එකතු වුන කට්ටිය ........

යාළුවා

Thursday, July 14, 2011

GMAIL වලින් SMS යවමු .......

සුබ දවසක් හැමෝටම  ,,, ඔන්න අදත්  ඔයාලට පොඩි දෙයක් අරගෙන අවා..දැනුමට .. .. දැන් මේදවස්  වල වැඩියෙන්ම අන්තර්ජාලයේ   කතාබහට ලක්වෙන්නේ  අලුතෙන් හදුන්වාදුන් Google Plus සේවාව  ගැන  .  ඉතින්   ඒ  ගැන
හොයා බලනකොට ගූගල් වල බොහෝදෙනෙක්  වැඩිපුර  භාවිතා නොකරන සැගවිලා තියෙන දෙයක්  හම්බවුණා..... මේ ගැන  දන්න කට්ටිය තමන් තියෙන  වෙනත්  අදහස් කිව්වොත් වඩා වැදගත් වේවි.

  හරි එහෙමනම්  අපි  අපේ වැඩේට   බහිමු..........  මුලින්ම  තමන්ගේ  ජීමේල්  ගිණුමට  ඇතුළු වන්න ..යුසර්නේම් එක හා පාස්වර්ඩ් එක දීල. දැන් දකුණු  අත පැත්තේ  උඩ තියෙන  සෙටින්ස් වලට යන්න..  දැති   රෝදයක් තියෙන්නේ  එක මත ක්ලික්   කරන්න ..පහත රුපය පරිදි

                දැන්  සෙටින්ස්   මෙනුවේ ඇති  Lab  තෝරා ගන්න පහත පරිදි...
          
     Lab   වල පහලට  ගමන්  කරන්න.   එවිට ඇති  SMS in  chat Gadget ,  gmark  යන ටැබ්  දෙකම    Enable   කරන්න ..  පහත රූපය  පරිදි .
                                                      
     
  දැන් පිටුවේ  වම්  පැත්තේ යටම ඇති Save Changes  මත ක්ලික් කරන්න.. 
   

  දැන්  අපගේ  ජීමේල්  ගිණුමේ  මුහුණතට  SMS  යැවීමට  පහසුකම  ලබාදීල තියෙන්නේ ..  මෙන්න මේවගේ

            දැන්  Send SMS  හි  Phone number කියනට තැනට ...යැවීමට අවශ්‍ය රටේ දුරකථන අංකය ඇතුලත් කරන්න. එවිට පහත මෙනුව වෙත  ඔබ  පිවිසේ ,,,,  

  ඇමෙරිකා වලට යවන  එකක්  මෙවිදිහට හදාගන්න පුළුවන් .....උදාහරණයක් හොදේ...ඇත්ත නම්බර් එකක්
  එකක් නොවෙයි .. මේ මගින් හැම රටටම  SMS  යවන්න බැහැ...  තෝරාගත්  රටවල්  කිහිපයක පමණයි . කොටින්ම කිව්වොත්  ලංකාවේ  ඉන්න කෙනෙකුට මේකෙන්  SMS  යවන්න  බැහැ. යවන්ඩ  පුළුවන්  රටවල් වල විස්තර "Supported mobile phone operators  වලින් ගන්න පුළුවන්..
දැන් අවසානයේ  Save මතට  යන්න.. එවිට පහත පරිදි යවන  SMS එක  ටයිප් කිරීමට අවස්ථාව ලබාදේ..
පහත රුපයේ  පරිදි ,.,.,.,

         මේක අපිට මෙතනින් මුදලක් අය නොවුනට SMS  එක ලබන්නාගෙන්  යම් මුදලක් අයවෙනවා..    ඉතින්   එනිසා අනවශ්‍ය විදිහට  SMS  ගහන්න නම්   එපා ඔන්‍න‍.. --

   ---------------------------------- සුබ දවසක් ------------------------------
 
 
             



1 Comments
Tweets
Fb Comments

1 comment:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....