එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, August 17, 2014

Gmail වල අමුනපු ෆයිල් එක ලොකු වැඩිද ? මෙන්න විසදුමක් ...


සුබ දවසක් ...ජීමේල්  වල අපට  අමුණලා   යවන්න   පුළුවන්  ෆයිල්   එකේ   විශාලත්වය  25mb .මේක  ජීමේල්  පාවිච්චි කරන  හැමදෙනාම   දන්නවා.. ..  ඉතින්  25mb  වඩා විශාල  ෆයිල්  එකක්  යවන්න  බැරිද ?    උත්තරය    පුළුවන්  ...  මෙන්න  මේ   විදිහට කරගත්තහම   100 mb  දක්වා  ෆයිල්  එකක්   යවාගන්න   පුළුවන් ....

මුලින්ම   කරන්න   තියෙන්නේ  https://attachments.me/  මතට   ගිහිල්ලා   ගුගල්ක්‍රෝම්   වෙබ් බ්‍රවුසරයට  attachments.me   එක්ස්ටෙන්ෂන්   එක   එකතු කරගන්න........(firefox  වලත්  මේක   වැඩකරනවා...)   මෙන්න   මේ  වගේ

 ඊට  පසුව ,,, ජීමේල්   ගිණුමට  ඇතුළු  වන්න.... එවිට   attachments.me   ... ජීමේල්  ගිණුම   හා  සම්බන්ද   වීමට   අවසර ඉල්ලනවා ... මෙන්න මේවගේ  එතනදී   click to get started  මත  ක්ලික් කරන්න ,,,,,












එවිට   පහත   පරිදි  allow  මත  ක්ලික්   කිරීමෙන්  attachments.me   ... ජීමේල්  ගිණුම   හා  සම්බන්ද   කරගන්න ..  මෙන්න  මෙන්න  මේ  වගේ .....










ඊට පස්සේ   තියෙන්නේ  ෆයිල් share  කිරීමට අවශ්‍ය    cloud storage  එක   ජීමේල්  එක  හා    සම්බන්ද  කිරීමයි ....ඒ  සදහා  අපට  dropbox , box , google drive  , sky drive    යන    cloud storage   යොදාගන්න    පුළුවන් ,,,,  තවම   cloud storage  හදාගෙන   නැති අයට    පහත  ලින්ක්  වලින්   හදාගන්න   පුළුවනි .....
dropbox  සදහා මෙතනින්    යන්න...
box සදහා මෙතනින්    යන්න...
google drive  සදහා මෙතනින්    යන්න...
skydrive  සදහා මෙතනින්    යන්න...

මෙහිදී  මම   යොදාගන්නේ  dropbox  එක   ....... මෙන්න   මේ   වගේ ......

Link your account   මත   ක්ලික්   කරන්න.....












එවිට dropbox  ගිණුමට  ඇතුළු  වීමට ඊමේල්  හා  පාස්වඩ්  ලබාදී ... dropbox   වලට attachments.me  හා   සම්බන්ද වීමට   පහත   පරිදි  Allow  මත   ක්ලික් කරන්න   ....

















දැන්   පහත   රූපය   පරිදි  ජීමේල්  වලට  dropbox  මගින්  ෆයිල්  එකතු කරගැනීමට   පුළුවන්  විදිහට    අලුත්   කොටසක්  එකතු  වෙනවා...   අන්න   එයමත    ක්ලික්   කර   අපට  අවශ්‍ය  ෆයිල්  100 mb  දක්වා  dropbox  මගින්  ,   ජීමේල්  වලට  එකතු  කරගන්න  පුළුවනි ....  මෙන්න   මේ  වගේ ....

  
ඔන්න    ඔය   විදිහට   තමයි  .... අපිට  dropbox   එක  මගින් විශාල ෆයිල් ( 25mb  වලට    වැඩි  ) ජීමේල්  වලට   එකතු  කරගන්න   ;පුළුවනි .... සුබදවසක් ..............
8 Comments
Tweets
Fb Comments

8 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. කියල වැඩක් නෑ..මාරම වැදගත් මටනම් මේ ලිපිය..බොහොම ස්තුතියි..ජයෙන් ජයම වේවා ඔබට !

    ReplyDelete
    Replies
    1. වැදගත්වුනානම් මටත් සතුටුයි ....

      Delete
  2. සුපිරි මම මේ ගැන දැනගත්තේ අදයි තැන්ක්ස් සහෝ

    ReplyDelete
    Replies
    1. අද හරි දැනගත්ත එක ලොකු දෙයක් ..

      Delete
  3. නියම වැඩක් ඒක නම්. (y)

    ReplyDelete
    Replies
    1. ඕව් ඔව් කරලා බලන්නකෝ ...

      Delete
  4. සිරා සිරා ඈ...

    ReplyDelete
    Replies
    1. එහෙනම් කමක් නැහැ ,,ඔයාට වැදගත් නම්

      Delete