එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, July 31, 2011

මෙන්න facebook එකට එකවෙලාවේ , එක කොම්පියුටරෙන් දෙන්නෙක් ලොග් වෙලා.........

 
                  අම්මෝ   මේ මාතෘකාවේ දිග  ? ... ..  කලබලවෙන්න එපා  අද තියෙන්නේ බොහොම සිම්පල් ප්‍ලෑන්  එකක්...  මුලින්ම මේකට අවශ්‍ය වෙනවා ,,  ගුගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය ...දැන්    ගුගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය  ගොඩක්  දෙනක්  පාවිච්චි කරනවානේ....ඉතින් අපි මුහුණු පොතට එක වෙලේ   ඇතුළු   වන්න හදන්නේ   මේ ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය තුල තිබෙන  එක්තරා පහසුකම්ක්   යොදාගෙන. පොඩ්ඩක්  බලමු  මොකක්ද මේ කියල ?

    හරි අපි මෙන්න මෙහෙම    කරමු .. මුලින්ම  ගුගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය හරහා  ඔයාලගේ ඊමේල් ගිණුම හා පාස්වර්ඩ්  එක යොදාගෙන ඔයාලගේ  පේස්බුක්   ගිණුමට   ඇතුළුවන්න.. ඊට  පස්සේ ක්‍රෝම් වෙබ් බ්‍රවුසරයෙ දකුණු
අත පැත්තෙ  උඩතියෙන  යතුර වගේ එක ක්ලික් කරලා ලැබෙන මෙනුවෙන්  New  incognito  window  එක මත  ක්ලික්  කරන්න ..නැත්නම් Ctrl+Shift+N  ගැහුවත් හරි ..  පහත රුපය බලන්න..

දැන් ඔන්න ඕපන් වුන අලුත් වින්ඩෝ එකක් ,..   New  incognito  window     කියල  
හරි  දැන් මේ වින්ඩෝ   එක යොදගෙන  තමන්ගේ  වෙන ආරූඪ නම්කින් .. (සත්තු වත්තම  දාගත්ත  අයත්   ඉන්නවනේ) ..  හරි  තමන්ගේ අතිජාත මිත්‍රයෙක්  ලගපාත ඉන්න වනම් එයාගේ හරි පේස්බුක්  ගිණුමට  හරි  ලොග් වෙන්න  බලන්න.   මේ  New  incognito  window  යන   වින්ඩොව්  එක  , ගුගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය  මගින්  දෙන  පහසු  කමක් .... ඉතින්  අනික්‌ බ්‍රවුසර් වලින්  මේවගේ  දෙයක්  දෙනවද නම්  දන්නේ   නැහැ.... කොහොම නමුත් ක්‍රෝම් හැර  වෙන බ්‍රවුසර් පාවිච්චි  කරන  අය   මේකට උත්තරයක්‌  දෙන්නකෝ  නොදන්නා   අය දැනුවත් වෙන්නත් එක්ක ..
   හරි දැන් අපි  incognito  window එකේ  ඉදගෙන ,, තවත් පේස්බුක්  ගිණුමකට   ඇතුල්  වෙන්නයි  යන්නේ.
ඊමේල්  ලිපිනය ගහල , පාස්වර්ඩ්   එක  දීලා  එන්ටර් කරන්න.
   මෙන්න  බොලේ මාක් මහත්තය  අපිව චෙක් කොරන්ඩ හදනවා..  එයටත් අන්ද මන්දවෙලාද  කොහෙද  ..
ඒවාට බයවෙන්න එපා ..  එයාට  දැනගන්න ඕන  අපේ කොම්පියුටර්  එකේ නම  මොකක්ද   කියලා එතෙන්දි  අපේ   
 කොම්පියුටර්  එක රෙජිස්ටර්  කරනකොට දාපු නම දෙන්න. වින්ඩෝස් සෙවන් වලදී නම්  කොන්ට්‍රෝල්  පැනල්   එකෙන්  සිස්ටම්  ගියානම්   වැඩේ   හරි ..
          ඉතින් ක්‍රමයට  පේස්බුක්  එකට   ලොග් වෙලා   යාලුවෙකුට  පොඩි දිරච්ච  ලනුවක් එහෙම  දෙනවා නෙවෙයි .
තව පොඩ්ඩෙන් අමතක වෙනවා හොදම හරිය .. ,, මේ  incognito  window  එක යොදගෙන එක යොදගෙන  අන්තර්ජාලයට   ගොඩ වුනොත් ,, බ්‍රවුසර්   එකේ  සර්ච්  හිස්ට්‍රි එකේ එහෙමත්    මොකුත් හිටින්නේ නැහැල්ලු . ..
ඔන්න කරවනම් වැඩ තියෙනවා කරන්න ...  සුබ දවසක්   අපි  යනවා .................

4 Comments
Tweets
Fb Comments

4 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. එල. මම මෙච්චර දවසක් කලේ ක්‍රෝම් එකයි ෆයර් ෆොක්ස් එකයි 2ම ඕපන් කරගෙන. දැන් ක්‍රෝම් වලින්ම වැඩේ කරගන්න පුලුවන්. :)

    ReplyDelete
  2. :D මෙන්න හොලූ... :-O

    ReplyDelete
  3. ස්තුති @ Bishan , චතුමිතු ප්‍රතිචාරයට .....

    ReplyDelete
  4. පට්ටයි ඈ ......

    ReplyDelete