එකතු වුන කට්ටිය ........

යාළුවා

Wednesday, February 6, 2013

අවුරුද්දේ මුල්ම තෑග්ග .........

   "  පුතේ    මේ  ෆෝම්  එක  ග්‍රාම  නිලධාරි   මහත්තයා   ඉන්න   ගෙදරට    ගිහිල්ලා  අත්සන්  කරන් එන්න  පුලුවන්ද?  "

 කොහොමටත්  සෙනසුරාද  උදේට    වැඩියෙන්   ට්කක්  නිදාගන්න  මට  අම්ම    කතා කරපු   එක  ඇහුනේ  හරියට   හීනෙන්  වගේ   .. සතියේ   දින  පහේම  බස්  ,කෝච්චි  වල  හෙම්බත්   වෙලා   සෙනසුරාද   දවස   එනකන්  අප     ඇගිලි  ගැන ගැන.... බලාගෙන    ඉන්නේ... අවුරුදු  ගානක්ම   කෝච්චියෙන්   පාසැල්  ගිහිල්ලා  ...ඊට‍   පස්සේ  සෙට්  වුන ජොබ් එකත් ..  ඉස්කෝලේ   ගියා   වගේ   කොච්චියෙන්ම    යන   ගමනක්ම  වුණා ..

"කෝ  පුතේ   ඔයා   තාම  නිදිද ?  "

"නෑ  අම්මේ   මම  දැන්  යන්න   ලැහැත්ති  වෙනවා  ...  "

පොඩි  බොරුවකුත්   අම්මට  කියාගෙනම   තමයි  ඇදෙන්  බැස්සේ.  අම්ම  මම  ගැන   දන්නා  නිසාමද    කොහෙද කාමරය  ලගටම  ඇවිල්ලා  දොරටත්  තට්ටුවක්  දැම්මා..


"හරි   අම්මේ  තව  විනාඩි   පහක්‌  මට   දෙන්ඩෝ "

දඩ  බඩ  ගාල  දතකට  මැදගෙන   , අලුත්  ටී  ෂර්ට්   එකකුයි   ,,  ඩෙනිමකුයි   ඇදගෙන   එලියට ආවා ...

"හරි   එහෙනම්  මම   ගිහින්   එන්නනම් "      කියලා   පැත්තක    තිබුන   මෝටර්  පුටාර්  එකට   ගොඩවුනා
යතුර  දාල   තුන්  හතර   පාරක්  කික්   කලත්   ,,ස්ටාර්ට්  වෙන  පාටක්  නම්  අහලක  වත් නැහැ ...කික්  කරලම   එපාවුණා   ,, ඒ   මදිවට  ඇගට  දාඩියත්    දාල ...  මොනවා   කරන්නද   ගමන   යන්නත්  එපායැ ..
 යතුර   අරගෙන   පැට්රල්  ටැංකිය  ටැංකිය  ඇරලා  බැලුවා  ...බඩු  තියෙනවද   කියලා  ....ඇති  යාන්තම්    පැට්රල්   නම්   ඇති   පදමට   තියෙනවා  ..... ඊට  පස්සේ   ප්ලග්   එක  අඩුවක්   අරගෙන  ගලවාගෙන ,, වැලි  කඩදාසියක් අරගෙන  සුද්ද  කරලා  ආපහු  දැම්මා ..  මේ   පාර  ස්ටාර්ට්   වුනේ  නැත්නම්   ගමන     පයින්  යන්න    හිතාගෙන ..... අන්තිමේදී    දෙපාරක්   ,, තුන්පාරක්   කික්  කරනකොට    වැඩේ   හරිගියා  ......බඩු  ස්ටාර්ට් .

" අම්මේ  මම  යනවා     වැඩේ  හරි   "   

"පරිස්සමෙන්   යන්න  පුතේ   අදකාලේ  දන්නවනේ "


විනාඩි  දහයෙන් මට     ග්‍රාම    නිලධාරි   මහත්තයාගේ   ගෙදරට     යන්න   පුළුවන් වුනා.. .. හොද වෙලාවට 

 ග්‍රාම    නිලධාරි   මහත්තයා  එදා  උදේ  ගෙදර  හිටියා ,,,අම්මගේ  ෆෝම්  එකට  අත්සන  ගහන්න  වැඩි  වෙලාවක්   ගියේ   නැහැ ....උන්නැහැ     එක්ක පොඩි   කතාවකුත්     දලා   ගෙදර    එන්න    මෝටර්  පුටාර්  එකට   නැග්ග  විතරයි ,,කොහෙද  ඉදන්  මතුවුණු   වල් කැහැටු  බල්ලෙක්   එකපාරට  මගේ    කකුල   හැපුවා ..කොහෙන්   ආවද  මන්ද      පිටු පස්සෙන්    ඇවිල්ල  වම්  කකුලේ   විලුබ  හරියෙන්     තමයි  මේකා   ඇල්ලුවේ ......!  බුරන   බල්ලා  හාපා  නොකයි ! කියලා   කියමනක්  තියෙනවනේ   ඒවගේ   මේකත්   හිමීටම   ඇවිල්ල    තමයි   වැඩේ  දුන්නේ ... මට    හිතන්නේ   මම    ඇදගෙන    හිටිය
  රතු  පාට    ටී  ෂර්ට් එක  හින්දා   මාව   උගේ     ටාගට්  එක    වුනාද   කියලයි ....කරන්න   දෙයක්     නැහැ    දැන්  වුනදේ   වෙලා   ඉවරයි ...කලිසම්    උස්සලා   බලද්දී   පොඩි  දත්  පාරකුත්   වැදිලා  තිබුන..
ග්‍රාම  නිලධාරි   මහත්තයා   නම්   කිව්වේ   ඒ   බල්ලා    ගෙදර   බල්ලෙකුත්    නොවන   බවයි ....එහාටත්   කොහෙන්ද   ආපු  බල්ලෙක්    කියලා   තමයි   කිව්වේ .. එතනින්    එහාට   බල්ලාගේ    ජාතකේ   හොයන   එක  වැඩක්  නැතිනිසා    එතනින්ම   හොදට    සබන්  දාලා   තුවාලේ    හෝදගෙන ,  යාලුවෙකුත්  එක්ක  ලගම   තියෙන    රජයේ   රෝහලට  ගියේ     ගෙදර   අයගෙන්   තිබුණු   බල  කිරීමත්     එක්කමයි ....  පිස්සු  බල්ලෙක්ගෙ   තියෙන  තියෙන    හැසිරීම නම්  ඒ    බල්ලාගේ   තිබුනේ   නැහැ  ...කෝකටත්    හොදයිනේ     ගිහිල්ල   බලන   එක  තමයි   හැමෝගෙම  මතය ....

ගිය   ගමන්ම  ඉස්පිරිතාලෙන්  කිව්වේ  බල්ලට  පිස්සු බලු  බේත්   විදපු  පොත  අරන්   එන්න   ...නැත්නම්   බේත්  කෝස්  එක    විදින්න   වෙනවා   කියල ......ඒ   බල්ලට  මොන   බේත්  විදපු  පොත්ද  මම  හොයන්නේ ,,  වෙන   කරන්න  දෙයක්    නැහැනේ     බේත්  කෝස්  එක    එක  විදගන්නවා     කියන  එකට   මම හිත   හදාගත්තා ...  මුලින්ම  විද්දේ     පිටගැස්මට   එකනම්    එච්චර   අවුලක්  නැහැ,,,ඊට   පස්සේ බේත   ඇලජික්    වෙනවාද  එහෙම    කියලා   බලලා  ,   හරිම    කරුනවන්ත  නර්ස්  නෝනා    කෙනක්  ,

  "ඔය පිස්සු  බලු  බේත්  විදින්න   ඉන්න  කෙනා  අර  ඇදෙන්  හාන්සි  වෙන්න "


 "ඇයි  මට  ඇදේ  හාන්සි   වෙන්න  කිව්වේ  ඕක  මෙහෙම  ඉදන්  විදින්න  බැයිද ?"


මටත්   කට තියාගෙන  නිකන්  ඉන්න   බැහැනේ    ....කකුලත්  ටික  අදුම්කන්න   අරගෙන    තිබුන

කාරුනාකරලා   ඇදේ  හාන්සි   වෙන්න  , මේක   විදින   විදිහ  තමයි  මේ   "  එතන   හිටිය   වයසක   පහේ   නර්ස්   නෝනා    කෙනෙක්  ... ,,,
වෙන   දෙයක්  වුනාවේ  කියල   මම   බේත්  සුවද  හමන    ඇදේ  හාන්සි  වුනා ,,

මුලින්ම  තුවාලය  වටා  සුද්ද  කරපු    කරපු   නර්ස්  නෝනා    හරි  සර්  දැන්  විදින්න   පුළුවන්   කියලා කිව්වා ..
එතනින්  පස්සේ   තමයි  මට   දවල්  තරු  පෙනෙන්න  ගත්තේ ...
මුලින්ම  බේත  විදිදේ  තුවාලය   වටේට ,, රවුමට  අටපොලකටම   ,,, තුවාලයක්  වෙලා  තියෙන   තැනක  තවත්  කටු  අනින කොට , තියෙන  අමාරුව නම්  කියල වැඩක නැහැ  ...මම   දොස්තර  මහත්තයට  බැන්නේ  නැති  ටික විතරයි ..බොහොම  අම්මරුවෙන්  ඉවසන්  හිටියේ ..ඊලගට   උරහිස්    දෙකට  ඉන්ජෙක්සන්  දෙකක්  විද්ද  ...

"කකුලේ  කලවා  දෙකටත්  දෙකක්  විදින්න   තියෙනවා  කරුණාකරලා   ඔය කලිසම    පල්ලහට  දාන්න "

මේක  ඇහුණාම  මම   තවත්  අසරණ වුනා ....ඇයි  වාට්ටුවෙන්  එකයි  සෙනග  .. මුනට  හීන්  දාඩියත්  දාල ..මමත්  කරගන්න  දෙයක්  හිතාගන්න  බැරිව  හිටියේ ...

"අපි  ඕව ඕන තරම්   දැකල   තියෙනවා මෙන්න මේක   ඇදගෙන  කලිසම   පල්ලහට  දාන්න  අපිට  තවත්  වැඩ   තියෙනවා  "  
  ආයෙත්   එතනට  ආපු  වයසක  නර්ස්  නෝනගේ    හඩට  මට   කීකරු  වෙන්න     සිද්දවුනා .... තට්ටමට  කිව්වට  බල  නහරයකට  මන්ද  හොද  ලොකු   කටුවක්  ඇති   ඉන්ජෙක්සන්  දෙකක්  කකුල්  දෙකටම ...ඊට පස්සේ  බේත්   ඇලජික්  වෙයිද   බලන්න   තව   පැය හාගයක්‌   විතර  එළියේ   බැංකුවකින්  ඉන්නලු ...මුළු  ඇගම  රිදෙනවා  ,,,බේත් විදලම  ..,,මගේ   යාළුවා  මම  වින්ද   දුක   දැකලමද   කොහෙද  කැන්ටින්  ඒකෙන  මට  බොන්න   කිරි  එකකුයි  , ක්‍රීම්  බනිස්   ජෝඩුවකුයි ගෙනත්  දුන්න ...ඒකත්   බැංකුවේ  ඉන්න  ගමන්  වගකියල  දැම්මා..

 ඊට   පැය  හාගයකයට පස්සේ  ගෙදර  එන්න  අවසරේ  ලැබුන ...එක්කන්  ගිය  යාලුවට  මෝට පුටාර්  පදින්න  දන්නෙත්  නැහැ.... මොනවා   කරන්නද   බොහොම  අමාරුවෙන්  යාලුවත් ගෙදරට   බස්සල   ගෙදර ආවේ ඒ  තරමට   ඇගට  ආමාරුයි .. ඔහොම ගෙදර   ආපු  මට  පසුවදා  වෙනකොට  පහුවදා   වෙනකොට   කකුල  වෙනකොට කකුල  බිම  තියල ඇවිදින්නවත්  බැරි  තරමට ආමාරු   වුනා ..ඒ   මදිවට ඇගටත්  උන   ,,,,,දවස්   හතක්  යනකන්  ඇදටම  වෙලා  ඉන්නවුනා...  අවුරුද්ද   මුලින්ම   ජොබ්   එකේ වැඩත්  ගොඩ  ගැහිලා  තිබුනේ ...මොනවා   කරන්නද    කරන්නද   අවුරුද්දදේ     මට   හම්බ වුනු    මුල්ම   තෑග්ග ලැබුනේ   ඔන්න   ඔය  විදිහටයි ,,,, හෙට තවත්  බේත් සෙට්  එකක්  විදින්න   තියෙනවා   ඒකයි  මේ   ටිකත්   මෙහෙම  ලියන්න  හිතුනේ..





38 Comments
Tweets
Fb Comments

38 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. හි හි.. බල්ලව මරන්න හිතෙන්න ඇති... ඒත් මොනවා කරන්නද.. අපේ ඉස්පිරිතාල නම් මල් හතයිනේ....

    ReplyDelete
    Replies
    1. දැන් වෙන බල්ලෙක් නිකන් ලගින් ගියත් ඇග හිරිවටෙනවා වුනු දේවල් මතක් වෙලා ... ඉස්පිරිතාල ගැන නම් ඉතින් හතේ හත නේ ..හිරු

      Delete
  2. අම්මෝ.... මේක ඇහුවමත් එපා වෙනෝ.....
    අපේ ගෙවල් ලග ඇන්ටි කෙනෙක්වත් බල්ලෙක් කාල මාර අමාරු වුනා. ඒ බල්ල නම් ගෙවල් ලග ගෙදරක එකෙක්. ඒත් ඌ සැරටම කාල. ඔපරේෂන් එකකුත් කරන්න වුනා. දැන් ඒ කකුල ටිකක් කොටත් වෙලාලු මොකක්ද නහරයක් අල්ලලා නිසා.

    ReplyDelete
    Replies
    1. මෙතනදී බල්ල කන එක නෙවියි විදවන්න බැරි තුවාලේ වටේට බේත් විදින කොට ... ඒ තරමටම අමාරුයි ...මටනම් යන්තම් දතක් වැදුනා විතරයි ...

      Delete
  3. ගණන් ගන්න එපා, ලෝකේ සියලුම දේවල් සිදුවෙන්නේ මර්පිගේ නීතිය අනුව. ඒ ගැන වැඩිපුර දැනගන්න මේකට කොටන්න.
    http://en.wikipedia.org/wiki/Murphy's_law

    ReplyDelete
    Replies
    1. එල ඔන්න එකත් බැලුවා ...

      Delete

  4. ගණන් ගන්න එපා, ලෝකේ සියලුම දේවල් සිදුවෙන්නේ මර්පිගේ නීතිය අනුව. ඒ ගැන වැඩිපුර දැනගන්න මේකට කොටන්න.

    http://en.wikipedia.org/wiki/Murphy's_law

    ReplyDelete
    Replies
    1. එල ඔන්න එකත් බැලුවා ...

      Delete
  5. අඩෝ... බල්ලන්ට බයින්න එපා ඈ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බල්ලන්ට බයින්නේ නැහැ අපි .... කවුද කියන්නේ..

      Delete
  6. හප්පා මාර පරිප්පුවක් නේ. මගෙත් යාලුවෙක් ව බල්ලෙක් හපල, ඔය වගේම වෙලා තිබුන. පෙකණිය වටේටත් විදිනවා ඒ කාලේ. දැන් නම් එහෙම කරන්නේ නැහැ ලු. මගෙත් දවසක් හැපුව. වෙලාවට ඌට අහු වුනේ මගේ කලිසම් කකුල විතරයි. පිටිපස්සෙන් ඇවිත් තමා බොහෝ වෙලාවට හපන්නේ...

    ReplyDelete
    Replies
    1. පිටිපස්සෙන් ඇවිත් තමා බොහෝ වෙලාවට හපන්නේ ඒකනම් ඇත්ත ....දැන්නම් පෙකණිය වටේට දැන් විදින්නේ නැහැ ... ඒ වෙනුවට තුවාලය වටේ තමයි විදින්නේ..

      Delete
  7. අඩේ ම, මට උබ ගැන සිරාවටම සනුකම්පාවක් ආව බන් , සිරාවටම පවු උබ ,

    ReplyDelete
    Replies
    1. අනුකම්පාවක් හිතෙන්නේ නැද්ද මන් අහන්නේ බල්ලෙක් කරපු හදියක් දිහා බලපුහම

      Delete
  8. සුරූපී නර්ස්ලා ඒ ආකාරයෙං අයින්න ඉගෙන ගන්නේ හෙද විද්‍යාලයෙං වෙන්නැති නේ...
    හෙද චංගුමීගෙං බෙහෙත් ගත්තනං ඔච්චර වේදනාවක් නැති වෙයි..

    ReplyDelete
    Replies
    1. කොහෙන් ඉගෙන ගත්තද මන්ද තරියා ,,අනින එකනම් ඇන්න දෙයියෝ සිහිවෙන්න.

      Delete
  9. මාවත් දවසක් බල්ලෙක් ඔහොම හැපුවා... බල්ලගෙ හැසිරීම බලලා ඒක සතුටුදායකයි කියලා තුවාලෙට බෙහෙත් දාගෙන නිකං හිටියා... දුෂ්කර පැත්තක හිටි නිසා ඉස්පිරිතාලෙ යනන් එච්චර උනන්දුවක් ගත්තෙ නෑ...

    ReplyDelete
    Replies
    1. මටවුනේ බල්ලගේ අයිතිකාරයෙක් හොයාගන්න බැරිවීම ...එහෙම වුනා නම් මටත් ඔය විදිහට දුක් විදින්න වෙන්නේ නැහැ තිසර .

      Delete
  10. මං ඒත් බැලුවා බලලු කුක්කෙක්ගේ පින්තූරයක් එක්ක කොහේද ටෙක්නිකල් විස්තර කියල.. මාත් දන්නවා බං ඒ කාලේ 36 ක්ද කොහේද විදිනවලු.... අවුරුද්දේ මේ තෑග්ග මහ නරක එකක් නෙව...

    ReplyDelete
    Replies
    1. කනවට වඩා අම්මරුයි බං බේත් බේත් විද්දට පස්සේ ... ඇයි බොලා කියල තිබුනේ මම ටෙක්නිකල් කෑලි ලියල බ්ලොග් එක පිස්සන් කොටුවක් කරගන්නවයි කියල ...ඒකයි වෙනසකට වගේ මේක දැම්මේ ...දැන් මට බල්ලගෙන් පිස්සු හැදෙයිද දන්නේ නැහැ ඕන්.

      Delete
  11. අනෙ අම්මෝ... බල්ලොනම්... එපෝ..... දැන් ටිකක් පරිස්සම් උනානම් හොදයි....

    ReplyDelete
    Replies
    1. බල්ලො හදනවා නම් බේත් විද්ද පොත ලග තියෙන්නම ඕන...නැත්තනම් කාටහරි කෑවට පස්සේ සොරි තමා ...

      Delete
  12. මට නම් උනේ ඕකේ ටිකක් විතර අනිත් පැත්ත. යන එනමන් තිබුනේ නැති බල්ලෙක්ව මන් ඉතින් දවසක් දෙකක් අතගෑවා ඌත් අවුලක් නැතුව හිටියා. මෙන්න බොලේ ටික දවසකින් මූ මැරුණා. අපේ ගෙවල් වල කට්ටිය බල්ලාගේ ඔලුව අරගෙන ගිහින් චෙක් කොරලා බැලුවාම ඌ ට ජලභීතිකාව ලූ. මට තරු පෙනුනා ඉතින්

    ReplyDelete
    Replies
    1. අනුනම්යෙන් බේරිලා තියෙන්නේ ,,, කොහොම නමුත් බල්ලෝ නම් කවා ගන්න එපාකියල තමයි කියන්න තියෙන්නේ ...තරු පෙනෙන්නේ බේත් විදිනකොට .....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මගේ අම්මෝ අතගාල ඔය අහිංසක සතාට ජලභීතිකාව හැදුනනම්......

      ඔයා කාව හරි හැපුවොත් මොනවා වෙයිද? අනේ වඳින්නම් ඔයා කාවවත් හපන්න එපා.

      දැන් තමයි තේරුනේ ඇයි මේ "කියාගන්න බෑ" කියන්නේ කියලා, ජලභීතිකාව නේ?

      Delete
  13. // පිස්සු බල්ලෙක්ගෙ තියෙන තියෙන හැසිරීම නම් ඒ බල්ලාගේ තිබුනේ නැහැ //

    ෂුවර් එකටම ඌට පිස්සු. නැත්නම් උඹවම කයිද? මොකද වෙන උන් ඇත්තෙම නැද්ද ඌට හපන්න?

    ReplyDelete
    Replies
    1. එතන මම විතරක් නෙවයි ග්‍රාම නිලදාරී මහත්මයත් හිටියනේ ,,, හිතාගන්න බෑ හරියටම මොකද කියල ...

      Delete
  14. ඉන්ජෙක්සන් කෝස් එක ඉක්මනට ඉවරවේවා කියල පතනවා සංජේ..

    ReplyDelete
    Replies
    1. කොහේ ඉක්මනට ඉවර වෙන්නද ... මාස හයක් විතර යනකම් වැඩේ ඇදිල යනවනේ....

      Delete
  15. අම්මෝ කතාව කියවගෙන යද්දි මාව සීතල වෙලා ගියා. බෙහෙත් විදිනවට මම හරිම බයයි..තුවාලේ වටේට ඉන්ජෙක්ශන් ගහද්දි කොච්චර අමාරු ඇත්ද කියල හිතාගන්න පුලුවන් :(

    ReplyDelete
    Replies
    1. එකනේන්නම් බෙහෙත් විද්දට පස්සේ මට ගොඩක් අමාරු වුනා..

      Delete
  16. රතුපාටට බල්ලො, හරක් ෆෝම් වෙනව කියන්නෙ බොරු. උන් වර්ණ අන්ධයි. උන්ට පාටවල් පේන්නෙ නෑ..
    බල්ල පරණ තරහකාරයෙක් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බල්ල දැක්කෙත් එදාමයි.....

      Delete
  17. බලු වැඩ නේ බං. :)

    ReplyDelete
  18. ඉක්මනට හොඳ වෙන්න ඇති කියලා හිතනවා..
    ඔය බල්ලන්ගේ කේස් එක නම් ගොඩක් දරුණුයි..ඒක නිසා විඳින්න වෙච්ච කරදරේ හොඳයි කියලා හිතාගන්න සංජය..

    ඉක්මන් සුවය පතනවා..

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද වුනු හොදයි කියල හිත හාදගත්තා ....

      Delete