එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, September 8, 2013

2013 මේ අය බ්ලොග් ලිව්වද " මොකද වුනේ " ?????????? ( මාත් ඇතුළුව )

2013    අවුරුද්දත්   දැන්  ඉවර   වෙන්න    ලගයි  ....    තව   මාස තුනක්   විතරයි    ගෙවිල    යන්න     තියෙන්නේ ...... ආපහු හැරිලා  බලනකොට   කරපු  දෙයකුත්  නැහැ  කාලෙත්  ගිහිල්ලා ...බ්ලොග්    අවකාශයේත්  පොඩි පොඩි  වෙනස්  කම් වෙලා...මට   බ්ලොග්   වලට    ගොඩ   වදින්නට    බැරිවුණු   මාස    පහ හයට . අලුත්   අය   ඇවිල්ලා  .... පරණ  සමහර    අය   ආගිය  අතක්  නෑ .  මාව    දන්න    අය  අහන   ප්‍රශ්නයක්   තමයි   පහුගිය   කාලේ  " මොකද   වුනේ  "  කියන   එක ...සමහරු  බ්ලොග්  එකටත්    ගොඩවදින්න   බැරි   මට්ටමක්  තිබ්බලු ..... මම  දන්නනෙත්   නැහැ ... මොකක්ද  මටත්   බ්ලොග්    එකට     තියා   ඉන්ටෙර්නෙට්  වලට    ලොග්   වෙලා  මේල්  ටික  බලන්නවත්   පහුහිය     දවස්   වල  වල    වුනේ    නැහැ ..ඒ  ඉතින්  රැකියාව  සදහා  විදේශ  ගත  වෙන්න    සිදුවුණු     නිසා..........
              ඒත්   කොහොම    හරි   රැකියාවට    පිටත්   වෙන්න    කලින්   දඩි බිඩියේ   පොස්ට්   පොස්ට්  පහ  හයක්  ලියල   ඒවා  මාසෙකට    එකක්   වගේ   ඔටෝ පබිලිස්   වෙන්න   දාල    තමයි   මම   ලංකාවෙන්   පිටත්   වුනේ ...ඒව     තමයි   ඔය  " අවාරෙට  පොල් වැටෙනවා   වගේ  "  ඉදහිට    බ්ලොග්    එක  පාලුවට    නොගිහින්   තියාගත්තේ...  ඉතින්   මම  නැති  අතරේ   බ්ලොග්    එකට ගොඩවැදිලා  ...ගිය   හැමෝටම    බොහොම   ස්තුතියි  කිව්වා......

ඒ    අතරේ   බ්ලොග්     අවකාශයට    හැමදාම  දකින  පරණ  මුහුණු  අතරට  අලුත්  මුහුණුත්    එකතු   වෙලා.....පරණ  ලිව්ව  සමහර  අය  ලිවිම   නතර    කරලා   දාලා .....සමහරු   පුරුදු    පරිදිම   ලියනවා ......මට   හැගෙන    විදිහට බ්ලොග්   එකක්   පටන්  ගත්තට    ඒක    දිගටම   පවත්වා     ගෙන    යන    එක    තමයි   අමාරු .....බොහොම   අමාරුවෙන්   අටෝ  ගත්ත    බ්ලොග්   එක  ටික    දවසක්     යනකොට   නවත්වල  දානවා....හුගක්  වෙලාවට     බ්ලොග්  ලිවිල්ල   නවත්වල  දාන්න   ගොඩක්   හේතු    බලපානවා....  බලන්න   ඔයාලටත්     මේවා    බලපෑවද     කියල...


  •       රැකියාවේ   ඇති  අවිවේකි    බව..........
  •       කලකිරීම   සමග   මොරාල්   එක   අප්  නොවීම -    ලියන     දෙයට   ප්‍රමාණවත්  ප්‍රතිචාර   නොලැබීම ...
  •      ජිවිත ගමනේ   යම් යම්  වෙනස්කම්  වලට   හාජනය   වීම ....
  •   මෙන්න අන්තිම   එක   " කම්මැලිකම " ....ගොඩ   දෙනෙකුට  නම්   මේක   බලපානවා   හොදටම...

    ඔන්න    මටනම්    බ්ලොග්   එක   පෙර   පරිදි  අප්ඩේට්   කරගන්න  බැරිවුනේ  ඔන්න   ඔය   උඩින්ම    තියෙන   පලවෙනි     හේතුව....  කොහොම    නම්  දිගටම   බ්ලොග්  ලියාගෙන  අපු  මේ  පහත  ඉන්න  අය හිටිහැටියේම  බ්ලොග්  ලිවිල්ල  නතර  කරලා  දල......මේ ගොල්ල්ලන්ට  මොකද   වුනේ?????

මෙන්න   පළවෙනිය .......
ආච්චි මරන්ඩද යකෝ යන්නේ....    මෙහෙම    කියවේ මමනම්   නෙවේයි  අපේ   මදුරංග   මලය ...එයයි  මලයයි    එකතු   වෙලා තමයි  කට්ටිය   කියන  මේ   වැඩේ    කරන්න    ගිහින්    තියෙන්නේ ......එයා   ඒකෙම  ලියල    තියෙනවා   බ්ලොග්   ලිවිල්ල  අත ඇරලම   දාල පුර්ණ  කාලීන  බ්ලොග්    කියවන්නෙක්   වෙලාලු....  හැමෝගෙම    බ්ලොග්  ටිකනම්   බලනවලු ....අනේ   මන්ද?

මෙන්න   දෙක ...
31 රෑ මොකෑ කරන්නේ...
      දෙසැම්බර්  31  කරන්ඩ  කරන   දේවල්  දෙසැම්බර්  13 වෙනිදා   අපෙන්    මෙයා   අහනවා ......ඊට පස්සේ   2013  මොකුත්ම    ලියල   නැහැ .... .... අර  කනිෂ්ක  එක්ක  හිරේ   යන්න   ආසාවක්   තිබ්බ   කියල   පහලින්    ලියල      තිබුන   වගේ   මතකයි...ඒ ආසාව වත් ඉටුවුනාද?.

මෙන්න   තුන්වැන්නා....
අවුරුදු උත්සවයක ආතල් සිද්ධි
  වල වලට තමන්ගේ  නැන්දගේ  දුවත්  එක්ක  පැමිණි   මඩිස්සලේ   නිෂාන්  එදයින්  පස්සේ   අතුරුදහන්   වෙලා    කියල    තමයි තතු   දන්නෝ   කියන්නේ.......  මමනම්  දන්නේ මොකුත්ම   ඕව   ගැන..........

 මෙන්න    හතර .....
ඈ දීගෙක ගියාය.....

   ඇය  මෙහෙම   කිව්වේ   තමන්ගේ  කුඩා කාලයේ   හොදම    මිතුරියක්‌ ...  සරසවියේදී     හොදම     මිතුරියවී ,  ඇය   දීගෙක   යන  දවසේ ......නමුත්    දීගෙක  ගිය  මිතුරිය  තවමත්   බ්ලොග්    ලියන  නමුත්   ඇයව  හදුන්වා  දුන්  "නිසුගේ  කතා   ලියු    නිසුපා "   කාටත්    හොරෙන්ම     දීගෙක    ගිහින්ද??????

මෙන්න   පස්වෙනිය ....
    ලංකාවෙන් යැංකි රටට -අන්තිම ටික 
           මෙයා  ලංකාවේ  ඉදල  යැංකි   රටට  රස්සාවක්  කරන්ඩ  ගියේ   යන  අතරේ    ගුවන්   තොටුපොළේ රසවත්  සිද්දී  ලියුවා  මතකයි   .. ඊට   පස්සේ  මොකදවුනේ  ..යැංකි   රටට කියල වෙන රටකට වත්   ගොඩ  බැහැලද  ?  ,,,,,,  

මෙන්න    හය .....
   නික්ම යෑම ......
      බොහොම   සවේදී   සටහනකුත්  එක්ක  ....ඇය  ඇයගේ  නික්ම යෑම    සටහන්   කරලා   තියෙනවා.......    මෙය   තාවකාලික    සමුගැනීමක්ද???///

මෙන්න    හත .....
බ්ලොග් එකට page- navigation එකක් එකතු කරමුද?
  කිව්ව  මෙයාට  අලුතෙන්ම   රැකියාවක් සදහා   යොමුවෙන්න  සිදුවුනා  ....එදා  ඉදන්    බ්ලොග්   එක    ලියන්න  වෙලාවක්   නැහැ....මොනවා  හරි  කුරුටුගාන්න  ඔන්න   ආයෙත්   කාලය  ඇවිල්ලා   මල්ලි...

මීට  අමතරව   මේ  දවස් වල   බ්ලොග්   වලට   තිත   තියල   ඉන්න    ඇය  ඉන්නවනම්  පහලින්   ඇති  ප්‍රතිචාර  තීරුව    මගින්  තමන්ගේ   හපන්කම්  එලි   කරන්න   පුළුවනි.........

------------------මොරාල්   අප් වේවා...   බ්ලොග්  නැවත  ලියවෙවා.............................................

 
28 Comments
Tweets
Fb Comments

28 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අපිත් පහු ගිය ටිකේ ඉන්වෙස්ටිගේෂන් එකක් කරා.. කීප දෙනෙක්ම ආයේ හොයාගත්තා.. සිත්තාරවිත් නැහැ පේන්න දැන් මාස 8 වගේ ඉඳන්... ගොඩක් දෙනෙක් යන්නම ගිහින් වගේ සංජය..

      සිත්තරාවි..

      පුංචි කුමාරිහාමිගේ වලව්ව
      ඉශාන්
      ළිහිණි ගේ ජීවිතය
      අනූගේ ලෝකය
      යාන්ත්‍රික සිතිවිල්ල
      ඉශාන්
      වජිරදේවි

      Delete
    2. හිස් අහස නම් ආයෙත් ඇවිත්. පිණිබිඳුත් නෑ කියලා කියද්දි එක පෝස්ටුවක් දාලා යනවා. නුවන්ගේ නෙට්වර්ක් බ්ලොගය නවතලා. මං හිතන්නේ පොරට නම් ස්ටඩි පැත්තෙන් වැඩ වැඩියි මේ දවස්වල.ඒ ඇරෙන්න හරියට හෙව්වොත් තව ගොඩක් අඩවි තියෙනවා කාලෙකින් අප්ඩේට් නොවුන. මම හිතන්නෙත් අවිවේකිත්වය මේකට මුල් වෙනවා. අනික ඉතින් බැඳපු නැති උන් බැන්දමත් මේවා නවතිනවා කියන එකත් එක්තරා අතකට ඇත්තක් නේද. මම කිවේ හැමෝම නෙවෙයි.

      Delete
    3. ස්තුතියි෴ සහන් රතී දෙන්නටම තව බ්ලොග් දැනට අප්ඩේට් නොවන බ්ලොග් ගොඩක් තියෙනවා ....මට මගහැරුණු......

      Delete
    4. මධුරංග ට මොකද උනේ කියලනම් හිතාගන්නත් බෑ. මටත් සෑහෙන උදව් කරපු කෙනෙක් ඔය මධුවා.

      Delete
    5. @SilentSahan
      යාන්තික මස්සිනා ආයේ ආව :D ඔන්න අවාරෙට වගේ එකක් දාල ;)

      Delete
  2. මගේ ලිස්ට් එකේ නැති අය මං දැම්ම http://www.yasith.net/2013/08/get-google-translate-widet-to-your-web-site.html
    ඒකට සංජයත් අයිතියි :) පහුගිය දවස්වල බ්ලොග් එක වැඩ කරේ නෑ.. මං හිතුවෙ අකුලගෙනම ගිහිල්ල කියල

    ReplyDelete
    Replies
    1. මේක තමයි අර දේශකයා කියල තිබුනේ අන්න උබව බක්ලිස්ට් කරලා කියල..... මට හෙව්වට හම්බවුනේ නැහැ....ස්තුතියි෴ හොයල බැලුවට ....පුළුවන් වෙලාවට පොස්ට් දාන්න බලන්නම්.

      Delete
  3. ඔහොම බලන කොට නම් ඉන්නවා බර ගානක්. ;ලොකු ලිස්ට් එකක් හදන්න වෙයි ;)

    ReplyDelete
  4. අපේ නම් වැටෙන්න කලින් හොද වෙලාවට පෝස්ට් එක්ක දාගත්තා ^_^

    ReplyDelete
    Replies
    1. වෙලාවට ඔය බ්ලොග් එකේ නමත් ලියල ආයෙත් කපල දැම්මේ...

      Delete
  5. තමන්ගේ වැඩක් බලාගෙන ලියාගත්තනං මක්වෙනවද... මං අහන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් මමත් මේ කියන්නේ...

      Delete
  6. මටත් කියන්න තියෙන්නේ,

    -මොරාල් අප් වේවා... බ්ලොග් නැවත ලියවෙවා..//

    කියලා තමයි....මේ හැමෝම නැති එක ගැන මටත් දුකයි... ඔයා හරි ආපහු ආව එක සතුටුයි...

    ReplyDelete
    Replies
    1. මම යන්ඩ ගියේ නැහැනේ ...ආපහු එන්න....

      Delete
  7. එහෙනං මට වෙච්ච දේමයි බොට වෙලා තියෙන්නෙත්....මමත් මාස කීපයක්ම බ්ලොග් ලෝකෙන් සමුගෙන හිටියා...නැවතත් දකින්නට ලැබීම පිළිබද සතුටුයි සංජය...ජය !

    ReplyDelete
    Replies
    1. ඔයත් රටගියාද ටික කාලෙකට...මම නැතුව හිටියේ මාස 5 ක් විතරයි....

      Delete
  8. කමෙන්ටු පෙට්ටිය හොයාගන්න බැරිවුනා සෑහෙන්න වෙලාවක් යනකල්. උඩට ගෙනල්ලනේ. :-)
    බ්ලොග්කාරයො නං එනවා යනවා!

    ReplyDelete
    Replies
    1. කමන්ටු පෙට්ටිය නම් ඉතින් උඩ තියෙන්නේ.....ඔව් ඔව්

      Delete
  9. සිරා කතාව මචන්.... කට්ටියට දැන් කාර්යබහුලත්වයත් එක්ක නිසා ලිය වෙන්නෙ නෑ....

    ReplyDelete
    Replies
    1. කාර්ය බහුල කමට වඩා කම්මැලිකමත් බලපානවා...

      Delete
  10. නිශානයට මොනා උනාද මන්දා
    හිමාවි නං ගකැම්පස් එකට ගියාට පස්සෙ ආවෙම නෑ මේ පැත්තට
    නිසුප ඔන්න අද තමයි ඉස්සෙල්ලම ෆේස් බුක් එකෙන් මං ඇඩ් කරගත්තෙ.. දන්නෙ නෑ මං එයා ගැන නං
    ලිහිනි කොයි ගියාද දන්නෑ.. අයෙ නොඑන්නම ගිහින් වගේ
    හිම කුමාරිත් නෑ තමා ඩ්හැං කිසි සද්දයක්..
    කො බට්ටිත් නෑනේ

    ReplyDelete
    Replies
    1. අපි බලමුකෝ ආපහු කට්ටිය ලියන්න පටන් ගනීද? කියල....

      Delete
  11. මෙතනින් මම දන්නේ නම් කීප දෙනයි. හැම දෙනාටම ලියන්න සිත් වේවා කියලා පතනවා.

    ReplyDelete
  12. ඔන්න මමත් කාලෙකට පස්සේ මගේ ගූගල් බ්ලොග් එකට ලොග් වෙලා බැලුවා මගේ පරණ බ්ලොග් ලිස්ට් එක, එතකොටම මතක් වුනේ මේක ඉතින් ඇවිත් බැලුවා ,

    ඇත්ත හමයි බ්ලොග් එක්ක පවත්වාගෙන යනනේ මානසික තෘප්තිය සඳහානේ ඉතින් කොමෙන්ට් එකක්වත් නැතිව ලියන එක හරි අමාරුයි..

    කොහොමවුනත් මම මගේ වෙද මැදුර බ්ලොග් එක ලියන එක නවත්වලා. ඒ වෙනුවට ටිකක් ලොකු වැඩක් පටන් ගත්තා WPසයිට් එකක් (Online Doctor Sri Lanka ඉතින් ඒ එක්මම බ්ලොග් එකක්කුත් අටවගේ අයේ ලියන්න ගත්තා එහෙනම් ඉදලා හිටල ඇවිත් බලලා යන්න.

    මේකෙන් කොහොමහරි බ්ලොග් ලොකයත් එක්ක තිබ්බ සම්බන්ධතා අඩුවුනා, කොහොම උනත් සතියකට සැරයක්වත් වටෙම යනවා බ්ලොග් ලොකයේ. ඒත් ඉතින් පරන පුරුදු ඒවා මිස් වෙනවානේ

    ReplyDelete
  13. අද ඔයා කියපු නිසාම තමා මේක දැක්කේ. :D

    ReplyDelete