සුබ දවසක් හැමෝටම ,, පසුගිය දවසක facebook fan පේජ් එකක් හැදුවා මතක ඇති.. මතක නැති අය ආපස්සට ගිහිල්ල බලලා එන්න.. ඉතින් අද ලැහැස්ති වෙන්නේ , ඒ හදපු fan පේජ් එකට වෙබ් එකේ පල කරන ලිපි එකතු කරන්නයි. එතකොට fan පේජ් එක බලන යාළුවන්ට ඔයාගේ වෙබ් එකේ අලුතෙන් පලකරන ලිපි උණු උණුවෙන් බලා ගන්න පුළුවන්. ... එතකොට ඉතින් වෙබ්සයිට් එක බලන අමුත්තෝ ප්‍රමාණය එහෙම වැඩිවේවි .....
හරි අපි දැන් බලමු මේක කරගන්නේ කොහොමද කියලා.......
මේ වැඩේට වෙනත් ක්‍රම තියෙන්න පුළුවන් ,,, මෙතැනදී අපිට උදව් වෙන්නේ
" RSS Graffiti " කියන facebook ඇප්ලිකේෂන් එක .... කෙටියෙන් කිව්වොත් අපේ වෙබ්සයිට් එකේ පල කරන පොස්ට් පේස්බුක් වෝල් එකට ගිහිල්ලා පල කරන්නේ මෙයා තමයි..
මුලින්ම
https://apps.facebook.com/rssgraffiti/ වලට යන්න එහාකොට මෙන්න මෙහෙම රූපයක් එනවා,
මෙහි "click here to authorize " RSS Graffiti " මත ක්ලික් කරන්න ....
දැන් පහත රුපය බලන්න...
මෙහිදී RSS Graffiti ඔබගේ පේස්බුක් ගිණුමේ දත්තයන්ට ඇතුළු වීමට අවසර ඉල්ලයි. මෙහිදී allow මත ක්ලික් කරන්න.... පහත රූපය බලන්න..
දැන් RSS Graffiti මගින් fan පේජ් එක හදුනාගෙන ඉවරයි. ඒබව Status : Configured මගින් දිස්වේ.
දැන් Add Feed මත ක්ලික් කරන්න.
එවිට ලැබෙන්නේ මෙහෙමයි .........
මෙහිදී Feed URL : වලට බ්ලොගර් වලින් ලියපු වෙබ් එකක් නම්
උදා:
http:// yourbogname.blogspot.com/rss.xml ලෙස දෙන්න. මෙහි
yourbogname කියන තැනට ඔබගේ වෙබ් අඩවියේ නම ඇතුලත් කර Feed URL එක ලබා ගන්න
ඊට පසුව Source Name : කියන තැනට වෙබ් අඩවියේ නම ඇතුලත් කරන්න...
ඊට පසුව ඇති Source URL : හිස්ව තබන්න..
ඉන් පසුව ඇති Style එකෙන් Standard තෝරාගෙන ,,,,, අවසානයේ පිටුවේ උඩ දකුණු අත පැත්තේ ඇති Save
මත ක්ලික් කරන්න.. හරි දැන් අවශ්‍ය වැඩකටයුතු ටික හමාරයි .... ඔයාලත් කරලා බලලා .... තව අලුත් දේවල් මටත් කියන්න ..