එකතු වුන කට්ටිය ........

යාළුවා

Monday, October 29, 2012

ජීමේල් එකේ ඉදන් යාහු මේල් එකක් ලෙසට ඊමේල් යවමු ....

සුබ  දවසක්   ,, ටික   දවසකට   පස්සේ   තමයි   බ්ලොග්  එක පැත්තට   එන්න  ලැබුනේ ....ඉන්ටර්නෙට්   පාවිච්චි  කරන බොහෝදෙනක් ට   ජීමේල් , යාහු  , හොට්මේල්  වැනි  නොමිලයේ   ලැබෙන  ඊමේල්  ගිණුම් හදාගෙන පාවිච්චි   කරනවනේ ...  සමහරු  දෙකතුනකුත්   පාවිච්චි   කරනවා   ඇති ..මේ වගේ   වෙලාවට එක එක ගිණුමට  ලොග්   වෙලා   මේල්  යවන   එක  ටිකක් කරදරකාරී   වැඩක් ඉතින්  මේ  අනික්  ඊමේල් ගිනුම්  ටික   ජීමේල්   වලට   ලින්ක්  කරගත්තොත් . ඔයාලට   ජීමේල්   වල  ඉදගෙනම  යාහු  වල  ඉදන්   යවනවා   වගේ   මේල්   යවන්න . පුළුවනි ..

මේ  සදහා මගේ   ඇති   යාහු ඊමේල්   එක .. ජීමේල්   එකට   ලින්ක්  කරන්න  තමයි  අද   අපි   සුදානම්  වෙන්නේ ....
 1 . මුලින්ම  ජීමේල්  ගිණුමට   ඇතුළු  වන්න  ... Settings  වලට    යන්න   ...රූපය   පරිදි

   

2.  ඊලගට   Settings  වල   ඇති   Accounts  and import   මත  ක්ලික්   කරන්න..


 


3.  ඊලගට  එහි ඇති  Add  another email  address  you  own මත  ක්ලික්   කරන්න ..  





4.  ඊලගට  පහත රූපය  පරිදී  Add another email Address you own  වලට  යාහු ඊමේල්  ලිපිනය  ඇතුලත්  කර  Next  මත ක්ලික්   කරන්න..
   

5. ඊලගට  පහත රූපය   පරිදි  Sent through Gmail  තොරගෙන Next  step  එකට   ගමන්  කරන්න..


එවිට  ජීමේල්   මගින්  යාහු  ඊමේල්   එකට confirmation  Link  යවනවා .. දැන්   යාහු ඊමේල්  එකට  ලොග්වී  ලැබී තියෙන ජීමේල්  ලින්ක්   එක ක්ලික්   කරන්න..
 එවි‍ට   පහත   පරිදි   පණිවිඩයක්    එනවා....
 

දැන් ජීමේල්   වල  ඊමේල්  එකක්  අලුතෙන්  compose    කරන  තැනට  යන්න...
එවිට  යාහු ඊමේල්  ලිපිනයත්  ජීමේල්   වලට    ලින්ක්   වෙලා  තියෙන   බව    ඔයගොල්ලන්ට    පෙනෙයි ...

 

යාහු    විතරක්   නොවේ ... අනික්   ඒවටත්  පුළුවනි   ....... ජය ...............


 
6 Comments
Tweets
Fb Comments

6 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....