එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, July 19, 2014

windows live writer වලින් බ්ලොග් පෝස්ට් එකක් ලියමු.

            ඉතින්  පසුගිය  පෝස්ට්  එකෙන්  වින්ඩෝස්  live writer  ගැන  විස්තරයක් කලා ඔබට මතක ඇති ,,,, අද මම කියන්ඩ යන්නෙ  ඒක යොදාගෙන  බ්ලොගර්  වලින් හදපු වෙබ් අඩවියකට   පෝස්ට් එකක් ලියන්නේ කොහොමද කියලා…….
මුලින්ම අපගේ වෙබ් අඩවිය වින්ඩෝස්  live writer  තුලට ඇතුළු කරන්න වෙනවා .  ඒ සදහා නෙට් සම්බන්දතාවය  තියෙන්නත් ඕන.කවුරු  හරි කියන්න පුළුවන්  මේක  OFFLINE  වෙබ්  පෝස්ට් ලියන  එකක් නේද කියලා .  ඔව් ඒක ඇත්ත . නමුත් වෙබ් අඩවිය LIVE WRITER  තුලට ඇතුලත් කරන්න නම්   ඉන්ටර්නෙට් තිබිය යුතුමයි.
   අපි  දැන් කොහොමද මේක කර ගන්නේ කියලා( පළමු වතාවේ පමණයි අවශ්‍ය වෙන්නේ)
              මුලින්ම වින්ඩෝස්  live writer  ඕපන් කරගන්න  (දැන් අපි යන්නෙ අපගේ වෙබ් අඩවිය වින්ඩෝස්  live writer  තුලට ඇතුළු කරන්නයි.    එවිට මෙන්න  මෙහෙම රුපසටහනක්  එනවාParty smile
  ScreenHunter_02 Jun. 28 19.23

Tuesday, February 4, 2014

ඊමේල් එකක් ඕපන් නොකරම වයිරස් අඩංගු වෙලා තියෙනවද බලමු..................

සුබදවසක්  හැමදෙනාටම   ආයෙත්   බ්ලොග්   එක   පැත්තේ   ඇවිල්ලා  යන්න   හිතුනා ...  ඔයාලට    වැදගත්   වෙයි   කියල   හිතන   දෙයකුත්    එක්ක  ...ඊමේල්   අප     හැමදෙනාම   වගේ   නිතරම  පාවිච්චි   කරන   දෙයක්    බවට  පත්වෙලා ..ඉතින්    මේ   ඊමේල්   මගින්   අපට   හොද   දේවල්  මෙන්ම    නරක   දේවලුත්   නිතරම    ලැබෙනවා... අප   සමහර    නොදන්නා   ඊමේල්   වල     ඇති   ඇමිණුම්   මත    ක්ලික්     කලවිට   අප  පරිගණකයට වයිරස්      ඇතුළු     වන්න     පුළුවනි ...  මෙන්න   මේ    විදිහට   අපට  ලැබෙන    ඊමේල්   වල    වයිරස්  අඩංගු   වෙලා    තියෙනවද   නැද්ද   කියල  ඔබටම   බලාගන්න   පුළුවන්  සරලම  ක්‍රමයක්‌    ගැන   තමයි   ඔයාලව    දැනුවත්   කරන්න  හදන්නේ...

Saturday, January 4, 2014

Google map එකක් බ්ලොග් පිටුවකට එකතු කරගන්න පහසු ක්‍රමයක් ........

සුබ දවසක්      ටික    දවසකින්      තමයි    බ්ලොග්    එක   ලියන්නේ   ඉතින්   අද     ඔයාලට    කියල     දෙන්න    යන්නේ    google  map   එකක්    කොහොමද     බ්ලොග්  පිටුවකට   එකතු     කරන්නේ    කියල ....මේ     google  map    වලින්   විවිද    සංචාරක    සටහන්    වලට     තමන්ගේ    ගමන්   මාර්ග   සටහන    ඇතුලත් කරන්න       පුළුවනි .

Sunday, September 8, 2013

2013 මේ අය බ්ලොග් ලිව්වද " මොකද වුනේ " ?????????? ( මාත් ඇතුළුව )

2013    අවුරුද්දත්   දැන්  ඉවර   වෙන්න    ලගයි  ....    තව   මාස තුනක්   විතරයි    ගෙවිල    යන්න     තියෙන්නේ ...... ආපහු හැරිලා  බලනකොට   කරපු  දෙයකුත්  නැහැ  කාලෙත්  ගිහිල්ලා ...බ්ලොග්    අවකාශයේත්  පොඩි පොඩි  වෙනස්  කම් වෙලා...මට   බ්ලොග්   වලට    ගොඩ   වදින්නට    බැරිවුණු   මාස    පහ හයට . අලුත්   අය   ඇවිල්ලා  .... පරණ  සමහර    අය   ආගිය  අතක්  නෑ .  මාව    දන්න    අය  අහන   ප්‍රශ්නයක්   තමයි   පහුගිය   කාලේ  " මොකද   වුනේ  "  කියන   එක ...සමහරු  බ්ලොග්  එකටත්    ගොඩවදින්න   බැරි   මට්ටමක්  තිබ්බලු ..... මම  දන්නනෙත්   නැහැ ... මොකක්ද  මටත්   බ්ලොග්    එකට     තියා   ඉන්ටෙර්නෙට්  වලට    ලොග්   වෙලා  මේල්  ටික  බලන්නවත්   පහුහිය     දවස්   වල  වල    වුනේ    නැහැ ..ඒ  ඉතින්  රැකියාව  සදහා  විදේශ  ගත  වෙන්න    සිදුවුණු     නිසා..........
              ඒත්   කොහොම    හරි   රැකියාවට    පිටත්   වෙන්න    කලින්   දඩි බිඩියේ   පොස්ට්   පොස්ට්  පහ  හයක්  ලියල   ඒවා  මාසෙකට    එකක්   වගේ   ඔටෝ පබිලිස්   වෙන්න   දාල    තමයි   මම   ලංකාවෙන්   පිටත්   වුනේ ...ඒව     තමයි   ඔය  " අවාරෙට  පොල් වැටෙනවා   වගේ  "  ඉදහිට    බ්ලොග්    එක  පාලුවට    නොගිහින්   තියාගත්තේ...  ඉතින්   මම  නැති  අතරේ   බ්ලොග්    එකට ගොඩවැදිලා  ...ගිය   හැමෝටම    බොහොම   ස්තුතියි  කිව්වා......

ඒ    අතරේ   බ්ලොග්     අවකාශයට    හැමදාම  දකින  පරණ  මුහුණු  අතරට  අලුත්  මුහුණුත්    එකතු   වෙලා.....පරණ  ලිව්ව  සමහර  අය  ලිවිම   නතර    කරලා   දාලා .....සමහරු   පුරුදු    පරිදිම   ලියනවා ......මට   හැගෙන    විදිහට බ්ලොග්   එකක්   පටන්  ගත්තට    ඒක    දිගටම   පවත්වා     ගෙන    යන    එක    තමයි   අමාරු .....බොහොම   අමාරුවෙන්   අටෝ  ගත්ත    බ්ලොග්   එක  ටික    දවසක්     යනකොට   නවත්වල  දානවා....හුගක්  වෙලාවට     බ්ලොග්  ලිවිල්ල   නවත්වල  දාන්න   ගොඩක්   හේතු    බලපානවා....  බලන්න   ඔයාලටත්     මේවා    බලපෑවද     කියල...


  •       රැකියාවේ   ඇති  අවිවේකි    බව..........
  •       කලකිරීම   සමග   මොරාල්   එක   අප්  නොවීම -    ලියන     දෙයට   ප්‍රමාණවත්  ප්‍රතිචාර   නොලැබීම ...
  •      ජිවිත ගමනේ   යම් යම්  වෙනස්කම්  වලට   හාජනය   වීම ....
  •   මෙන්න අන්තිම   එක   " කම්මැලිකම " ....ගොඩ   දෙනෙකුට  නම්   මේක   බලපානවා   හොදටම...

    ඔන්න    මටනම්    බ්ලොග්   එක   පෙර   පරිදි  අප්ඩේට්   කරගන්න  බැරිවුනේ  ඔන්න   ඔය   උඩින්ම    තියෙන   පලවෙනි     හේතුව....  කොහොම    නම්  දිගටම   බ්ලොග්  ලියාගෙන  අපු  මේ  පහත  ඉන්න  අය හිටිහැටියේම  බ්ලොග්  ලිවිල්ල  නතර  කරලා  දල......මේ ගොල්ල්ලන්ට  මොකද   වුනේ?????

මෙන්න   පළවෙනිය .......
ආච්චි මරන්ඩද යකෝ යන්නේ....    මෙහෙම    කියවේ මමනම්   නෙවේයි  අපේ   මදුරංග   මලය ...එයයි  මලයයි    එකතු   වෙලා තමයි  කට්ටිය   කියන  මේ   වැඩේ    කරන්න    ගිහින්    තියෙන්නේ ......එයා   ඒකෙම  ලියල    තියෙනවා   බ්ලොග්   ලිවිල්ල  අත ඇරලම   දාල පුර්ණ  කාලීන  බ්ලොග්    කියවන්නෙක්   වෙලාලු....  හැමෝගෙම    බ්ලොග්  ටිකනම්   බලනවලු ....අනේ   මන්ද?

මෙන්න   දෙක ...
31 රෑ මොකෑ කරන්නේ...
      දෙසැම්බර්  31  කරන්ඩ  කරන   දේවල්  දෙසැම්බර්  13 වෙනිදා   අපෙන්    මෙයා   අහනවා ......ඊට පස්සේ   2013  මොකුත්ම    ලියල   නැහැ .... .... අර  කනිෂ්ක  එක්ක  හිරේ   යන්න   ආසාවක්   තිබ්බ   කියල   පහලින්    ලියල      තිබුන   වගේ   මතකයි...ඒ ආසාව වත් ඉටුවුනාද?.

මෙන්න   තුන්වැන්නා....
අවුරුදු උත්සවයක ආතල් සිද්ධි
  වල වලට තමන්ගේ  නැන්දගේ  දුවත්  එක්ක  පැමිණි   මඩිස්සලේ   නිෂාන්  එදයින්  පස්සේ   අතුරුදහන්   වෙලා    කියල    තමයි තතු   දන්නෝ   කියන්නේ.......  මමනම්  දන්නේ මොකුත්ම   ඕව   ගැන..........

 මෙන්න    හතර .....
ඈ දීගෙක ගියාය.....

   ඇය  මෙහෙම   කිව්වේ   තමන්ගේ  කුඩා කාලයේ   හොදම    මිතුරියක්‌ ...  සරසවියේදී     හොදම     මිතුරියවී ,  ඇය   දීගෙක   යන  දවසේ ......නමුත්    දීගෙක  ගිය  මිතුරිය  තවමත්   බ්ලොග්    ලියන  නමුත්   ඇයව  හදුන්වා  දුන්  "නිසුගේ  කතා   ලියු    නිසුපා "   කාටත්    හොරෙන්ම     දීගෙක    ගිහින්ද??????

මෙන්න   පස්වෙනිය ....
    ලංකාවෙන් යැංකි රටට -අන්තිම ටික 
           මෙයා  ලංකාවේ  ඉදල  යැංකි   රටට  රස්සාවක්  කරන්ඩ  ගියේ   යන  අතරේ    ගුවන්   තොටුපොළේ රසවත්  සිද්දී  ලියුවා  මතකයි   .. ඊට   පස්සේ  මොකදවුනේ  ..යැංකි   රටට කියල වෙන රටකට වත්   ගොඩ  බැහැලද  ?  ,,,,,,  

මෙන්න    හය .....
   නික්ම යෑම ......
      බොහොම   සවේදී   සටහනකුත්  එක්ක  ....ඇය  ඇයගේ  නික්ම යෑම    සටහන්   කරලා   තියෙනවා.......    මෙය   තාවකාලික    සමුගැනීමක්ද???///

මෙන්න    හත .....
බ්ලොග් එකට page- navigation එකක් එකතු කරමුද?
  කිව්ව  මෙයාට  අලුතෙන්ම   රැකියාවක් සදහා   යොමුවෙන්න  සිදුවුනා  ....එදා  ඉදන්    බ්ලොග්   එක    ලියන්න  වෙලාවක්   නැහැ....මොනවා  හරි  කුරුටුගාන්න  ඔන්න   ආයෙත්   කාලය  ඇවිල්ලා   මල්ලි...

මීට  අමතරව   මේ  දවස් වල   බ්ලොග්   වලට   තිත   තියල   ඉන්න    ඇය  ඉන්නවනම්  පහලින්   ඇති  ප්‍රතිචාර  තීරුව    මගින්  තමන්ගේ   හපන්කම්  එලි   කරන්න   පුළුවනි.........

------------------මොරාල්   අප් වේවා...   බ්ලොග්  නැවත  ලියවෙවා.............................................