එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, September 15, 2012

බ්ලොග් වැඩ - බ්ලොග් එකට අලුත් කොමෙන්ට් එකක් එකතු වුවිට ඒ බව දැනගන්න SMS එකක් ෆෝන් එකට

සුබදවසක්  හැමදෙනාටම  ...අදත්   බ්ලොග් එක   පැත්තේ  ගොඩවුනේ  ... ඔන්න   ඔයාලට වැදගත්   දෙයක් අරගෙනයි ...ඉතින්  බ්ලොග්   ලියන  අයට  තමයි   ගොඩක්  වැදගත්  වෙන්නේ   මොකද  ඔයාලගේ   බ්ලොග් පොස්ට්   එකකට   අලුත්   කොමෙන්ට්   එකක්  එකතුවූ  විට ඒ   බව SMS   එකක්  මගින්  ඔයාලගේ  ෆෝන්  එකට දැනුම්දෙනවා ... එතකොට  දාපු   පොස්ට්   එකට  කොමෙන්ට්   ලැබිල   තියෙනවද   බලන්න බ්ලොගර් වලට ලොග්  වෙලා කරදර වෙන්න අවශ්‍ය  නැහැ .. වැඩේ ලෙහෙසියි ..නිතරම කොමෙන්ට්   ඇවිල්ල  තියෙනවද  කියල බලන්න  අමාරු  අයට  .. මේක ගොඩක්  වැදගත්  වෙයි  ... 

Wednesday, September 12, 2012

Facebook වල ටැග් කරන පින්තුර Dropbox එකට එකතු කර බැකප් එකක් හදමු....


සුබදවසක්  හැමදෙනාටම ... මුලින්ම  Dropbox   එකක් කියන්නේ මොකක්ද   කියල නොදන්න   අයට   පැහැදිලි  කරන්න යන්නේ..මේකට   කියන්නේ  Cloud storage  එකක්  කියල ...මෙ මගින්   නොමිලයේ  අපට    2.5 ගිගාබයිට්  ගබඩා කිරීමේ  පහසුකමක්  ලබාදෙනවා...ඉතින්   ඩ්‍රොප්බොක්ස්  එකෙන් නොමිලයේ ලබාදෙන පහසුකම   ලබාගෙන ..  අපගේ   පේස්බුක් වල  ටැග්   කරන පින්තුර   , ඩ්‍රොප්බොක්ස්  එකට ඔටෝ  එකතු  කරගන්න   තමයි   අද   අපි   ලැහැස්ති  වෙන්නනේ..
මොකද  අපි  ටැග්  කරන පින්තුර   බොහෝවිට  අනුන්ගේ   ඒවා   නිසා , අයිතිකරු   ඒවා මකා   දැමුවහොත්  අපිටත්   එය  නොලැබී   යනවා..  ඉතින්  ඒකට  පිලියමක්   වශයෙන්  තමයි   ඒවා  අපි   ඩ්‍රොප්බොක්ස්   එකට   එකතු  කරන්නේ .

Tuesday, September 11, 2012

Feedburner වලින් බ්ලොග් පෝස්ට් Twitter වලට එකතු කරන්නේ මෙහෙමයි ...

සුබදවසක්   .....feedburner  වලින්  කෙරෙන කාර්ය පැහැදිලි මුලින්ම   කරන්නයි   යන්නේ ,, එය මගින්  බ්ලොග්  එකේ  අලුත්  පෝස්ට්   එකක්  නිකුත්වුවිට  ,  ඒ බව   පාඨකයන්ට     ඊමේල්   එකක්   මගින්   දැනුම්දෙනවා...  "ඊමේල්   මගින්   ලිපි  ගෙන්වා  ගැනීමට  මෙතනට  ඊමේල්   අංකය  ඇතුළු  කරන්න  කියල   තියෙන්නේ  ඔය මම   ඉහතදී   කියපු   දේම  තමයි ....ඉතින්   මේ ගූගල් .feedburner   පහසුකම   යොදාගෙන , බ්ලොග්   එකේ  බ්ලොග් පෝස්ට්   twitter එකට  එකතු කරන්න (Auto publish )  කරගන්න   තමයි   අද  සුදානම ...මේ සදහා   ඔයගොල්ලන්ට  කලින්  සාදාගත් Feedburner  හා   twitter 
ගිණුම් තිබියයුතු  වෙනවා ... 

Sunday, September 9, 2012

එක කෑල්ලෙන් වැඩ ගොඩයි -- Video, Mp3 පටගාල බාන්න , ස්ක්‍රීන් රෙකෝර්ඩ් , Video Converter , CD/DVD BURN කරන්න .. මෙන්න දාගන්න..

සුබදවසක්  ,,  ඔන්න   අදත්   බ්ලොග්   එක පැත්තට   ගොඩවුනේ  ඔයගොල්ලන්ට  තවත්   අලුත්  වැදගත් දෙයක් අරගෙනයි ... ඔයාල යු ටියුබ් , යාහු , MSN , Megavideo ,MySpace . .... etc   වැනි  වෙබ්  අඩවි වලින්  video ඩවුන්ලෝඩ්  කරනකොට  විවිධ  ක්‍රම පාවිච්චි කරනවා   නේද ?  ඉතින්  එම  ඩවුන්ලෝඩ්   කරන වීඩියෝ තමන්ට අවශ්‍ය file format එකට  හරවන්න ..වෙනම   converter   එකකුත්  ,  ඒවා cd/dvd  වලට  burn  කරන්න.. තවත්  සොෆ්ට්වෙයාර්  එකකුත්  යොදාගන්න   වෙනවා  .. ඉතින්  මම මේ ඔයගොල්ලන්ට හදුන්වල  දෙන්න  යන සොෆ්ට්වෙයාර්  එක මගින් ඔය ඉහත  වැඩ  තුනම  එක සොෆ්ට්වෙයාර්  එකෙන්  කරගන්න පුලුවන්   පහසුවෙන්ම ..