එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, July 10, 2011

Office එකේ ඉතුරු වැඩ Dropbox එකේ දාල ගෙදර ගෙනියමුද?

                         සුබ දවසක්  හැමෝටම  අද කියන්න යනදේ නම් ගෙදර  කාන්තා පක්ෂය නම් වැඩි කැමැත්තක් දක්වන එකක් නැහැ. මොකද ඉතින්  උදේ ඉදල ගෙදර  වැඩපොළ කරලා ඉන්නකොට,,, ස්වාමියා   කන්තෝරු වැඩ ගෙදර ගෙනල්ලා කරනකොට  කව්ද ඉතින් කැමති වෙන්නේ..
       කොහොම නමුත් ඉතින් රස්සාවත් ගොඩදාගන්න එපයි ....... නැත්නම් සුනේ සුන් ..  
 කලබල වෙන්න එපා  මේක එහෙම දෙයක් නෙවෙයි ... කන්තොරු යන කට්ටියට  එහෙම   ගොඩක් වටිනවා..එහෙම කිව්වහම අනික්‌ අය තරහවෙයිද   දන්නෙත් නැහැ...ඉතින් මේ  Dropbox  එකක් හදා ගත්තොත්  කන්තෝරු වැඩ ගෙදර ඉදන් නෙවේ වෙන රටක ඉ‍ගෙන වුනත් කරන්න පුළුවන්.....මෙයා ගැන සරල බසින් කිව්වොත්  අපේ පරිගණකයේ  ඇති  පින්තුර,, ලිපිලේකන  එකම  තැනකට එකතු කරලා (Dropbox එකට දාන්න, )  අන්තර්ජලය  යොදාගෙන   වෙන තැනක හෝ වෙන රටක  ඉදන්  එම    ලිපිලේකන  පරිහරණය  කිරීමයි.   

Saturday, July 9, 2011

VLC Player එකෙන් YouTube video එකක් ඔන්ලයින් බලමු



                   සුබ දවසක් හැමෝටම .,,, අද මම ඔයාලට කියන්න යන්නෙ VLC  Player එකෙන් ඔයාලට කරගන්න පුළුවන් තවත් අපුරු වැඩක් ගැන.
ඉතින් මේක ගොඩක් දෙනෙක් දන්නවත් ඇති .....VLC  Player  එක ගැන කියනවනම්  ,, ඔයාලගේ තියෙන Media
 player එක වගේ  විවිධ  audio හා video file වර්ග  Play  කරගත හැකි  ප්ලේයර්  එකක් .                                          
             හරි දැන් අපි  දැන් වැඩේට බහිමු ..........
 මුලින්ම .VLC  Player  එක ඕපන්   කරගන්න.



Friday, July 8, 2011

facebook fan page එකක් හදමු

ඉතින් අද ඔය ගොල්ලන්ට කියලා දෙන්න යන්නෙ fan page එකක් මුහුණු පොතේ හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම කියන්න ඕනෑ fan page එකක් හදන්නට නම් facebook ගිණුමක් තිබිය යුතුමයි.දැන් කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් " මොකක්ද මේ fan page එකක් කියන්නේ කියලා "
මුලින්ම ඒ ගැන කියලම හිටියහම හරිනෙ....
මේකට සරලම අර්ථය යම්කිසි දෙයකට ( උදා: වාහන , පුද්ගලයන්, ව්‍යාපාරික,විනෝදාත්මක)
කැමති පිරිසක් එකතුකර ගැනීමට facebook හි සාදාගන්නා පිටුවක්.. .. මම කිව්වේ සරලම අර්ථය ...
තවත් හොද අර්ථයකතන තියෙනවා නම් මටත් කියන්න හොදේ..
මම උදාහරණයට ගත්තේ වාහන , පුද්ගලයන්, ව්‍යාපාරික ,විනෝදාත්මක වැනි දේවල් ටිකක් විතරයි.
තව ගොඩක් උදහරණ තියෙනවා fan page වලට යොදා ගන්නා. මෙහිදී තමන් සාදා ගන්නා fan page එකට
කැමති පුද්ගලයන්ට එහි ඇති like බට්න් එක මත ක්ලික් කර එයට කැමත්ත ලබාදේ. ඒක සරල පැහැදිලි
කිරීමක් විතරයි.
.....හරි දැන් අපි fan page එක හදමු............................

  1. මුලිම තමන්ගේ facebook ගිණුමට ලොග් වෙන්න
  2. දැන් පිටුවේ පහලට ගොස් " Create a Page " මත ක්ලික් කරන්න .. එවිට එය පහත පරිදි වේ.

Thursday, July 7, 2011

හැමදේම සගවා තබමුද ?

  ඔව් එකනම් ඉතින් හොද මාතෘකාවක්  තමයි ..  මොකද  අද හැමතැනම සොර සතුරෝ ඉන්නවනෙ...තමන්ගේ දේවල් තමන්ම රැක ගත්තොත් හොදයි .. අද මම ඔයාලට කියන්න යන්නෙ ඔයාලගේ තියෙන password   හා Pin
අංක එහෙම සගවා තබා ගන්නා  විදිහක් ..  ගොඩක් දෙනා නම් මේවා ගැන දන්නවත් ඇති , කොහොම නමුත් නොදන්න  කෙනෙකුට වැදගත් වෙයි කියල පොඩි පෝස්ට් එකක්  ලියන්න හිතුනා...
            මේවගේ  මාතෘකාවක්  ගැන ලියන්න වුනේ මට වුනු  එක්තරා සිදුවීම්ක් නිසා ..  මගෙ ලග තියෙන  ටෙලර්
කාඩ් එකකකින්  හදිසියේ සල්ලි ගන්න ගිහින් වුනු   දෙයක් .... කෙටියෙන් කිව්වොත්  වැරදි  පිං අංකය තුන් පාරක්  ඔබලා ,,සල්ලිත්  නැහැ  කාඩ් එක මැෂින් එක ඇතුලේ.. මේ වුණ වැඩේට විසදුමක් කල්පනා කරනකොට තමයි මට මේ  ක්‍රමය  ගැන හිතුනේ..
       මුලින්ම හිතුනා පාස්වර්ඩ්  හා පිං අංක  පොතක  ලියන්න .. ඒකත් කවුරු  හරි බැලුවොත් වැඩේ සුන් ..
නමුත්  කොහෙහරි  අංක ටික ලියලා තිබ්බේ නැත්නම් ...... අන්තිමට ඒවාට වුණා දෙයක් නැතිවෙනවා..
මේක  පොඩි  කෝඩ් එකකින්  පිං අංක ටික පොතක ලියලා තියන්න ... එතකොට කාටවත් අංකය කියවන්න 
බැහැ .. තමන්ට අමතක වෙන්නෙත් නැහැ.. තමන්ගේ   කෝර්ඩ්  ඒක කාටවත්  කියන්න එපා .  කෝර්ඩ් එකක්  
හදාගන්නෙ  මෙන්න  මෙහෙමයි..

Saturday, July 2, 2011

Jolicloud වලින් ජොලි කරමුද?

 
       ඉතින්  අද මේ කියන්ඩ යන්නෙ මොකක්ද ?  හැමටම  ප්‍රශ්නයක්  වෙලා ඇති  හෙඩ් ලයින් ඒක දැක්කහම....
සරල සිංහලෙන් කිව්වොත්  " වළාකුළු මෙහෙයුම්  පද්ධතියක්  "   මෙහෙම  කිව්වහම  තවත්  ප්‍රශ්නයක් එනවා නේද?   ඇත්ත  "  වළාකුළු මෙහෙයුම්  පද්ධතියක්  "   කියන්නෙ   වෙබ් බ්‍රව්සර්  එක   හා  අන්තර්ජාල සම්බන්ධතාවය මගින්  ඇති  කරගන්නා  මෙහෙයුම්  පද්ධතියක්   සරල සිංහලෙන්  ඔන්න..
 ඉතින්  මේකෙන් වැඩ කරන්න නම්  අන්තර්ජාල සම්බන්ධතාවය  නම්  අනිවාර්යයි .  " Jolicloud "  වින්ඩෝස් වල වගේම  ලිනක්ස් , Mac   මෙහෙයුම් පද්ධති වලට සහයෝගය දක්වනවා.   මෙයා  "Google Chorme " , firefox 4  , safari 5   වගේ බ්‍රව්සර්  වලට හොදටම වැඩ කරනවා .   

Monday, June 27, 2011

WINDOWS LIVE WRITER ඔබට කොහොමද


                            ඉතින් මේ  මොකක් ගැනද    මේ   කියන්න        හදන්නෙ      මේක  ඉන්ටෙර්නෙට්  නැති  වෙලාවට  ඔයාලගේ වෙබ් පෝස්ට්  එඩිට්  කර ගන්න   නියමයි.
            හැබැයි   ඉතින්  එම පෝස්ට් එක   PUBLISH  කරගන්න නම් ඉන්ටෙර්නෙට් ඕන . එතකොට   හැමවෙලේම  නෙට් එකේ ලොග් වෙලා ඉන්න ඕනෙත් නැහැ. වාසි ගොඩයි … ඕනෑතරම්  පෝස්ට්  හදල   අන්තිමටම    PUBLISH   කරගන්න   පුළුවන්….
ඉතින්  මේක මේක කව්ද අපිට දෙන්නේ   මේක   “බිල්  ගේට්ස්  “         මාමා   නොමිලයේ.  මටත්  මේක හම්බවුනේ  අන්තර්ජාලයේ   සැරිසරන  කොට.  මගෙත් නිතරම අන්තර්ජාල සම්බන්දතාව විසන්දි  වෙනවා.
හරිම  කරදරයි ........  මෙන්න විසදුම ,,,,,,, මේක windows 7   32bit/ 64 bit  , Windows  vista sp 2  වලට 
හොදින්ම වැඩ.  මුලින්ම   

Windows Live Essentials 2011 නැත්  නම් install

 කරගන්න එකේ   තමයි  වින්ඩෝව්ස් Live writer  තියෙන්නේ.

  • මුලින්ම   WINDOWS  LIVE WRITER  තුලට  ඔබගේ වෙබ් අඩවිය ඇතුලත් කරන්න (ලියාපදිංචි  කරගන්න)  .  එවිට  තිරයේ දකුණු අත  උඩින්  ඔබගේ වෙබ් අඩවියේ නම දිවේ..
  • දැන්   FILE  මෙනුවේ   ඇති   NEW POST  යන්න   මතට ගොස්   ඔබගේ  පෝස්ට්  එකේ  සියලු කටයුතු   කරගත හැක.( පෝස්ට්  ලියන එක )
  • ඊට පසුව   නැවතත්    FILE  මෙනුවේ  ඇති   SAVE LOCAL DRAFT   වෙත  ගොස්  ලියපු පෝස්ට් එක  LOCAL DRAFT  එකේ  SAVE කරගන්න,.

Wednesday, June 22, 2011

"out going " කපල තියෙද්දි phone එක recharge කරන්න මරු ක්‍රමයක්

මේ මොකක්ද කියලා හැමෝම කල්පනා කරයි.................
      ""ඉතින්  phone   කඩේකට ගියානම්  හරිනෙ ""   සමහරු   හිතන්න   පුළුවන්
    phone  කිව්වේ  mobile phone හරිද??  
ඇත්තටම  මේක එහෙම එකක් නොවේ හොදද?  
   මේක වැදගත් වන්නේ   phone recharge  කඩයක් , Recharge card  එකක්     හරි මහ රෑ ජාමෙකට  හරි තමයි,,,,,,, මොකද  මහ රෑ  ගොඩක් කඩවල් වහලනේ ...   එතකොට මොකුත්  කරගන්න  බැහැ.
දැන් අපි බලමු මොකක්ද   මේ කියලා                                                                       

Tuesday, June 21, 2011

ලැබෙන Email වල IP එක trace කරන්න නියම බඩුවක්

ඉතින් මොකක්ද මේ අද ඔයාලට කියන්ඩ යන්නෙ ,,,,,, ඔයාට ලැබෙන EMAIL වල IP ADDRESS ටික ආපස්සට හොයන්න පුලුවන්නම් ,,, EMAIL එක මුලින්ම එව්ව කෙනා දක්වා හොයාගෙන යන්න පුළුවන් මේක මටත් හැමබවුනේ අන්තර්ජාලය තුල ඇවිදිනකොට තමයි. ඉතින් වැඩිය කතා නැතුවම ගිහින් බලමු කොහොමද එක කරගන්නේ කියලා ......
එවිට online email tracer වෙත ඔබ පිවිසේ. ඊට ප්‍රථම ඔබට ip එක trace කිරීමට අවශ්‍ය email එක තෝරාගෙන එහි header එක ලබා ගන්න වෙනවා . උදාහරණයක්‌ ලෙස ඔබගේ email එක gmail එකක් නම් පහත රූපයේ පරිදි එහි header ලබා ගන්න වෙනවා





Tuesday, June 14, 2011

tk ඩොමේන් එකක් free ගත්තොත්


ඉතින් මොකක්ද මේ දෙන්න යන්නේ බොහෝ දෙනෙක් දන්නවත් ඇති tk ඩොමේන් එක ගැන . මටත් මේක ගැන කිව්වේ මගේ යාලුවෙක් ...
සමහරු නම් tk ඩොමේන් එක දැනටමත් ලබාගෙන ඇති..
මට හිතුන මමත් මේක ගත්ත නිසා ......නොදන්න කට්ටියට පහසු වෙන්නත් එකක ගත්ත ක්‍රමය පියවරෙන් පියවර පොස්ට් එකක දාන්න.
අපිට ඉතින් com , info , org වගේ ඩොමේන් ගන්න සල්ලි කොහෙන්ද......
මේවා ඉතින් 100 % ෆ්‍රී ''''''
ඊට පස්සේ enter your url here කියන තැනට tk ඩොමේන් එක අවශ්‍ය වෙබ් එකේ නම type කර next එකෙන් ඉදිරියට යන්න.


Monday, May 30, 2011

අන්තර්ජාල පොත් ගබඩාව


ඉතින් අද ඔයාලට මම කියන්නට යන්නනේ අන්තර්ජාලය තුල තිබෙන පොත් ගබඩාවක් ගැන. මේක මෙහෙම කිව්වහම සමහරු හිතායි මේ පොත් ගබඩාවෙන් අපට ඇති වැඩේ මොකක්ද කියල. මේක පොත් තියෙන්නේ pdf . doc වශයෙන් ඉතින් මේකේ නම scribd.com . ඉතින් මේකට ගිහිල්ල අපට අවශ්‍ය විෂය type කර serch
කරන්න එවිට අදාල විෂයට සම්බන්ධ සියලුම pdf , doc file වල list එකක් ලැබේ.

අමතක වුනා කියන්න ,,,,,,, ඔයාලට පොත් down load කරන්න එහෙම අවශ්‍ය නම් මුලින්ම username and
password හදා ගන්න වෙනවා. ඊට පස්සේ ඔයාලගේ document එකක් scibid .com වෙත upload කලාම පැය 24 ඇතුලත ඇති වෙනකම් download පුළුවන් ........



මම දුන්නු දේ බෙදාගෙන කන්න හොදේ ....... නැවත හමුවෙමු ................

Sunday, May 29, 2011

ආයුබෝවේවා

මම සංජය රණසිංහ ,, මම ඉන්නේ සියනෑ කෝරළේ මිරීගම කියන ගමේ ඉතින් මගේ රැකියාව නම් කොම්පියුටර් සම්බන්දව නෙවෙ මම සිංහල බ්ලොග් එකක් ලියන ප්‍රථම වතාව මේක ඔයාලගේ යෝජනා චෝදනා මට ගොඩක් වටිනවා මේක සාර්ථක කරගන්න .