එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, September 25, 2011

බ්ලොග් එකට menu Bar එකක් එකතු කරන්න ...... මෙන්න බඩු.

   සුබදවසක්   ඔන්න අදත් බ්ලොග්  එක   පැත්තට අවේ ඔයාලගේ  බ්ලොග්     එකට   ලස්සන මෙන්ම  පිළිවෙලක්   එකතු කරගන්න ..පුළුවන්  පොඩි සොෆ්ට්වෙයා  කෑල්ලක් එක්කයි..... ඉතින් මේ  සොෆ්ට්වෙයා  එක යොදගෙන  ඔයලගේ බ්ලොග් එකට අවශ්‍ය පරිදි   මෙනු බාර් එකක් නිර්මාණය කරගන්න පුළුවන් බොහොම ඉක්මනින්,,,,  Css  හා html  ගැන   වැඩි   දැනුමක්   නැති   කෙනෙකුට වුනත්   බොහොම ලේසියෙන්  මෙම    සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා  මෙනු බාර් එකක් හදාගන්න පුළුවන්  ....


ඉතින්  http://wonderwebware.com/css-horizontal-menu/download.html    මේ ලින්ක් එකෙන් ගිහිල්ල  css menu Generator   එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල්  කරගන්න. මම නම්  ඕල්ඩ් වර්ෂන්  එක   ඩවුන්ලෝඩ් කරගත්තෙ   එකේ හාවිතය පහසු හා සරල  නිසා.......  දැන් ඩෙස්ක්ටොප්  එකට ඇවිල්ල තියෙන  අයිකන්  එක මත   ක්ලික් කරවිට   පහත රූපයේ මෙනුවක් වෙත යනවා ..
මෙහිදී Main menu ව  සාදා  ගැනීමට  +  new   මත   ක්ලික්   කරන්න.  එවිට පහත පරිදි දිස්වේ.





මෙහිදී උදාහරණයට මම මුලින්ම ගත්තේ මෙනු tab  එක     home  කියල .
ලින්ක් එකට  දුන්නේ බ්ලොග් එකේ  home එකේ  url එක .. සියල්ල නිවැරදි නම  ok   මත ක්ලික් කරන්න
මෙලෙසම   යම් මෙනුවකට sub menu  එකක්   එකතු කිරීමට අවශ්‍ය නම්  +  New Sub-Item  මත ක්ලික් කිරීමෙන්   කරගන්න පුළුවන් ..  මෙන්න මේ වගේ  




මෙතැනදී ඔයාලට  තමන්  හදන  menu  එකේ වර්ගය තෝරාගන්න පුළුවන්
මෙහි Pull-Down Menu මත   ක්ලික් කරන්න.
එවිට   පහත රූපය පරිදි වේ ..







 මෙම මෙනුවෙන් මෙනු එකේ  background color , text color , font එක  , font size , Sub-Menu color ,
Sub-Menu Width එක ආදිය   වෙනස් කරගන්න පුළුවන් තමන්ට කැමති විදිහට . නිර්මාණය කරනලද මෙනු එක පහතින් ඇති  Preview  මගින් බලා ගන්න පුළුවන් ,,  දැන් අප හදපු මෙනු එක SAVE ගන්න
මෙහි ඇති  Menu Items >>>>> Save  වෙත   යන්න.
save කල මෙනු ආපසු  css menu generator  යොදාගෙන  open   කරන්නත් පුළුවන් ..
දැන් ඔන්න අපි  මෙනු එක නිර්මාණය කරල ඉවරයි .... ඊලගට තියෙන්නේ මේක අපේ බ්ලොග් එකට ( බ්ලොගර්) වලට   එකතු කරගන්නයි   යන්නේ ..  ඒ සදහා ඉහත රූපයේ  පෙනෙන පරිදි   HTML/CSS code  මත   ක්ලික් කරන්න.
ඉහත රූපය  පරිදි  අපේ බ්ලොග් එකට ඇතුලත් කිරීමට   අවශ්‍ය වන   CSS code  හා  html (menu) code  එක  ලබාදෙනවා.  මෙහිදී අපට මුලින්ම අපට අපගේ බ්ලොග් එකේ template  එක ඩවුන්ලෝඩ් කරලා තියාගන්න වෙනවා(backup එක විදිහට) .  ඊට පස්සේ  CSS CODE  එක ඇතුළු කරන්න ..  ඒ සදහා
මුලින්ම ඔයාලගේ DASHBOARD යන්න 
එතනින් DESIGN ---> EDIT HTML  ගිහින් මාක් එකක් දාලා මේක හොයා ගන්න 

<head> 
එහි මුල හරියෙන්  CSS Menu Generator  එකෙන්  අපට ලබාදුන්  css code  එක  copy/paste   කරන්න. 
දැන් අපිටඉතුරු වෙලා  තියෙන්නේ CSS Menu Generator  එකෙන්  අපට ලබාදුන් menu(html)   ටික ඇතුලත් කරන්න . මෙතනදී  අපට අප සෑදු මෙනු   එක බ්ලොග් එකේ  header  එකට පහලින් එනවිදිහට සකසා ගතයුතුයි .ඒ සදහා  පහත  code  තියෙන   තැන   සොයන්න.


 <div class='descriptionwrapper'>
    <p class='description'><span><data:description/></span></p>
  </div>
සමහර විට සුළු වෙනස්කම් වෙන්න පුළුවන් ඔයාගේ ටෙම්ප්ලේට් එක අනුව ...ඊට පසුව  ඔයාලගේ CSS MENU Generator  දුන්  html Code  එක  </div> පහලින් copy/paste  කරන්න. දැන් හරි   අවසානයේ  ටෙම්ප්ලටෙ එක   save  කරන්න. මෙම  මෙනු එක බ්ලොග් එකේ <body>  හා </body >  අතර කුමන තැනක ට වුවත්   එකතු කරන්න පුළුවන් ,,  මට හිතෙන විදිහට හරිම ලෙහෙසියෙන් මේ නොමිලයේ  දෙන  සොෆ්ට්වෙයා එක   යොදගෙන් බ්ලොග් එකට ඩ්‍රොප් ඩවුන්   මෙනුවක්  නිර්මාණය කරගන්න පුළුවන් .....ඉතින්  ඔයාලටත්  මේක   වැදගත් වුනා නම් ,,  ප්‍රතිචාරයක් දක්වන්න අමතක කරන්න එපා ... 

8 Comments
Tweets
Fb Comments

8 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. නියම මෘදුකාංගයක්... ස්තුතියි සහෝ...

    ReplyDelete
  2. ස්තුතියි චතුරංග

    ReplyDelete
  3. නියම සොෆ්ට්වෙයාර් එකක්. මම මේ ගැන ඇහුවෙත් අදමයි. ස්තුතියි.

    ReplyDelete
  4. ස්තුතියි මදුරංග ඔයා අද හරි දැනගත්තානේ ...

    ReplyDelete
  5. බොහොම ස්තුතියි කියලා දුන්නට.
    ඒත් කියලා තියෙන විදියට කලා..ඒත් error එකක් එනවා..මෙන්න මේක
    Error parsing XML, line 805, column 3: The element type "li" must be terminated by the matching end-tag "".

    ReplyDelete
  6. Error parsing XML, line 1205, column 3: The element type "li" must be terminated by the matching end-tag "".

    මේ කතාව එනවනෙ යාලුවා.. හෙල්ප් මී

    ReplyDelete
  7. මම හිතෙන විදිහට html කොපි කර ගන්නකොට පොඩි වැරද්දක් වෙලා ඇති.. ආපහු හිමිට කරලා බලන්න..

    ReplyDelete
  8. හොඳයි. බොහොම ස්තුතියි. නමුත් අපි යොදන ටැබ්ස් වල ලින්ක්ස් වැඩකරන්නේ නෑ. ඒකට මොකද කරන්නේ? මගේ මොබයිල් එකට කතා කරල කියන්න. 0783945540

    ReplyDelete