එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, July 2, 2011

Jolicloud වලින් ජොලි කරමුද?

 
       ඉතින්  අද මේ කියන්ඩ යන්නෙ මොකක්ද ?  හැමටම  ප්‍රශ්නයක්  වෙලා ඇති  හෙඩ් ලයින් ඒක දැක්කහම....
සරල සිංහලෙන් කිව්වොත්  " වළාකුළු මෙහෙයුම්  පද්ධතියක්  "   මෙහෙම  කිව්වහම  තවත්  ප්‍රශ්නයක් එනවා නේද?   ඇත්ත  "  වළාකුළු මෙහෙයුම්  පද්ධතියක්  "   කියන්නෙ   වෙබ් බ්‍රව්සර්  එක   හා  අන්තර්ජාල සම්බන්ධතාවය මගින්  ඇති  කරගන්නා  මෙහෙයුම්  පද්ධතියක්   සරල සිංහලෙන්  ඔන්න..
 ඉතින්  මේකෙන් වැඩ කරන්න නම්  අන්තර්ජාල සම්බන්ධතාවය  නම්  අනිවාර්යයි .  " Jolicloud "  වින්ඩෝස් වල වගේම  ලිනක්ස් , Mac   මෙහෙයුම් පද්ධති වලට සහයෝගය දක්වනවා.   මෙයා  "Google Chorme " , firefox 4  , safari 5   වගේ බ්‍රව්සර්  වලට හොදටම වැඩ කරනවා .   


    මුලින්ම  ඔයාලට  කරන්න  තියෙන්න  තියෙන්නෙ  Jolicloud  වෙබ් මෙහෙයුම්  පද්ධතිය  ඔබගේ පරිගණකයට  බාගත කර පිහිටුවා ගන්න. ඊට පසු  ඔබට ඔබගේ  ඔබගේ ගිණුමක්  හා  මුරපදයක්  සාදාගන්න 
පුළුවන් . ඩවුන්ලෝඩ්   file එකනම්  ටිකක් විශාලයි ......    Jolicloud  වලට  සහයෝගය දක්වන පරිගණක උපාංග  700  කට  වැඩියෙන්   තියෙනවා.  ඒ අතර   Facebook , You tube , Twitter , Google docs , Gmail ,  flicker  , Html5   ......  මම ටිකයි ලිව්වේ  තව ගොඩක් දේවල් තියෙනවා ...  එකම වහලක් යටින් ගොඩක් දේවල් ... වෙනවනම  හොයන්න  කරදර වෙන්න   වෙන්න ඕනෙත් නැහැ. මරු නේද?  
ඔයාලගේ   Jolicloud  ගිණුම  ඔයාලටම අවශ්‍ය  පරිගණක උපාංග ටික දාල  තියාගන්න පුළුවන් ...අමතක වුණා කියන්න  Jolicloud  බාගන්න කලින්  ඔබගේ  " C : "  තැටියේ    4GB  වත්  ඉඩක් තිබිය යුතුයි...
       මෙන්න ලින්ක් එක ඔයාලත්  බාගෙන  බලල  මටත්  ගුණදොස් කියන්න අමතක කරන්න එපා.
        

No comments:

Post a Comment

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....