එකතු වුන කට්ටිය ........

යාළුවා

Friday, February 8, 2013

ලැප්ටොප් බැටරිය හොදද ? නරකද ? දැන් ඔයාලටම බලන්න පුළුවනි ....

සාමාන්‍යයෙන්   බොහෝ අය  ඩෙස්ක්ටොප්  පරිගණකයකට   වඩා   ලැප්ටොප්   පරිගණකයක්   පාවිච්චි  කිරීමට  පෙලබෙන්නේ  එය  පහසූවෙන්  එහා  මෙහා  ගෙනයාමට හැකිවීම හා   විදුලිය  නැති  තැනක  වුවත්   බැටරියෙන් පැය කිහිපයක් පාවිච්චි  කරගැනීමේ  පහසුව  ලැප්ටොප්  එකක්  මගින්  ඉටුවන නිසා ..  ..ඔබත්  ලැප්ටොප්  එකක්  පාවිච්චි  කරන්නෙක් නම්  එහි  ඇති   බැටරියේ  තත්වය  පිලිබදව   ඔබ   නිරතුරුවෙන්ම   පරික්ෂාවෙන්  ඉන්නවා   ඇති ...අද  ඔයාලට   හදුන්වලා   දෙන්න  යන   මේ  සොෆ්ට්වෙයාර්  එක මගින්  ලැප්ටොප්  එකේ බැටරියේ   හොද  නරක   ඔබට  බලාගන්නත්  ,,බැටරියේ   ආයුකාලය   වැඩිකර   ගැනීමට  කලයුතු  දේවල්ද    බලාගන්න   පුළුවනි .
Laptop battery optimizer
  මේ   සදහා   යොදාගන්නේ   මේ    Laptop battery optimizer    සොෆ්ට්වෙයාර්  එක  ..මුලින්ම   පහත  ඇති  ඩවුන්ලෝඩ්   ලින්ක්   එකෙන්     Laptop battery optimizer     පරිගණකයකයට  ඉන්ස්ටෝල්  කරගන්න.
ඊට    පසුව   එහි  ඇති    AC  power   එක  විසන්දි  කොට     ,   බැටරිය   ගැන  තත්වය   සෙවීමට    මෙහි    ඇති   Diagnostic  මත  ක්ලික්    කරන්න ...  මෙහිදී   පරිගනකයේ  wifi  වල  වෙනසක්  ,  ඉන්ටර්නෙට්  walin   අයින් වීම  ,  screen Brightness   වෙනස්වීම  ,  සහ   වෙනත්   උපාංග  පරිගණකයට   සම්බන්දව  ඇත්නම්  ඒවා  disable  වීම   වගේ  දේවල්  වෙනවා  ... මෙය  සාමාන්‍ය  තත්වයක්   කලබල  විය  යුතු   නැහැ .   මේ  බැටරි  එක  Diagnostic   කරගැනීමට   විනාඩි  10- 15   අතර   කාලයක්   වැය  වෙනවා ..
ඊට   පසු    Diagnostic  එකේ  results   අපට   බලාගන්න    පුළුවනි ...


ඊට  පස්සේ   බැටරියේ   ආයුකාලය   වැඩිකරගැනීමට   එහි  ඇති    optimize  Battery   Life    මත  ක්ලික්   කරන්න...



මෙහිදී  අපට   බැටරියේ   ආයුකාලය  වැඩිකරගන්න  වෙනස් කලහැකි   controls    ටික   ලාබදිල    තියෙනවා    මෙහිදී    තමන්ට  අනවශ්‍ය  දේවල්  off   කරමින්   බැටරියේ  ආයුකාලය  වැඩිකර ගත  හැක.. ඒවගේම  මේ   Laptop battery optimizer   එක   මගින්    බැටරියේ    විදුලිය  පාවිච්චි  වන   අන්දම හා  එහි  ඇති  charge එක   ප්‍රස්ථානුරුපව  බලාගන්නත්   පුළුවනි ....  මෙන්න  මේ    වගේ ,,



OS  :    Windows XP, Vista and 7

      ඩවුන්ලෝඩ් battery-optimizer




34 Comments
Tweets
Fb Comments

34 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. අඩෝ පට්ට වැදගත්... මම හොය හොය හිටපු සොෆ්ට් එකක්.. බොහොම පින් ඈ....

    ReplyDelete
    Replies
    1. එහෙනම් පාවිච්චි කරලා බලමුකෝ

      Delete
  2. හෙන වටිනවා මට නෙමෙයි බං අපේ මලයෝ දෙන්නට. තව එකක් උඹ දන්නවා නේ කියහං.. එකක බැටරිය චාජර් එක ගහන්නේ නැතිව දුවන්න බැරි තරං අවුල්.. එහෙම දිව්වම ලැපාට අවුලක් වෙනවද???

    ReplyDelete
    Replies
    1. එහෙම දිව්වම ලැපාට විශේෂ අවුලක් නැහැ...ඒත් බටරිඑක මාරු කරගත්තනම් හොදයි නේ... මොකද ලැප්ටොප් එක ඩෙස්ක්ටොප් එකක් විදිහට පාවිච්චි කරන්න ඕනේ නැහැනේ...

      Delete
  3. පින් අයිති වෙයි...!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් දෙනෙක් ගෙන් දැනට පින් ලැබුනා...

      Delete
  4. තියෙන බැටරිය නම් ටිකක් වීක්‌ මේක ඕනෑම වෙන ගැජට් එකක් ..

    ReplyDelete
    Replies
    1. එල පාවිච්චි කරලා බලන්න....

      Delete
  5. තාම බැටරිය අවුල් නෑ..ඒත් මේ සොෆට්වෙයා එක නම් වටිනවා...

    ReplyDelete
    Replies
    1. අවුල්ද නැද්ද කියල පාවිච්චි කරලම බලන්න...

      Delete
  6. ස්තුතියි

    ReplyDelete
  7. මගෙ නං දැං ලැපේ බැට්රිය ගන්නම දෙයක් නෑ..

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් මේක වැදගත් වෙයි

      Delete
  8. සෑහෙන වටින දැනුවත් කිරීමක්.. තවම හොඳට දුවන බැටරියක් තිබ්බත් කිසියම් වෙලාවක අවශ්‍ය වෙන්න ඉඩ තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව ඔව් අරන් තියාගන්න..........

      Delete
  9. දෙයියංගේ පීටෙං තාම හොදිං බැටරිය..
    කෝකටත් බාලා තියා ගන්න එක හොදයි...
    තැංකූ ඈ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නිතරම අවදානයෙන් ඉන්න එක හොදයිනේ

      Delete
  10. මගේ ලැප්ටොප් එකත් දැන් නම් ඩෙස්ක්ටොප් එකක් වෙලා. බැටරිය වැඩිම උනොත් මිනිත්තු දෙක තුනයි තියෙන්නෙ.මේ සොෆ්ට්වෙයා එකේ තියෙන Optimize Battery Life එකෙන්වත් බැටරියේ ආයුකාලය ටිකක් හරි වැඩිකරගන්න පුලුවන් විධි ටිකක් දැනගන්න පුලුවන් වෙයි හිතනව. ස්තූතියි විස්තරයට..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි෴ ඔබටත් වැදගත් සොෆ්ට් එකක් තමයි මේක...

      Delete
  11. බොහෝම ස්තුතියි මේ විස්තරයට :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත් අදමද මේ පැත්තට ආවේ මන්ද? සාදරයෙන් පිලිගනිමි

      Delete
    2. ඔව්...මේක තමයි මගේ මුල්ම කොමෙන්ටුව... අනිත් ලිපි ටිකත් හිමින් සැරේ කියවන්නම් :)

      Delete
  12. එල සොෆ්ට් එකක්. හොඳින් තියන බැටරියක් උනත් හරියට පවත්වා ගන්න එක වටිනවා නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනම් ඇත්ත චන්දන....

      Delete
  13. ගොඩක් වටිනවා. ස්තූතියි සංජය.

    ReplyDelete
  14. ගොඩක් වටිනවා. මටත් ලැපක් තිබුණ නම් :'(

    ReplyDelete
    Replies
    1. ලැපක් ගත්ත දවසට ඕන වෙයිනේ....

      Delete
  15. සිරාම පෝස්ට් එකක් සහෝ.... bookmark එකකුත් දාලා තියාගන්නවා...

    ReplyDelete
    Replies
    1. නියමයි සහෝ ....අදමයි අවේ නේද සාදරයෙන් පිලිගන්නවා....

      Delete