සුබදවසක් හැමදෙනාටම ආයෙත් බ්ලොග් එක පැත්තේ ඇවිල්ලා යන්න හිතුනා ... ඔයාලට වැදගත් වෙයි කියල හිතන දෙයකුත් එක්ක ...ඊමේල් අප හැමදෙනාම වගේ නිතරම පාවිච්චි කරන දෙයක් බවට පත්වෙලා ..ඉතින් මේ ඊමේල් මගින් අපට හොද දේවල් මෙන්ම නරක දේවලුත් නිතරම ලැබෙනවා... අප සමහර නොදන්නා ඊමේල් වල ඇති ඇමිණුම් මත ක්ලික් කලවිට අප පරිගණකයට වයිරස් ඇතුළු වන්න පුළුවනි ... මෙන්න මේ විදිහට අපට ලැබෙන ඊමේල් වල වයිරස් අඩංගු වෙලා තියෙනවද නැද්ද කියල ඔබටම බලාගන්න පුළුවන් සරලම ක්‍රමයක් ගැන තමයි ඔයාලව දැනුවත් කරන්න හදන්නේ...
මුලින්ම මේවගේ සැකසහිත ඊමේල් එකක් ලැබුනම එහි ඇති ඇමුණුම ඕපන් කර බලන්න යන්න එපා...
කරන්න තියෙන්නේ ඊමේල් එක දකුණු පැත්තේ ඇති ඇරෝ එක මත ක්ලික් කර ඊමේල් ෆොර්වර්ඩ් කරන්න මෙන්න මේ ඊමේල් එකට
scan@virustotal.com
මෙන්න මේවගේ....මෙහිදී අලුතින් ෆොර්වඩ් කරන ඊමේල් එකේ ඇති මැසේජ් එක එක සම්පුර්ණයෙන්ම මකා දැමිය යුතු වන අතර එහි ඇති subject කොටසට SCAN යන්න එකතු කර SEND මත ක්ලික් කරන්න....
ඊට පස්සේ ඊමේල් ඇමිණුමේ වයිරස් අඩංගු වෙලා තියෙනවද නැද්ද බලා ගන්න පුළුවන් වයිරස් වාර්තාවක් ඔබේ ඊමේල් එකට ඔවුන් එවාවි ....මිට අමතරව ඔයාල දන්න තවත් වයිරස් ස්කෑනර් තියෙනවනං ..... කොමෙන් තීරුවට එකතු කරන්න පුවනි.....
ප.ලි .... මේක මේකට සම්බන්ද නැති වුනත් පොඩි පණිවිඩයක් ... මගේ බ්ලොග් පොස්ට් ඔයාලගේ බ්ලොග් රෝල වල අප්ඩේට් වෙන්නේ නැත්නම් පොඩ්ඩක් මගේ බ්ලොග් එකේ ඩොමේන් එක මාරු කරලා බලන්න ඉස්සර තිබුනේ WWW.Sanjaya-ranasinghe.com වෙනුවට WWW. Sanjaya-ranasinghe.blogspot.com ආයෙත් වලට ආයෙත් මාරුවුනා ......
No comments:
Post a Comment
හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....