එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, September 24, 2011

පේස්බුක් like box එක බ්ලොග් එකට එකතු කලාද?

  ඉතින්   ඔන්න ටික දවසකින් බ්ලොග් එක පැත්තට අවා ......අද මේ ලියන්න යනදේ ගැන නම ගොඩ දෙනෙක්   දන්නවත් ඇති , දාගෙනත් ඇති ..නොදන්න  කෙනෙක් ඉන්නව නම්  ඒ  කාට හරි වැදගත් වෙයි කියල හිතනවා ..මුලින්ම  Like box  එක  දාගන්න කලින්  අපට  පේස්බුක්  fanpage එකක්  තිබිය  යුතු  වෙනවා ..   ඒ මගින්  ඔයාලගේ බ්ලොග් එකට පේස්බුක් හරහා   එන අමුත්තන්    එකතු කරගන්න   පුළුවන් ..  ඒ සදහා ඔයාලගේ   බ්ලොග්   එකේ නමින් හෝ ( වෙනත් නමක් දෙන්නත් පුළුවන්)  පේස්බුක්  fanpage එකක්  හදාගන්න .. ඒ සදහා නොදන්න කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතන බලන්න ..
ඉතින් ඔය Like box එකකින් කරන්නේ , බ්ලොග්  එකට එන  අමුත්තෙකුට  , ඔයාගේ පේස්බුක්  fanpage  එකට කැමැත්ත  එකතු කිරීමේ  අවස්ථාව   සලසා දීමයි .

දැන් ඔයගොල්ලන්ට    Like box  එකෙන්  කෙරෙන කාර්යය පැහැදිලි ඇති ..  හරි දැන්  අපි  Like box  එකක්  බ්ලොගර් බ්ලොග්   එකට   එකතු කරන්න බලමු . මුලින්ම  ඒ   සදහා අවශ්‍ය  facebook plugin  එක ලබා ගැනීමට  පහත ඇති ලින්ක් එකෙන් යන්න.
https://developers.facebook.com/docs/reference/plugins/like-box/
ඉහත ලින්ක්   එකෙන් ගියහම , පහත  රුපය   බලන්න .

මෙතනදී   Like box  එක  නිර්මාණය කිරීමට  අවශ්‍ය දත්ත ලබාදීමට  ඉහත   ෆෝම්   එක පුරවන්න ..අවසානයේ  Get code   මත ක්ලික්   කරන්න.  අවසානයේ   එයින්  ලබාදෙන  html  code   එක  කොපි  කරගන්න.
ඊලග තියෙන්නේ මේ කොපි කරගත්ත html  code  එක ඔයාලගේ  බ්ලොගර් බ්ලොග් එකට ඇතුලත් කිරීමයි .
ඔයලගේ බ්ලොගර් එකවුන්ට් එකට ලොග්වෙලා  
Dashboard----Design---Page Elements---Add a Gadget---Html/ JavaScript    තෝරාගෙන අර  කොපි කරගත් html  code එක save කරගන්න ..  ..  සියල්ල   අවසානයේ  ටෙම්ප්ලේට් එක save  කරගන්න   ...
දැන් නැවත  ඔයාගේ බ්ලොග් එකට ගොස් බලන්න .. සුබ දවසක්  හැමදෙනාටම ..

7 Comments
Tweets
Fb Comments

7 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. එක දවසක් අහම්බෙන් මට මේ බ්ලොග් එකට එන්න ලැබුනා.ඒත් bookmark කරගන්න අමතකවුනා.ඒ නිසා සෑහෙන අමාරුවෙන් තමා ආපහු මේක හොයාගත්තේ.ඔන්න බ්ලොග් එකට ලයික් බොක්ස් එක දාගන්න හැටි කියවලා මම ඒක දාගත්තා.කැමති නම් ඇවිත් බලන්න.http://haripara.blogspot.com . ගොඩක් සරලව ඒ ගැන විස්තර කරලා තියනවා. ස්තුතියි. :)

    ReplyDelete
  2. ස්තුතියි ද HUMAN අපහු මේ පැත්තට ආවට .. සතුටුයි මගේ ලිපියෙන් ප්‍රයෝජනයක් වුනානම් ...

    ReplyDelete
  3. මට කර ගන්න බැරිවු ගියානේ.
    අන්තිමේදී බ්ලොග් එකේ මෙහෙම පෙන්වනවා.
    There was an error fetching the like box for the specified page.

    ReplyDelete
    Replies
    1. කොහේ හරි වැරදීමක් වෙලා .... එකයි ...ආපහු කරලා බලන්න...

      Delete
  4. අනේ වැඩේ හරි ගියේ නෑනේ ..තව මොකක් හරි කෝඩ් ටිකක් දාන්න තියෙනවද .

    ReplyDelete
    Replies
    1. ඔයටික විතරයි දාගන්න තියෙන්නේ .....

      Delete
  5. eatahana code dekak enawa.kohomadha dhaannea?

    ReplyDelete