එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, August 20, 2011

පේස්බුක් ෆොටෝ ටික ගූගල් ප්ලස්‌ වලට ගෙනියමු.

  සුබ දවසක් හැමෝටම ,, ඉතින්  අද  අපි මේ කරන්න යන්නේ  ඔයාලගේ  පේස්බුක්  ගිණුමේ  ඇති  ෆොටෝ  ටික  ගූගල්  ප්ලස්‌   වලට    ගෙනියන්නේ  කොහොමද  කියලා .  මොකද  දැන් අපේ   යහළුවන්  පේස්බුක් එකේ වගේම   ගූගල්  ප්ලස්‌  වලත් ඉන්නවනේ.  මුලින්ම   කියන්න ඕනෑ මේක  කරගන්න   ගූගල් ක්‍රෝම්  වෙබ් බ්‍රවුසරය තියෙන්න ඕනෑ.  හරි   දැන් අපි බලමු   කොහමද  කරන්නේ   කියලා
මුලින්ම මේසදහා  ගූගල් ක්‍රෝම්  එක්ස්ටෙන්ෂන්   එකක්   ඩවුන්ලෝඩ්  කරගන්න   වෙනවා .  ඒ   සදහා   මෙන්න මෙතනින්   යන්න.


Download කරන්න.


හරි දැන්  ඩවුන්ලෝඩ්  කරපු එක්ස්ටෙන්ෂන්  ඒක ඉන්ස්ටෝල්  කරගන්න . එතකොට  ක්‍රෝම් බ්‍රවුසරයේ  එක්ස්ටෙන්ෂන් ලිස්ට් එකට  මෙන්න මෙහෙම  එකක්  එකතු වෙලා තියෙයි ....







ඊට   පස්සේ  තියෙන්නේ  ඔයාලගේ පේස්බුක්   ගිණුමට ඊමේල් , පාස්වර්ඩ්  දීල ලෝග්වෙන්න .  දැන් එහි ඇති අලුතින් එක් කරනලද  එක්ස්ටෙන්ෂන්  ඒක මත පහත රූපය  පරිදි   ක්ලික් කරන්න.









එහිදී Login with Facebook  මත ක්ලික් කර  ඔබගේ Facebook  albums  move  කිරීමට අවසරය  ලබා දෙන්න ඊට පස්සේ අවශ්‍ය  ෆොටෝ  albums  තෝරාගෙන  move කිරීමට පහසුකම්  සලසා   දෙනවා .. මෙන්න   මේවගේ ..

මෙතැනදී  අප්ලෝඩ් කිරීමට අවශ්‍ය facebook   Album වල  මුලින් ඇති   Upload All  යන්න ටික්   කර  අවසානයේ  පිටුව  යටින්ම ඇති  Upload  මත ක්ලික්  කරන්න..  දැන් ඔබ පේස්බුක් වල සලකුණු කරන ලද ඇල්බම් ගූගල් ප්ලස්‌  වලට  අප්ලෝඩ්වීමට පටන් ගන්නවා..     මදක් ඉවසන්න .. .. ... අවසානයේ  අප්ලෝඩ් කිරීම  අවසානයි යැයි දැක්වෙන පණිවිඩයක් ලබාදේ ...... දැන්   වැඩේ ඉවරයි ... දැන් ඔයාලගේ ගුගල් ප්ලස්‌  ගිණුමට   ඇතුළුවෙලා  ෆොටෝස්  වලට ගිහිල්ලා   බලන්න .. ඔය සිලෙක්  කල පේස්බුක් අල්බම් ටික එතන ඇවිල්ල තියෙයි ....ඉතින් මේක පොඩි දෙයක් වුනත් මටනම් ගොඩක් වැදගත් වුණා ,,,, මේක කියවල බලල ගුණදොස්  කියන්නත්  අමතක කරන්න එපා...


2 Comments
Tweets
Fb Comments

2 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. නියමායී!!! ටැන්කූ වේවා... ට්‍රයි කරලම බලන්න ඕන...

    ReplyDelete