එකතු වුන කට්ටිය ........

යාළුවා

Monday, September 5, 2011

ලැප්ටොප් එකෙන් සරල wi-fi hot spot එකක් හදමු .

  සුබ දවසක් ... ටික දවසකට   පස්සේ තමයි .. ඔන්න මේ පැත්තේ අවේ ..ඔන්න  අද  අපි හදාගන්න යන්නේ සරල   wi-fi  hot spot   එකක් ......මේකට මුලින්ම   අවශ්‍ය වෙනවා  wi-fi  පහසුකම තියෙන ලැප්ටොප් එකක් , මොකද ගොඩක් ඩෙස්ක්ටොප් පරිගණක  වල wi-fi  නැහැ.. ඩෙස්ක්ටොප්  වලටත්  නෙට්වර්ක් කාඩ් එකක්  සවිකරලා මේ  වැඩේ කරගන්න පුළුවන් .....හරි   මුලින්ම  control panel   එකට   යන්න.අමතක වුණා මුලින්   කියන්න .. අපි  wi-fi  hot spot එක හදන්න යන්නේ වින්ඩෝස් සෙවන්  වලදී

මුලින්ම  කිබෝර්ඩ්  එකේ ඇති wireless Network button එක මත ක්ලික් කර on කර ගන්න .
   control panel   වල ඇති  Network and Sharing center  මත ක්ලික් කරන්න.   එහි ඇති  set up a new  
    connection or Network  මත ක්ලික්   කරන්න.            



ඊට පසුව  එන මෙනුවෙන්   set up a wireless ad hoc ( computer-to-computer ) network    තෝරාගෙන  NEXT  මත ක්ලික්   කරන්න.

  ඊලගට පහත රූපය  පරිදි  එන මෙනුවට  NEXT  මත ක්ලික් කරන්න.  
 දැන් පහත රූපයේ පරිදි  තමන් හදන   wi-fi  නෙට්වර්ක් එකේ නමත්  ,  සෙකුරිටි කී   වලට   තමන්  කැමති  පාස්වර්ඩ්   එකකුත්  දෙන්න  ,   security type එක WPA2-Personal    වශයෙන්   තබා next  මත ක්ලික්  කරන්න.


  දැන්  wi-fi  hot spot  එක හදල ඉවරයි ....  මෙන්න මේ වගේ  එකක්  වයර්ලස් කනෙක්ෂන්  වලට එකතු වෙලා   තියේවි .

    දැන් හදපු සරල wi-fi  hot spot එක  යොදාගෙන  යාළුවන් අතර  wi-fi   නෙට්වර්ක්  එකක්  හදාගන්න පුළුවන් .  මෙතනදී ඔවුන්ට ඔයාගේ  wi-fi   නෙට්වර්ක් එකට සම්බන්ද වීමට  පාස්වර්ඩ්  එක ඉල්ලනවා .. ඒ සදහා  සෙකුරිටි කී   වලට  දුන්න පාස්වර්ඩ්  එකම දෙන්න.   මෙහිදී  wi-fi නෙට්වර්ක් එක   අඩි 30 විතර ඇතුලත තමයි  හරියටම  වැඩ කරන්නේ. .. ඉතින් මේ පොස්ට් එක ඔයාලට වැදගත් වුණා නම් කොමෙන්ට්  එක්ක දාල යන්න අමතක කරන්න එපා..





                                          

7 Comments
Tweets
Fb Comments

7 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. දැනුවත් කලාට පින්

    ReplyDelete
  2. ස්තුතියි බුද්ධික ප්‍රතිචාරයට ....

    ReplyDelete
  3. ස්තුතියි මනෝජ් ප්‍රියංකර

    ReplyDelete
  4. බොහොම ස්ත්තිය මල්ලි ඔයාට ජයවේවා මම මේගැන දැනගෙන හිටියෙම නැහැ.....

    ReplyDelete