ඔව් එකනම් ඉතින් හොද මාතෘකාවක් තමයි .. මොකද අද හැමතැනම සොර සතුරෝ ඉන්නවනෙ...තමන්ගේ දේවල් තමන්ම රැක ගත්තොත් හොදයි .. අද මම ඔයාලට කියන්න යන්නෙ ඔයාලගේ තියෙන password හා Pin
අංක එහෙම සගවා තබා ගන්නා විදිහක් .. ගොඩක් දෙනා නම් මේවා ගැන දන්නවත් ඇති , කොහොම නමුත් නොදන්න කෙනෙකුට වැදගත් වෙයි කියල පොඩි පෝස්ට් එකක් ලියන්න හිතුනා...
මේවගේ මාතෘකාවක් ගැන ලියන්න වුනේ මට වුනු එක්තරා සිදුවීම්ක් නිසා .. මගෙ ලග තියෙන ටෙලර්
කාඩ් එකකකින් හදිසියේ සල්ලි ගන්න ගිහින් වුනු දෙයක් .... කෙටියෙන් කිව්වොත් වැරදි පිං අංකය තුන් පාරක් ඔබලා ,,සල්ලිත් නැහැ කාඩ් එක මැෂින් එක ඇතුලේ.. මේ වුණ වැඩේට විසදුමක් කල්පනා කරනකොට තමයි මට මේ ක්‍රමය ගැන හිතුනේ..
මුලින්ම හිතුනා පාස්වර්ඩ් හා පිං අංක පොතක ලියන්න .. ඒකත් කවුරු හරි බැලුවොත් වැඩේ සුන් ..
නමුත් කොහෙහරි අංක ටික ලියලා තිබ්බේ නැත්නම් ...... අන්තිමට ඒවාට වුණා දෙයක් නැතිවෙනවා..
මේක පොඩි කෝඩ් එකකින් පිං අංක ටික පොතක ලියලා තියන්න ... එතකොට කාටවත් අංකය කියවන්න
බැහැ .. තමන්ට අමතක වෙන්නෙත් නැහැ.. තමන්ගේ කෝර්ඩ් ඒක කාටවත් කියන්න එපා . කෝර්ඩ් එකක්
හදාගන්නෙ මෙන්න මෙහෙමයි..
මුලින්ම කොලයක් හා පැනක් අරගෙන ,, තමන් කැමති වාක්‍යක් ලියන්න (ඉංගිසි වලින් )
උදා ; මෙන්න මම ලියපු ඒක
M Y H O M E T O W N I S
දැන් ඉංගිසි අකුරු වලට යටින් 0 සිට 9 දක්වා අංක ටික පිළිවෙලට ලියන්න .. එකවගේ අකුරු දෙතැනක යෙදුනොත් මුලින් ලියපු නැවත ලියන්න . එවිට මෙන්න මේවගේ පෙනෙයි..
M Y H O M E T O W N I S
0 1 2 3 0 4 5 3 6 7 8 9
හරි දැන් ඔයාල ඔයාලගේ කෝර්ඩ් එක හදල ඉවරයි. මේ කෝඩ් එක තමන් කැමති විදිහට හදා ගන්න පුළුවන් .. මම දුන්නේ උදහරණයක් විතරයි..තමන්ට මතක හිටින නමකින් හෝ වචනයකින් කෝඩ් එක හදාගන්න .. එතකොට අම අමතක වෙන්නේ නැහැ. දැන් ඔයාලගේ තියෙන සියලුම පාස්වර්ඩ් හා පිං අංක කෝර්ඩ් එක අනුව පරිවර්තනය කර පොතක ලියන්න,
උදා ; PIN අංක 2345 කෝර්ඩ් ඒකෙන් පරිවර්තනය කලවිට HOET
මේ විදිහට පිං අංක පරිවර්තනය කරලා ගත්තහම කාටවත් හොයාගන්න බැහැ.ඔයාට අමතක වෙන්නෙත් නැහැ. ඔයාලට මතක තියාගන්න තියෙන්න කෝර්ඩ් එක හදපු වචනය හෝ වාක්‍යය විතරයි ..
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Thursday, July 7, 2011
2 Comments
Tweets
Subscribe to:
Post Comments (Atom)
මේකනම් හොද ලිපියක් මටත් ඔය අමතක වෙන එක වෙලාවකට තියෙනවා
ReplyDeleteස්තුතියි෴
Delete