එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, July 10, 2011

Office එකේ ඉතුරු වැඩ Dropbox එකේ දාල ගෙදර ගෙනියමුද?

                         සුබ දවසක්  හැමෝටම  අද කියන්න යනදේ නම් ගෙදර  කාන්තා පක්ෂය නම් වැඩි කැමැත්තක් දක්වන එකක් නැහැ. මොකද ඉතින්  උදේ ඉදල ගෙදර  වැඩපොළ කරලා ඉන්නකොට,,, ස්වාමියා   කන්තෝරු වැඩ ගෙදර ගෙනල්ලා කරනකොට  කව්ද ඉතින් කැමති වෙන්නේ..
       කොහොම නමුත් ඉතින් රස්සාවත් ගොඩදාගන්න එපයි ....... නැත්නම් සුනේ සුන් ..  
 කලබල වෙන්න එපා  මේක එහෙම දෙයක් නෙවෙයි ... කන්තොරු යන කට්ටියට  එහෙම   ගොඩක් වටිනවා..එහෙම කිව්වහම අනික්‌ අය තරහවෙයිද   දන්නෙත් නැහැ...ඉතින් මේ  Dropbox  එකක් හදා ගත්තොත්  කන්තෝරු වැඩ ගෙදර ඉදන් නෙවේ වෙන රටක ඉ‍ගෙන වුනත් කරන්න පුළුවන්.....මෙයා ගැන සරල බසින් කිව්වොත්  අපේ පරිගණකයේ  ඇති  පින්තුර,, ලිපිලේකන  එකම  තැනකට එකතු කරලා (Dropbox එකට දාන්න, )  අන්තර්ජලය  යොදාගෙන   වෙන තැනක හෝ වෙන රටක  ඉදන්  එම    ලිපිලේකන  පරිහරණය  කිරීමයි.   



     හරි අපි දැන් Dropbox එකක්  හදමු ................මේක ගැන  ගොඩක්  දෙනා දන්නවත් ඇති ................
මුලින්ම  පහල ඇති ලින්ක් ඒකෙන ගිහිල්ල Dropbox.exe  file  එක ඩවුන්ලෝඩ් කරගන්න
  මෙන්න බාගන්න      
  
හරි දැන් ඔයාල Dropbox1.1.35.exe   එක   ඩවුන්ලෝඩ්  කරගෙන ඇති  .,, මෙන්න මේවගේ..
  
  දැන් RUN මත   ක්ලික් කර  ඉදිරියට යන්න.
   එවිට පහත පරිදි  I don;t  have a Dropbox account  යන්න Select   කර  Next   මත   ක්ලික් කරන්න

  
එවිට  Dropbox setup වෙත පැමිණේ.එයින්  Typical  තෝරාගෙන  ඉන්ස්ටෝල්  මත ක්ලික් කරන්න  
  පහත පරිදි  වේ  ....




  දැන් ඔබගේ   Dropbox  එකේ  Size එක තෝරාගන්නා මෙනුවක් වෙත ඔබව යොමු කරයි . මෙහිදී මම  තෝරා
ගත්තේ  2GB මොකද ඒක  FREE   නිසා.  සල්ලි තියෙනවනම් , අවශ්‍යතාවය  වැඩි නම මේ ප්‍රමාණය වැඩිකරගන්න පුළුවන් ....පහත රූපය  පරිදි .. ඊට පසු   Next මත ක්ලික් කරන්න


  දැන් පහත රූපය පරිදි  Create your Dropbox  මෙනුව  වෙත යයි , එහිදී තමන්ගේ  නම  , Email  ලිපිනය  , මුරපදය  ,  පරිගණකයේ නම   ආදිය  නිවැරදිව ඇතුලත් කරන්න.  


     මෙහිදී  කොම්පියුටර්  එකේ නම වින්ඩෝස් 7  වලදී හොයන්නේ  මෙහෙමයි..  
  වින්ඩෝස් 7 වල ඇති  Computer මත   රයිට් ක්ලික්  කරන්න. ඊට පසු  එහි ඇති  Properties වලට  ගියහම
   Computer  එකේ නම හොයා ගන්න පුළුවන්..... පහත රූපය බලන්නකෝ.......
            
               හරි  දැන් ඔබ  Dropbox   එකේ අවශ්‍ය මුලික  තොරතුරු ඇතුලත් කර හමාරයි ..  දැන්   Next මත ක්ලික් කරන්න. එවිට  පහත රූපය  බලන්න

  
     දැන් ඔබේ ඩෙස්ක්ටොප් ඒක මත dropbox  ෂෝට් කට් එකක් සැදී ඇති ගිහිල්ල බලන්න.
      
දැන් ඒක මත ඩබල් ක්ලික්  කරලා  ඔයගේ   Dropbox  ඇතුළුවන්න..  මෙන්න මේ වගේ එකක් එනවා ..  


          මෙන්න මේ වගේ තමයි   Dropbox  ඒක පෙනෙන්නෙ .......මේ  Photos ,  Public   යන ෆෝල්ඩර් දෙකම Dropbox  එක හදන  කොටම  එයා තමන් විසින්ම  හදා  ගන්නවා ..
 මතක තියාගන්න දෙයකට තියෙන්නෙ .. අපිට  file share  කරන්න  එහෙම අවශ්‍ය නම්  ඒවා  Public ෆෝල්ඩර්
  එකට දාන්න ඕනෑ..... 
   ෆෝල්ඩර්  වලට   ඇතුලත් වෙලා ඉවර වුනහම  කොළ පාට  පසුබිමක සුදුපාට  හරි ලකුණක් එනවා ,, දැක්කා නේද????   ----------------- මේකෙ   file  එකක් share  කරලා ... අවශ්‍ය  කෙනෙකුට  ලින්ක් එක  දෙන්නත් පුළුවන්..

              හරි දැන් ඔයාල  Dropbox  එකට  තමන්ට අවශ්‍ය දේවල් ඇතුලත් කර හමාරයි..    
        ඔයාලගේ  අවශ්‍ය ලිපිලේකන   ඔක්කොම මේක ඇතුලේ ,, පෙන් වලට කොපි කරගෙන  යන්න ඕනත් නැහැ
දැන් හදිසියකදී   වෙන තැනකදී  ඒවා අවශ්‍ය  වුවොත්   http://www.dropbox.com/   වෙත   ලොග් වෙන්න..
 එහිදී ඔබගේ  Email  ලිපිනය   හා  මුරපදය ලබාදී  ඔයාල හැදුව    Dropbox   එකට  ඇතුළු වෙන්න පුළුවන්..
   ඉතින් මම හිතනවා  ඔයාලට  මෙම  පොස්ට් එකෙන් නොදන්න එකතු වුනා  කියල ..  මේක ඔයාල තවත්  දේවල්   තියෙනවනම්  එකතු කරන්න ...........................

               
         














4 Comments
Tweets
Fb Comments

4 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....