එකතු වුන කට්ටිය ........

යාළුවා

Friday, July 29, 2011

පාස්වර්ඩ් අමතක වෙනවද .. මෙන්න නොමිලයේ බේතක් ..

            පාස්වර්ඩ් අමතක වෙනවද  .....ඔව්    ඕක තමයි හැමෝම  දෙන සරල උත්තරය .....  මොකද අපි දැන්  ගොඩක් කොම්පියුටර්  ප්‍රෝග්‍රෑම් වලට  ලොග්විමට යූසර්නේම් හා  පාස්වර්ඩ්  භාවිතා  කරනවා.
ඉතින් මට  ඔය එක පාස්වර්ඩ් එකක් අමතක වෙලා ,, ඊමේල්   ගිණුමට ඇතුළුවෙන්න  බැරිව විදපු කරදරය හේතුවක් වුණා .මේ පෝස්ට් එක ලියන්න.    අමතක වීමට දෙන්න  පුළුවන්  පොඩි බේතක්   මට අන්තර්ජාලයෙන්ම නොමිලයේ   හම්බවුනා...  බලන්න   ඔයලට මේ බේත හරියනවද   කියල ..

  හරි එහෙනම් අපි වැඩේට බහිමු ,,  මුලින්ම  මේකට අවශ්‍ය  වෙන නොමිලයේ දෙන සොෆ්ට්වෙයා එකක් තියෙඅනවා
   KeePass කියල  අන්න එක මුලින්ම ඩවුන්ලෝඩ්   කරගන්න ඕනෑ
   මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න .
 මෙතන තමන්ගේ අවශ්‍යතාවන්ට  ගැලැපෙන පරිදි  KeePass  කාණ්ඩය  තෝරා  ගන්න . මෙතැනදී  මගේ   අවශ්‍යතාවයන්ට  KeePass 2.16  තමා  ඩවුන්ලෝඩ්  කරන්න   වුනේ.... හරි දැන්  KeePass  setup.exe  එක  ඉන්ස්ටෝල්  කරගන්න . මෙතැනදී  microsoft net framework  නැතිනම්      ඩවුන්ලෝඩ්   කරලා   ඉන්ස්ටෝල්
කරගන්න කියනවා ..  තියෙනවනම්  වැඩේ ගොඩ   . හරි  දැන් මුලික   ඉන්ස්ටෝල් වේද   ඉවරයි .
 මුලින්ම   KeePass 2.16 සොෆ්ට්වෙයා එකට ගැලැපෙන පාස්වර්ඩ්   ඩේටබේස්  එකක් හදන්න ඕනෑ...ඒ සදහා 
ඕපන් මෙනූ එකේදී එන file තෝරාගෙන New තෝරාගන්න....  පහත රුපය   පරිදි .




















ඊට පසුව පාස්වර්ඩ්   ඩේටබේස්  එකේ නම සහ ඩේටබේස්  එක   සැදිය යුතු තැන  ඉල්ලයි .. ඒවා තමන්ට අවශ්‍ය පරිදි   දෙන්න ..  රුපයේ   පරිදි .
පසුව   මෙම  පාස්වර්ඩ්   ඩේටබේස් එකට අන්  අයට ඇතුළු වීමට වලකන  Master Password  එක සැදීමට අවස්ථාව ලබාදෙනවා .............................................................................................පහත රුපය බලන්න ..

මෙතනට  දෙන  Master Password  එක නම් මතක තියාගන්න  වෙනවා ..  යූසර්නේම් හා  පාස්වර්ඩ්    ගොඩක්   මතකතියා   ගන්නවට  වඩා ..එක යූසර්නේම් හා  පාස්වර්ඩ්  එකක්   මතක  තියාගන්න අමාරුවක්  නැහැනේ.  මෙහිදී රුපයේ   පරිදි   Master Password යන්න සිලෙක් කර  අවශ්‍ය පාස්වර්ඩ්   එක ඇතුළුකර   ok   මත ක්ලික්   කරන්න...  දැන්  KeePass මගින් පාස්වර්ඩ්   ඩේටබේස්   එකක්   සාදා අවසානයි  ..



  මේ තියෙන්නේ මම දුන්නු නමට ඩෙස්ක්ටොප් හදාගත්ත පාස්වර්ඩ්   ඩේටබේස්  එක මෙහි  extension එක kdbx  කියල තමයි දෙන්නේ............දැන්  මේ ඩේටබේස්     එක ඇතුලට  අපේ    තියෙන යූසර්නේම් හා  පාස්වර්ඩ්  ටික එකතුකරන්න   ඕනෑ ..  මේක  ඇතුලට දාල තමයි  අපි 
යූසර්නේම් හා  පාස්වර්ඩ්  ටික  තියන්න හදන්නේ ..  හරි දැන්  මේ පාස්වර්ඩ්   ඩේටබේස් එක මත ඩබල් කිල්ක්   කරන්න.
දැන් නැවතත් පහත රුපයේ  පරිදි  Master Password  ලබාදී   ok මත ක්ලික් කරන්න..


  
    දැන් යූසර්නේම් හා  පාස්වර්ඩ්  ඇතුලත් කිරීමේ අවස්ථාවට ලගාවේ පහත රුපයේ  පරිදි .... එයින්  Add  Entry මත ක්ලික් කරන්න.

එවිට  යූසර්නේම් හා  පාස්වර්ඩ් ඇතුලත් කිරීමට අවස්ථාව ලබාදෙනවා  ,,,පහත රුපය පරිදි ...

   මෙතැනදී තමන්ගේ යූසර්නේම් එක  හා  පාස්වර්ඩ් එක  එකතු කර  ok මත   ක්ලික් කරන්න..  මේවගේ ඔබගේ තිබෙන  සියලුම යූසර්නේම් හා  පාස්වර්ඩ් එකතු කර .. අවසානයේ  සේව්  කරගන්න. 
 හරි දැන්  KeePass වලින් සාදන ලද පාස්වර්ඩ්  ඩේටබේස්  එකට   යූසර්නේම් එක  හා  පාස්වර්ඩ් ටික එකතු කර  ඉවරයි .. දැන් අපි  බලමු  අපි අවශ්‍ය  පාස්වර්ඩ්  තෝරාගන්නේ  කොහොමද   කියල .....
මුලින්ම    Master Password  එක ඇතුලත් කරලා  පාස්වර්ඩ්   ඩේටබේස්   එකට ඇතුළු වන්න..  පහත   රුපය පරිදි ..

  උදාහරණයක්   විදිහට  -   ඊමේල්  වල ඇති  gmail  වල   පාස්වර්ඩ්  එක ගැනීමට අවශ්‍ය  නම්  රුපයේ   පරිදි  අවශ්‍ය ගිණුම සිලෙක් කර  ටුල් බාර් එකේ ඇති කොපි ටු ක්ලිප්බෝර්ඩ්  මගින්   කොපිකරගෙන අවශ්‍ය  තැනට පේස්ට් කරන්න ..  පුළුවනි ..- ..  මම හිතනවා ඔයාලට  යූසර්නේම් හා  පාස්වර්ඩ් අමතක වීමට බෙහෙත්  ලැබුන කියල.....මේගැන  ඔයාලගේ අදහස්‌  මට කිව්වොත් එය මට ගොඩක් ශක්තියක් වෙයි ..







8 Comments
Tweets
Fb Comments

8 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. හ්ම්ම්ම්... මට නම් අමතක වෙනවට කියාපු එක.. හොදයි කරලම බලන්නම් කෝ.. 8-}

    ReplyDelete
  2. ස්තුති චතුමිතු ප්‍රතිචාරයට

    ReplyDelete
  3. ලොකුම උදව්වක්.. මට නම් පාස්වර්ඩ් හැම වෙලේම අමතක වෙනවා.. :)

    word verification අයින් කරනව නම් හොඳයි යාලු..
    settings - comments - show word verification for comments- no
    නැත්නම් කමෙන්ට් දාන හැම වෙලාවෙම box එකක් ඇතුලේ අකුරු කොටන්න වෙනවා. ඒක කමෙන්ට් දාන අයට කරදරයක් සහෝ...

    ReplyDelete
  4. ස්තුතියි ප්‍රාර්ථනා ,,word verification අයින් කරන්නනම් ,,, මම දැනගෙන හිටියේ නැහැ.

    ReplyDelete
  5. නියම වැඩක් නේ. මටත් ඔය විදිහට පාස්වර්ඩ් අමතක වෙන ලෙඩේ තියෙනවා. ඒකට නම් කියාපු බේත !!!!

    ReplyDelete
  6. ස්තුතියි මදුරංග....

    ReplyDelete
  7. ස්තුතියි බුද්ධික

    ReplyDelete