එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, February 5, 2013

Gif animation එක ලෝඩ් වෙන්න පරක්කුද ? -- GIF Optimizer පාවිච්චි කරලා බලන්න.

සාමාන්‍යයෙන්   gif  animation   ෆයිල්   එකක්   png , jpeg, bmp  වැනි   file  format   වලට   වඩා  විශාලයි ..   මේ වගේ     gif  animation   එකක්  වෙබ්  පිටුවකට   එකතු කරගත්තම   එය  ලෝඩ්   වීමට  වෙනදාට   වඩා   වැඩි   කාලයක්   යනබව  ඔයගොල්ලෝ   දැන්  අත්දැකීමෙන්   දන්නවා   ඇති .  මේ   gif  animation  එකක්  ලෝඩ්  වීමට  කාලය  ගන්නා  හේතුව   වන   එහි  ඇති   විශාලත්වය   අඩු  කරගැනීමට  උදව්වන   වින්ඩෝස්  වලදී  පාවිච්චි  කරන්න  පුළුවන්  සොෆ්ට්වෙයාර්  එකක්  තමයි  අද ඔයාලට   දෙන්න   යන්නේ.

Sunday, February 3, 2013

Wi-Fi නෙට්වර්ක් එකට හොරෙන් ඇතුළු වෙන අය අල්ලමුද?

සුබ   දවසක්  ...  ටික   දවසකින්  තමයි   බ්ලොග්   එක  පැත්තට   ගොඩවුනේ ..   Wi-Fi  රවුටරයක්   පාවිච්චි  කරලා   ඉන්ටෙර්නෙට්  ලොග්   වන    අයට   තියෙන   ප්‍රශ්නයක්    තමයි   මේ  Wi-Fi   නෙට්වර්ක්  එකට   අනවසරයෙන්  ඇතුළු  වන්නන් ...මෙයට  හොද   නෙට්වර්ක්  පාස්වර්ඩ්  එකක්  දැම්මත්  , සමහර   වෙලාවට  එයද   වැඩක්  නොවන   අවස්ථා   තියෙනවා....අද  හදුන්වල   දෙන්න  යන්නේ  Wi-Fi නෙට්වර්ක් එකට හොරෙන් ඇතුළු  වෙලා   ඉන්න  අය   හොයාගන්න   පුළුවන්   සොෆ්ට්වෙයාර්  එකක් .

Saturday, February 2, 2013

photo එකක් quality එක වෙනස් නොවෙනසේ enlarge කරන්න නියම බඩු..

   සුබ  දවසක්  හැමදෙනාටම     අද  බ්ලොග්   එක  පැත්තට  ආවේ   ඔයාලට  නිතරම   අවශ්‍ය   වෙන   ෆොටෝ   enlarge   කිරීමට    අපට  අන්තර්ජාලයෙන්   නොමිලයේම      හොයාගන්න    පුළුවන්  පොඩි  සොෆ්ට්වෙයාර් එකකකුත්   එක්ක..වෙනද   වගේම   මෙයා  වින්ඩෝස්  xp , 7   දෙකෙන්ම   වැඩ  කරවගන්න  පුළුවනි .... ෆොටෝ   enlarge කිරීමට  මේ   වගේ   නොයෙකුත්     සොෆ්ට්වෙයාර්   ඔබට   කොතෙකුත්  හමුවන්න  පුළුවනි ..නමුත්  මේ  smillaEnlarger     සොෆ්ට්වෙයාර්  එක  අනෙක් වට    වඩා
පහසුවෙන්   photo editing   පිලිබදව  අල්ප  දැනුමක්    ඇති   කෙනෙකුට    වුනත්  පාවිච්චි කිරීමට   පුළුවන්  බොහොම   සරල    සොෆ්ට්වෙයාර්  එකක් ..


ඉහත     රූපය    පරිදි    මුලින්ම  photo  එක   enlarge  කලයුතු  ෆොටෝ  එක   මෙහි  ඇති   source   කියන   තැනට  තොරාදෙන්න ..එවිට   රුපයේ   පරිදි  කර්සර්   එක    එහාමෙහා   කරමින්   කලුපාට  කොටුවකින්   දක්වා   ඇති  enlarge  එක    තෝරාගන්න . දැන්  අංක   2   පරිදි    enlarged   photo  එක  සේව්   කරගැනීමට   අවශ්‍ය   directory  එක   දෙන්න ..   දැන්   අවශ්‍ය    පරිදි  ෆොටෝ  quality   එක   ලබාගැනීමට
මෙහි ඇති   Sharpness, Flatness, PreSharpen  , Dithering  , DeNoise    යන  බටන්  පාවිච්චි   කිරීමෙන්   පුළුවනි..  මෙම  අගයන්  වෙනස්   කරමින්   අවශ්‍ය   ෆොටෝ   එකේ  quality   එක   preview   බටන්   එක   මගින්  එය  save   කිරීමට  කලින්   බලා   ගන්න   පුළුවනි ....  තමන්ට   අවශ්‍ය   පරිදි   ෆොටෝ   එක    preview  මගින්   බලා එය    directory  එකට   save   කරගැනීමට    එහි    ඇති   Calculate   මත   ක්ලික්  ක‍රන්න. 

ඩවුන්ලෝඩ් Smillaenlarger.......


මේකට  අමතරව මේ  විදිහට   යොදාගන්න  පුළුවන්  ඔයාල   දන්නා    සොෆ්ට්වෙයාර්  එහෙම   තියෙනවා   නම්  ඒවත්  පහලින්  එකතු  කරන්න  අමතක  කරන්න   එපා ,,,,
                                                      සුබ   දවසක්

   

Thursday, January 31, 2013

Cloud storage අතර ෆයිල් හුවමාරු කරගන්න ලේසිම ක්‍රමයක්

 අන්තර්ජාලය   තුල   භාවිතා වෙන  විවිධ වර්ගයේ  cloud storage  තියෙනවා ... Dropbox , box , mydrive , skydrive ,Amazon S3, and Sugarsync   මෙයට  උදාහරණ  වශයෙන්   ගන්න  පුළුවනි ,,, අද   අපි  කතා කරන්න යන්නේ මේවා  අතර   අපට   අවශ්‍ය  ෆයිල්   හුවමාරු   කරගන්නේ   කොහොමද    කියල ...