එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, August 23, 2011

blogger web අඩවියට contact form එකක් හදමු ....

  සුබ දවසක්  හැමෝටම  ,,    මාතෘකාවෙන්ම පැහැදිලි  ඇතිනේ  කරන්න හදන්නේ මොකක්ද කියලා ..වැඩිපුර ඒගැන කියනවනම්  වෙබ් අඩවියට  පිවිසෙන පාඨකයෙකුට , එහි   කතෘව  පුද්ගලිකව පණිවිඩයකින්  සම්බන්ධ  කර  ගැනීමට  , මෙන්න  මේ   contact  form එකක් වෙබ් අඩවියට එක්කර ගැනීම  මගින්   කරගන්න පුළුවන් ... ඒසදහා නොයෙකුත්   වෙබ් අඩවි අන්තර්ජාලය තුල  තියෙනව  contact  form එකක්  නොමිලයේ   හදාගන්න ....


නමුත් අද අපි contact  form එක  හදාගන්න යන්නේ ,, අපිට  හැමදේටම උදව් කරන ගුගල් එක්ක එකතු වෙලා ..බලමු කොහොමද මේක කරගන්නේ කියලා .. මුලින්ම මෙන්න  මෙන්න ලින්ක් එක  මතින්   ගිහිල්ලා  ඔයාලගේ  gmail  ලිපිනය හා පාස්වර්ඩ් එක එහෙම  දීල  Google  Docs  වලට පිවිසෙන්න .. පහත රූපය බලන්න .





එතැන Create new  වල drop down  මෙනුවේ   ඇති   form     යන්න  සිලෙක් කරන්න ..





    දැන් යන්නේ   contact  form එක හදන්න..   මෙන්න මේ වගේ  එකක් එනවා  බලන්න ...


        මෙතැනදී  එහි නම contact form  යනුවෙන්  මම භාවිතා  කලේ..  මෙතැනට තමන්ට  කැමති නමක් දාන්න පුළුවන්  ඊලගට Question Title හි   contact  කරන අයගේ නම   ඇතුලත් කලයුතු නිසා   එහි Name  යනුවෙන්  ගත්තා ...  මේවා තමට අවශ්‍ය පරිදි  වෙනස් කරගන්න පුළුවන් ....දකුණුපැත්තේ  ඇති   එඩිට්  වලට   ගිහිල්ලා . ,    දැන්  question type  එක  text  වශයෙනුත්  තෝරාගෙන ..   මෙය  contact form   එකේ  අනිවාර්යෙන්ම  පිරවිය  යුතුය  යන්න සලකුණු කිරීමට Make this a required question  මත ටික් ලකුණක් දමා done මත ක්ලික් කරන්න .... මෙයට තවත්  question  එකතු කිරීමට   අවශ්‍ය නම්  ඉහත රුපය පරිදි  add item  මත  කිල්ක් කරන්න .. ..   ඊට පසු ඉහත ක්‍රියාවලිය  නැවතත් කරන්න .
       
    පහත රුපය බලන්න ..  Email , message  යනුවෙන්  තවත්    question   2 ක්  එකතු කරල තියෙන්නේ   ..  මේකට   ඔයාලට  අවශ්‍ය නම්   තවත්   එකතු කරගන්න පුළුවන් ,,


     මෙතැනදී ඔයාලට contact form එකේ  theme  එක පවා වෙනස් කරගන්න පුළුවන් ..  එය කරන්නේ  Theme මත ක්ලික් කර  අවශ්‍ය Theme  එක Apply  කිරීමෙන් ..
                           හරි දැන් අපි  contact form සියලු   වෙනස් කිරීම් කරලා ඉවරයි ..
 දැන්  ඉහත   රුපයේ පරිදි More actions වල ඇති  Edit confirmation    මත ක්ලික් කරන්න....
එවිට එන මෙනුවෙන්  පහත රූපය  පරිදි  save මත   ක්ලික් කර  සෑදු  contact form  එක Save  කර  ගන්න .











 හරි  දැන් අපි  මේ  හදපු contact form  එක  බ්ලොගර් වෙබ් අඩවියට   ඇතුලත් කරන්න ඕනෑ .. එක කරන්නේ මෙහෙමයි  ..  ඒ සදහා     contact form  එකේ html  කෝඩ් එක අවශ්‍ය වෙනවා .. මුලින්ම  ඒසදහා  form edit
මෙනුවේ ඇති more action ------- Embed  මතට   ගමන් කරන්න . එවිට  පහත රූපය පරිදි ලැබෙන    html  කෝඩ්  එක එයමත රයිට් ක්ලික් කර  කොපි කරගන්න .


 



ඊට පස්සේ තියෙන්නේ  blogger dashboard  ඇතුළු වෙන්න , එහිදී  contact form එක එකතු කලයුතු  බ්ලොග් එක  තෝරාගෙන ,, එහි වම් පැත්තේ ඇති New post  මත  ක්ලික් කරන්න.  පහත රූපය පරිදි  එහි ඇති Edit pages මත ක්ලික් කර  New Page   සිලෙක් කරන්න ..









  එවිට පහත රූපය පරිදි අළුත් පිටුවකට  contact form එක එකතු කිරීමේ අවස්ථාවට  සලසා දෙනවා ..


මෙහිදී රූපයේ  ඇති  අංක පරිදි  ගමන් කරන්න.

1.  අවශ්‍ය page title  එක තමන්ට  කැමති පරිදි      
     තෝරාගන්න .
2.   ඊට පසු edit HTML  මත ක්ලික් කරන්න.
3.   මුලින් කොපි කරගත්ත ෆෝම් එකේ html  කෝඩ්
      එක  Paste  කරන්න.
4.   දැන් Compose මත ක්ලික්  කරන්න .
  එවිට ඔබගේ contact Form  එක  පිටුවේ පෙනෙන ආකාරය දර්ශනය වේ.
5.   දැන් අවසානයේ  Publish page මත ක්ලික්      කරන්න.


දැන් ඔන්න වැඩේ ඉවරයි ,,,ඔයාට දැන් අළුත්  contact form  එකක් එකතු වෙලා  ,, තියෙයි ..  ඉතින්  මේ ලිපිය ඔයාලට වැදගත් වුනානම් ,, මේක  හොද නරක කියන්න ,, අමතක   කරන්න එපා,,   සුබ දවසක් ...................


5 Comments
Tweets
Fb Comments

5 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. මං හොය හොය හිටපු එකක්! බොහොම ස්තුතියි සන්ජය :)
    ඔන්න මගෙ බ්ලොග් එකට පිටුවක් දාගත්ත

    ReplyDelete
  2. ස්තුතියි කල් ප්‍රතිචාරයට

    ReplyDelete
  3. wow great. ස්තූතියි මචන්. උබ කියනකම් මෙහෙම දෙයක් අහලාවත් තිබුනේ නෑ

    ReplyDelete
  4. මම මගෙ ෆෝම් එක හදුවෙ jot form වලින්.. මමත් දැනං හිටියෙ නෑ මේක... helpful post.

    ReplyDelete
  5. @ ඇනෝ , Techmaker දෙන්නටම ස්තුතියි ,,ප්‍රතිචාර වලට

    ReplyDelete