එකතු වුන කට්ටිය ........

යාළුවා

Monday, July 25, 2011

pen drive එකේ file සගවා තබමු ...




 ඉතින් වෙනද වගේම  හැමදෙනාටම සුබ දවසක් ... ඉතින් මේ ක්‍රමය  තමන්ගේ වටිනා ෆයිල්
  පෙන් drive  වල දමාගෙන තියෙන අයට වැදගත් වේවි යම්තාක් දුරට ...මොකද අපි මොනවා කරලා හැන්ගුවත් ..ඒවා සොයන්න අලුත් සොෆ්ට්වෙයා ඕන තරම්   තියෙනවා...
ඒවා එහෙම වුනත්  ෆයිල් ටික  නිකන්ම  පෙන්  එකේ   තියෙනවට වඩා මේවගේ ක්‍රමයක්  භාවිතා කලොත් පොඩි  ආරක්ෂාවක්‌  හරි ලැබෙනවා .. මෙහෙමයි    කරන්නේ
 මුලින්ම  තමන්ට  සැගවීමට අවශ්‍ය  ෆයිල් ටික පෙන් drive  එකට කොපි කරගන්න... ඊළගට මේ ෆයිල්  ටික එකතු කරලා  executable   ෆයිල් එකක්  හදාගන්න ඕන ..  ඒක  කරගන්ඩ පොඩි  සොෆ්ට්වෙයා   එකක් තියෙනවා    නොමිලයේ   බාගන්න පුළුවන් .. මේක තමයි  lockngo  ,  තව ඒවත් ඇති ..

 මුලින්ම  lockngo  වල exe   ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න ..
 මෙන්න ලින්ක් එක 
ඊට පස්සේ  lockngo.exe  ෆයිල් එක තමන්ගේ සැගවීමට අවශ්‍ය ෆයිල්  ටික   තියෙන   පෙන් drive එකට කොපි කරගන්න .. මෙන්න මේවගේ.....

දැන්   lockngo.exe   ෆයිල් එක මත ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න . මෙන්න මේවගේ...
   මෙහිදී අපිට නොමිලයේ    ඩවුන්ලෝඩ්  කරන්න දෙන්නේ ඩිමෝ වර්ෂන්   එකක් නිසා. පාස්වර්ඩ් එකක් දමා ගැනීමට බැහැ . ඒ නිසා  මෙතනින්  ok  මත  ක්ලික් කරන්න. එවිට   lockngo  වලින්   සැගවීමට අවශ්‍ය  සියලු ෆයිල් ටික   එකතුකරගෙන  තනි   lockngo.exe   ෆයිල් එකක්  හදාගන්නවා..  මෙන්න මේවගේ..
  දැන් පෙන් ධ්‍රයිව් එකේ ඉතුරුවෙලාතියෙන්නේ තනි   lockngo.exe ෆයිල්  එකක් විතරයි .. දැන්  මේ  lockngo.exe එක   සගවන්නට තමයි  යන්නේ.....
මුලින්ම  windows key + r   ගහල   program   run  මතට ගොස්   එහි open  මත  cmd   යැයි ටයිප්  කර  ok   කරන්න,,  මෙන්න මේ වගේ
එවිට පරිගණකය command prompt  වලට  පිවිසේ ..  ( DOS command වලට) ...
එහිදී මුලින්ම පෙන්  ධ්‍රයිව්  එක තියෙන  ධ්‍රයිව්  එකට මාරු වන්න.  මගේ නම්   g:  එකේ  තමයි පෙන්  ධ්‍රයිව්  ඊට පසු ... 
එහිදී  attrib +s +h +r  lockngo.exe   යැයි   ටයිප් කර එන්ටර් කරන්න.  පහත රුපයේ පරිදි..
                     
  දැන්  වැඩේ  ඉවරයි ... අපහු  ගිහිලා බලන්නකෝ  පෙන්  ධ්‍රයිව් එකේ මොනවද .. තියෙන්නේ කියල..  ඒක බලලා මොනවද තියෙන්නේ   කියල ..මටත් කියන්න ...








2 Comments
Tweets
Fb Comments

2 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. නියමයි.. මේකෙ ක්‍රැක් එකත් තිබුණ නම් තවත් නියමයි

    ReplyDelete