එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, February 26, 2013

වෙබ් පිටුවක් pdf එකකට හරවන්න මෙන්න හොද ඔන්ලයින් ටුල් එකක්

සුබ  දවසක්  .... ටික  දවකින්  මේ  පැත්තට   එන්නත්  බැරි   වුනා... ඔයාල   වෙබ්   පිටුවක්   pdf    බවට    පත්කර  ගන්න   විවිධ   දේවල්  පාවිච්චි  කරනවා  ඇති....සමහර සොෆ්ට්වෙයාර්  පාවිච්චි    කරගන්න    ඒවා   ඉන්ස්ටෝල්  කර කර  දගලන්න   වෙනවා ...ඉතින්    එහෙම   කරදර  නැති   ඔන්ලයින්    ටූල්  එකක් තමයි     අද   ඔයාලට   ඉදිරිපත්  කරන්න   හදන්නේ...

Saturday, February 23, 2013

Signup නොවී ඔන්ලයින් විශාල ෆයිල් යවන්න මෙන්න බඩු ...

ඊමේල්  එකකට  ෆයිල්  එකක්  අමුණලා    යවන්න   ගියහම  තියෙන   කරදරය   ඔයාල දැනටම  අත්විදලා  ඇති . 25 mb  වගේ   ඉතාම  පොඩි  ප්‍රමාණයක  යුතු  ෆයිල්   තමයි   සාමාන්‍යයෙන්   ඊමේල්  එකකට  නිදහසේ  අමුණලා   යවන්න   පුළුවන්..  මේ   වැඩේට   හොද  පිලියමක්   තමයි  cloud storage  එකක්   හරහා  ෆයිල්   එක  ඊමේල්   එකට   attach   කරන   එක ..මේකටත්  මුලින්ම  එකවුන්ට්   එකක්  හදල  Signup  වෙන්නත්  ඕනා.   අද  ඔයාලට   හදුන්වලා   දෙන්න   යන  මේ  වෙබ්  හරහා   කිසිම   Signup  වීමකින්   තොරව   ෆයිල්   හුවමාරු   කරගන්න   පුළුවනි ..මේවයේ   එකිනෙකට  වෙනස්  දේවල  වලින්   තමන්ට  වඩාත්   සුදුසු  එක  ඔයාලම   තීරණය   කරන්න...


Tuesday, February 19, 2013

pdf ෆයිල් එකක් word ෆයිල් එකකට හරවගන්න මෙන්න සුපිරි බඩු.....


   pdf   ෆයිල්   එකක්   word     ෆයිල්   එකකට  හරවා  ගන්න   ඔයාල  මේ   වනවිට  නොයෙකුත්  සොෆ්ට්වෙයාර්  ,  ඔන්ලයින්  ටුල්    එහෙම   හාවිතා  කරනවා  ඇති ..නමුත්  ගොඩක්  එහෙම    තියෙන ගොඩක්    සොෆ්ට්වෙයාර්  , ටුල්   වලින්   pdf   ෆයිල්   එක   word    ෆයිල්   එකකට   හරවා    දුන්නට  ,  ආපසු  එම  word   ෆයිල්  එක   එඩිට් කරගැනීමට    අවශ්‍ය  වුනොත්   එය  අපට  පහසුවෙන්   කරගැනීමට  බැහැ .. මෙන්න  මේකට  හොදම    විසදුමක්  තියෙන  සොෆ්ට්වෙයාර්  එකක්   අද   ඔයාලට   හදුන්වලා   දෙන්න  යන්නේ...

Saturday, February 16, 2013

ඊමේල් එකට අමුණන pdf file එක ලොකු වැඩිද ? compress කරමු ..

  සාමාන්‍යයෙන්     pdf ( portable  document  format )   එකක්  ,  ඊමේල්   එක්ක    attachment    එකක්   විදිහට   විදිහට   එකතු  කරන්න    ඔබට   සිදුවී  ඇති  ,  එවැනි  වෙලාවක  යම්  විශ්ලත්වයක්  ඇති  මේ   pdf  file එකක්  විශාලත්වයෙන්    අඩු   කරගන්න   ( compress  කරගන්න   )   පුළුවනි  නම්  එය  ඔබට  මෙන්ම  , ලබන්නාටත්  සහනයක්   වේවි .මේ  විදිහට   pdf   එකක්    compress   කර  ගන්න   පුළුවන්   අපට   නොමිලයේ   හම්බවෙන  සොෆ්ට්වෙයාර්   එකක්  අද    ඔයාලට    අරගෙන    ඇවිල්ලා  තියෙන්නේ ...


Friday, February 15, 2013

නොමිලයේ වීඩියෝ එකකට ලෝගෝ එකක් එකතු කරගන්න ඕනද ? මෙන්න බඩු ..


සුබ දවසක් ..කොහොමද  ?  හොදින්  ජීවිතය  ගෙවීගෙන  යනවා  නේද?    අදත්  බ්ලොග්  එකේ   සහෝදර   සහෝදරියන්ට  ගෙනාවෙත්   පොඩි සොෆ්ට්වෙයාර්  එකක් ...මේකෙන්   නොයෙක්  වැඩ  ( video  conversion )   කරගන්න  පුලුවනි    ,, නමුත්  මටනම්  මේක    ගොඩක්  වැදගත් වුනේ  මෙය   හරහා  වීඩියෝ එකකට ලෝගෝ එකක්  එකතු  කරගන්න   ලේසියෙන්ම  පුළුවන් නිසා .

Sunday, February 10, 2013

නොමිලේ ඔන්ලයින් ගේම් ගහන්න කැමතිද ... මෙන්න තැන් ...

සුබදවසක්  ඔයාගොල්ල   හැමදෙනාටම ... ඔන්‍න‍    ඔන්ලයින්   game   ගහන්න  කැමති   අයට  හිතේ  හැටියට game   ගහන්න  පුළුවන්   තැන්  ටිකක්    අදත්  අරගෙන  ඇවිල්ලා   තියෙන්නේ ...  ඔන්න    තමන්ට   කැමති තැනක්  තෝරාගන්න  පුළුවනි ... ආයේ ඩවුන්ලෝඩ්   කරකර ඉන්න   දෙයක්    කලින්ම  play කරන්න   පුළුවනි ....

Friday, February 8, 2013

ලැප්ටොප් බැටරිය හොදද ? නරකද ? දැන් ඔයාලටම බලන්න පුළුවනි ....

සාමාන්‍යයෙන්   බොහෝ අය  ඩෙස්ක්ටොප්  පරිගණකයකට   වඩා   ලැප්ටොප්   පරිගණකයක්   පාවිච්චි  කිරීමට  පෙලබෙන්නේ  එය  පහසූවෙන්  එහා  මෙහා  ගෙනයාමට හැකිවීම හා   විදුලිය  නැති  තැනක  වුවත්   බැටරියෙන් පැය කිහිපයක් පාවිච්චි  කරගැනීමේ  පහසුව  ලැප්ටොප්  එකක්  මගින්  ඉටුවන නිසා ..  ..ඔබත්  ලැප්ටොප්  එකක්  පාවිච්චි  කරන්නෙක් නම්  එහි  ඇති   බැටරියේ  තත්වය  පිලිබදව   ඔබ   නිරතුරුවෙන්ම   පරික්ෂාවෙන්  ඉන්නවා   ඇති ...අද  ඔයාලට   හදුන්වලා   දෙන්න  යන   මේ  සොෆ්ට්වෙයාර්  එක මගින්  ලැප්ටොප්  එකේ බැටරියේ   හොද  නරක   ඔබට  බලාගන්නත්  ,,බැටරියේ   ආයුකාලය   වැඩිකර   ගැනීමට  කලයුතු  දේවල්ද    බලාගන්න   පුළුවනි .

Wednesday, February 6, 2013

අවුරුද්දේ මුල්ම තෑග්ග .........

   "  පුතේ    මේ  ෆෝම්  එක  ග්‍රාම  නිලධාරි   මහත්තයා   ඉන්න   ගෙදරට    ගිහිල්ලා  අත්සන්  කරන් එන්න  පුලුවන්ද?  "

 කොහොමටත්  සෙනසුරාද  උදේට    වැඩියෙන්   ට්කක්  නිදාගන්න  මට  අම්ම    කතා කරපු   එක  ඇහුනේ  හරියට   හීනෙන්  වගේ   .. සතියේ   දින  පහේම  බස්  ,කෝච්චි  වල  හෙම්බත්   වෙලා   සෙනසුරාද   දවස   එනකන්  අප     ඇගිලි  ගැන ගැන.... බලාගෙන    ඉන්නේ... අවුරුදු  ගානක්ම   කෝච්චියෙන්   පාසැල්  ගිහිල්ලා  ...ඊට‍   පස්සේ  සෙට්  වුන ජොබ් එකත් ..  ඉස්කෝලේ   ගියා   වගේ   කොච්චියෙන්ම    යන   ගමනක්ම  වුණා ..

"කෝ  පුතේ   ඔයා   තාම  නිදිද ?  "

"නෑ  අම්මේ   මම  දැන්  යන්න   ලැහැත්ති  වෙනවා  ...  "

පොඩි  බොරුවකුත්   අම්මට  කියාගෙනම   තමයි  ඇදෙන්  බැස්සේ.  අම්ම  මම  ගැන   දන්නා  නිසාමද    කොහෙද කාමරය  ලගටම  ඇවිල්ලා  දොරටත්  තට්ටුවක්  දැම්මා..


"හරි   අම්මේ  තව  විනාඩි   පහක්‌  මට   දෙන්ඩෝ "

දඩ  බඩ  ගාල  දතකට  මැදගෙන   , අලුත්  ටී  ෂර්ට්   එකකුයි   ,,  ඩෙනිමකුයි   ඇදගෙන   එලියට ආවා ...

"හරි   එහෙනම්  මම   ගිහින්   එන්නනම් "      කියලා   පැත්තක    තිබුන   මෝටර්  පුටාර්  එකට   ගොඩවුනා
යතුර  දාල   තුන්  හතර   පාරක්  කික්   කලත්   ,,ස්ටාර්ට්  වෙන  පාටක්  නම්  අහලක  වත් නැහැ ...කික්  කරලම   එපාවුණා   ,, ඒ   මදිවට  ඇගට  දාඩියත්    දාල ...  මොනවා   කරන්නද   ගමන   යන්නත්  එපායැ ..
 යතුර   අරගෙන   පැට්රල්  ටැංකිය  ටැංකිය  ඇරලා  බැලුවා  ...බඩු  තියෙනවද   කියලා  ....ඇති  යාන්තම්    පැට්රල්   නම්   ඇති   පදමට   තියෙනවා  ..... ඊට  පස්සේ   ප්ලග්   එක  අඩුවක්   අරගෙන  ගලවාගෙන ,, වැලි  කඩදාසියක් අරගෙන  සුද්ද  කරලා  ආපහු  දැම්මා ..  මේ   පාර  ස්ටාර්ට්   වුනේ  නැත්නම්   ගමන     පයින්  යන්න    හිතාගෙන ..... අන්තිමේදී    දෙපාරක්   ,, තුන්පාරක්   කික්  කරනකොට    වැඩේ   හරිගියා  ......බඩු  ස්ටාර්ට් .

" අම්මේ  මම  යනවා     වැඩේ  හරි   "   

"පරිස්සමෙන්   යන්න  පුතේ   අදකාලේ  දන්නවනේ "


විනාඩි  දහයෙන් මට     ග්‍රාම    නිලධාරි   මහත්තයාගේ   ගෙදරට     යන්න   පුළුවන් වුනා.. .. හොද වෙලාවට 

 ග්‍රාම    නිලධාරි   මහත්තයා  එදා  උදේ  ගෙදර  හිටියා ,,,අම්මගේ  ෆෝම්  එකට  අත්සන  ගහන්න  වැඩි  වෙලාවක්   ගියේ   නැහැ ....උන්නැහැ     එක්ක පොඩි   කතාවකුත්     දලා   ගෙදර    එන්න    මෝටර්  පුටාර්  එකට   නැග්ග  විතරයි ,,කොහෙද  ඉදන්  මතුවුණු   වල් කැහැටු  බල්ලෙක්   එකපාරට  මගේ    කකුල   හැපුවා ..කොහෙන්   ආවද  මන්ද      පිටු පස්සෙන්    ඇවිල්ල  වම්  කකුලේ   විලුබ  හරියෙන්     තමයි  මේකා   ඇල්ලුවේ ......!  බුරන   බල්ලා  හාපා  නොකයි ! කියලා   කියමනක්  තියෙනවනේ   ඒවගේ   මේකත්   හිමීටම   ඇවිල්ල    තමයි   වැඩේ  දුන්නේ ... මට    හිතන්නේ   මම    ඇදගෙන    හිටිය
  රතු  පාට    ටී  ෂර්ට් එක  හින්දා   මාව   උගේ     ටාගට්  එක    වුනාද   කියලයි ....කරන්න   දෙයක්     නැහැ    දැන්  වුනදේ   වෙලා   ඉවරයි ...කලිසම්    උස්සලා   බලද්දී   පොඩි  දත්  පාරකුත්   වැදිලා  තිබුන..
ග්‍රාම  නිලධාරි   මහත්තයා   නම්   කිව්වේ   ඒ   බල්ලා    ගෙදර   බල්ලෙකුත්    නොවන   බවයි ....එහාටත්   කොහෙන්ද   ආපු  බල්ලෙක්    කියලා   තමයි   කිව්වේ .. එතනින්    එහාට   බල්ලාගේ    ජාතකේ   හොයන   එක  වැඩක්  නැතිනිසා    එතනින්ම   හොදට    සබන්  දාලා   තුවාලේ    හෝදගෙන ,  යාලුවෙකුත්  එක්ක  ලගම   තියෙන    රජයේ   රෝහලට  ගියේ     ගෙදර   අයගෙන්   තිබුණු   බල  කිරීමත්     එක්කමයි ....  පිස්සු  බල්ලෙක්ගෙ   තියෙන  තියෙන    හැසිරීම නම්  ඒ    බල්ලාගේ   තිබුනේ   නැහැ  ...කෝකටත්    හොදයිනේ     ගිහිල්ල   බලන   එක  තමයි   හැමෝගෙම  මතය ....

ගිය   ගමන්ම  ඉස්පිරිතාලෙන්  කිව්වේ  බල්ලට  පිස්සු බලු  බේත්   විදපු  පොත  අරන්   එන්න   ...නැත්නම්   බේත්  කෝස්  එක    විදින්න   වෙනවා   කියල ......ඒ   බල්ලට  මොන   බේත්  විදපු  පොත්ද  මම  හොයන්නේ ,,  වෙන   කරන්න  දෙයක්    නැහැනේ     බේත්  කෝස්  එක    එක  විදගන්නවා     කියන  එකට   මම හිත   හදාගත්තා ...  මුලින්ම  විද්දේ     පිටගැස්මට   එකනම්    එච්චර   අවුලක්  නැහැ,,,ඊට   පස්සේ බේත   ඇලජික්    වෙනවාද  එහෙම    කියලා   බලලා  ,   හරිම    කරුනවන්ත  නර්ස්  නෝනා    කෙනක්  ,

  "ඔය පිස්සු  බලු  බේත්  විදින්න   ඉන්න  කෙනා  අර  ඇදෙන්  හාන්සි  වෙන්න "


 "ඇයි  මට  ඇදේ  හාන්සි   වෙන්න  කිව්වේ  ඕක  මෙහෙම  ඉදන්  විදින්න  බැයිද ?"


මටත්   කට තියාගෙන  නිකන්  ඉන්න   බැහැනේ    ....කකුලත්  ටික  අදුම්කන්න   අරගෙන    තිබුන

කාරුනාකරලා   ඇදේ  හාන්සි   වෙන්න  , මේක   විදින   විදිහ  තමයි  මේ   "  එතන   හිටිය   වයසක   පහේ   නර්ස්   නෝනා    කෙනෙක්  ... ,,,
වෙන   දෙයක්  වුනාවේ  කියල   මම   බේත්  සුවද  හමන    ඇදේ  හාන්සි  වුනා ,,

මුලින්ම  තුවාලය  වටා  සුද්ද  කරපු    කරපු   නර්ස්  නෝනා    හරි  සර්  දැන්  විදින්න   පුළුවන්   කියලා කිව්වා ..
එතනින්  පස්සේ   තමයි  මට   දවල්  තරු  පෙනෙන්න  ගත්තේ ...
මුලින්ම  බේත  විදිදේ  තුවාලය   වටේට ,, රවුමට  අටපොලකටම   ,,, තුවාලයක්  වෙලා  තියෙන   තැනක  තවත්  කටු  අනින කොට , තියෙන  අමාරුව නම්  කියල වැඩක නැහැ  ...මම   දොස්තර  මහත්තයට  බැන්නේ  නැති  ටික විතරයි ..බොහොම  අම්මරුවෙන්  ඉවසන්  හිටියේ ..ඊලගට   උරහිස්    දෙකට  ඉන්ජෙක්සන්  දෙකක්  විද්ද  ...

"කකුලේ  කලවා  දෙකටත්  දෙකක්  විදින්න   තියෙනවා  කරුණාකරලා   ඔය කලිසම    පල්ලහට  දාන්න "

මේක  ඇහුණාම  මම   තවත්  අසරණ වුනා ....ඇයි  වාට්ටුවෙන්  එකයි  සෙනග  .. මුනට  හීන්  දාඩියත්  දාල ..මමත්  කරගන්න  දෙයක්  හිතාගන්න  බැරිව  හිටියේ ...

"අපි  ඕව ඕන තරම්   දැකල   තියෙනවා මෙන්න මේක   ඇදගෙන  කලිසම   පල්ලහට  දාන්න  අපිට  තවත්  වැඩ   තියෙනවා  "  
  ආයෙත්   එතනට  ආපු  වයසක  නර්ස්  නෝනගේ    හඩට  මට   කීකරු  වෙන්න     සිද්දවුනා .... තට්ටමට  කිව්වට  බල  නහරයකට  මන්ද  හොද  ලොකු   කටුවක්  ඇති   ඉන්ජෙක්සන්  දෙකක්  කකුල්  දෙකටම ...ඊට පස්සේ  බේත්   ඇලජික්  වෙයිද   බලන්න   තව   පැය හාගයක්‌   විතර  එළියේ   බැංකුවකින්  ඉන්නලු ...මුළු  ඇගම  රිදෙනවා  ,,,බේත් විදලම  ..,,මගේ   යාළුවා  මම  වින්ද   දුක   දැකලමද   කොහෙද  කැන්ටින්  ඒකෙන  මට  බොන්න   කිරි  එකකුයි  , ක්‍රීම්  බනිස්   ජෝඩුවකුයි ගෙනත්  දුන්න ...ඒකත්   බැංකුවේ  ඉන්න  ගමන්  වගකියල  දැම්මා..

 ඊට   පැය  හාගයකයට පස්සේ  ගෙදර  එන්න  අවසරේ  ලැබුන ...එක්කන්  ගිය  යාලුවට  මෝට පුටාර්  පදින්න  දන්නෙත්  නැහැ.... මොනවා   කරන්නද   බොහොම  අමාරුවෙන්  යාලුවත් ගෙදරට   බස්සල   ගෙදර ආවේ ඒ  තරමට   ඇගට  ආමාරුයි .. ඔහොම ගෙදර   ආපු  මට  පසුවදා  වෙනකොට  පහුවදා   වෙනකොට   කකුල  වෙනකොට කකුල  බිම  තියල ඇවිදින්නවත්  බැරි  තරමට ආමාරු   වුනා ..ඒ   මදිවට ඇගටත්  උන   ,,,,,දවස්   හතක්  යනකන්  ඇදටම  වෙලා  ඉන්නවුනා...  අවුරුද්ද   මුලින්ම   ජොබ්   එකේ වැඩත්  ගොඩ  ගැහිලා  තිබුනේ ...මොනවා   කරන්නද    කරන්නද   අවුරුද්දදේ     මට   හම්බ වුනු    මුල්ම   තෑග්ග ලැබුනේ   ඔන්න   ඔය  විදිහටයි ,,,, හෙට තවත්  බේත් සෙට්  එකක්  විදින්න   තියෙනවා   ඒකයි  මේ   ටිකත්   මෙහෙම  ලියන්න  හිතුනේ..





Tuesday, February 5, 2013

Gif animation එක ලෝඩ් වෙන්න පරක්කුද ? -- GIF Optimizer පාවිච්චි කරලා බලන්න.

සාමාන්‍යයෙන්   gif  animation   ෆයිල්   එකක්   png , jpeg, bmp  වැනි   file  format   වලට   වඩා  විශාලයි ..   මේ වගේ     gif  animation   එකක්  වෙබ්  පිටුවකට   එකතු කරගත්තම   එය  ලෝඩ්   වීමට  වෙනදාට   වඩා   වැඩි   කාලයක්   යනබව  ඔයගොල්ලෝ   දැන්  අත්දැකීමෙන්   දන්නවා   ඇති .  මේ   gif  animation  එකක්  ලෝඩ්  වීමට  කාලය  ගන්නා  හේතුව   වන   එහි  ඇති   විශාලත්වය   අඩු  කරගැනීමට  උදව්වන   වින්ඩෝස්  වලදී  පාවිච්චි  කරන්න  පුළුවන්  සොෆ්ට්වෙයාර්  එකක්  තමයි  අද ඔයාලට   දෙන්න   යන්නේ.

Sunday, February 3, 2013

Wi-Fi නෙට්වර්ක් එකට හොරෙන් ඇතුළු වෙන අය අල්ලමුද?

සුබ   දවසක්  ...  ටික   දවසකින්  තමයි   බ්ලොග්   එක  පැත්තට   ගොඩවුනේ ..   Wi-Fi  රවුටරයක්   පාවිච්චි  කරලා   ඉන්ටෙර්නෙට්  ලොග්   වන    අයට   තියෙන   ප්‍රශ්නයක්    තමයි   මේ  Wi-Fi   නෙට්වර්ක්  එකට   අනවසරයෙන්  ඇතුළු  වන්නන් ...මෙයට  හොද   නෙට්වර්ක්  පාස්වර්ඩ්  එකක්  දැම්මත්  , සමහර   වෙලාවට  එයද   වැඩක්  නොවන   අවස්ථා   තියෙනවා....අද  හදුන්වල   දෙන්න  යන්නේ  Wi-Fi නෙට්වර්ක් එකට හොරෙන් ඇතුළු  වෙලා   ඉන්න  අය   හොයාගන්න   පුළුවන්   සොෆ්ට්වෙයාර්  එකක් .

Saturday, February 2, 2013

photo එකක් quality එක වෙනස් නොවෙනසේ enlarge කරන්න නියම බඩු..

   සුබ  දවසක්  හැමදෙනාටම     අද  බ්ලොග්   එක  පැත්තට  ආවේ   ඔයාලට  නිතරම   අවශ්‍ය   වෙන   ෆොටෝ   enlarge   කිරීමට    අපට  අන්තර්ජාලයෙන්   නොමිලයේම      හොයාගන්න    පුළුවන්  පොඩි  සොෆ්ට්වෙයාර් එකකකුත්   එක්ක..වෙනද   වගේම   මෙයා  වින්ඩෝස්  xp , 7   දෙකෙන්ම   වැඩ  කරවගන්න  පුළුවනි .... ෆොටෝ   enlarge කිරීමට  මේ   වගේ   නොයෙකුත්     සොෆ්ට්වෙයාර්   ඔබට   කොතෙකුත්  හමුවන්න  පුළුවනි ..නමුත්  මේ  smillaEnlarger     සොෆ්ට්වෙයාර්  එක  අනෙක් වට    වඩා
පහසුවෙන්   photo editing   පිලිබදව  අල්ප  දැනුමක්    ඇති   කෙනෙකුට    වුනත්  පාවිච්චි කිරීමට   පුළුවන්  බොහොම   සරල    සොෆ්ට්වෙයාර්  එකක් ..


ඉහත     රූපය    පරිදි    මුලින්ම  photo  එක   enlarge  කලයුතු  ෆොටෝ  එක   මෙහි  ඇති   source   කියන   තැනට  තොරාදෙන්න ..එවිට   රුපයේ   පරිදි  කර්සර්   එක    එහාමෙහා   කරමින්   කලුපාට  කොටුවකින්   දක්වා   ඇති  enlarge  එක    තෝරාගන්න . දැන්  අංක   2   පරිදි    enlarged   photo  එක  සේව්   කරගැනීමට   අවශ්‍ය   directory  එක   දෙන්න ..   දැන්   අවශ්‍ය    පරිදි  ෆොටෝ  quality   එක   ලබාගැනීමට
මෙහි ඇති   Sharpness, Flatness, PreSharpen  , Dithering  , DeNoise    යන  බටන්  පාවිච්චි   කිරීමෙන්   පුළුවනි..  මෙම  අගයන්  වෙනස්   කරමින්   අවශ්‍ය   ෆොටෝ   එකේ  quality   එක   preview   බටන්   එක   මගින්  එය  save   කිරීමට  කලින්   බලා   ගන්න   පුළුවනි ....  තමන්ට   අවශ්‍ය   පරිදි   ෆොටෝ   එක    preview  මගින්   බලා එය    directory  එකට   save   කරගැනීමට    එහි    ඇති   Calculate   මත   ක්ලික්  ක‍රන්න. 

ඩවුන්ලෝඩ් Smillaenlarger.......


මේකට  අමතරව මේ  විදිහට   යොදාගන්න  පුළුවන්  ඔයාල   දන්නා    සොෆ්ට්වෙයාර්  එහෙම   තියෙනවා   නම්  ඒවත්  පහලින්  එකතු  කරන්න  අමතක  කරන්න   එපා ,,,,
                                                      සුබ   දවසක්