එකතු වුන කට්ටිය ........

යාළුවා

Thursday, August 4, 2011

SEO - Yahoo search වලට බ්ලොගර් වෙබ් අඩවිය ඇතුලත් කරමු...



SEO - සර්ච් එන්ජින් Optimization කියන්නේ මොකක්ද ? ....... කෙටිම සරලම උත්තරය .... ඔබගේ වෙබ් අඩවිය( උදා Yahoo , Google , Bing .... ) වාගේ සර්ච් එන්ජින් වල , සර්ච් වලට ඇතුලත් වන පරිදි සකස් කරගැනීමේ ක්‍රියාවලිය .. මේ සදහා ....කලයුතු වැඩ නම් ගොඩක් තියෙනවා .. ඉතින් අද බලමු යාහු වලට , කොහොමද ඔබේ බ්ලොගර් වෙබ් අඩවිය ඇතුලත් කරන්නේ කියලා.......

මුලින්ම යාහු ඊමේල් එකක් නැත්නම් මෙන්න මෙතනින් ගිහිල්ල ඊමේල් එකක් හදා ගන්න.. කලින් මේල් එකක් තියෙනවනම් අලුත් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ..

https://login.yahoo.com/config/login_verify2?

හරි ඊලගට කරන්න තියෙන්නේ ඔයාලගේ සයිට් එක ඇතුලත් කරීම සදහා යාහු සයිට් එක්ස්ප්ලෝරා වෙත යන්න
මෙන්න ලින්ක් එක : https://siteexplorer.search.yahoo.com මෙන්න
 .. මේවගේ එකක් එනවා ..

මෙතැනදී ඔබට ඇතුලත් කල යුතු වෙබ් එකේ URL එක ටයිප් කර Add My Site මාත ක්ලික් කරන්න .
ඊට පස්සේ යාහු ගිණුමට ලොග්වෙන්න කියනවා .. පාස්වර්ඩ් දීල ලොග් වෙන්න ...


මෙතැනදී යාහු වලට දුන්න වෙබ් අඩවියේ  අයිති කරු    සොයා බලනවා ,,,මෙතැන ක්‍රම 2  තියෙනවා ,
එතනින් By adding a META Tag...... තෝරන්න ඔබගේ වෙබ් එක   බ්ලොගර් වලින් සාදා ඇති   නිසා  .. එවිට පහත පරිදි වේ..
දැන් රුපයේ පරිදි කහ පාටින් හයිලයිට් කරනලද META Tag. එක කොපි කරගෙන , බ්ලොගර් වල design , html ගිහිල්ලා  head  එකේ මුලහරියෙන් පේස්ට් කර , template එක save කරගන්න .. title එකට   කිට්ටුවෙන් ඇතුලත් කර ගත්තනම් හරි පහත රුපයෙන් බලන්න ....

 සියල්ල අවසානයේ ,, උඩ රුපයේ පරිදි .. Ready to Authenticate මත ක්ලික් කරන්න .
ටික වෙලාව ඉවසන්න වෙනවා Authenticate කරනකම් ,, ඊට පස්සේ මෙන්න මෙහෙම පෙන්නවා ..

       ඔය කොළ පාටින් ,, දිස්වෙන්නේ ... 
ඊට පස්සේ  වෙබ් අඩවියේ  sitemap  එක  yahoo  වලට ඇතුලත්   කර ගන්න වෙනවා ....   මේ සදහා  අප   බාවිතා කරන්න වෙබ් අඩවියේ feeds ..    මොනවද   මේ  feeds කියන්නේ  .. යම් කිසි වෙබ් අඩවියක ඇතුලත් කරන ලිපි / පොස්ට්  අන්තර්ජාලයට   මුදාහරින්නේ  මේ  feeds මගින් ..  ඔය  RSS(  Really Simple Syndication )  ,  Atom     එහම   කියලා   තියෙන්නේ  ඕව තමයි.... 
  හරි දැන්   වෙබ් අඩවිය මත ඩබල් ක්ලික් (කරලා  ඔය කහපාටින්  හයිලයිට් කරලා තියෙන්නේ .. )    ඊට පසු එන මෙනුවෙන්   feed   
තෝරා  ගන්න.. .. .. .. 


               ඊට පස්සේ  බ්ලොග් අඩවියේ  url   එකේ අගට   එකතු කරන්න   rss.xml   කියලා  ..  රුපයේ    පරිදි .....
  භාවිතා කරන   feed  එක atom නම්    url   එකේ අගට    atom.xml        ලෙස දෙන්න ..   ඉන්පසු   Add feed    මත ක්ලික් කරන්න..    මෙතන  අපි  ෆීඩ්  එකක්   වශයෙන් තමයි ..  sitemap එක ඇතුලත්   කරන්නේ...   මොකද   බ්ලොගර්  වලින් හදපු  වෙබ් අඩවිවලට  sitemap  අප්ලෝඩ් කරන්න බැරි නිසා..     ඉතින් මේ  විදිහට  යාහු සර්ච් එන්ජින් එකට 
ඔයාලගේ වෙබ් අඩවිය ඇතුලත් කරන්න ,,, පුළුවන් ...   කරලා බලන්න .. වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩිවේවි..


4 Comments
Tweets
Fb Comments

4 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. එල. වටින ලිපියක්.

    ReplyDelete
  2. ස්තුතියි Bishan ප්‍රතිචාරයට

    ReplyDelete
  3. mata meka godak wadhagath lipiyak

    ReplyDelete
  4. ස්තුති ලක්මාල් ප්‍රතිචාරයට

    ReplyDelete