එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, July 29, 2012

ජීමේල් වල 2nd step verification එක දාගත්තේ නැද්ද ? එහෙනම් මෙන්න ,,,,,,,

       
" මගේ  ඊමේල් එක කවුද හැක් කරලා" ,  "මගේ පේස්බුක් එකවුන්ට්  එකට කව්ද   හොරෙන්  ලොග්  වෙලා ".. ඔය වගේ  කතා අපට  නිතර නිතර අහන්න ලැබෙනවා ....... ඉතින්  ඔයවගේ  වෙලාවලට   තමයි ..අපට අපගේ ඊමේල්  එකේ   ආරක්ෂාව ගැන  හිතන්න මතක් වෙන්නේ .. එහෙම නේද ?   ඉතින් ඔයගොල්ලොත් මම  වගේ භාවිතා කරන්නේ  ජීමේල්  නම්  ඔන්න එයට   තවත්  අපුරු ක්‍රමවේදයක්   ගුගල්   මගින්ම  එළිදක්වල   තියෙනවා .. ඔයාලගේ  ඊමේල්   එක   ආරක්ෂා   කරගන්න.  මේක තමයි ගූගල් මගින්   අලුතින් හදුන්වාදුන් 2nd step verification  කියනඑක ... මේක ගොඩ දෙනෙක්  දාගෙනත් ඇති තවමත්  මේක දාගත්තේ නැත්නම්  පහත දැක්වෙන  විදිහට ගිහිල්ල ගුගල් අපට නොමිලේ දෙන  පහසුකම සක්‍රිය කරගන්න පුළුවන්... මෙම පහසුකම සක්‍රිය කරගත්තට පසුව   අප වෙනස් වෙනස්  කොම්පියුටර් , ටැබ්ලට් පිසි ,ස්මාට්ෆෝන්  වලින්  අපගේ   ජීමේල්  එකට ලොග්  වන විට අපට   අමතර සංකේත අංකයක්(කෝඩ් එකක් )  අප ලබාදී ඇති  දුරකථනයට   කෙටිපණිවිඩයක් මහින් ලබාදෙනවා ...... මුරපදය දැනගෙන   හිටියත් අර ගූගල් මගින්  කෙටිපණිවිඩයක් මහින්  එවන  අංකය නැතිනම්  අපට අපගේ  ජීමේල්   එකට   ලොග් වෙන්න බැහැ. මේක  තමයි ඔය   2nd  step verification  කියන්නේ .     

  ඉතින්  අද අපි මෙ පහසුකම  කොහොමද   එකතු කරගන්නේ   කියල ..  
මුලින්ම මෙන්න මෙතනින් ගිහිලා ,මුරපදය එහෙම දීල ඔයාලගේ ජීමේල් එකට ලොග් වෙන්නකෝ  . 

ඊට පස්සේ  පහත  රූපය  පරිදි   වෙනවා ..   එහිදී  start setup ක්ලික්  කරන්න..
ඊට පසු පහත රූපය පරිදි  කෝඩ්  එක එවියයුතු දුරකථන අංකය සදහන් කර   අවසානයේ  Sendcode  මත   ක්ලික්   කරන්න.

එවිට ඔබලබා දුන් දුරකතනයට අංක 6 කින් යුත්  අංකයක්  ගුගල් මගින්  ලබාදේ .. එය පහත රූපයේ  පරිදි ඇතුලත් කර අවසානයේ පහළින්ම ඇති verify මත ක්ලික් කරන්න..



 මෙහිදී පහත රූපය පරිදි  ඔබගේ පරිගණකය විශ්වාසවන්ත   පරිගණක (TRUSTED COMPUTER) ගණයට ඇතුල් කර ගනී .. නමුත් දින 30 කට පසුව ලොග්  වීමේදී  අර ගුගල් මගින් ලබාදුන් අංකය ලබා දීමට සිදුවෙනවා ... මෙහිදී Next  මත ක්ලික් කරන්න..

දැන් වැඩේ අන්තිම  කොටසේ   තියෙන්නේ   පහත රූපය පරිදි අවසානයේ  confirm මත  ක්ලික්  කරන්න.



ඔන්න  වැඩේ ඉවරයි ...   බ්ලන්න්න කෝ  මෙහෙම කරලවත්   ඔයාලගේ  ජීමේල්   එක  ආරක්ෂා  කරගන්න   පුවන්ද   කියල ......





                            
4 Comments
Tweets
Fb Comments

4 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. මේක වැඩි දෙනෙක් දන්නේ නෑ තමා. මමත් දැම්ම. ආරක්ෂාවට හොඳයි නේ.

    ReplyDelete
    Replies
    1. එල ඕකේ වටිනාකම කවුරුත් වැඩිය තේරුම් අරගෙන නැහැ... ඒකයි ....

      Delete
  2. හම්බෝ.. මගේ මේල් එක හැක් කරොත් මගේ සබ්බ-සකලමනාවම ඉවරයි.. මේකට නම් තැංකූ කියල මදි..
    බොහොම පින් කියන්නම්

    ReplyDelete
    Replies
    1. එල එල ... එහෙනම් දාගන්නකෝ ..

      Delete