එකතු වුන කට්ටිය ........

යාළුවා

Showing posts with label facebook. Show all posts
Showing posts with label facebook. Show all posts

Saturday, December 29, 2012

Google search එකට අහු නොවෙන්න පේස්බුක් ගිණුමේ privacy සෙට්ටින්ග්ස් හදා ගනිමු ....

සුබදවසක්  පේස්බුක්  පාවිච්චි   කරන සහෝදර  සහෝදරියන්ට   වැදගත්    වන    තොරතුරක්   තමයි   ..මේ   අද  ඔයාලට    ඉදිරිපත්  කරන්න  හදන්නේ.....  අන්තර්ජාලය  පාවිච්චි  කරන  අප   හැමෝම   මොකක්  හරි හොයාගන්න  ඕනෑ  වුනහම   කරන්නේ,   අවශ්‍ය දේ   search   එන්ජින්  එකේ   type   කරලා එන්ටර්  කි  එක  ඔබන  එක ... ඒක  හොද දෙයක්   මෙන්ම   ,,නරක   දෙයක්  වෙන්නත්   පුළුවනි  ....

Monday, December 3, 2012

පේස්බුක් චැට් කෝඩ් ලෙහෙසියෙන්ම හදාගන්න...

සුබ දවසක් ...  ටික දවසකින්  පස්සේ තමයි බ්ලොග්   එක  පැත්තට   එන්න   ලැබුනේ .....ඔයාගොල්ල  පේස්බුක්  එකේදී   චැට්  කරනකොට  වැදගත්   වෙන දෙයක්  දෙයක්   තමයි අදත්  ඔයාලට   දෙන්න   හදන්නේ..,,,මේ   සදහා  ඔයාගොල්ල  විවිඩ වර්ගයේ   චැට් කෝඩ්ස්  හා emotions  icons  ,  එක   එක   වෙබ් අඩවිවලින් කොපි කරගෙන  චැට්   එකට   එකතු කරගන්නවනේ නේද ???  ඔන්න   ඔය  වැඩේ     තමන්ට අවශ්‍ය   පරිදි  තමන්ගේ වචනවලින්ම  කරගන්න පුළුවන්   තැනකට  අද අපි   යන්න   හදන්නේ 

Thursday, November 29, 2012

පේස්බුක් ටයිම්ලයින් කවර් පේජ් ලෙහෙසියෙන් හදා ගන්නේ මෙහෙමයි ...

සුබ   දවසක් ,,, පේස්බුක් පාවිච්චි  කරන  අපේ   සහෝදර සහෝදරියන්ට  වැදගත් වන   ටයිම් ලයින්  කවර්  පේජ්  එකක්  ලෙහෙසියෙන්ම  හදාගන්න පුළුවන්  තැනකට   තමයි  අද  ඔයාලව   අරගෙන   යන්න   හදන්නේ ...මේ   සදහා  ලෙහෙසියෙන්ම    පහත  දැක්වෙන  වෙබ්  අඩවියට    ගිහිල්ලා   කරගන්න  පුළුවනි ...රෙජිස්ටර්   වෙන්න  අවශ්‍යත්   නැහැ ,,,

Friday, September 28, 2012

පේස්බුක් notification ටික SMS එකකින් ගෙන්න ගමු ...


සුබදවසක්  හැමදෙනාටම ... ඔන්න  අදත් බ්ලොග්  එක පැත්තට  අවේ ...ඔයාලට  වැදගත්   වන   තවත්  අලුත්   දෙයක් අරගෙන   මේක  අලුත්  කීවට   අලුත්ම   දෙයකුත්  නොවේ ... ඔයාලට  එන පේස්බුක්   notification  ටික SMS  එකකින් බලා ගන්න   පුළුවන්   නම් ,  නිතර  පේස්බුක්  වලට   නොයන   කෙනෙකුට  මේ   ක්‍රමය වැදගත්   වනවා... .. 

Tuesday, September 25, 2012

පේස්බුක් වල අනවශ්‍ය ෆොටෝ ඔයාලගේ වෝල් එකට ටැග් කරනවද ? මෙන්න බේත

සුබ දවසක් ,,  ඔයාලගේ  පේස්බුක්   වෝල්   එකට  යාළුවො  ඔයාගේ ෆොටෝ  ටැග්   කරනවනේ ... ඉතින්  ඒවගේ    වෙලාවට  සමහර  විට  නොගැලපෙන  පින්තුර ( අසබ්‍ය දේවල්   පවා )     ටැග්   කරන්න පුළුවන් , මොකද  ටැග්  කරපු පුද්ගලයාගේ   නම  වැටෙන්නේ නැති  නිසා ..ඉතින්   මේ  වගේ  එකක්  වුන  වෙලාවට ඔයාල   පත්වෙන  අපහසුතාවය  ආයේ   කියල   නිම කරන්න බැහැ නේද? ඉතින්  මේ  වගේ   දෙයක්   මගහැර   ගන්න පේස්බුක්  වලින්ම දීල තියෙන පහසුකමක්  ගැන   තමයි  අද ඔයගොල්ලන්ට  පැහැදිලි   කරන්න   යන්නේ...

Thursday, September 20, 2012

පේස්බුක් එකේ ඔයාගේ යාලුවෙක් ඔයාව unfriend කලොත් ඒ බව ඊමේල් එකකින් දැනගනිමු..


සුබදවසක්  ඔයගොල්ලන්ට ...... සාමාන්‍ය  ජීවිතයේදී  වගේම පේස්බුක්  වලත්  යාළුවන්  එකතුවෙනවා  , අඩුවෙනවා ..ඕක  ඉතින් හැමෝටම පොදු දෙයක් ...සමහර  අය  නොකියාම  අයින් වෙනවා ...සමහරවෙලාවට  අපටත්  නොදනිම .. ඉතින්  මේ වගේ  වෙලාවක  ඊමේල්  එකක් ඒ   බව   දන්වා අපට   ලැබුනොත්  කෙතරම්  වටිනවද ? ඉතින්  මේ  නොමිලයේ   ලබා ගතහැකි ඊමේල් එක  ලබා ගන්න   ක්‍රමය තමයි  අද ඔයාල  කියල   දෙන්න   යන්නේ....මුලින්ම   මේකට  අපට  තුන්වන  පාර්ශවයක   සහය ලබා   ගන්න   වෙනවා....

Wednesday, September 12, 2012

Facebook වල ටැග් කරන පින්තුර Dropbox එකට එකතු කර බැකප් එකක් හදමු....


සුබදවසක්  හැමදෙනාටම ... මුලින්ම  Dropbox   එකක් කියන්නේ මොකක්ද   කියල නොදන්න   අයට   පැහැදිලි  කරන්න යන්නේ..මේකට   කියන්නේ  Cloud storage  එකක්  කියල ...මෙ මගින්   නොමිලයේ  අපට    2.5 ගිගාබයිට්  ගබඩා කිරීමේ  පහසුකමක්  ලබාදෙනවා...ඉතින්   ඩ්‍රොප්බොක්ස්  එකෙන් නොමිලයේ ලබාදෙන පහසුකම   ලබාගෙන ..  අපගේ   පේස්බුක් වල  ටැග්   කරන පින්තුර   , ඩ්‍රොප්බොක්ස්  එකට ඔටෝ  එකතු  කරගන්න   තමයි   අද   අපි   ලැහැස්ති  වෙන්නනේ..
මොකද  අපි  ටැග්  කරන පින්තුර   බොහෝවිට  අනුන්ගේ   ඒවා   නිසා , අයිතිකරු   ඒවා මකා   දැමුවහොත්  අපිටත්   එය  නොලැබී   යනවා..  ඉතින්  ඒකට  පිලියමක්   වශයෙන්  තමයි   ඒවා  අපි   ඩ්‍රොප්බොක්ස්   එකට   එකතු  කරන්නේ .

Thursday, August 30, 2012

පේස්බුක් එකේ යාලුවන්ගේ උපන්දින වලට සුබපැතුම් යවන්න අමතක වෙනවද ? .... එහෙනම් මෙතනට යන්න..

පේස්බුක් එකේ  යාලුවන්ගේ  උපන්දින වලට සුබපැතුම්  යවන්න   අමතක   වෙනවද ?  ගොඩක්   දෙනෙකුට   වෙනදෙයක්    තමයි  ඔය  අමතක   වීම... අන්න ඒවගේ  අයට  තමන්ගේ   යාලුවන්ගේ   උපන්දින   අමතක නොවී කලට  වෙලා වට , තමන් අවශ්‍ය   කරන වෙලාවට  සුබපැතුම  යවා  ගන්න   පුළුවන්  වෙබ් අඩවියක්  ගැන  කියන්න   අද   සුදානම්  වෙන්නේ , නිතර   පේස්බුක්  නොයන   අයටත්  තමන්ගේ  යාලුවන්ගේ  උපන්දින  කලින්   සුදානම්  කරලා   තියල  අවශ්‍ය  දිනයෙදී    යවන්න   පුළුවන් ... මේකට   කියන්නේ birthdayfb.com  කියල ...මුලින්ම   ඉහත  ලින්ක්  එකෙන්  යන්න..


Tuesday, October 11, 2011

පේස්බුක් කොමෙන්ට් ගණන බ්ලොග් පොස්ට් එකේ Title එකට එකතු කරගන්න හැටි - Facebook comment box

සුබ   දවසක්  ...ඔන්න  ආයෙත් බ්ලොග්  එක   පැත්තට   එන්න ලැබුන ..මගේ   මිට  කලින්   පේස්බුක්  කොමෙන්ට්  box  එක ගැන  ලියපු ,  පෝස්ට් එක බලන්න  ඇතිනේ .... නොබලපු   කෙනෙක් ඉන්නවනම්   මෙන්න   මෙන්න මෙතනින් බලන්න.  පුළුවන් ...  ඉතින්   අද   කරන්න   හදන්නේ  ,, පෝස්ට්  එකකට  පේස්බුක්  කොමෙන්ට්   box එක  හරහා  ලැබෙන  කොමෙන්ට්  ගන්න  ,  පෝස්ට් එකේ  title  එකේ    පෙනෙන   පරිදි   බ්ලොගර්  ටෙම්ප්ලේට්   එක  වෙනස්   කරගන්නයි ..මුලින්ම  ,,  බ්ලොගර්   ටෙම්ප්ලේට්  එකේ  වෙනසක්   කරන  නිසා  ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ්   කරලා  බැකප්  එකක්   හදාගන්න.

Friday, October 7, 2011

බ්ලොග් එකට පේස්බුක් comment box එක එකතු කරන්නේ මෙහෙමයි


පේස්බුක් භාවිත කරන හා බ්ලොගර් වලින් බ්ලොග් ලියන අපේ සහෝදර සහෝදරියන්ට පොඩි වැදගත් කමක් ඇති දෙයක් ගැන තමයි .. .. අද අපේ මාතෘකාව.... බ්ලොග් එකට පිවිසෙන පාඨකයෙකුට මෙම පේස්බුක් comment box එක හරහා ලේසියෙන්ම , තමන්ගේ පේස්බුක් ගිණුම යොදාගෙන ප්‍රතිචාර දැක්වීමට පුළුවන් .. මෙහි ඇති තවත් වැදගත් දෙයක් වන්නේ .. බ්ලොගර් වලදී වගේම , කොමෙන්ට් moderation කිරීමේ හැකියාවයි .. ඉතින් අපි දැන් බලමු .. කොහොමද මේක බ්ලොග් එකට එකතු කරන්නේ කොහොමද කියල ....

Saturday, August 20, 2011

පේස්බුක් ෆොටෝ ටික ගූගල් ප්ලස්‌ වලට ගෙනියමු.

  සුබ දවසක් හැමෝටම ,, ඉතින්  අද  අපි මේ කරන්න යන්නේ  ඔයාලගේ  පේස්බුක්  ගිණුමේ  ඇති  ෆොටෝ  ටික  ගූගල්  ප්ලස්‌   වලට    ගෙනියන්නේ  කොහොමද  කියලා .  මොකද  දැන් අපේ   යහළුවන්  පේස්බුක් එකේ වගේම   ගූගල්  ප්ලස්‌  වලත් ඉන්නවනේ.  මුලින්ම   කියන්න ඕනෑ මේක  කරගන්න   ගූගල් ක්‍රෝම්  වෙබ් බ්‍රවුසරය තියෙන්න ඕනෑ.  හරි   දැන් අපි බලමු   කොහමද  කරන්නේ   කියලා
මුලින්ම මේසදහා  ගූගල් ක්‍රෝම්  එක්ස්ටෙන්ෂන්   එකක්   ඩවුන්ලෝඩ්  කරගන්න   වෙනවා .  ඒ   සදහා   මෙන්න මෙතනින්   යන්න.


Thursday, August 11, 2011

Facebook හි බැකප් එකක් ගනිමුද ?

     ඉතින්   සුබ දවසක් ,  හැමෝටම  ,, මේ දවස්  වල  තියෙන   ප්‍රදාන  ප්‍රශ්නයක්   තමයි   තමන්ගේ එකවුන්ට් එක  වෙන කවුරුහරි   හැක්  කිරීම .. ,,  ඉතින් මේවගේ   දේවල්   වලදී  අපට අපගේ  පේස්බුක්  ගිණුමේ ඇති  වටිනා   පින්තුර ,, කොමෙන්ට්ස්  වැනි   දේවල්   සුරැකිව  රැක  ගැනීමට    බැකප්  එකක් ලබා ගැනීම මගින්  පුළුවන් ..  ඉතින්  පේස්බුක්   ගිණුමේ  බැකප් එකක් ලබාගැනීමට   වෙනම සොෆ්ට්වෙයා  මොකුත් අව්ශ්‍ය  නැහැ ..  එය    පේස්බුක්  තුලම  තියෙනවා  . .. හරි  අපි බලමු    කොහොමද   කරන්නේ   කියල
මුලින්ම පේස්බුක්  ගිණුමේ  setting   වල  Account Setting  වලට   යන්න..

  එයින්  ඉහත රූපය  පරිදී   download   copy  කියන එක මත ක්ලික් කරන්න ..  වැඩේ  ඉවර  නැහැ ..තව තියෙනවා ...   ඊට  පස්සේ  එන ස්ක්‍රීන් එකේදී  පාස්වර්ඩ්  එක එන්ටර්   කරලා    continue  මත   ක්ලික් කරන්න.
දැන්  පහත රුපයේ   පරිදි  ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය දේ එක්රැස් කරගැනීමට   start My Archive  මත   ක්ලික් කරන්න ..


දැන් ඔබට පහත රුපයේ පරිදී  ඩවුන්ලෝඩ් කිරීමට සුදානම් වූ පසු එය  ඊමේල් එකට දැනුම  දෙන   බවට  පණිවිඩයක්  ලැබේ  .. එහි   ok  මත   ක්ලික්  කරන්න .

දැන් ටික වෙලාවකට පසු ඔබ පේස්බුක් වලදී  ලෝග්විමට  යොදගන්නා    ඊමේල්  ලිපිනයට ලොග්වී   බලන්න ....   එවිට පේස්බුක්    වලින්    ඔබට    ඩවුන්ලෝඩ්  කිරීමට   පුළුවන්  බව දන්වමින්   ඊමේල්  එකක්  තියෙනවා  .. මෙන්න මේවගේ ..

      රුපයේ   පරිදි කහ පාටින්  හයිලයිට්   කරඇති  ලින්ක් එක  ක්ලික් කිරීම   මගින්   ඩවුන්ලෝඩ්  කිරීම  ආරම්භ කිරීම කලහැක...  දැක්කනේ හරිම සරලයි ..  දැන් තමන්ගේ ආරක්ෂාව   තමන්ම  කරගන්න  ඕනෑ  නිසා .  අදම  පේස්බුක්  වල බැකප් එකක්   මෙවිදිහට   අරගෙන තියා ගන්න ......    සුබදවසක්     .....

Sunday, July 31, 2011

මෙන්න facebook එකට එකවෙලාවේ , එක කොම්පියුටරෙන් දෙන්නෙක් ලොග් වෙලා.........

 
                  අම්මෝ   මේ මාතෘකාවේ දිග  ? ... ..  කලබලවෙන්න එපා  අද තියෙන්නේ බොහොම සිම්පල් ප්‍ලෑන්  එකක්...  මුලින්ම මේකට අවශ්‍ය වෙනවා ,,  ගුගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය ...දැන්    ගුගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය  ගොඩක්  දෙනක්  පාවිච්චි කරනවානේ....ඉතින් අපි මුහුණු පොතට එක වෙලේ   ඇතුළු   වන්න හදන්නේ   මේ ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය තුල තිබෙන  එක්තරා පහසුකම්ක්   යොදාගෙන. පොඩ්ඩක්  බලමු  මොකක්ද මේ කියල ?

Monday, July 18, 2011

Google+ වල ඉදන් facebook වල වෝල් එකේ ලියමු

       ඉතින්  කොහොමද  ඔයගොල්ලොත්  Google+   වලට එකතු වුනාද ?  නැත්නම්
තවම ඉන්විටේෂන් එනකන් බලන් ඉන්නවද?   ඉතින්  අපේ යාලුවෝ Google+   වලට  අලුත් නිසා  තාම මේකට එකතුවෙන්නේ  හිමිහිට ,, ඒ මදිවට  ඉන්විටේෂන්
එහෙමත්  තාම  සීමා කරලනේ ..... 

   ඉතින් ඒ නිසා අපේ  පේස්බුක්   යාළුවන්ට   දැන  ගන්නට   ගූගල් ප්ලස්‌  වල ලියන දේවල්  පේස්බුක්   වල  වෝල්    එකට එකතු  කරමු ....  මෙයට ක්‍රම ගොඩක් තියෙනව .. මෙය තව එක ක්‍රමයක්  පමණයි..  හරි   අපි මෙහෙම කරමු ......

Tuesday, July 12, 2011

facebook fan පේජ් එකට වෙබ් අඩවියෙන් ලිපි ගෙන්නමුද?

               සුබ දවසක් හැමෝටම  ,,  පසුගිය   දවසක   facebook fan පේජ්   එකක් හැදුවා මතක ඇති.. මතක නැති අය  ආපස්සට ගිහිල්ල බලලා එන්න.. ඉතින් අද ලැහැස්ති වෙන්නේ , ඒ  හදපු   fan පේජ්  එකට   වෙබ්  එකේ පල කරන  ලිපි එකතු කරන්නයි.  එතකොට  fan පේජ්  එක බලන  යාළුවන්ට  ඔයාගේ  වෙබ් එකේ  අලුතෙන් පලකරන ලිපි  උණු උණුවෙන්  බලා ගන්න  පුළුවන්. ... එතකොට  ඉතින්  වෙබ්සයිට්  එක බලන අමුත්තෝ  ප්‍රමාණය  එහෙම  වැඩිවේවි .....  
   හරි  අපි දැන්   බලමු   මේක කරගන්නේ කොහොමද කියලා.......
 මේ වැඩේට වෙනත් ක්‍රම තියෙන්න පුළුවන් ,,, මෙතැනදී  අපිට උදව්  වෙන්නේRSS Graffiti  "  කියන  facebook  ඇප්ලිකේෂන්  එක .... කෙටියෙන් කිව්වොත්  අපේ වෙබ්සයිට් එකේ පල කරන  පොස්ට්  පේස්බුක් වෝල්  එකට ගිහිල්ලා පල කරන්නේ මෙයා තමයි..
          මුලින්ම  https://apps.facebook.com/rssgraffiti/    වලට   යන්න    එහාකොට  මෙන්න මෙහෙම රූපයක්  එනවා,

              මෙහි "click here to  authorize " RSS Graffiti  "    මත  ක්ලික්   කරන්න  .... 
   දැන්  පහත රුපය බලන්න...

    
    මෙහිදී  RSS Graffiti   ඔබගේ  පේස්බුක්  ගිණුමේ  දත්තයන්ට  ඇතුළු වීමට  අවසර ඉල්ලයි. මෙහිදී   allow  මත ක්ලික් කරන්න.... පහත   රූපය   බලන්න..

   
         දැන්  RSS Graffiti  මගින්   fan පේජ්  එක හදුනාගෙන ඉවරයි.   ඒබව  Status : Configured  මගින් දිස්වේ.
  දැන්   Add Feed  මත   ක්ලික් කරන්න.
    එවිට   ලැබෙන්නේ  මෙහෙමයි .........

       මෙහිදී  Feed URL :  වලට   බ්ලොගර් වලින් ලියපු වෙබ් එකක් නම් 
උදා:
            http:// yourbogname.blogspot.com/rss.xml       ලෙස දෙන්න.  මෙහි 
   yourbogname  කියන   තැනට  ඔබගේ  වෙබ් අඩවියේ නම ඇතුලත් කර     Feed URL  එක  ලබා ගන්න    
 ඊට පසුව Source  Name  :   කියන තැනට   වෙබ්   අඩවියේ  නම ඇතුලත්   කරන්න...
   ඊට පසුව ඇති Source URL :    හිස්ව  තබන්න..
ඉන්  පසුව ඇති Style  එකෙන්   Standard   තෝරාගෙන   ,,,,, අවසානයේ   පිටුවේ උඩ  දකුණු අත පැත්තේ   ඇති  Save 
මත   ක්ලික් කරන්න..   හරි  දැන්  අවශ්‍ය වැඩකටයුතු   ටික   හමාරයි  ....    ඔයාලත්  කරලා බලලා ....  තව  අලුත් දේවල්  මටත් කියන්න ..     
               

Friday, July 8, 2011

facebook fan page එකක් හදමු

ඉතින් අද ඔය ගොල්ලන්ට කියලා දෙන්න යන්නෙ fan page එකක් මුහුණු පොතේ හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම කියන්න ඕනෑ fan page එකක් හදන්නට නම් facebook ගිණුමක් තිබිය යුතුමයි.දැන් කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් " මොකක්ද මේ fan page එකක් කියන්නේ කියලා "
මුලින්ම ඒ ගැන කියලම හිටියහම හරිනෙ....
මේකට සරලම අර්ථය යම්කිසි දෙයකට ( උදා: වාහන , පුද්ගලයන්, ව්‍යාපාරික,විනෝදාත්මක)
කැමති පිරිසක් එකතුකර ගැනීමට facebook හි සාදාගන්නා පිටුවක්.. .. මම කිව්වේ සරලම අර්ථය ...
තවත් හොද අර්ථයකතන තියෙනවා නම් මටත් කියන්න හොදේ..
මම උදාහරණයට ගත්තේ වාහන , පුද්ගලයන්, ව්‍යාපාරික ,විනෝදාත්මක වැනි දේවල් ටිකක් විතරයි.
තව ගොඩක් උදහරණ තියෙනවා fan page වලට යොදා ගන්නා. මෙහිදී තමන් සාදා ගන්නා fan page එකට
කැමති පුද්ගලයන්ට එහි ඇති like බට්න් එක මත ක්ලික් කර එයට කැමත්ත ලබාදේ. ඒක සරල පැහැදිලි
කිරීමක් විතරයි.
.....හරි දැන් අපි fan page එක හදමු............................

  1. මුලිම තමන්ගේ facebook ගිණුමට ලොග් වෙන්න
  2. දැන් පිටුවේ පහලට ගොස් " Create a Page " මත ක්ලික් කරන්න .. එවිට එය පහත පරිදි වේ.