එකතු වුන කට්ටිය ........

යාළුවා

Monday, July 18, 2011

Google+ වල ඉදන් facebook වල වෝල් එකේ ලියමු

       ඉතින්  කොහොමද  ඔයගොල්ලොත්  Google+   වලට එකතු වුනාද ?  නැත්නම්
තවම ඉන්විටේෂන් එනකන් බලන් ඉන්නවද?   ඉතින්  අපේ යාලුවෝ Google+   වලට  අලුත් නිසා  තාම මේකට එකතුවෙන්නේ  හිමිහිට ,, ඒ මදිවට  ඉන්විටේෂන්
එහෙමත්  තාම  සීමා කරලනේ ..... 

   ඉතින් ඒ නිසා අපේ  පේස්බුක්   යාළුවන්ට   දැන  ගන්නට   ගූගල් ප්ලස්‌  වල ලියන දේවල්  පේස්බුක්   වල  වෝල්    එකට එකතු  කරමු ....  මෙයට ක්‍රම ගොඩක් තියෙනව .. මෙය තව එක ක්‍රමයක්  පමණයි..  හරි   අපි මෙහෙම කරමු ......

Sunday, July 17, 2011

වෙබ් පිටුව රයිට් ක්ලික් කිරීම වලකමු







 ඉතින්   අද කියන්න යන්න බ්ලොග් ලියන අයට වැදගත්   දෙයක් ......කොහොමද  රයිට් ක්ලික් කිරීම නවත් වන්නේ කියලා .. ඉතින් කොහොමද බලමු මේක කරගන්නේ .... ලොකු දෙයක් නෙවේ පොඩි ජාවා කෝඩ් එකක් තියෙනවා එක  ඔයාලගේ  බ්ලොග් එකට ඇතුලත්   කරගන්න ... මේක මම එකතු කරන්න   යන්නේ  බ්ලොගර්   වලින් ලියපු වෙබ්  අඩවියකට ..
   මුලින්ම  Setting  ,  layout  , වල ඇති  Add a Gadget     මත   ක්ලික්  කරලා  පහත ඇති   ජාවා කෝඩ් එක  කොපි  කරලා සේව් කරගන්න.


Thursday, July 14, 2011

GMAIL වලින් SMS යවමු .......

සුබ දවසක් හැමෝටම  ,,, ඔන්න අදත්  ඔයාලට පොඩි දෙයක් අරගෙන අවා..දැනුමට .. .. දැන් මේදවස්  වල වැඩියෙන්ම අන්තර්ජාලයේ   කතාබහට ලක්වෙන්නේ  අලුතෙන් හදුන්වාදුන් Google Plus සේවාව  ගැන  .  ඉතින්   ඒ  ගැන
හොයා බලනකොට ගූගල් වල බොහෝදෙනෙක්  වැඩිපුර  භාවිතා නොකරන සැගවිලා තියෙන දෙයක්  හම්බවුණා..... මේ ගැන  දන්න කට්ටිය තමන් තියෙන  වෙනත්  අදහස් කිව්වොත් වඩා වැදගත් වේවි.

  හරි එහෙමනම්  අපි  අපේ වැඩේට   බහිමු..........  මුලින්ම  තමන්ගේ  ජීමේල්  ගිණුමට  ඇතුළු වන්න ..යුසර්නේම් එක හා පාස්වර්ඩ් එක දීල. දැන් දකුණු  අත පැත්තේ  උඩ තියෙන  සෙටින්ස් වලට යන්න..  දැති   රෝදයක් තියෙන්නේ  එක මත ක්ලික්   කරන්න ..පහත රුපය පරිදි

                දැන්  සෙටින්ස්   මෙනුවේ ඇති  Lab  තෝරා ගන්න පහත පරිදි...
          

Tuesday, July 12, 2011

facebook fan පේජ් එකට වෙබ් අඩවියෙන් ලිපි ගෙන්නමුද?

               සුබ දවසක් හැමෝටම  ,,  පසුගිය   දවසක   facebook fan පේජ්   එකක් හැදුවා මතක ඇති.. මතක නැති අය  ආපස්සට ගිහිල්ල බලලා එන්න.. ඉතින් අද ලැහැස්ති වෙන්නේ , ඒ  හදපු   fan පේජ්  එකට   වෙබ්  එකේ පල කරන  ලිපි එකතු කරන්නයි.  එතකොට  fan පේජ්  එක බලන  යාළුවන්ට  ඔයාගේ  වෙබ් එකේ  අලුතෙන් පලකරන ලිපි  උණු උණුවෙන්  බලා ගන්න  පුළුවන්. ... එතකොට  ඉතින්  වෙබ්සයිට්  එක බලන අමුත්තෝ  ප්‍රමාණය  එහෙම  වැඩිවේවි .....  
   හරි  අපි දැන්   බලමු   මේක කරගන්නේ කොහොමද කියලා.......
 මේ වැඩේට වෙනත් ක්‍රම තියෙන්න පුළුවන් ,,, මෙතැනදී  අපිට උදව්  වෙන්නේRSS Graffiti  "  කියන  facebook  ඇප්ලිකේෂන්  එක .... කෙටියෙන් කිව්වොත්  අපේ වෙබ්සයිට් එකේ පල කරන  පොස්ට්  පේස්බුක් වෝල්  එකට ගිහිල්ලා පල කරන්නේ මෙයා තමයි..
          මුලින්ම  https://apps.facebook.com/rssgraffiti/    වලට   යන්න    එහාකොට  මෙන්න මෙහෙම රූපයක්  එනවා,

              මෙහි "click here to  authorize " RSS Graffiti  "    මත  ක්ලික්   කරන්න  .... 
   දැන්  පහත රුපය බලන්න...

    
    මෙහිදී  RSS Graffiti   ඔබගේ  පේස්බුක්  ගිණුමේ  දත්තයන්ට  ඇතුළු වීමට  අවසර ඉල්ලයි. මෙහිදී   allow  මත ක්ලික් කරන්න.... පහත   රූපය   බලන්න..

   
         දැන්  RSS Graffiti  මගින්   fan පේජ්  එක හදුනාගෙන ඉවරයි.   ඒබව  Status : Configured  මගින් දිස්වේ.
  දැන්   Add Feed  මත   ක්ලික් කරන්න.
    එවිට   ලැබෙන්නේ  මෙහෙමයි .........

       මෙහිදී  Feed URL :  වලට   බ්ලොගර් වලින් ලියපු වෙබ් එකක් නම් 
උදා:
            http:// yourbogname.blogspot.com/rss.xml       ලෙස දෙන්න.  මෙහි 
   yourbogname  කියන   තැනට  ඔබගේ  වෙබ් අඩවියේ නම ඇතුලත් කර     Feed URL  එක  ලබා ගන්න    
 ඊට පසුව Source  Name  :   කියන තැනට   වෙබ්   අඩවියේ  නම ඇතුලත්   කරන්න...
   ඊට පසුව ඇති Source URL :    හිස්ව  තබන්න..
ඉන්  පසුව ඇති Style  එකෙන්   Standard   තෝරාගෙන   ,,,,, අවසානයේ   පිටුවේ උඩ  දකුණු අත පැත්තේ   ඇති  Save 
මත   ක්ලික් කරන්න..   හරි  දැන්  අවශ්‍ය වැඩකටයුතු   ටික   හමාරයි  ....    ඔයාලත්  කරලා බලලා ....  තව  අලුත් දේවල්  මටත් කියන්න ..