එකතු වුන කට්ටිය ........

යාළුවා

Showing posts with label කියන කතා. Show all posts
Showing posts with label කියන කතා. Show all posts

Sunday, September 8, 2013

2013 මේ අය බ්ලොග් ලිව්වද " මොකද වුනේ " ?????????? ( මාත් ඇතුළුව )

2013    අවුරුද්දත්   දැන්  ඉවර   වෙන්න    ලගයි  ....    තව   මාස තුනක්   විතරයි    ගෙවිල    යන්න     තියෙන්නේ ...... ආපහු හැරිලා  බලනකොට   කරපු  දෙයකුත්  නැහැ  කාලෙත්  ගිහිල්ලා ...බ්ලොග්    අවකාශයේත්  පොඩි පොඩි  වෙනස්  කම් වෙලා...මට   බ්ලොග්   වලට    ගොඩ   වදින්නට    බැරිවුණු   මාස    පහ හයට . අලුත්   අය   ඇවිල්ලා  .... පරණ  සමහර    අය   ආගිය  අතක්  නෑ .  මාව    දන්න    අය  අහන   ප්‍රශ්නයක්   තමයි   පහුගිය   කාලේ  " මොකද   වුනේ  "  කියන   එක ...සමහරු  බ්ලොග්  එකටත්    ගොඩවදින්න   බැරි   මට්ටමක්  තිබ්බලු ..... මම  දන්නනෙත්   නැහැ ... මොකක්ද  මටත්   බ්ලොග්    එකට     තියා   ඉන්ටෙර්නෙට්  වලට    ලොග්   වෙලා  මේල්  ටික  බලන්නවත්   පහුහිය     දවස්   වල  වල    වුනේ    නැහැ ..ඒ  ඉතින්  රැකියාව  සදහා  විදේශ  ගත  වෙන්න    සිදුවුණු     නිසා..........
              ඒත්   කොහොම    හරි   රැකියාවට    පිටත්   වෙන්න    කලින්   දඩි බිඩියේ   පොස්ට්   පොස්ට්  පහ  හයක්  ලියල   ඒවා  මාසෙකට    එකක්   වගේ   ඔටෝ පබිලිස්   වෙන්න   දාල    තමයි   මම   ලංකාවෙන්   පිටත්   වුනේ ...ඒව     තමයි   ඔය  " අවාරෙට  පොල් වැටෙනවා   වගේ  "  ඉදහිට    බ්ලොග්    එක  පාලුවට    නොගිහින්   තියාගත්තේ...  ඉතින්   මම  නැති  අතරේ   බ්ලොග්    එකට ගොඩවැදිලා  ...ගිය   හැමෝටම    බොහොම   ස්තුතියි  කිව්වා......

ඒ    අතරේ   බ්ලොග්     අවකාශයට    හැමදාම  දකින  පරණ  මුහුණු  අතරට  අලුත්  මුහුණුත්    එකතු   වෙලා.....පරණ  ලිව්ව  සමහර  අය  ලිවිම   නතර    කරලා   දාලා .....සමහරු   පුරුදු    පරිදිම   ලියනවා ......මට   හැගෙන    විදිහට බ්ලොග්   එකක්   පටන්  ගත්තට    ඒක    දිගටම   පවත්වා     ගෙන    යන    එක    තමයි   අමාරු .....බොහොම   අමාරුවෙන්   අටෝ  ගත්ත    බ්ලොග්   එක  ටික    දවසක්     යනකොට   නවත්වල  දානවා....හුගක්  වෙලාවට     බ්ලොග්  ලිවිල්ල   නවත්වල  දාන්න   ගොඩක්   හේතු    බලපානවා....  බලන්න   ඔයාලටත්     මේවා    බලපෑවද     කියල...


  •       රැකියාවේ   ඇති  අවිවේකි    බව..........
  •       කලකිරීම   සමග   මොරාල්   එක   අප්  නොවීම -    ලියන     දෙයට   ප්‍රමාණවත්  ප්‍රතිචාර   නොලැබීම ...
  •      ජිවිත ගමනේ   යම් යම්  වෙනස්කම්  වලට   හාජනය   වීම ....
  •   මෙන්න අන්තිම   එක   " කම්මැලිකම " ....ගොඩ   දෙනෙකුට  නම්   මේක   බලපානවා   හොදටම...

    ඔන්න    මටනම්    බ්ලොග්   එක   පෙර   පරිදි  අප්ඩේට්   කරගන්න  බැරිවුනේ  ඔන්න   ඔය   උඩින්ම    තියෙන   පලවෙනි     හේතුව....  කොහොම    නම්  දිගටම   බ්ලොග්  ලියාගෙන  අපු  මේ  පහත  ඉන්න  අය හිටිහැටියේම  බ්ලොග්  ලිවිල්ල  නතර  කරලා  දල......මේ ගොල්ල්ලන්ට  මොකද   වුනේ?????

මෙන්න   පළවෙනිය .......
ආච්චි මරන්ඩද යකෝ යන්නේ....    මෙහෙම    කියවේ මමනම්   නෙවේයි  අපේ   මදුරංග   මලය ...එයයි  මලයයි    එකතු   වෙලා තමයි  කට්ටිය   කියන  මේ   වැඩේ    කරන්න    ගිහින්    තියෙන්නේ ......එයා   ඒකෙම  ලියල    තියෙනවා   බ්ලොග්   ලිවිල්ල  අත ඇරලම   දාල පුර්ණ  කාලීන  බ්ලොග්    කියවන්නෙක්   වෙලාලු....  හැමෝගෙම    බ්ලොග්  ටිකනම්   බලනවලු ....අනේ   මන්ද?

මෙන්න   දෙක ...
31 රෑ මොකෑ කරන්නේ...
      දෙසැම්බර්  31  කරන්ඩ  කරන   දේවල්  දෙසැම්බර්  13 වෙනිදා   අපෙන්    මෙයා   අහනවා ......ඊට පස්සේ   2013  මොකුත්ම    ලියල   නැහැ .... .... අර  කනිෂ්ක  එක්ක  හිරේ   යන්න   ආසාවක්   තිබ්බ   කියල   පහලින්    ලියල      තිබුන   වගේ   මතකයි...ඒ ආසාව වත් ඉටුවුනාද?.

මෙන්න   තුන්වැන්නා....
අවුරුදු උත්සවයක ආතල් සිද්ධි
  වල වලට තමන්ගේ  නැන්දගේ  දුවත්  එක්ක  පැමිණි   මඩිස්සලේ   නිෂාන්  එදයින්  පස්සේ   අතුරුදහන්   වෙලා    කියල    තමයි තතු   දන්නෝ   කියන්නේ.......  මමනම්  දන්නේ මොකුත්ම   ඕව   ගැන..........

 මෙන්න    හතර .....
ඈ දීගෙක ගියාය.....

   ඇය  මෙහෙම   කිව්වේ   තමන්ගේ  කුඩා කාලයේ   හොදම    මිතුරියක්‌ ...  සරසවියේදී     හොදම     මිතුරියවී ,  ඇය   දීගෙක   යන  දවසේ ......නමුත්    දීගෙක  ගිය  මිතුරිය  තවමත්   බ්ලොග්    ලියන  නමුත්   ඇයව  හදුන්වා  දුන්  "නිසුගේ  කතා   ලියු    නිසුපා "   කාටත්    හොරෙන්ම     දීගෙක    ගිහින්ද??????

මෙන්න   පස්වෙනිය ....
    ලංකාවෙන් යැංකි රටට -අන්තිම ටික 
           මෙයා  ලංකාවේ  ඉදල  යැංකි   රටට  රස්සාවක්  කරන්ඩ  ගියේ   යන  අතරේ    ගුවන්   තොටුපොළේ රසවත්  සිද්දී  ලියුවා  මතකයි   .. ඊට   පස්සේ  මොකදවුනේ  ..යැංකි   රටට කියල වෙන රටකට වත්   ගොඩ  බැහැලද  ?  ,,,,,,  

මෙන්න    හය .....
   නික්ම යෑම ......
      බොහොම   සවේදී   සටහනකුත්  එක්ක  ....ඇය  ඇයගේ  නික්ම යෑම    සටහන්   කරලා   තියෙනවා.......    මෙය   තාවකාලික    සමුගැනීමක්ද???///

මෙන්න    හත .....
බ්ලොග් එකට page- navigation එකක් එකතු කරමුද?
  කිව්ව  මෙයාට  අලුතෙන්ම   රැකියාවක් සදහා   යොමුවෙන්න  සිදුවුනා  ....එදා  ඉදන්    බ්ලොග්   එක    ලියන්න  වෙලාවක්   නැහැ....මොනවා  හරි  කුරුටුගාන්න  ඔන්න   ආයෙත්   කාලය  ඇවිල්ලා   මල්ලි...

මීට  අමතරව   මේ  දවස් වල   බ්ලොග්   වලට   තිත   තියල   ඉන්න    ඇය  ඉන්නවනම්  පහලින්   ඇති  ප්‍රතිචාර  තීරුව    මගින්  තමන්ගේ   හපන්කම්  එලි   කරන්න   පුළුවනි.........

------------------මොරාල්   අප් වේවා...   බ්ලොග්  නැවත  ලියවෙවා.............................................

 

Wednesday, February 6, 2013

අවුරුද්දේ මුල්ම තෑග්ග .........

   "  පුතේ    මේ  ෆෝම්  එක  ග්‍රාම  නිලධාරි   මහත්තයා   ඉන්න   ගෙදරට    ගිහිල්ලා  අත්සන්  කරන් එන්න  පුලුවන්ද?  "

 කොහොමටත්  සෙනසුරාද  උදේට    වැඩියෙන්   ට්කක්  නිදාගන්න  මට  අම්ම    කතා කරපු   එක  ඇහුනේ  හරියට   හීනෙන්  වගේ   .. සතියේ   දින  පහේම  බස්  ,කෝච්චි  වල  හෙම්බත්   වෙලා   සෙනසුරාද   දවස   එනකන්  අප     ඇගිලි  ගැන ගැන.... බලාගෙන    ඉන්නේ... අවුරුදු  ගානක්ම   කෝච්චියෙන්   පාසැල්  ගිහිල්ලා  ...ඊට‍   පස්සේ  සෙට්  වුන ජොබ් එකත් ..  ඉස්කෝලේ   ගියා   වගේ   කොච්චියෙන්ම    යන   ගමනක්ම  වුණා ..

"කෝ  පුතේ   ඔයා   තාම  නිදිද ?  "

"නෑ  අම්මේ   මම  දැන්  යන්න   ලැහැත්ති  වෙනවා  ...  "

පොඩි  බොරුවකුත්   අම්මට  කියාගෙනම   තමයි  ඇදෙන්  බැස්සේ.  අම්ම  මම  ගැන   දන්නා  නිසාමද    කොහෙද කාමරය  ලගටම  ඇවිල්ලා  දොරටත්  තට්ටුවක්  දැම්මා..


"හරි   අම්මේ  තව  විනාඩි   පහක්‌  මට   දෙන්ඩෝ "

දඩ  බඩ  ගාල  දතකට  මැදගෙන   , අලුත්  ටී  ෂර්ට්   එකකුයි   ,,  ඩෙනිමකුයි   ඇදගෙන   එලියට ආවා ...

"හරි   එහෙනම්  මම   ගිහින්   එන්නනම් "      කියලා   පැත්තක    තිබුන   මෝටර්  පුටාර්  එකට   ගොඩවුනා
යතුර  දාල   තුන්  හතර   පාරක්  කික්   කලත්   ,,ස්ටාර්ට්  වෙන  පාටක්  නම්  අහලක  වත් නැහැ ...කික්  කරලම   එපාවුණා   ,, ඒ   මදිවට  ඇගට  දාඩියත්    දාල ...  මොනවා   කරන්නද   ගමන   යන්නත්  එපායැ ..
 යතුර   අරගෙන   පැට්රල්  ටැංකිය  ටැංකිය  ඇරලා  බැලුවා  ...බඩු  තියෙනවද   කියලා  ....ඇති  යාන්තම්    පැට්රල්   නම්   ඇති   පදමට   තියෙනවා  ..... ඊට  පස්සේ   ප්ලග්   එක  අඩුවක්   අරගෙන  ගලවාගෙන ,, වැලි  කඩදාසියක් අරගෙන  සුද්ද  කරලා  ආපහු  දැම්මා ..  මේ   පාර  ස්ටාර්ට්   වුනේ  නැත්නම්   ගමන     පයින්  යන්න    හිතාගෙන ..... අන්තිමේදී    දෙපාරක්   ,, තුන්පාරක්   කික්  කරනකොට    වැඩේ   හරිගියා  ......බඩු  ස්ටාර්ට් .

" අම්මේ  මම  යනවා     වැඩේ  හරි   "   

"පරිස්සමෙන්   යන්න  පුතේ   අදකාලේ  දන්නවනේ "


විනාඩි  දහයෙන් මට     ග්‍රාම    නිලධාරි   මහත්තයාගේ   ගෙදරට     යන්න   පුළුවන් වුනා.. .. හොද වෙලාවට 

 ග්‍රාම    නිලධාරි   මහත්තයා  එදා  උදේ  ගෙදර  හිටියා ,,,අම්මගේ  ෆෝම්  එකට  අත්සන  ගහන්න  වැඩි  වෙලාවක්   ගියේ   නැහැ ....උන්නැහැ     එක්ක පොඩි   කතාවකුත්     දලා   ගෙදර    එන්න    මෝටර්  පුටාර්  එකට   නැග්ග  විතරයි ,,කොහෙද  ඉදන්  මතුවුණු   වල් කැහැටු  බල්ලෙක්   එකපාරට  මගේ    කකුල   හැපුවා ..කොහෙන්   ආවද  මන්ද      පිටු පස්සෙන්    ඇවිල්ල  වම්  කකුලේ   විලුබ  හරියෙන්     තමයි  මේකා   ඇල්ලුවේ ......!  බුරන   බල්ලා  හාපා  නොකයි ! කියලා   කියමනක්  තියෙනවනේ   ඒවගේ   මේකත්   හිමීටම   ඇවිල්ල    තමයි   වැඩේ  දුන්නේ ... මට    හිතන්නේ   මම    ඇදගෙන    හිටිය
  රතු  පාට    ටී  ෂර්ට් එක  හින්දා   මාව   උගේ     ටාගට්  එක    වුනාද   කියලයි ....කරන්න   දෙයක්     නැහැ    දැන්  වුනදේ   වෙලා   ඉවරයි ...කලිසම්    උස්සලා   බලද්දී   පොඩි  දත්  පාරකුත්   වැදිලා  තිබුන..
ග්‍රාම  නිලධාරි   මහත්තයා   නම්   කිව්වේ   ඒ   බල්ලා    ගෙදර   බල්ලෙකුත්    නොවන   බවයි ....එහාටත්   කොහෙන්ද   ආපු  බල්ලෙක්    කියලා   තමයි   කිව්වේ .. එතනින්    එහාට   බල්ලාගේ    ජාතකේ   හොයන   එක  වැඩක්  නැතිනිසා    එතනින්ම   හොදට    සබන්  දාලා   තුවාලේ    හෝදගෙන ,  යාලුවෙකුත්  එක්ක  ලගම   තියෙන    රජයේ   රෝහලට  ගියේ     ගෙදර   අයගෙන්   තිබුණු   බල  කිරීමත්     එක්කමයි ....  පිස්සු  බල්ලෙක්ගෙ   තියෙන  තියෙන    හැසිරීම නම්  ඒ    බල්ලාගේ   තිබුනේ   නැහැ  ...කෝකටත්    හොදයිනේ     ගිහිල්ල   බලන   එක  තමයි   හැමෝගෙම  මතය ....

ගිය   ගමන්ම  ඉස්පිරිතාලෙන්  කිව්වේ  බල්ලට  පිස්සු බලු  බේත්   විදපු  පොත  අරන්   එන්න   ...නැත්නම්   බේත්  කෝස්  එක    විදින්න   වෙනවා   කියල ......ඒ   බල්ලට  මොන   බේත්  විදපු  පොත්ද  මම  හොයන්නේ ,,  වෙන   කරන්න  දෙයක්    නැහැනේ     බේත්  කෝස්  එක    එක  විදගන්නවා     කියන  එකට   මම හිත   හදාගත්තා ...  මුලින්ම  විද්දේ     පිටගැස්මට   එකනම්    එච්චර   අවුලක්  නැහැ,,,ඊට   පස්සේ බේත   ඇලජික්    වෙනවාද  එහෙම    කියලා   බලලා  ,   හරිම    කරුනවන්ත  නර්ස්  නෝනා    කෙනක්  ,

  "ඔය පිස්සු  බලු  බේත්  විදින්න   ඉන්න  කෙනා  අර  ඇදෙන්  හාන්සි  වෙන්න "


 "ඇයි  මට  ඇදේ  හාන්සි   වෙන්න  කිව්වේ  ඕක  මෙහෙම  ඉදන්  විදින්න  බැයිද ?"


මටත්   කට තියාගෙන  නිකන්  ඉන්න   බැහැනේ    ....කකුලත්  ටික  අදුම්කන්න   අරගෙන    තිබුන

කාරුනාකරලා   ඇදේ  හාන්සි   වෙන්න  , මේක   විදින   විදිහ  තමයි  මේ   "  එතන   හිටිය   වයසක   පහේ   නර්ස්   නෝනා    කෙනෙක්  ... ,,,
වෙන   දෙයක්  වුනාවේ  කියල   මම   බේත්  සුවද  හමන    ඇදේ  හාන්සි  වුනා ,,

මුලින්ම  තුවාලය  වටා  සුද්ද  කරපු    කරපු   නර්ස්  නෝනා    හරි  සර්  දැන්  විදින්න   පුළුවන්   කියලා කිව්වා ..
එතනින්  පස්සේ   තමයි  මට   දවල්  තරු  පෙනෙන්න  ගත්තේ ...
මුලින්ම  බේත  විදිදේ  තුවාලය   වටේට ,, රවුමට  අටපොලකටම   ,,, තුවාලයක්  වෙලා  තියෙන   තැනක  තවත්  කටු  අනින කොට , තියෙන  අමාරුව නම්  කියල වැඩක නැහැ  ...මම   දොස්තර  මහත්තයට  බැන්නේ  නැති  ටික විතරයි ..බොහොම  අම්මරුවෙන්  ඉවසන්  හිටියේ ..ඊලගට   උරහිස්    දෙකට  ඉන්ජෙක්සන්  දෙකක්  විද්ද  ...

"කකුලේ  කලවා  දෙකටත්  දෙකක්  විදින්න   තියෙනවා  කරුණාකරලා   ඔය කලිසම    පල්ලහට  දාන්න "

මේක  ඇහුණාම  මම   තවත්  අසරණ වුනා ....ඇයි  වාට්ටුවෙන්  එකයි  සෙනග  .. මුනට  හීන්  දාඩියත්  දාල ..මමත්  කරගන්න  දෙයක්  හිතාගන්න  බැරිව  හිටියේ ...

"අපි  ඕව ඕන තරම්   දැකල   තියෙනවා මෙන්න මේක   ඇදගෙන  කලිසම   පල්ලහට  දාන්න  අපිට  තවත්  වැඩ   තියෙනවා  "  
  ආයෙත්   එතනට  ආපු  වයසක  නර්ස්  නෝනගේ    හඩට  මට   කීකරු  වෙන්න     සිද්දවුනා .... තට්ටමට  කිව්වට  බල  නහරයකට  මන්ද  හොද  ලොකු   කටුවක්  ඇති   ඉන්ජෙක්සන්  දෙකක්  කකුල්  දෙකටම ...ඊට පස්සේ  බේත්   ඇලජික්  වෙයිද   බලන්න   තව   පැය හාගයක්‌   විතර  එළියේ   බැංකුවකින්  ඉන්නලු ...මුළු  ඇගම  රිදෙනවා  ,,,බේත් විදලම  ..,,මගේ   යාළුවා  මම  වින්ද   දුක   දැකලමද   කොහෙද  කැන්ටින්  ඒකෙන  මට  බොන්න   කිරි  එකකුයි  , ක්‍රීම්  බනිස්   ජෝඩුවකුයි ගෙනත්  දුන්න ...ඒකත්   බැංකුවේ  ඉන්න  ගමන්  වගකියල  දැම්මා..

 ඊට   පැය  හාගයකයට පස්සේ  ගෙදර  එන්න  අවසරේ  ලැබුන ...එක්කන්  ගිය  යාලුවට  මෝට පුටාර්  පදින්න  දන්නෙත්  නැහැ.... මොනවා   කරන්නද   බොහොම  අමාරුවෙන්  යාලුවත් ගෙදරට   බස්සල   ගෙදර ආවේ ඒ  තරමට   ඇගට  ආමාරුයි .. ඔහොම ගෙදර   ආපු  මට  පසුවදා  වෙනකොට  පහුවදා   වෙනකොට   කකුල  වෙනකොට කකුල  බිම  තියල ඇවිදින්නවත්  බැරි  තරමට ආමාරු   වුනා ..ඒ   මදිවට ඇගටත්  උන   ,,,,,දවස්   හතක්  යනකන්  ඇදටම  වෙලා  ඉන්නවුනා...  අවුරුද්ද   මුලින්ම   ජොබ්   එකේ වැඩත්  ගොඩ  ගැහිලා  තිබුනේ ...මොනවා   කරන්නද    කරන්නද   අවුරුද්දදේ     මට   හම්බ වුනු    මුල්ම   තෑග්ග ලැබුනේ   ඔන්න   ඔය  විදිහටයි ,,,, හෙට තවත්  බේත් සෙට්  එකක්  විදින්න   තියෙනවා   ඒකයි  මේ   ටිකත්   මෙහෙම  ලියන්න  හිතුනේ..





Saturday, December 15, 2012

කවුද අනේ " මක බාස් "


ලෝක විනාසේ  අද  වෙයි  ..හෙට   වෙයි  කිය කියා  හැමෝම   බලාගෙන හිටියත්  ඒකත්  ඒකත්  එහෙම   වෙනදෙයක්  නොවෙයි   වගේ ...ඔන්න  ඔය  සන්තෑසිය  ගැන  මම  පොඩි  පහේ   මනෝ පාරක්  දාගෙන  කාමරයේ  ඉන්න වෙලාවේ    අපේ   මෑණියන්දෑ  කඩා   පාත්වුණේ     වුනේ    නැතෑ    කාමරයට.....

"අනේ ඇත්තට  උබට මේ  මොකක්   වෙලාද   මන්ද    ගෑනු දැරිවියෙක්   ගෙටවෙලා  වගේ   ඕක   අස්සටම   වෙලා   ඉන්නේ "
"උබ   හැමවෙලේම  ඕකටම  වෙලා   ඉදල  මොකක්   හරි     ලෙඩක්    හදාගන්නවා"  ...
" අනේ   මන්ද   උබලට නම්   මේවයේ   ගානක්   වත්   නැහැ දැන්    කාලේ හැදෙන  එවුන්  හැම  එකාම මෙහෙමද  මන්ද "  .......