එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, December 15, 2012

කවුද අනේ " මක බාස් "


ලෝක විනාසේ  අද  වෙයි  ..හෙට   වෙයි  කිය කියා  හැමෝම   බලාගෙන හිටියත්  ඒකත්  ඒකත්  එහෙම   වෙනදෙයක්  නොවෙයි   වගේ ...ඔන්න  ඔය  සන්තෑසිය  ගැන  මම  පොඩි  පහේ   මනෝ පාරක්  දාගෙන  කාමරයේ  ඉන්න වෙලාවේ    අපේ   මෑණියන්දෑ  කඩා   පාත්වුණේ     වුනේ    නැතෑ    කාමරයට.....

"අනේ ඇත්තට  උබට මේ  මොකක්   වෙලාද   මන්ද    ගෑනු දැරිවියෙක්   ගෙටවෙලා  වගේ   ඕක   අස්සටම   වෙලා   ඉන්නේ "
"උබ   හැමවෙලේම  ඕකටම  වෙලා   ඉදල  මොකක්   හරි     ලෙඩක්    හදාගන්නවා"  ...
" අනේ   මන්ද   උබලට නම්   මේවයේ   ගානක්   වත්   නැහැ දැන්    කාලේ හැදෙන  එවුන්  හැම  එකාම මෙහෙමද  මන්ද "  .......



එක පිට  එක   වාග්  ප්‍රහාර   ගලා එයි ... හොද වෙලාවට  මා සිටියේ   යහන් ගතවය ...කොම්පුටරය  ලග   හිටියා නම්  මෙය  තවත්  වැඩි වනවාය....මගේ   වෙලාව  හොදය ......මම   දනී පනී  ගා ඇදෙන්    බැස්සෙමි ..හොද  වෙලාවට  බබම්මා (බබාගේ  අම්ම) ලග  පාතක   නැත... නැත්නම්  මෙයට   තවත්   ලුණු  ඇබුල්  එකතු   වෙන්නේය...

"මොකද  අම්මේ මේ  කෑගහන්නේ  ලෝකෙවත්    විනාස   වෙලාද ?"

" අනේ මගේ කට ..... ලෝක විනාසවෙන්න කලින්  උබේ  ගෙදර   විනාස  වෙන්නයි   යන්නේ  "

"පොඩ්ඩක්    එලියට   බැහැල  බලපන්   ලිං මැඩියා  වගේ  ගේ  අස්සෙම   රිංගගෙන  ඉන්නේ නැතිව"

"හරි  හරි  මොකද  කියන්නකෝ   වෙලා  තියෙන්නේ  "
"අන්න  අර  කොන්ක්‍රීට්  සැල්බ්  එකෙන්   අයෙත්  වතුර  ලීක්  වෙන්ව   ....  ඔහොම   ගියොත්   ටික  දවකින් ඕකේ  කම්බිත්    දිරල  උබලගෙම   ඔලුවට    කඩාවැටෙන්න   බැරි නැහැ  "

"කොහෙද  අර  බාත් රූන් එකේ  ස්ලැබ්    එකද  "

"ඔව්   ඒක   තමා ... පොඩ්ඩක්  බලපං  ,, බාස්  කෙනෙක්  හරි  ගෙනල්ල ....නැත්නම්  අපරාදේ ඕව "

" අපිනම්  ඕව  ඔහොම  විනාස  වෙන්න   දුන්නේ  නැහැ... ඒකටත්  එක්ක  උබල  අනේ  මන්ද  "
මේ තියෙන්නේ  ස්ලැබ්   එකෙන්  වතුර  ලීක්  වුන   තැන..


මාස 6 ක්   ඇතුලත  ඔය   ස්ලැබ්  එකෙන්   වතුර  ලීක්  වන   තුන්වන   වතාවය....ඒ  අවස්ථා  දෙකේම  ප්‍රදාන  පෙලේ  නම්  දැරූ  බාස්වරු   දෙදෙනෙක්    ස්ලැබ්   එක මතට  ගුවන්   ගත වුනෝය..බදාම  මෙන්ම  ..නොලීක්ද  ගෑවෝය...හැන්දෑවට  මුදල්ද  ගෙන  පුරස්සරම්  දෙඩුවෝය  වැඩක් නැත ...  සියල්ල  වතුරේය
මොන  වැඩ කාරය  ..මොන  සිමෙන්ති   දැම්මත්    ඕක  ඔහොමය  ....කරන්න  කිසිම   දෙයක්  මේ  ටිකිරි  මොලේට  කල්පනා  නොවන්නේය ......
දැන්  තියෙන්නේ  එකම  දෙයයි  "මමම  බාස්   වැඩේ   කරලා   බලන්න  ඕන..". එහෙම    හිතාගත්ත මම  බයිසිමොටෝවෙන්  ටවුන්  එකේ  හාඩ්වෙයාර්   එක   ලගට  ගියේ   වැඩේට  අවශ්‍ය  විශේෂඥ     උපදෙස්  ටිකත්   එතනින්ම  ගන්න  බලාගෙන....
      කඩේ  ටිකක්  සෙනග  වැඩයි   වගේ....
මමත්   ටිකක්   පැත්තකට  වෙලා  හිටියා  මුදාලි  ටිකක්   නිදහස්    වෙනකම් .....නැත්නම්  ලැබෙන  උපදෙසුත්   බාගෙටනේ  ලැබෙන්නේ..

" ආ  මහත්තය  මොකද  පැත්තේ ......අදත්  මොකක්හරි   ප්‍රශ්නයක්ද ??"""

"මුදලාලි  කොන්ක්‍රීට්  සැල්බ් ලීක්   වෙනවට  මොනවහරි   ගාන්න  කරන්න   දෙයක්   තියෙනවද  "

" ජාති නම්   තියෙනවා .... නමුත්  ටික කාලයයි  අල්ලලා  හිටින්නේ  මහත්තයෝ  "

"   ඒවා  දීල  කොහොමද  ආයේ  අපි  මහත්තයගේ   මුණ   බලන්නේ "  මට  පෙනෙනන්නේ   වැඩේ  ලෙහෙසියෙන්  ගොඩ  දාන්න  බැරිවෙයි    වගේ   මට   එහෙමත්    හිතුන  .......

" පොඩ්ඩක්  ඉන්නකෝ  මහත්තය  අපි  කවුරුහරි  බාසුන්නැහැ  කෙනෙකුගෙනුත්   අහල  බලමු .."

මගේ   වෙලාව  හොදකමට   කොහේදෝ  ඉදල  කඩෙන්   බඩු   ගන්නට    මේසන්  බාසුන්නැහැ  කෙනෙක්  පැමිණියේය......එය   මගේ  ලැබීමේ   හැටිය....හැමදාම   බස්   එක  මිස්  වන  මට   හැමදාම   අන්තිම  බස්  එක  අහුවෙන්නේය.... හැමදේම  අන්තිම    මොහොතේය. .... විභාග  වලත්   එලෙසමය ...මුලදී    හරියට  වැඩ නොකලත්    අන්තිම මාසෙන්    දෙකෙන්    ගොඩ  යන්නේය  ......

බාසුන්නැහැ මේ  මහත්තයට  ස්ලැබ්  එකේ  ලීක්‌  එක   වහන්න  දාන්න  දෙයක්  තියෙනවා   නම්   කියන්නකෝ   " 

එතන  ඉදල  බාසුන්නැහැගේ   ප්‍රශ්න  පත්‍රයට  උත්තර දෙන්නවුනා ..විශේෂඥ  උපදෙසක් ගන්නනේ  මමත්   ගියේ ...අන්තිමේදී  මගේ  කරුණු  කාරණා  විස්ලේෂණය   කොරොල   බලල   උන්නැහැ මෙහෙම  කිව්වා

"ඕකට මහත්තය  මොක  ගෑවත්  ටික කාලයයි ......හැබැයි  මම  අහල    තියෙනවා  ඕකට  EPI FIX   ගම්   එක  නම්  ඔරොත්තු  දෙනවා කියලා    ,  නමුත්  මම   කරලනම්   නැහැ........."
" ක්‍රැක් එක   තියෙන    තැන  හොදින්  වයර්  බ්‍රෂ්   එකකින්  පිරිසිදු   කරලා ..ටියුබ්  දෙකේ    තියෙන  ගම්   දෙක  එකට  මික්ස්  කරලා  ගාන්න   බලන්න.."

දැන්  කරන්න  ඉතුරු  වෙලා  තියෙන්නේ  මේටික  තමයි ..ආයෙත් පාරක්   නිකරුනේ  තුට්ටු දෙකකට   තට්ටු  කරගන්නේ   මොකටද   මමම  මේක     කරලා  බලන්න  ඕන  ...එහෙම   හිතල  මම ඒ  කඩෙන්ම   EPI FIX   ගම්   ඒකයි , වයර් බ්‍රෂ්  ඒකයි  අරගෙන  ,,  බාසුන්නැහැටත්   ස්තුති  කරලා  පිනුම්  අස්සයාට   නැගල     ආයෙත්   ගෙදරට  සැපත් වුනා ....
EPI  FIX  ගම්  හා   වයර්  බ්‍රෂ්    එක 


මම   ගෙදරට  යනවිට    ගෙදර ඉන්න   කාන්තා පාර්ශව  දෙකම  ලොකු  කතා   බහකය.... සිදුවී  ඇති   දෙය   දැන්  මට   හිතාගත  හැක......මට කියන්න   කිසිවක්  ඉතිරි කොට  නැත .....දැන්   දැන්ම  මට   තවත්  ප්‍රශ්න පත්‍රයකට  උත්තර  දෙන්න සිදුවනවාය..... ඒක එසේ  නොවේනම්  පුදුමයක්ය....මගේ   වයර් බ්‍රෂ්  එක හා  ගම්  එක  ඇති මල්ල  දුටු  බබම්මා ( පොඩි බබාගේ  අම්මා )

" දැන්   ඔයා   ඒ  පාර  මක  බාස්ගේ   වැඩෙත්  පටන්   ගත්තද ?????...."

" නිකන්  කොන්ද   කඩාගන්නේ  නැතිව   ඉන්න කිවව්හම  අහල  නොදන්න  දේවල්   නොකර "

" ඔයා ඔය මක බාස්  වැඩ කරන්ඩ්  ගිහිල්ල ...තියෙන  ටික තවත්  වැඩි කරනවා "

" හරි හරි මමනේ කරන්නේ  ඔයගොල්ල  ඉන්නකෝ  පැත්තකට  වෙලා  " 

 කරන්නට  වැඩි   යමක්  නැත ...ප්‍රදානම  වැඩේ වන්නේ  ස්ලැබ්   එක මතට නැගීමය ...අනෙක්    ටික  නම්  කජු   කනවා  වැනි වැඩක්ය ...ඒ  තරමටම    ලෙහෙසිය ......මගේ ප්ලෑන  නතර    කරන්න  මේවා  කියා   නොහැකිය ...මම  ගේ පිළිකන්න පැත්තේ   තියෙන   ඉනිමගත්   අරගෙන  මම  ස්ලැබ්  එක   ලගට   කිට්ටු   කලෙමි ....

" හා හා   පොඩ්ඩක්   ඉන්න  ඉනිමග   අල්ලන්වත්  කවුරුත්    නැහැනේ  මම  ටක්  ගාල එනව "

"ඉවසන්න පොඩ්ඩක් "   
   බබම්මාගේ   හඩයි..... තනියෙන් ගිහිල්ල නිකරුනේ  කොදු   කඩාගන්න ඕනය ..මමත්  කතාවට   අවනත වුනා .....ඒ   හඩ  ඇහිලා  අපේ   අමම්ත්   එතනට    ආව ...ටික  වෙලාවකට   පස්සේ  කොට   කලිසමකුත්  සමග  ටී ෂර්ට්  එකක්   ඇදගත්ත  බබම්මත්    එතන...

"මේ   මොකද   මේ "  මම  කටහඩ  අවදි  කලෙමි ..

 "නෑ  මටත්  නැගල  බලන්න  ඕන   මොකද  වෙලා   තියෙන්නේ   කියලා "

"හරි  මම  මුලින්  නගින්නම්  ඔයාට  පස්සේ නගින්න  බැරිය ...දැන්    මේක  අල්ලන්නකෝ "

මම  පහල සිටින  කාන්තා පාර්ශවයේ  බලවත්  ආරක්ෂාව   මැද නිරුපද්‍රිතව   ස්ලැබ්   එක   උඩට ව ගුවන්ගත වුනෙමි ...ස්ලැබ්  එක උඩට   නැගපු ගමන්  දුටු  දර්ශනයෙන්   ,,, හදවත  මේව්වා   වුනේය....ස්ලැබ්  එක උද  පොඩි  ජලාශයක්  නිර්මාණය  වෙලාය , මදුරු කීටයොත්   එහෙමෙහෙ  පීනනවා   දුටිමි.. ස්ලැබ්  එක  උඩ  එකතු  වන  වතුර  බැසීමට   තියෙන    බටෙත්   රොඩු   හිරවෙලා  ඒකයි වතුර   එකතු  වෙලා   තියෙන්නේ   .. මම  පහල  ඉන්න ආරක්ෂක අංශ  දෙකට  ඒ   බව  දැන්වුයෙමි ......

"මාත්  එන්නම්කෝ  උඩට  මේ  ඉනිමග   අල්ලනවද  පොඩ්ඩක් "

"හරි   උඩට   නගින්න කලින්   මට බ්‍රෂ්  එකකුයි  ,  වතුර   එකතු    කරන්න  පොඩි බකට්   එකකුයි   ගෙනත්     දෙන්න .."

ටික  වෙලාවක පස්සේ   සියලුම  බඩුත්  ඒකක  බබම්මත්  ස්ලැබ්   එක  උඩට  ආවා...මුලින්ම  ස්ලැබ්  එක   උඩ තිබුණ ජලාසේ  අයින්  කොරල   දැම්ම   දෙන්නත්   එක්කම   එකතු  වෙලා ..ඊට   පස්සේ  ස්ලැබ්   එකේ ක්‍රැක් එක වුන  තැන හොයාගන්න  අපි  දෙන්නම   හිතුව තරම්  ලෙහෙසි  වුනේ   නැහැ... හැමතනම  දියසෙවල  බැදිල  හරිම  අපහැදිලියි ....මුලින්ම  දියසෙවල  ටික  සුරල   දැම්ම  අර   ගෙනාපු  වයර් බ්‍රෂ් එකෙන්... මෙන්න බොලේ  ටිකෙන්   ටික  ක්‍රැක්  එක   මතු  වෙන්ව  අඩි   දෙකක්  තුනක්   විතර   දිගයි   මගේ  හිතේ .....
රෙදි  කෑල්ලක්  අරගෙන     ආයෙත් තෙත මාත්තු  කරලා .. පිහදාල   එහෙම    ලක  ලැහැත්ති   වුණා..
දැන්    තියෙන්නේ  මක  බාසුන්නැහැගේ   වැඩ   සටහන ... අනේ  දෙවියනේ  මේකනම්  වරදින්න   එපා ..
එහෙම  වුනොත්  මට  කන්දෙකේ  ඇබ ගහගෙන   තමයි   ඉන්න  වෙන්නේ... මමත්   ඕන කෙහෙල්මක්  වෙනවනම්  වුනාවේ කියලා   හිතාගෙන   EPI  FIX   ගම් ටියුබ්  දෙකේ    තියෙන   රෙසින්  එකයි  හාඩ්නර්  එකකයි  සමසමව  ටික ටික   අරගෙන  , දෙකම  එකට   මිශ්‍ර  කර  අර  ක්‍රැක්  එක වැහෙන්න   දිගටම   ඇතිල්ලුව ...... දාඩිය  පොල්ලත්  හොදටම   දානව  ... නිතරම කරන  වැඩය  මෙව්වා... ඒ   මදිවට   නැමිලා    ඉදල   බඩ   පැත්තත්   රිදෙනවා..... කොහොම  නමුත් අමාරුවෙන් පැයක්  විතර  යනකොට  වැඩේ   අහවර    වුණා ...මුලදී  උදැල්ල  දැම්මත්  පස්සේ   පස්සේ බබම්මා   ගෙන්   ලැබුණු  සහයත්   මෙතනදී    අමතක   කරන්න   බැහැ.......
ඊලගට  "නයා  පත්‍රයට  "  අනුව තිබුනේ   ස්ලැබ්   එකට  වතුර  දලා  ලීක් වෙනවද   කියලා   බලන්න...
මේ  සදහා  සුදුසු  වන්නේ   තව  පැය හතරකට  ,පහකට  පමණ   පසු  පසු   බවලතුන්ගේ  අදහස  වුණා ....
විස්වාස කරන්න  පැය  පහකට  පසු  වතුර  දමා  කල  ලීක්   ටෙස්ට්   එක    සාර්ථකයි ......නමුත්   බබම්මා    නම් කිව්වේ  "ඕක  සතියෙන්  දෙකෙන් වැඩේ   ඉවරයි "  කියලා   ..... ..දවස්  දෙකකට   පස්සේ  බොහොම   තද  වැස්සක් ...මම  හිතුන  "අදනම්  බඩු    බනිස්  වෙනවා "  කනක්   ඇහිලා  ඉන්න වෙන්නේ   නැහැ... ඒත්   මොකුත්   වෙනසක්  වුනේ   නැහැ......  සියල්ල  හොදින්   .
   ඔහොම දින සති  මාස ගණන්   ගෙවිල    ගිහින්  .......  ......

..........................................................................................................................................................

අදට  හරියටම  අවුරුදද්ක්  වෙනවා.....ආපහු  ලීක් එකනම් ආවේ   නැහැ   ,,,  යන්තම්  තුට්ටු   දෙකකට තට්ටු වෙන්න   ගිය   අවස්ථාවකිනුත්  බේරුනා   ... .  ගතහැකි පාඩම : මක බාස්ලටත්  හිතුවොත්  වැඩ   හරියට   කරන්න   පුළුවනි ..... 
ප .ලි ---- කවුද   හැබෑටම  (මක) බාස් ?





.

47 Comments
Tweets
Fb Comments

47 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. බොහොම වැදගත් උපදෙසක් නේ :) මමත් දන්න කියන මකබාස්ලට මේ නිව්ස් එක දෙන්නම්කො

    ReplyDelete
    Replies
    1. හොදයි හොදයි ඉක්මනටම දෙන්න කෝ .....

      Delete
  2. මොකෝබන් සුවාස් වෙන්න කලින් වෙනස් ලිපියක් දාලා? කොහොම උනත් මේකෙත් ගන්න දෙයක් තියෙනවා,

    මේ ගහ පොඩ්ඩක් පහලින් දාගනින්කෝ බන් ලියන්නත්, කියවන්නත් අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත එක්කො දකුනු පැත්තටවත් දාන්න.

      Delete
    2. සුවාස් වීම කෙසේ වෙතත් ... පොඩි වෙනසකටත් එක්ක තමයි ලියුවේ.... පොඩ්ඩක් ඉවසන්න නත්තල පහු වෙනකන් ගහ අයින් කරලා දානවා....ඕක නත්තල් ගහක් නේ ....

      Delete
  3. අන්න මචන් වැඩ බෑ කියා ගත්ත ගමන් ඉන්නේ නැතුව ඔය වගේ දේවල් කරන්න මටත් මාර ඇම්මක් තියෙන්නේ .හැබැයි නොදන්න ඒව කරන්න ගිහින් ඇනගත්ත තැන් ඕන තරම්

    ReplyDelete
    Replies
    1. ඕව් බං ඕව සමහර වෙලාවට හරියනවා ...තවත් වෙලාවක වරදිනවා ... ඕව ඔහොම තමයි .... වැරදි වැරදි තමයි හරි යන්නේ....

      Delete
  4. හපෝ...අපෙ තාත්තට නම් මේක කියවන්න දෙන්න හොද නෑ..මේ ළගදි නත්තල් ගහට දාන්න පරණ බල්බ් වැල ඇදලා ගත්තම රතු පාට ටික විතරක් පත්තු වෙන්නෙ නෑ.. මමයි අම්මයි කෝමහරි කරලා ඒ ටික නැතුව අනිත් ටික පත්තු වෙන විදියට හදා ගත්තා..තාත්තා බාස් වැඩේ කොරන්න ගිහිල්ලා දැන් බල්බ් වැලේ එකක්වත් පත්තු වෙන්නෙ නෑ.අලුතෙන්ම ගන්න වුනා..

    ReplyDelete
    Replies
    1. අයියෝ එහෙම කරන්න එපා....මේකත් පෙන්නලා තාත්තව දිරිමත් කරන්න....තාත්තට හැමදාම එහෙම වෙන එකක් නැහැ....

      Delete
  5. ඔය ව‌ෙග් ගෙදර ඉන්න දවසට සයනගතව ඉන්න මහත්තුරු ගැන කියද්දි අපේ මහත්තයා ගැන කියන්න තියෙන්නේ ගෙදර ඉන්න වෙලාවට මොනවා හරි අල්ලගෙන එක්කෝ කඩ කඩ , නැත්තම් හද හද ඉන්න ජාතියේ එක්කෙනෙක් කියලා... මේ අවුරදු දෙකටම “ මට අද මුකුත් කරන්න කම්මලියි / පොතක් බලන්න” කියලා ඇඳට වෙලා ඉඳලා නෑ...

    අපේ මහත්තයගෙත් කොකටත් තෛලේ EPI FIX තමයි.. අර පෙට්‍රල් මඟුල හින්දා බයික් එකේ ටැංකිය ලීක් වෙන්න ගත්ත වෙලාවේ, අලුත් එකක් ගන්න 16000ක් ඔනේ කිව්වා... වැල්ඩින් කොරන්නත් බයික් එක දවස් දෙකක් වත් පාවිච්චි නොකර ඉන්න එපැයි... අපේ මහත්තයා කළේ ඔන්න ඕක ගාලා තව හයිය වෙන්න ගෝනි වගේ රෙදි කැල්ලක් තියලා ඊටත් උඩින් පාරක් ගාලා දාපු එක.. ඔය තියෙන්නෙ කරදරයක් නැතුව තාම... ටැංකියේ පාට වෙනස් වගේ පේනවට මගේ Fabric paint පාරකුත් අතුල්ලලා දැම්මා.. හි හි...

    ඔය ටියුබ් දෙක ඉවර උනේ නැත්තම් ( එහෙම වෙන්න නම් විදියක් නෑ ලීක් එකේ තරමට.. හි හි) ඕක ෆ්‍රිජ් එකේ දාලා තියන්න.. අවුරුද්දක් හරි තියෙනවා අවුලක් නැතුව...

    ReplyDelete
    Replies
    1. අපිත් අපේ මහත්තයා වගේ තමයි හිරුවෝ .... වැඩ කරන්න ගියහම දිවා රැ ,,, ගෙවල් දොරවල් නැතිව මාස ගණන් වැඩ..ඊට පස්සේ ගෙදර ඇවිල්ලා පොඩි නිදහසක් අරගෙන ඉන්නවා .එහෙම ආපු වෙලාවක තමයි මේක වුනේ....පෙට්‍රල් ටැංකියේ කතාවට මමත් එකයි ...මොකද මමත් ඕකම කරලා තියෙනවා ..ටියුබ් දෙක ෆ්‍රිජ් එකේ තමයි තිබුනේ ....පොස්ට් එක ලියන්න තමයි එලියට ගත්තේ..

      Delete
  6. සංජය වෙනස් ලිපියක් දාල තියන්නේ. එහෙම ඒවත් ඉඳ හිට හරි ලියන එක හොඳයි. ඔය ගම් එක හොඳයි ඔය වගේ වැඩ වලට. මමත් ඕන උනාම පාවිච්චි කරනවා.
    ගම් ටිකට උඩින් බදාම ටිකකුත් දැම්ම නම් තවත් සාර්ථක වෙයි. ඇත්තටම පොඩ්ඩක් උත්සාහ කරලා ඔය වගේ දෙයක් කරන්න බලන එක ප්‍රයෝජනවත්.
    අපේ සංජය (බාස්)ට ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. ඕව් පොඩ්ඩක් වෙනස් ආකාරයක දෙයකුත් ලියන්න හිතුන චන්දන ....ගම් එකට උඩින් බදාම දාන එක තවත් සාර්ථකයි ....බැරි වුනත් උත්සාහ කරලා බලන්න ඕන,,,... ජයවේවා එහෙනම් ...

      Delete
  7. අලේ...මගෙ ඇනෙක්සියේ බාතෲම් එකට එන බටයක චූටි ලීක් එකෙක් තියෙනවා EPI FIX ගාලා වහලා දාන්න බැරිද දන්නෙ... නෑ...

    ඔය

    ReplyDelete
    Replies
    1. අරගෙන පොඩි ට්‍රයි එකක් දෙන්න ලිහිණි ...සමහර වෙලාවට හරියන්නත් ඉඩ තියෙනවා..

      Delete
  8. එලි ෆික්ස් ගැන මතක් කරපු එකත් හොඳා. මට වටින ගම් එකක් වගේ :)

    ReplyDelete
    Replies
    1. ඕව් ඕව් මාළු ටැංකිවල ලීක් වහන්නත් පුළුවනි ...

      Delete
  9. ඩුඩ් ගේ මක බාස් බලල ආව විතරයි ,මෙන්න මෙයත් මක බාස් නෑ නෑ වැරදුනා බාස් වෙලා :) ඕන් අපේ අප්පොච්ච හිටියනං ;)

    ReplyDelete
    Replies
    1. මේ වගේ ඔයාලත් පුළුවන් ට්‍රයි එකක් දෙන්න , හැබැයි පරිස්සමෙන් ස්ලැබ් වලින් වැටිලා කොන්ද කඩා ගන්නනවා එහෙම නොවෙයි....

      Delete
    2. //ඕන් අපේ අප්පොච්ච හිටියනං// රෙහානි "මලී" බලනවා නේද.. :)

      Delete
    3. @චන්දන ඔව්නේ
      :)

      Delete
  10. මට හෙම්බිරිස්සාව හැදිල හොටු ගලනවා :P
    EPI FIX ගාල ඕනම ලීක් එකක් වහන්න පුළුවන් වෙයිද ? :D

    ReplyDelete
    Replies
    1. ලීක් එකනම් නැතිවෙයි ...හැබැයි ඉතින් ඊට පස්සේ කටින් තමයි හුස්ම ගන්න වෙන්නේ .....

      Delete
  11. ගෙදර හැමෝම මක බාස්ල තමයි. හැබැයි අර වඩුවගෙ ගෙදර පුටුව නෑ වගේ කොයි වෙලෙත් ලෙඩ. මේක පෙන්නන්න ඕනෙ. සංජය (බාස්) ට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඒ වනං එහෙම තමයි ....වඩුවගෙ ගෙදර පුටුව නෑ .....පොඩි ට්‍රයි එකක් දුන්න නම් කැඩිච්ච පුටුවක් වුනත් හදාගන්න පුළුවන් වෙයි ...

      Delete
  12. සාමාන්‍යයෙන් දාන ස්ලැබ් එකක් වතුර රඳාපවත්වා ගැනීමේ හැකියාව අඩුයි..විශේෂයෙන් නානකාමර උඩ දාන ස්ලැබ් ඝණකමින්ද අඩුයිනේ..ඒවායේ වතුර ගොඩක් කල් ‍රැඳුනාම ලීක් කරන්න ගන්නවා තමයි. ඒ ව්ගේ තැන් වල ලොකු ස්ලෝප් එකක් තියන්න ඕන.
    ඕයවගේ ගම් වර්ග කීපයක් තියෙනව ඒත් මිලතමා උහුලන්න බැරි..

    හොඳම වැඩේ අඩුගනකම් චිප් ගල් වලින් 2" පමන ගනකමට තවකොන්ක්‍රීට් එකක් ඒ මතම දාගන්න එකයි.

    ReplyDelete
    Replies
    1. චිප් ගල් වලින් 2" වලින් තවකොන්ක්‍රීට් එකක් දාගන්න එකත් හොද වැඩක් තමයි....ඒත් ඒකට තවත් වියදමක් යනවනේ ...ඊට වඩා ලාබයි මට හිතෙන විදිහට ගම් පාවිච්චි කලා නම්.....

      Delete
  13. ///හොඳම වැඩේ අඩුගනකම් චිප් ගල් වලින් 2" පමන ගනකමට තවකොන්ක්‍රීට් එකක් ඒ මතම දාගන්න එකයි.///

    meka nam hoda adahasa thama mageth kalpanawata awe dan..
    eth machan oka allaida? poththa wage galawila yayida..?

    ReplyDelete
    Replies
    1. මචං වැඩේ නම් හොදයි ...ඒත් වියදම ගම් වලට සාපේක්ෂව වැඩියි නේද?

      Delete
    2. නැහැ පොත්ත ව්ගේ ගැලවෙන්නෙ නම් නැහැ කීයටවත්...වියදම වැඩි උනාට ස්තිරයි..කරුනු කීපයක් උඩ ඔය වගෙ ලීක් එකක් කාලයක් තිබුනාම පිලිකාව වගේ තව්ත් තැන් වලට පැතිරෙනව ඒක ඇහැට නොපෙනෙන තරම්...ආයිත් වෙන තැනකින් මතුවිය හැකී.
      වියදම වැඩිනම් එතනට විතරක් ස්ලෝප් කරල දාන්න පුලුවන්.

      Delete
  14. එකනම් සිරා කතාව. මක බාස් උනත් හරියන වෙලාවල් තියෙනවා. මරු පොස්ට් එක මචෝ. සිරාවට බබම්ම කියන්නේ කාටද?

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තය මේ මොනව අහනවද මන්ද බබම්ම කියන්නේ බබාගේ අම්මටනේ ...කෝරලේ වලව්ව පැත්තේ මොකුත් නෑ නේද මේදවස් වල....

      Delete
  15. පුදුමයිනේ අද සංජය අයියා කතාවක් ලියලා.හෙහ් හෙහ් හේ අපිත් මෙහෙම හිටියට හොඳ (මක)බාස් වරු තමයි.

    ReplyDelete
    Replies
    1. හැමදාම එකම දේ හොද නැහැනේ...පොඩි වෙනසකටත් එක්ක ලිව්වා...ඒක නේන්නම් පොඩි පොඩි දේවල් හදාගන්නට (මක)බාස් වෙන්නම වෙනවා...

      Delete
  16. අහ්හ්.... මේක දැන ගත්ත එක හොදා.....
    අර බාසුන්නැහේගේ උපදෙස් නිසා මකබාස් ගොඩ ගිය නේද....හික්.... :)

    ReplyDelete
    Replies
    1. ඕව් කොහොම හරි ගොඩ ගියානේ.....

      Delete
  17. මම හිතුවේ මේ බ්ලොගේ හිමි කාරයා සූටි කොලුවෙක් කියලා... බලපුවාම කොලු තාත්තෙක් නොවැ... ආයෙ ලීක් එකක් ආවොත් අඩවි රජා ට කියන්න... ඌ එක්කො ස්ලැබ් එක හරි මුළු ගේම හරි ඔන්දස්පොට් කරලා දේවි...

    ReplyDelete
    Replies
    1. හැබෑව හැබෑව ...කොල්ල මොකෝ ...තාත්ත මොකෝ ...අඩවි රජා ට කිවොත් ඒකනම් වෙනවා ...උගෙන් බත් කටක් කෑවොත් රිලවෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ නේ....

      Delete
  18. මාත් ඔය වගේ (මක)බාස් කෙනෙක් තමයි. වයරින් වැඩ, බදාම වැඩ, මිකැනික් වැඩ, අලුත් ගැජමැටික් වැඩ හුහ්.. නොදන්න දෙයක් නෑනේ බැලුවම. (හැබැයි ඉතින් දන්නා දේකුත් නෑ තමා) හැබැයි ඉතින් කම්මැලිකම තමා ලොකුම අවුල. බබම්මා කෙනෙක් නැති උනාට ඒකටත් හරියන්න අම්මා...

    උඹ අපිට නත්තලුත් එපා කරෝනවනේ බන්.

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. හරි හරි තව දවස් 10 ක්‌ ඉවසන්නකෝ නත්තල් ගහ අයින් කරනවා.....මේ පැත්තට ආවෙත් අදමද කොහෙද? ජයවේවා!.......

      Delete
    2. දැන් මාසෙක විතර ඉඳන් ටැබ් එකක් ඕපන් කරගෙන ඉන්නවා. ඒත් මහන්සි වෙලා ඇවිත් නිදිමතේ ටෙක්නිකල් මෙව්වා කියවන්න අමාරු හින්දා එහෙම්මම තිබුණා.

      Delete
  19. මලේ ඕකට කියන්නේ 'මට්ටකුන්ඩලයිසේෂන්' කියලා. (මට්ටකුන්ඩලී ජාතකේ අහලා ඇතිනේ) බාස්ලා පස්සේ වැඳ වැඳ ගිහිල්ලා උන්ට කියලා වැඩේ වර්චස් කරගන්නවාට වඩා හොඳයි තමන්ට පුලුවන් විදියට මට්ටකුන්ඩලයිස් කරගන්න එක.

    ReplyDelete
    Replies
    1. ගාමිණී අයියත් අදමද කොහෙද මේ පැත්තට ආවේ ...සාදරයෙන් පිලිගන්නවා...අයියන්ඩි කියන මට්ටකුන්ඩලයිස් තමා මමත් කලේ

      Delete
  20. සංජයගෙන් වෙනස් ලිපියක්..අපූරුයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රූ ගොඩ කාලෙකින් මේ පැත්තට ආවේ .....

      Delete
  21. පුදුමයි බාස් උන්නැහැ නොමිලේ උපදෙස් දෙන්න කැමති වුණා කිව්වාම :)

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම අයත් තාමත් ඉන්නවා..

      Delete