එකතු වුන කට්ටිය ........

යාළුවා

Wednesday, September 14, 2011

බ්ලොග් වැඩ - කොමෙන්ට් ෆෝම් එකට වෙනස්කම් එක් කරමු .

      සුබ දවසක්   ...ඔන්න අදත්   ඔයාලගේ  බ්ලොගර්  බ්ලොග් එකට එකතු කරගන්න   පුළුවන්  පොඩි  වැඩ  කෑල්ලක්   එක්ක  තමයි අවේ ... පොඩ්ඩක් වම් පැත්තේ තියෙන  රූපය  බලපුහම  අද   කරන්න   යන වැඩේ   පැහැදිලි  වෙයි .  මේ   මොනදේ   කරන්නත්   කලින්  මුලින්ම  ඔයාලගේ  බ්ලොගර්  ටෙම්ප්ලේට්  එක  ඩවුන්ලෝඩ්  කරගන්න .. ඒක හැම  html  එඩිට්   කිරීමකට  කලින්ම  කරන එක හොදයි .. ඒ  සදහා    මුලින්ම  බ්ලොගර්වල   ඩෑෂ්බෝඩ්  එකට  ලොග්   වෙන්න.
එහිදී   Design  ----- Edit HTML --------- Download Full Template  මගින්   ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගන්න   පුළුවන් ,........ මේවා ඉතින් ගොඩක් දෙනා  දන්නවා  ..නොදන්න  කෙනෙකුට   වැදගත් වෙයි  කියල   හිතුනු  නිසා තමයි ලිව්වේ ....
හරි දැන් ඔයාල ලග  ටෙම්ප්ලේට් එකේ  බැකප්  එකක්   තියෙනවා ..දැන් අපි  කොමෙන්ට් ෆෝම්   එකට  වෙනස්  කම්   එකතු කරන්නට   යමු.   මුලින්ම
1.  blogger වල Dashboard ....... Design.... Edit HTML  ...  වලට   යන්න ..
      එහිදී   Expand Widget  Templates  මත   ටික්   ලකුණක්   දමා  ..  Ctrl + F  මගින්  පහත   දැක්වෙන     HTML   කෝඩ්   එක   සොයාගන්න ...
         <div class='comment-form'> 
  එය   වෙනුවට   පහත සදහන්  කෝඩ්   එක  එකතු   කරන්න.
          <div id='cft-form'>
  මෙතනදී  අප  බ්ලොගර්  ඇති   කොමෙන්ට් ෆෝම් එකට  වෙනස්කම් එකතු කිරීම සදහා ඒවගේම ඇති   ෆෝම්   එක්ක  හදාගන්න  යන්නේ ..  එහි නම  cft-form  යනුවෙන්  තමයි දුන්නේ...
දැන් මේ cft-form එකට  රුපයේ  පරිදි  background color , border , boder color , text size and color  , comment form width  වැනි   දේවල්   එකතු  කරන්න   වෙනවා .. ඒ සදහා මුලින්ම   ]]></b:skin>  යන කෝඩ් එක   සොයාගන්න .  දැන්   එයට උඩින්  පහත  ඇති  කෝඩ්   එක එකතු  කරන්න.
#cft-form iframe{ 
background:#FF99CC
border:7px solid #99FF33
padding:5px; 
font:normal 14pt "ms sans serif", Arial
color:#7EB2AC
width:445px; 
     
මෙහිදී රතුවෙන් දමා ඇති  කොටස්   ඔබට   අවශ්‍ය   පරිදි   වෙනස්  කරගන්න ..පුළුවන්
ඒ සදහා පහත උදාහරණ   බලන්න .
මුලින්ම background:   වලට  අවශ්‍ය  කලර් එක ඇතුලත් කරන්න  ඒසදහා  පහතින් ඇති   html color  code  එකට   යන්න.
 html color code
ඊට පසු
 border:--- 7px  යනුවෙන්  දක්වා  ඇත්තේ  එහි පළල
                solid ( අවශ්‍ය නම්  dashed   or   dotted  )  වෙනස් කරන්න පුළුවන් .
                #99FF33 - border එකේ කලර්  එක අවශ්‍ය  පරිදි වෙනස් කරගන්න.
 padding:-  5px  - කමෙන්ට් ෆෝම් එකේ බෝඩර් එකේ සිට text  දක්වා ඇති දුර .- අවශ්‍ය පරිදි වෙනස්  කරන්න
 font : අකුරුවල ප්‍රමාණය , සහ  වර්ගය මෙතැනදී   තෝරාගන්න  පුළුවන් ..
 color: :  අකුරුවල වල වර්ණය - " comment as  " 
 width:   කමෙන්ට් ෆෝම් එකේ පළල ,  අවශ්‍ය  පරිදි  සකස්   කරගන්න. 
 දැන් ඔන්න වැඩේ හරි ..........
 අවසානයේ   ටෙම්ප්ලේට්‌  එක save  කරගන්න ..
 දැන්  නැවතත් බ්ලොග්   එකට ගොස්   කොමෙන්ට් ෆෝම්  එක බලන්න.... මොකද   වෙලා තියෙන්නේ කියල ..   සුබ දවසක් ... වැදගත්  වුනානම්  කමෙන්ට්  කරල යන්න අමතක කරන්න එපා ,, 

9 Comments
Tweets
Fb Comments

9 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....