වලට අප්ලෝඩ් කරන හැම වීඩියෝ එකකටම අපේ ලෝගෝ එක එකතු කරගන්න පුළුවනි ....
සන්ජය මචං..
ReplyDeleteඉඩ තියෙන වෙලාවක පහැදිලිකරල පෝස්‍ටුවක් දාපන්,
අපේ වීඩියෝ එකක් කොහොමද පෝස්ට් එකට ඇතුල් කරන්නෙ..සමහර විට කීපයක්
බයිට් ප්‍රමාණය අඩුකරල දාන්න ඕනද..පොඩ්ඩක් කියල දීපං..ස්තුතියි.
වියා ...වීඩියෝ එකක් කොහොමද පෝස්ට් එකට ඇතුල් කරන්න නම් බ්ලොග් පොස්ට් එඩිටර් එකෙන්ම පුලුවන් ඔය ෆොටෝ එක ඇතුලත් කරන තැනට දකුණු පැත්තෙන් තියෙන්නේ insert video කියල එකක් අන්න ඒකෙන පුළුවන් .youtube video එකක් audio එකක් විදිහට දාගන්න ඕනනං මෙන්න මේක බලන්න.
ReplyDeleteyoutube video එකක් audio එකක් විදිහට ඇතුලත් කරගන්න විදිහ
හොඳ තොරතුරක්. වෙලාවක උත්සාහ කරලා බලන්නම්.
ReplyDeleteසංජය මට කලින් කිව්වේ බ්ලොග් එකේ පේජ් එකක් ඕපන් කරන කොට ඒක අලුත් ටැබ් එකක ඕපන් වෙන්න දෙන ක්‍රමයක්. ඒකත් හොඳයි. එතැනදී හැම පේජ් එකක්ම ඇරෙන්නේ නිව් ටැබ් එකක නේ. එහෙම නැතුව අපිට අවශ්‍ය කරන පේජ් එකක් විතරක් නිව් ටැබ් එකක ඇරෙන්න හදන්න බැරිද..? මට ඕන වෙලා තියන්නේ මගේ බ්ලොග් එකේ තියන "අපේ බ්ලොග්" කියන එක විතරක් නිව් ටැබ් එකකින් ඇරෙන්න දෙන්න. බලන්නකෝ එහෙම පුළුවන් ද කියල.
ලින්ක් එක මෙන්න මේ විදිහට දීලා බලන්න ...චන්දන....
Delete<a href="http://yoursite.com" target="_blank">YOURSITE</a>
මේක අපි පින්තුරයක් ක්ලික් කලාම පේජ් එකකට යන්න දෙන විදිහ නේද.. මට ඕනේ ටැබ් එකේ තියන නම ක්ලික් කලාම අලුත් ටැබ් එකක ඕපන් වෙන්න දෙන්න.. උදා: විදිහට මේ බ්ලොග් එකේ සයිට් මැප් කියන පේජ් එක විතරක් නිව් ටැබ් එකක ඇරෙන්න දෙන්න විදිහක්.
Deleteමෙහෙම දුන්නට හරි ගියේ නෑ. මං නිකමට වගේ පේජ් ටයිටල් එක ඔහොම දුන්න. එතකොට නම් හරි යනවා.. ඒත් ඒ ලඟින්ම වැඩ නොකරන තවත් ලින්ක් එකක් එනවා..ඒ ලින්ක් එක නමක් නැතුව එන්නේ. ඒක හිඩන් කරන්න පුළුවන් නම් හරි..
මං තව ටිකක් බලන්නම්. සංජය වෙන ක්‍රමයක් හොයා ගත්තොත් කියන්නකෝ.. බොහොම ස්තුතියි සංජය!!
මම හිතන්නේ අර කලින් මම දුන්නු එක ඔයාගේ වැඩේට හරියයි ...... බලන්න..
Deleteඅහ්හ්... මෙන්න බ්ලොගේ බල්බ් පත්තු වෙනෝ.......
ReplyDeleteදැම්ම ඉදන් නත්තල් වගේ.... :D
හොදයි...හොදයි.....
ඔව් ඔව් පොඩි ලයිට් වැලක් එල්ලුව.....
Deleteශා...... එල වැඩක්..... වෙලාවක ට්‍රයි කොරලා බලන්න ඕනේ.
ReplyDeleteකෝරලේ වලව්ව
හොදයි හොදයි කෝරලේ මහත්තයෝ ............
Deleteකියන්නත් ලැජ්ජයි වගේ.. මං ඔය යූ ටියුබ් ගැන මෙලෝ හසරක් දන්නෑනේ..
ReplyDeleteඅත්හදා බලන්නත් බෑ මගේ මෙගා බයිට් වලට කෙලවෙන නිසා.. :(
මෙගා බයිට් තියෙන දවසක ට්‍රයි කරලා බලන්න...............................
Deleteතොරතුරට ස්තූතියි...
ReplyDeleteපාවිච්චි කරලම බලමු....
Delete