එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, September 11, 2012

Feedburner වලින් බ්ලොග් පෝස්ට් Twitter වලට එකතු කරන්නේ මෙහෙමයි ...

සුබදවසක්   .....feedburner  වලින්  කෙරෙන කාර්ය පැහැදිලි මුලින්ම   කරන්නයි   යන්නේ ,, එය මගින්  බ්ලොග්  එකේ  අලුත්  පෝස්ට්   එකක්  නිකුත්වුවිට  ,  ඒ බව   පාඨකයන්ට     ඊමේල්   එකක්   මගින්   දැනුම්දෙනවා...  "ඊමේල්   මගින්   ලිපි  ගෙන්වා  ගැනීමට  මෙතනට  ඊමේල්   අංකය  ඇතුළු  කරන්න  කියල   තියෙන්නේ  ඔය මම   ඉහතදී   කියපු   දේම  තමයි ....ඉතින්   මේ ගූගල් .feedburner   පහසුකම   යොදාගෙන , බ්ලොග්   එකේ  බ්ලොග් පෝස්ට්   twitter එකට  එකතු කරන්න (Auto publish )  කරගන්න   තමයි   අද  සුදානම ...මේ සදහා   ඔයගොල්ලන්ට  කලින්  සාදාගත් Feedburner  හා   twitter 
ගිණුම් තිබියයුතු  වෙනවා ... 

තවමත්  feedburner  නැතිනම්   මෙතනින් ගිහිල්ල , යූසර්නේම්, පාස්වඩ් දීල   ෆෝරම පුරවල   ,, ගිණුම   හදාගන්න  පුළුවන් ... එහෙම  හදපු  feedburner   ගිණුමට   බ්ලොග්  එකේ  ෆීඩ් එකතු කරලා පහත  රූපය පරිදි  බ්ලොග්  එකට වලංගු  feedburner   ෆීඩ්    එකක්   හදාගන්න...
 මම හදපු වලංගු   ෆීඩ්   එක   මගේ  බ්ලොග්   එකේ  නමින්ම තමයි  හදල   තියෙන්නේ ....
එක මත ඩබල් ක්ලික් කලවිට ... මෙන්න මේවගේ  මෙනුවකට පිවිසෙනවා...

එහි ඇති   Publicize  >>>>>>  Socialize    මත ක්ලික්  කරන්න ,,   ඉහත  රූපය පරිදි...
මෙහිදී  අවශ්‍ය twitter   යුසර්නේම්  එක   එකතු  කර  ,, අවසානයේ  පිටුවේ   පහලින්  ඇති  Activate   මත ක්ලික්  කරන්න.   තව   දෙයක් අමතක වුන  කියන්න ,,, බ්ලොග් පෝස්ට් twitter  වලට   එකතු  කරන්න ,, තවත්  නොයෙකුත්  ක්‍රම තියෙනවා,,,   ඒවත්   කවුරු හරි මතක්  කරනවානම්  ගොඩක්  වැදගත් ... සුබ  දවසක්....... 
--------------------------------------------------------------------------------------------------------------------





3 Comments
Tweets
Fb Comments

3 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. වැදගත් ලිපියක්!!!

    ReplyDelete
  2. ස්තුතියි ඔබට‍!
    ජය!

    ReplyDelete
  3. හැමදෙනාටම ස්තුතියි .....

    ReplyDelete