එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, July 19, 2011

සොෆ්ට්වෙයා නැතිව ෆෝල්ඩර් අතුරුදහන් කරමු.

      සුබ දවසක් ... ඔයගොල්ලන්ට ,,,  මතෘකාවෙන්ම  තේරෙනවා ඇතිනේ  වැඩේ බරපතල කම .. නැහැ   කලබල වෙන්න එපා ..මේක  එහෙම දෙයක් නොවෙයි . ඉතාම සරල   දෙයක්  තියෙන්නේ  කරන්න .. මේ ක්‍රමය   ගොඩක් ප්‍රයෝජනවත්   වෙනවා  තමන්ගේ   තියෙන  වැදගත්  ලිපිලේඛණ  , පින්තුර   අනුන්ට  නොපෙනෙන්ට    එකේ  සගවා තබා   ගන්න..   මෙය  ගැන ගොඩක් දෙනා දන්නවත් ඇති  ..
  ............       හරි දැන් අපි   වැඩේට බහිමුකො ...........
  මුලින්ම  අපි  ඩෙස්ක්ටොප් එකේ   ෆෝල්ඩර්     එකක් හදා ගමු .. එකේ නම  Newfolder(2)  ලෙස   ගත්ත ..  මේ    ෆෝල්ඩර්    එක තාමා     අතුරුදහන්   කරන්න  යන්නේ ......


  මුලින්ම යන්නේ  මේකෙ  තියෙන නම  අතුරුදහන්   කරන්නයි ..ඒ සදහා  ඔයාල ටාස්ක් බාර්   එකේ ඇති  Search box එකේ  character Map  කියලා  ටයිප්  කරලා  කොම්පියුටර් එක ඇතුලේ  තියෙන character Map   එක
ඕපන් කරගන්න.  මෙන්න මේ වගේ ..






රුපයේ පරිදි Blank character  සිලෙක් කර   කොපි   කරගන්න.








දැන් ආපසු අතුරුදන් කලයුතු  ෆෝල්ඩර් එක  වෙත ගොස්  රයිට් ක්ලික් කර එහි ඇති  Rename  මත ක්ලික්   කරන්න.  දැන්  Ctrl +  v  මගින්   අපි කොපි කරගත්  Blank character  එක  පේස්ට්  කරල  එන්ටර් කරන්න . මෙන්න මේ වගේ.








එවිට   අපිට ෆෝල්ඩර්   එක පෙනෙන්නෙ මෙන්න මේ විදිහට  ...

දැන්   Newfolder(2)   කියන එක අතුරුදහන් වෙලා  තියෙනවා ... පේනවා නේද වැඩේ .
හරි දැන් අපි නම අතුරුදහන්  කලා..  දැන් තියෙන්නේ ෆෝල්ඩර් අයිකන් එක  අතුරුදහන්
 කරන්නයි .. දැන්  අපි මෙහෙම කරමු..
මුලින්ම රයිට් ක්ලික් කර  එහි ඇති  ප්‍රොපර්ටි මතට   යන්න .. මෙන්න මේ  වගේ..


එහි ඇති  Customize  ක්ලික් කර  යටින් ඇති Change Icon  මත ක්ලික් කරන්න.  රුපය   බලන්න.









දැන් පහත   රුපයේ පරිදි  Change Icon මෙනුව වෙත පිවිසේ.








  දැන් එයින් රුපයේ   පරිදි Blank Icon  එක  තෝරාගෙන ok කරන්න.








දැන්  පහත   මෙනුවට  පිවිසේ ..

 

මෙහිදී  Change Icon මත කිසිවක් නොදිස් වෙන්නේ  අපි බ්ලෑන්ක්  අයිකන්  එක සිලෙක් කර ඇති  නිසා  මෙහිදී  Apply  මත ක්ලික් කර
OK වෙත   යන්න..
හරි දැන් අපි ෆෝල්ඩර්   එක සගවා අවසානයි .. දැන් ඩෙස්ක්ටොප්
එකට ගිහිල්ලා බලන්න ෆෝල්ඩර්  එක තියෙනවද කියලා . .. ඉතින්  ඔයගොල්ලොත් මේක කරලා බලන්න..වින්ඩෝස් සෙවන්  වලට නම් මේක වැඩ කරනවා.. දැන් ඉතින් අතුරුදහන්  කරපු ෆෝල්ඩර් එක අපහු ගන්නේ කොහොමද  කියලා  හැමෝටම  ප්‍රශ්ණයක්   වෙලා ඇති
එක කරන්නේ මෙහෙමයි. දැන් ඩෙස්ක්ටොප්  එකේ ඇති පෙනෙන  ෆෝල්ඩර්   එකක් මත  ක්ලික් කරන්න. එවිට එය හයිලයිට්   වේ .  දැන්  Ctrl +  A     මගින්  එහි ඇති සියලුම ෆෝල්ඩර්  හයිලයිට් වී ...පෙන්නයි  . දැන් එයින් නමක් පෙනෙන්නේ නැති , ෆෝල්ඩර්  Icon  එකක් නැති  ෆෝල්ඩර්  එක   තෝරාගන්න..  එක තමයි ඔයා මුලින්ම  අතුරුදහන්  කලේ ඉතින් මම හිතනවා  මේක පොඩි දෙයක් වුනාට ඔයාල වෙදගත් වෙයි කියල. .    .සුබ දවසක් ..

7 Comments
Tweets
Fb Comments

7 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. හපොයි ඔයතරන් දගලන්න එපා folder name එක වෙනස් කරන්න...#160 ගැහුවනන් ගොඩ..
    koma unath hodai

    ReplyDelete
  2. @නරක සමනලයාස්තුති ,, කොහොමද කරන්නේ පැහැදිලි මදි

    ReplyDelete
  3. සංජය ෙගාඩක් ස්තුතියි.... කාට ෙකාෙහාම වුනත් මට ෙම් ලිපිය හුගක් වැදගත් වුනා

    ReplyDelete
  4. ස්තුතියි ප්‍රතිචාරයට නිලන්ති ...

    ReplyDelete
  5. alt+0161 පුළුවන් ඔය .. empty name එක දාන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අසංග සුදු මහත්තයා දෙන්නටම.....

      Delete