එකතු වුන කට්ටිය ........

යාළුවා

Monday, July 18, 2011

Google+ වල ඉදන් facebook වල වෝල් එකේ ලියමු

       ඉතින්  කොහොමද  ඔයගොල්ලොත්  Google+   වලට එකතු වුනාද ?  නැත්නම්
තවම ඉන්විටේෂන් එනකන් බලන් ඉන්නවද?   ඉතින්  අපේ යාලුවෝ Google+   වලට  අලුත් නිසා  තාම මේකට එකතුවෙන්නේ  හිමිහිට ,, ඒ මදිවට  ඉන්විටේෂන්
එහෙමත්  තාම  සීමා කරලනේ ..... 

   ඉතින් ඒ නිසා අපේ  පේස්බුක්   යාළුවන්ට   දැන  ගන්නට   ගූගල් ප්ලස්‌  වල ලියන දේවල්  පේස්බුක්   වල  වෝල්    එකට එකතු  කරමු ....  මෙයට ක්‍රම ගොඩක් තියෙනව .. මෙය තව එක ක්‍රමයක්  පමණයි..  හරි   අපි මෙහෙම කරමු ......


      මුලින්ම මෙන්න මේ   ලින්ක් එකෙන්   ගිහිල්ලා පේස්බුක් මොබයිල්  පිටුව  වෙත පිවිසෙන්න                      https://www.facebook.com/mobile/   

  මෙන්න  මේවගේ  තැනක්  ගිහිල්ලා  බලන්න .. 

එහි   ඇති  Upload via email   කොටසෙහි  ඇති ඊමේල් ලිපිනය  රයිට් ක්ලික් කරලා කොපි කරගන්න. මේ ඊමේල්
ලිපිනය   අපිට  පේස්බුක්  වලින්   දීල තියෙන්නේ   ඊමේල්
 මගින්   අපිට  අපේ පේස්බුක්  එකේ වෝල්  එක හා සම්බන්ධ  වන්නයි .  ඉතින්  මේ පේස්බුක්  ඊමේල් එක   එහෙම  කාටවත්  නම්  දෙන්න එපා  ,, දුන්නොත්  එයාලට  ඔයාගේ නමින්  ඔයාගේ  පේස්බුක් වෝල්   එකේ ලියන්න පුළුවන් වෙනවා.  
        ඉතින් මේ  ඊමේල්  ලිපිනය  යොදාගෙන තමයි Google+   වල   ඉදන්  අපේ පේස්බුක් වෝල් එකට  සම්බන්ධ  වෙන්නනේ ....


   හරි  දැන් අපි   Google+   වලට    යමු.. ඊමේල් ,, පාස්වර්ඩ්  එහෙම දෙන්න ....  මෙන්න   මේවගේ  රූපයක්       එනවා  ...


Google+    වල  stream   අපට අවශ්‍ය   දෙය ටයිප්   කර 
පහතින් ඇති  +add more  people   මත  ක්ලික් කර ඔබගේ  මොබයිල් පේස්බුක්  ඊමේල් එක පේස්ට්  කරන්න
රුපයේ   පරිදි..
    දැන් මුලික වැඩේ  ඉවරයි .. අවසානයේ   යලින් ඇති 
share  මත ක්ලික් කරන්න  ..දැන්  ඔබ    පේස්බුක් වෝල්
   ගිහිල්ලා බලන්න කොහොමද වැඩේ කියලා  ..... මේක කරන්න තව ගොඩක් ක්‍රම තියෙනවා .,...   ගිහින් එන්නම් ,,,සුබ දවසක් ...





    





3 Comments
Tweets
Fb Comments

3 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. එල එල.වැදගත් පෝස්ට් එකක්. මේකෙ අනිත් පැත්ත කරන්න බැරිද ? ෆේස්බුක් ඒවා ප්ලස් වලට යවන්න ?

    ReplyDelete