එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, September 15, 2012

බ්ලොග් වැඩ - බ්ලොග් එකට අලුත් කොමෙන්ට් එකක් එකතු වුවිට ඒ බව දැනගන්න SMS එකක් ෆෝන් එකට

සුබදවසක්  හැමදෙනාටම  ...අදත්   බ්ලොග් එක   පැත්තේ  ගොඩවුනේ  ... ඔන්න   ඔයාලට වැදගත්   දෙයක් අරගෙනයි ...ඉතින්  බ්ලොග්   ලියන  අයට  තමයි   ගොඩක්  වැදගත්  වෙන්නේ   මොකද  ඔයාලගේ   බ්ලොග් පොස්ට්   එකකට   අලුත්   කොමෙන්ට්   එකක්  එකතුවූ  විට ඒ   බව SMS   එකක්  මගින්  ඔයාලගේ  ෆෝන්  එකට දැනුම්දෙනවා ... එතකොට  දාපු   පොස්ට්   එකට  කොමෙන්ට්   ලැබිල   තියෙනවද   බලන්න බ්ලොගර් වලට ලොග්  වෙලා කරදර වෙන්න අවශ්‍ය  නැහැ .. වැඩේ ලෙහෙසියි ..නිතරම කොමෙන්ට්   ඇවිල්ල  තියෙනවද  කියල බලන්න  අමාරු  අයට  .. මේක ගොඩක්  වැදගත්  වෙයි  ... 
මුලින්ම   තියෙන්නේ https://ifttt.com  මේ  වෙබ් අඩවියට  ගිහිල්ල  , ගිණුමක්   හදා   ගන්න.
එවිට  මේ  ඉහත වෙබ්අඩවිට   ඇතුළු වීමට යුසර්නෙම්  එකක්  හා  පාස්වර්ඩ්  එකක්  හදාගන්න  පුළුවනි...
ඊට පසුව   හදාගත් යුසර්නෙම්  එකක්  හා  පාස්වර්ඩ්  එක   යොදාගෙන   https://ifttt.com  වෙබ් අඩවියට ලොග්  වෙන්න.  ඊට  පස්සේ මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින්  එහි  ඇති  channel  තෝරා  ගැනීමට   පිවිසෙන්න ...මෙහිදී   අපට  Feed   හා   SMS   යන  channel   දෙක  සක්‍රිය කරගතයුතු  වෙනවා ...
මුලින්ම  SMS channel  එක   සක්‍රිය   කිරීමට එහි ඇති SMS  මත ඩබල් ක්ලික්   කරන්න..
එවිට    පහත  රූපයේ පරිදී  SMS channel  එක   සක්‍රිය   කිරීමට  අවස්ථාවට  ඔබව පත්වෙනවා ..

මෙහි  ඇති Activate  මත  ක්ලික් කරන්න ...  එවිට  පහත පරිදි වේ ,,,

මෙහි  SMS  එක යැවිය  යුතු ෆෝන් එකේ  නම්බර් එක  දෙන්න ..මුලට  00  දාල  ඊලගට රටේ COUNTRY CODE  එක + ෆෝන් නම්බරය   දෙන්න  ..
උදා :  ලංකාවේ  මොබිටෙල් නම්බර්යක් දෙන්නේ  මෙහෙමයි  ..
                                               : =   OO9471XXXXXXX
ඉහත පරිදි පරිදි ඔයාලගේ  ෆෝන් නම්බරය  එකතු කරලා  අවසානයේ   Send PIN   මත   ක්ලික් කරන්න.. 

එවිට  ඔයාල  ලබාදුන් ෆෝන් නම්බරයට  PIN  අංකය  SMS  එකක් මගින්  ලැබෙනවා .... එය   ඉහත රුපයේ  PIN   කියන තැනට එකතු   කර  අවසානයේ Activate  මත   ක්ලික්  කරන්න...
ඊලගට තියෙන්නේ  Feed channel   එක  ඇක්ටිව්   කිරීම ...
ඒ  සදහා   මුලින්ම channel  වල ඇති feed  මත ඩබල් ක්ලික් කරන්න.. 
මෙහිදී  එහි   ඇති  Edit Channel   මත ක්ලික්  කරන්න...
ඊට පස්සේ  එන රුපයෙන්  Activate මත   ක්ලික්  කරන්න...  හරි  දැන් ඔයගොල්ලෝ     Feed   හා   SMS   යන  channel   දෙක  ඇක්ටිව්  කරගෙන ඉවරයි ... 
දැන් https://ifttt.com/recipes/42288  මේ  ලින්ක්  එකෙන්  ගිහිල්ල   Feed   හා   SMS   යන  channel   දෙක  අඩංගු recipe එකට   පිවිසෙන්න ...



එහිදී  ඔයාලගේ   බ්ලොග්   එකේ  කොමෙන්ට්   වල feed address  එක   feed URL   ලබා   දෙන්න ... 
උදා : බ්ලොගර්  බ්ලොග්  එකට 
  
     http://YOUR BLOG NAME.blogspot.com/feeds/comments/default

අවසානයේ  Use Recipe  මත   ක්ලික්  කරන්න... එවිට   මෙන්න මේවගේ  රුපයක්   එනවා  ...
දැන්  අපේ  වැඩේ   හරි .. ඔන්න එහෙනම්  කොමෙන්ට්   කරලා   බලන්නකෝ  ... SMS  එක ලැබෙනවද   කියල ..  එහෙනං   හැමෝටම   සුබ දවසක් ...




16 Comments
Tweets
Fb Comments

16 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. පට්ට වැඩ කෑල්ලක් නේ!! එල එල!!!

    ReplyDelete
  2. වැඩේ නම් හොඳයි වගේ.. ට්‍රයි කරලා බලන්න ඕනේ.. ජය වේවා....

    ReplyDelete
  3. නරක නෑ වැඩේ

    ReplyDelete
  4. ela niyami Thanks.!

    ReplyDelete
  5. එළ මේ වැඩෙත් නියමයි.

    ReplyDelete
  6. මේක නම් නියමම නියම වැඩක්!බොහොම ස්තුතියි සහෝ ඔබට!

    ReplyDelete
  7. මේ වැඩේනම් නියමයි.

    ReplyDelete
  8. මේක මරු.. ලේසි දැන් අපිට.. ස්තුතියි යාලු...

    ReplyDelete
  9. ප්‍රතිචාර දැක්වූ හැමෝටම බොහොම ස්තුතියි ...

    ReplyDelete
  10. කමෙන්ට්ස් මෝඩරේෂන් කරල තියෙද්දි එයිද?

    ReplyDelete
  11. @ධමිමික ස‍‍දරුවන්එනවා මමත් ඒ විදිහට තමයි දාගෙන තියෙන්නේ ...

    ReplyDelete
  12. මේකේ SMS Active කරන්න බැහැ මල්ලියේ PIN එන එන්නේ නැහැ dialog, Airtel දෙකම ට්‍රයි කලා

    ReplyDelete
    Replies
    1. බලන්න මොබිටෙල් එකකින් ට්‍රයි කරලා .... මමත් මොබිටෙල් එකකින් තමයි දාගත්තේ ....

      Delete
  13. මේ දේවල් ගැන අපිව දැනුවත් කිරීම පිළිබඳව ස්තුතියි ඔබට
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete