එකතු වුන කට්ටිය ........

යාළුවා

Friday, February 15, 2013

නොමිලයේ වීඩියෝ එකකට ලෝගෝ එකක් එකතු කරගන්න ඕනද ? මෙන්න බඩු ..


සුබ දවසක් ..කොහොමද  ?  හොදින්  ජීවිතය  ගෙවීගෙන  යනවා  නේද?    අදත්  බ්ලොග්  එකේ   සහෝදර   සහෝදරියන්ට  ගෙනාවෙත්   පොඩි සොෆ්ට්වෙයාර්  එකක් ...මේකෙන්   නොයෙක්  වැඩ  ( video  conversion )   කරගන්න  පුලුවනි    ,, නමුත්  මටනම්  මේක    ගොඩක්  වැදගත් වුනේ  මෙය   හරහා  වීඩියෝ එකකට ලෝගෝ එකක්  එකතු  කරගන්න   ලේසියෙන්ම  පුළුවන් නිසා .

iWisoft Free Video Converter ( 8.8 MB )    V 1.20   මෙන්න   සොෆ්ට්වෙයාර්  එක   ..

OS  :    Windows NT/98/Me/2000/XP/2003/Vista/Server 2008/7

ඩවුන්ලෝඩ් iWisoft Free Video Converter


මුලින්ම    ඉහත  ලින්ක් එකෙන්    ගිහිල්ලා    iWisoft Free Video Converter     නොමිලයේ    ඩවුන්ලෝඩ්   කරගන්න  ..ඊට  පසු  පහත  රූපයේ   පරිදි   එහි  ඇති   Add   මත   ක්ලික්  කර  ලෝගෝ  එක  එකතු  කල යුතු  video   එක   ලබාදී    ,  ලෝගෝ  එක    එකතු  කිරීමට   එහි   ඇති  Edit  මත  ක්ලික්  කරන්න.
  



ඊට  පසුව  මෙන්න  මේ  වගේ   එහි  ඇති   logo  එක   මත  ක්ලික්  කිරීමෙන්   ලෝගෝ    එක  අවශ්‍ය    පරිදි   video   එකට    ඇතුලත්  කරගැනීමට  පුළුවනි   ,,,,



මෙහිදී  Browse  මත  ක්ලික්  කර  අවශ්‍ය ලෝගෝ  එක   තෝරාගන්න...  එවිට  ඉහත  රූපයේ   පරිදි   video එකට  ලෝගෝ  එක    එකතු  වෙනවා .. මෙය    video  එක මත  දර්ශනය   විය යුතු  තැන   එය  මත  කර්සර්  එක   තබා   drag  and   drop  කිරීම    මගිනුත්    කරගන්න  පුළුවනි ...ඒ  වගේම  මේ     iWisoft Free Video Converter  එක     අපට  අවශ්‍ය නම් video  editing   කරගැනීමත්   යොදාගන්න    පුළුවනි ..

ඒවගේම    iWisoft Free Video Converter  එක    ප්‍රදාන  audio / video  file  format    වන  
AVI, WMV, FLV, MP4, MPEG, MKV, RM, RMVB, SWF, MOV, M4V, 3GP, even HD video and MP3, WMA, WAV, OGG, M4A, AC3, AAC, FLAC, APE   අතර     ෆයිල්  converter  එකක්  වශයෙන්  පාවිච්චි  කිරීමත්  පුළුවනි ..

මේවගේ සොෆ්ට්වෙයාර්  ඔයාලත්  හම්බවෙලා  පාවිච්චි  කරලා එහෙමත්   ඇති ...ඒ වගේ   ඔයාලත්   දන්න  ඒවා    තියෙනවා  නම්  පහල   කොමෙන්ට්   වලට  එකතු  කරන්න ..
14 Comments
Tweets
Fb Comments

14 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. සන්ජේ ඒක වැදගත්. අනේ මචෝ මට පොඩි අවුලක් තියෙනවා.. වින්ඩෝස් මුවි මේකර් හදපු එකක් වීඩියෝ කන්වර්ට් කරාට නිරෝ එකෙන් බෑනේ බං ප්ලේයර එකක දුවන්න ඩීවීඩි එක කපා ගන්න. ඔය ගැන මොකක් හරි දාපංකෝ බං අනුකම්පා කරලා

    ReplyDelete
    Replies
    1. මම හොයලා බලන්නම් .... මම නීරෝ එකනම් පාවිච්චි කරලා නැහැ... මේකේ දිලතියෙන සොෆ්ට්වෙයාර් එකෙන් කන්වර්ට් කරලා බලන්න,,,

      Delete
  2. තැන්කු සංජය මේකත් වටිනම සොෆට් එකක් තමා..

    ReplyDelete
    Replies
    1. පාවිච්චි කරලා බලන්න ...

      Delete
  3. ශා නියමයි !මේකත් ඕන වෙන සොෆ්ට් එකක් තමා ...තැන්කු තැන්කු සංජේ..

    ReplyDelete
  4. වටිනදෙයක් බෙදාගත්තට ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි෴ අමිල ඔබටත්

      Delete
  5. හොඳයි සංජය. අද බැරි වුනත් ආයේ වෙලාවක පාවිච්චි කරලා බලන්නම් කො. ජය..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන .... මේවත් අවශ්‍ය වන වෙලාවක් ඒවිනේ....

      Delete
  6. දැනුවත් දෙයක් බෙදාහදා ගත්තාට ස්තුතියි සංජය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වීයා ටික දවසකින් නේද ආවේ ...

      Delete
  7. mata niyamata meka watinawa

    ReplyDelete